දෙවියන් වහන්සේ ඔබේ ජිවිතයේ හාස්කම් කරන සේක ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක. ( මාක් 9 : 23 ) ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය. ( ජොහන් 14 : 12 ) උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත. ( මතෙව් 17 : 20 ) Share this:TwitterFacebookLike this:Like Loading...