පිරිසිදු කථා බහට උන්වහන්සේ ආශිර්වාද කරන සේක ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි. ( ගීතාවලිය 50 : 23 ) සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද? එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය. ( ගීතාවලිය 34 : 12 , 13 ) මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි. ( හිතෝපදේශ 15 : 4 ) සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි. ( හිතෝපදේශ 15 : 23 ) ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත. ( මතෙව් 12 : 37 ) ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය. 10 මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය. ( රෝම 10 : 9 , 10 ) ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය. ( හිතෝපදේශ 16 : 24 ) විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න. ( හිතෝපදේශ 21 : 23 ) ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය. එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති. ( ගීතාවලිය 24 : 4,5 ) යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. ( මතෙව් 10 : 32 ) දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි. ( හිතෝපදේශ 10 : 32 ) මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. ( ලූක් 21 : 15 ) කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත. ( 1 කොරින්ති 12 : 8 ) සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය. ( හිතෝපදේශ 16: 1 ) ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: ‘ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! ( 1 පේදුරු 3 : 10 ) ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි. ( හිතෝපදේශ 12: 19 ) සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද? නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය. ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය. ( ගීතාවලිය 15 : 1,2,3 ) මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි. ( හිතෝපදේශ 15: 1 ) Share this:TwitterFacebookLike this:Like Loading...