ක්‍රිස්තුන් වහන්සේ දිවි පුද කළේ ඔබට සදාතන ජීවනය ලබා දීමටයි

දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. ( ජොහන් 3 : 16 )
පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි. ( රෝම 6 : 23 )
ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි. ( ජොහන් 5 : 24 )
ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය. ( 1 ජොහන් 5 : 11 )
මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය. ( 1 ජොහන් 5 : 13 )
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; 26 ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක. ( ජොහන් 11 : 25 )
එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක. ( 2 තිමෝති 1 : 10 )
අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා එක ම තැනැත්තෙකු මඟින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කෙළේ නම්, කොතරම් අධිකතර ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණවීමේ දීමනාව ලබන හැම දෙන ම එක ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ජීවනයේ රජකම අත් කර නොගනිද් ද? ( රෝම 5 : 10 , 17 )
මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. ( හෙබ්‍රෙව් 9 : 15 )
‘එම්බා මරණය, තාගේ ජය කොයි ද?
එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?” එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපට ජය අත් කර දෙන දෙවියන් වහන්සේට ස්තුති වේ වා! ( 1 කොරින්ති 15 : 55, 57 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s