කෝපය

ඇයි මට කෝපය එන්නේ?

උත්පත්ති 4: 4-5 – සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය.

ගණන් කථාව 22: 29 – බාලාම් ඌට කතා කොට, ”මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය.

එස්තර් 3: 5 – මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය.

කෝපය යනු “තම උඩඟුවට හිංසාවක් වූ විට ඇතිවන ප්‍රතිචාරයයි”. ඔබව හෝ ඔබේ මාර්ග/අදහස් කවුරුන් හෝ ප්‍රතික්ෂේප කරද්දී, ඔබගේ අහංකාරය ආරක්ෂා කරගැනීමට ඔබ තුලින් පැන නගින්නේ “කෝපය”යයි. මොකද, ඔබට අවශ්‍ය වන්නේ නැහැ, ඔබ වැරැද්දක් කළා කියා අනිත් අය, ඔබ ගැන සිතනවාට.

කෝපය අදාල වන්නේ කුමන වේලාවන්හිද?

ශු.ජොහාන් 2:15 – 16 – ජේසුස් වහන්සේ…. ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, ”මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක.

ජේසුස් වහන්සේ කෝප වුයේ, උන්වහන්සේ, පියාණන් වහන්සේ කෙරෙහි තිබෙන්නාවූ කීකරුකම හා භක්තිය නිසාත් අන් අයට තියෙන්නාවූ කරුණාවත් නිසාත්ය. එය, ඒ මොහොතේ යහපත් කාර්යයකට මුලික වුහ. පාපය කෙරෙහි කෝපවීම සුදුසු/අයිති නැතත්, යම් මනුෂ්‍යයෙක්ව එයින් මුදන්නට ඒ මොහොතේ ඒ දෙය අවශ්‍ය දෙයක් විය හැක.

මට කෝපය ඇති වූ විට, මා කුමන දේවලින් වැළකිය යුතුද?

ජාකොබ් 3: 5 – දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද!

ඔබට කෝපයක් ඇති වූ විට, ඔබට සිතෙන හැමදේම කීමෙන් වළකින්න. මන්ද කෝපයෙන් සිටින විට ඔබ කියන්නට යන දේවල් ගැන ඔබ පසුව පසුතැවෙනු ඇත.

01 සාමුවෙල් 19: 9-10 – දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය. දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය.

කෝපය නිසා අවේශයෙන් ක්‍රියා කිරීමෙන් වලකින්න. මන්ද කෝපයෙන් සිටින විට ඔබ කරන්නට යන දේවල් ගැන ඔබ පසුතැවෙනු ඇත.

දෙවිඳුන්ගේ පොරොන්දුව – සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s