මම අනිත් අයගෙන් අවවාද ගන්න අවශ්‍යද? ඇයි මට මගේ බුද්ධිය මත විතරක් රැදෙන්න බැරි?
හිතෝපදේශ 12: 15 – අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි, නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
නිවැරදි බුද්ධිය, තමන්ගේ අඩුපාඩුකම් (ගන්නාවූ තීරණ වල දුර්වලකම් ඇතිබව) හඳුනා ගනියි. නමුත් අඥානකම සිතනුයේ, තමාගේ කිසි අඩුවක් නැති බවයි. ප්‍රශ්නයක උග්‍රම අවස්ථාවේ නොමැතිව, ප්‍රශ්නයක පටන් ගැන්මේදීම ඔබ ඔබගේ අඩුපාඩුකම්, දුර්වලකම් හඳුනා ගෙන දෙවියන් වහන්සේගේ උපදෙස් හා අවවාද සොයනවානම්, එය ගොඩාක් ඔබට යහපතක් වේ. “මට කාගෙන් හරි අවවාදයක් ඉක්මනට ඒ වෙලාවේ ගන්න තිබුනානම්!” ලෙස පසුතැවිලිව කියන්නට/සිතන්නට අවස්ථාවක් ඔබේ ජීවිතයේ කිසිම මොහොතක තබා ගන්න එපා.
කොහෙන්ද මම යහපත් අවවාද ලබා ගන්නේ?
ගීතාවලිය 37: 30 – දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.
කොලොස්සි 3: 16 – ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න.
පළමුව, යාච්ඤාව තුලින් හා දෙවියන් වහන්සේගේ වචනය තුලින් අවවාද සොයන්න, ලබා ගන්න. ඉන්පසු, උන්වහන්සේගේ ප්‍රඥාව ලැබූ සහෝදර සහෝදරියන්ගෙන්/නායකයන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් පිරුණු අය නම්, ඔවුන්ගේ ජීවිතවලින් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව, අවංකව හා ශුද්ධව සේවය කරන්නාවූ අය වේ.
කොහෙන්ද මම යහපත් අවවාද ලබා ගන්නේ?
ගීතාවලිය 37: 30 – දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.
කොලොස්සි 3: 16 – ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න.පළමුව, යාච්ඤාව තුලින් හා දෙවියන් වහන්සේගේ වචනය තුලින් අවවාද සොයන්න, ලබා ගන්න. ඉන්පසු, උන්වහන්සේගේ ප්‍රඥාව ලැබූ සහෝදර සහෝදරියන්ගෙන්/නායකයන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් පිරුණු අය නම්, ඔවුන්ගේ ජීවිතවලින් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව, අවංකව හා ශුද්ධව සේවය කරන්නාවූ අය වේ.
කොලොස්සි 3: 16 – ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න.පළමුව, යාච්ඤාව තුලින් හා දෙවියන් වහන්සේගේ වචනය තුලින් අවවාද සොයන්න, ලබා ගන්න. ඉන්පසු, උන්වහන්සේගේ ප්‍රඥාව ලැබූ සහෝදර සහෝදරියන්ගෙන්/නායකයන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් පිරුණු අය නම්, ඔවුන්ගේ ජීවිතවලින් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව, අවංකව හා ශුද්ධව සේවය කරන්නාවූ අය වේ.
මම කොහොමද අනිත් අයගේ අවවාද නිවැරදිද කියා තීරණය කරන්නේ?
2 ජොහාන් 1: 9 – ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි.
ශු.මතෙව් 7: 16, 20 – ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?….”මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.”
“අවවාද දෙන්නන්ව ඇගයීම” තුලින් ඔවුන්ගේ අවවාද පරික්ෂා කල බැලිය හැක. ඔවුන් කියන දෑ ඔවුන්ගේ ජීවිත තුලත් ක්‍රියාත්මක වෙනවද? ඔවුන්ගේ අවවාද, දෙවියන් වහන්සේගේ වචනයත් සමඟ එකඟද? ඔවුන් දෙන අවවාද බයිබලයේ ඇති අවවාදත් සමඟ සමාන නැත්නම්, ඒවා නිවැරදි අවවාද නොවේ.
මම කොහොමද අනිත් අයට යහපත් අවවාද දෙන්නේ?
පිලිප්පි 4: 8 – සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
තවත් අයෙකුට අවවාදයක් දීමේදී, ඔබේ චේතනාව නිවැරදිද යන්න තහවුරු කර ගන්න. බයිබලයට අනුව අවවාද දෙන්න. එසේම ඔබ අවවාද දෙන්නට පෙර, ඔබ කතා කරන්නට යන දෑ ගැන යාච්ඥා කරන්න. එසේම ඔබ අවවාද දෙන්න යන පුද්ගලයා ගැනද යාච්ඥා කර, ඔහුව/ඇයව මුණගැසෙන්න යන්න.
දෙවිඳුන්ගේ පොරොන්දුව – ‘නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
God is always with me.He gives me everything that i want.He is my power