භාර ගැනීම

කුමන දේවල්, මාව දෙවියන් වහන්සේ භාර ගන්නා දරුවෙක් කරයිද?

රෝම 3: 27 – අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද් ද? කොහෙත් ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුව ද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුව ද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුව ය.

දෙවියන් වහන්සේගේ භාර ගැනීම අපි කිසිකෙනෙකුට සොයා හම්බ කර ගන්න බෑ. දෙවියන් වහන්සේ විසින් ඔබව භාර ගන්නටනම්, ඔබට කලයුතු වන්නේ උන්වහන්සේගේ පුත්‍රයාව, ජේසුස් වහන්සේව පිළිගැනීමයි, උන්වහන්සේ ඔබේ පාපය උදෙසා ජීවිතය පුද කල අතර ඒ පුජාව කරන කොට ගෙන ඔබටත් මටත් නිදහස ලැබී තිබෙනවා සේම සදාකාලික ජිවිතයටද උරුමකම් කිව හැක. ඔබ, උන්වහන්සේගේ සමාව දීම පිළිගෙන, එතුමාණන් ඔබේ ජිවිතයේ ස්වාමියා බවට ඔබ පිළිගත් විට, උන්වහන්සේද ඔබව උන්වහන්සේගේ අභිමුකයේ භාර ගනු ඇත.

යම් මනුෂ්‍යයෙක් ඉතා දරුණු අපරාධයක්/පාපයක් සිද්ධ කරලා තිබ්බොත්? මම ඒ මනුෂ්‍යයාවත් පිළිගන්න ඕනිද?

රෝම 8:39 – අතී උසට වත්, මහා ගැඹුරට වත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකට වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැක..

දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නට කිසිවකට බැරිය! ඒ වගේම, අපිත් අන් අයගේ පාපවල බරපතලකම නොබලා, අන් අයට ප්‍රේම කල යුතුයි. නමුත්, එයින් අදහස් වන්නේ නෑ, අපි ඔවුන්ගේ පාපිෂ්ඨ ක්‍රියා පිළිගත යුතු බව. නමුත්, අපි අන් සෑම කෙනෙක්ම දැකිය යුත්තේ පිළිගත යුත්තේ, ඔවුනුත් දෙවියන් වහන්සේගේ විශේෂිත මැවිලි ලෙසයි. එවැනි ආදරයක් තුලින් පමණයි ඔබට පාපයේ සිටින මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ සමඟ සම්බන්දයකට ගෙන ආ හැක්කේ.

මගේ ගතිගුණ වලට වඩා වෙනස් අයව කොහොමද මං භාර ගන්නේ (පිළිගන්නේ)?

ශු.මතෙව් 9: 11- 12 – පරිසිවරු ඒ දැක, ”ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.

සෑම පුද්ගලයෙක්ම දෙවියන් වහන්සේගේ විශේෂිත මැවිලි, ඒ සෑම මැවිල්ලකටම උන්වහන්සේ ප්‍රේම කරනවා. ඉතින් දෙවියන් වහන්සේ ඒ සැමට ප්‍රේම කරනවානම්, ඇයි ඔබට එසේ කරන්න බැරි?

දෙවිඳුන්ගේ පොරොන්දුව – රෝම 15: 7 – එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s