මගේ බාහිර පෙනුම, දෙවියන් වහන්සේට කොපමණ වැදගත්ද?

1 සාමුවෙල් 16: 7 – මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය.

 

හිතෝපදේශ 31: 30 – රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.

 

දෙවියන් වහන්සේ අවධානය යොමු කරන්නේ ඔබේ බාහිර පෙනුම දෙස නොව, ඔබේ හදවත දෙසයි; ඔබ උන්වහන්සේ සමඟ පවත්වන සම්බන්දතාවය දෙසයි. ඔබට ඔබේ ශරීරයේ පෙනුම ගැන අවධානය යොමු කරන එක වැදගත් වුනත්, ඊටත් වඩා ස්වාමින් වහන්සේට අවශ්‍යයි ඔබේ හදවත ලස්සනට තිබෙනවා දකින්නට. එතුමන් සමඟ ගමන් කිරීම මඟින් ඔබට ඔබේ හදවත ලස්සනට තබා ගත හැක.

 

මිනිස්සුන්ගේ බාහිර පෙනුමෙන් මට ඒ අයව විශ්වාස කරන්න පුලුවන්ද?

 

යෙසායා 53: 3 – මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.

 

ශු.මතෙව් 23: 28 – ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය.

 

ඔබ දකින සියල්ල සත්‍ය නොවේ. පෙනුම, ඔබව වැරදි මඟට යොමු කල හැක. ජේසුස් මේ ලෝකයට පැමිණියේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට. උන්වහන්සේගේ හදවතේ පූර්ණ තත්වය හැරෙන්නට, එතුමන්ගේ භාහිර පෙනුමෙන්, එතුමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස නොහදුනා ගත්හ. එමනිසා, භාහිර පෙනුමෙන් මිනිසුන්ව මනින්න එපා.

 

දෙවිඳුන්ගේ පොරොන්දුව – 1 සාමුවෙල් 16: 7 – මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය.

One thought on “මගේ බාහිර පෙනුම, දෙවියන් වහන්සේට කොපමණ වැදගත්ද?

  1. ඉතාමත් වටිනා අදහස් සහ බයිබල් පාඨයන් තුලින් හැඳින්වීමක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s