දෙවියන් වහන්සේ ඔබේ සිත තුළ ඇදහිල්ල ඇති කරවන සේක ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි. ( රෝම 12 : 3 ) ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. ( එපීස 2 : 8 ) ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය. ( හෙබ්‍රෙව් 11 : 6 ) එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත. ( 1 පේදුරු 1 : 7 ) මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: ”ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.” ( රෝම 1 : 17 ) ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. ( ගලාති 3 : 26 ) මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි. ( 1 ජොහන් 5 : 4 ) ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි. ( රෝම 10 : 17 ) තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය. ( එපීස 6 : 16 ) එවිට ජේසුස් වහන්සේ, ”ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක. ( ජොහන් 20 : 29 ) සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. ( මාක් 11 : 23 ) ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය. ( 1 තිමෝති 6 : 12 ) අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත. ( රෝම 5 : 1 ) Share this:TwitterFacebookLike this:Like Loading...