උපදේශකයා හෙවත් සිරාක්

– 1 වන පරිච්ඡේදය –

ප්‍රඥාවේ අබිරහස

1 සියලු ප්‍රඥාව දෙවිඳුන්ගෙන් ය;
එය සදහට ම එතුමන්ගේ ය.
2 මුහුදේ වැලි ද වැහි බිංදු ද සදාතනයේ දවස් ද ගිණිය හැක්කේ කවරෙකුට ද?
3 අහසේ උස ද පොළොවේ පළල ද පාතාලයෙහි ගැඹුර ද දැනගත හැක්කේ කවරෙකුට ද?
4 සියලු දේට පෙර ප්‍රඥාව මවන ලද්දේ ය.
5 විචක්ෂණ බුද්ධිය සදාකාලික ය.
6 ප්‍රඥාවේ මුල කවරෙකුට එළිදරව් කරන ලද්දේ ද?
7 ඇයගේ උපා දස්කම් දන්නේ කවරෙක් ද?
8 ඇත්තේ එක ම ප්‍රාඥයාණෝ ය.
9 සිහසුන් අරා හිඳින විට එතුමාණෝ අතිබියකරු ය.
එතුමාණෝ සමිඳාණෝ ය.
එතුමාණෝ ඇය මැවූ සේක.
ඇය දෙස බලා ඇගේ අගය නිශ්චය කළ සේක.
එතුමාණෝ තමන් සියලු කෘතීන් පිට ඇය වැගිරවූ සේක.
10 සව් සතට යම් ප්‍රමාණයකට ප්‍රඥාව දුන් සේක.
තමන්ට ප්‍රේම කරන අයට ඇය ඉතා බහුල ව ප්‍රදානය කළ සේක.

දේව ගරුබිය

11 දෙවිඳුන්ට ගරුබිය පෑම මහිමයකි, ගෞරවයකි, ප්‍රීතියකි, ප්‍රීතියේ මුදුන් මල්කඩකි.
12 සමිඳුන් හට ගරුබිය පෑම සිත පිනවයි.
ප්‍රීතිය, ආනන්දය හා දිගායු ගෙනදෙයි.
13 සමිඳුන් හට ගරුබිය පාන්නාගේ අවසානය වාසනාවන්ත ය.
ඔහුගේ මරණ දවසෙහි දී ඔහු ආසිරි ලබයි.
14 ප්‍රඥාවේ පටන්ගැන්ම සමිඳුන් හට ගරුබිය පෑම ය.
ප්‍රඥාව සැදැහැවතුන් සමඟ මවන ලද්දේ මවු ගැබෙහි ය.
15 මිනිසුන් අතර සදා පදනමක් වූ කැදැල්ලක් ප්‍රඥා තොමො‍් සාදාගත්තා ය.
ඔවුන්ගේ පුතුන්ට ඈ විශ්වාසවන්ත ලෙස ඇලුම් ව සිටියි.
16 ප්‍රඥාවේ සම්පූර්ණත්වය සමිඳුන් හට ගරුබිය පෑම ය.
ඈ තම දීමනාවලින් ඔවුන් කුල්මත් කරයි.
17 ඈ ඔවුන්ගේ මුළු ගෘහය ඔවුන් කැමැති දෙයින් පුරවයි.
ඇගේ ඵලදාවෙන් ඔවුන්ගේ අටුකොටු පුරවයි.
18 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාවේ කිරීටය වේ.
එයින් සාමය හා සුවය වැඩි වර්ධනය වේ.
19 සමිඳාණෝ ඇය දෙස බලා, ඇගේ අගය නිශ්චය කළ සේක.
අවබෝධය ද නැණනුවණ ද වැස්සක් මෙන් වැටෙන්නට සැලැසූ සේක.
ඇය අත්කරගත් අයගේ කීර්තිය උසස් කළ සේක.
20 ප්‍රඥාවේ මුල සමිඳුන් හට ගරුබිය පෑම ය.
ඇගේ අතුපත් නම් දීගායු වැළඳීම වේ.
21 සමිඳුන් හට පාන ගරුබිය පාපය දුරු කරයි.
දැඩි වීර්යය කරන්නා කෝපය වළක්වයි. ඉවසීම හා ආත්ම දමනය
22 දුෂ්ටයාගේ බලවත් කෝපයෙන් ඔහු නිදහස් බව ඔප්පු නොවේ.
ඔහුගේ කෝපයේ බර ඔහුගේ විනාශය වේ.
23 ඉවසන දනෝ තම වේලාව එන තෙක් සන්සුන් ව සිටිති.
එහෙත්, අන්තිමේ දී ඔවුන්ගේ ප්‍රීතිය දිස් වෙයි.
24 වේලාව එන තෙක් ඔව්හු තම වචන හික්මවති.
සියලු දෙන ඔවුන්ගේ නැණවත්කම පසසති.

ප්‍රඥාව හා දැහැමිකම

25 ප්‍රඥාවේ නිධාන අතර වියත් කියමන් ඇත.
එහෙත්, පවිටුන්ට දේව භක්තිය පිළිකුල් ය.
26 ඔබ ප්‍රඥාවට ආසා කරන්නෙහි නම් අණපණත් පිළිපදින්න.
සමිඳාණෝ ඇය ඔබට දෙන සේක.
27 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාව හා උපදෙස් වේ.
විශ්වාසවන්තකම ද කරුණාවන්තකම ද එතුමාණෝ ප්‍රිය කරන සේක.
28 දෙවිඳුන් හට ගරුබිය පෑමට මුරණ්ඩු නොවන්න.
දෙගිඩියාවෙන් එය අභ්‍යාස නො කරන්න.
29 ලෝකයා ඉදිරියෙහි වංචනික ලෙස නොහැසිරෙන්න.
ඔබේ තොල් පිට රැකවල් තබන්න.
30 ඔබ වැටී ලජ්ජාවට භාජන නොවන පිණිස අහංකාර නොවන්න.
මන්ද, සමිඳාණෝ ඔබේ රහස් එළිදරව් කරන සේක.
මුළු සභාව මැද ඔබ පහත් කරන සේක.
මන්ද, ඔබ දේව ගරුබිය අභ්‍යාස නොකෙළෙහි ය.
ඔබේ සිත වංචාවෙන් පිරී තිබෙන හෙයිනි.

– 2 වන පරිච්ඡේදය –

කම්කටොලු මැද දේව ගරුබිය

1 මාගේ පුත්‍රය, ඔබ සමිඳුන් හට සේවය කිරීමට අදහස් කරන්නෙහි නම්, කරදර හිරිහැර විඳීමට සූදානම් වන්න.
2 අවංක හෘදයක් ඇති ව සිටින්න;
ධෛර්යවත් වන්න;
විපත් කාලයේ දී බිය නොවී සිටින්න;
3 සමිඳුන් හට ඇලුම් ව සිටින්න;
එතුමන් අත් නොහරින්න.
එවිට ඔබේ අන්තිම දවසෙහි දී ඔබ ගරුබුහුමන් ලබන්නෙහි ය.
4 ඔබට සිදු වන සියලු දේ පිළිගන්න.
ඔබේ අසරණ තත්ත්වයෙහි වරින් වර ඇති වන වෙනස්කම්වල දී ඉවසිලිමත් වන්න.
5 රත්රන් ගින්නෙන් උරගා බලනු ලැබේ.
තෝරාගත් අය නින්දාව නමැති උදුනෙහි පරීක්ෂා කරනු ලබන්නො‍් ය.
6 ඔබේ විශ්වාසය එතුමන් තුළ තබන්න.
එතුමන් ඔබට උපකාරී වනු ඇත.
අවංක මාර්ගය ඔස්සේ යන්න:
එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න.
7 සමිඳුන් හට ගරුබිය දක්වන ඔබ එතුමන්ගේ දයාව, බලාපොරොත්තු වන්න.
ඔබ නොවැටෙන පිණිස මාර්ගයෙන් ඉවත් ව නොයන්න.
8 සමිඳුන් හට ගරුබිය දක්වන ඔබ එතුමන් කෙරෙහි විශ්වාසය තබන්න.
ඔබේ විපාකය නිසැක ය.
9 සමිඳුන් හට ගරුබිය පාන ඔබ එතුමන්ගෙන් යහපත් දේ බලාපොරොත්තු වන්න.
සදා ප්‍රීතිය ද දයාව ද බලාපොරොත්තු වන්න.
10 යටගිය පරම්පරාවන් ගැන සිතා බලන්න;
සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබූ කවරෙක් ලජ්ජාවට පත් වූයේ ද?
එතුමන්ට ස්ථිර ලෙස ගරුබිය පෑ කවරෙක් අත්හරිනු ලැබුයේ ද?
එතුමන්ගෙන් පිහිට පැතූ කවරෙක් පිළිතුරු නොලැබ සිටියේ ද?
11 සමිඳාණෝ අනුකම්පා සහගත ය, දයාවන්ත ය;
එතුමාණෝ පව් කමා කර විපත් දවසේ දී ගැළවීම දෙන සේක.
12 අධෛර්යට පත්වන්නන් හට ද වීර්යය නැති අයට ද වන විපතක මහත!
දෙබිඩි මාවතක පා නඟන පව්කරුවාට ද එසේ ම සිදුවේ.
13 විශ්වාසය නැති උදාසීන හෘදයට වන විපතක මහත!
මෙබඳු අයට ආරක්ෂාවක් නැත්තේ ය.
14 සටනෙහි පරාජිත වූ ඔබට වන විපතක මහත!
සමිඳාණන් ඔබ බැලීමට වඩින විට ඔබ කුමක් කරන්නට යන්නෙහි ද?
15 සමිඳුන් හට ගරුබිය පාන්නො‍් එතුමන්ගේ අණට අකීකරු නොවේ.
එතුමන්ට ප්‍රේම කරන්නො‍් එතුමන්ගේ මාර්ග ආරක්ෂා කරන්නො‍් ය.
16 සමිඳුන් හට ගරුබිය පාන්නො‍් එතුමන් ප්‍රසන්න කිරීමට සොයන්නො‍් ය.
එතුමන්ට ප්‍රේම කරන්නො‍් එතුමන්ගේ ව්‍යවස්ථාවෙන් තෘප්තිය ලබාගන්නො‍් ය.
17 සමිඳුන්ට ගරුබිය පාන්නො‍් සූදානම් හෘදයක් ඇති ව සිටින්නො‍් ය;
ඔව්හු එතුමන් ඉදිරියෙහි යටහත් පහත් වන්නො‍් ය.
18 අපි මිනිසුන්ගේ අත්වලට නොව සමිඳුන්ගේ අත්වලට බාර වෙමු.
එතුමන්ගේ තේජස යම් සේ ද, එතුමන්ගේ කරුණාවත් එසේ ම ය.

 

– 3 වන පරිච්ඡේදය –

දෙමාපියන් වෙත යුතුකම්

1 දරුවෙනි, ඔබේ පියා වන මට සවන් දෙන්න.
ඔබ සුරක්ෂිත වන පිණිස මා කියන දේ කරන්න.
2 සමිඳාණෝ දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ පියා ගෞරවයට පත් කරන සේක.
ඇගේ පුත්‍රයන් කෙරෙහි මවකගේ අයිතිය තහවුරු කරන සේක.
3 තම පියාට ගෞරව කරන්නා තම පාපවලට වන්දි ගෙවන්නේ ය.
4 තම මවට ගෞරව කරන්නා නිධානයක් රැස් කරන්නෙකු වැනි ය.
5 තම පියාට ගෞරව කරන්නාට තම දරුවන් මඟින් ප්‍රීතිය ලැබෙන්නේ ය.
ඔහු යාච්ඤා කරන දවසෙහි දී ඔහුගේ යාච්ඤාව අසනු ලබන්නේ ය.
6 තම පියාට ගෞරව කරන තැනැත්තාට දිගායු ලැබෙන්නේ ය.
තම මව සතුටු කරන තැනැත්තේ සමිඳුන්ට කීකරු වන්නේ ය.
7 ඔහු සමිඳුන්ට මෙන් තම මවුපියන්ට සේවය කරන්නේ ය.
8 පියාගෙන් ඔබට ආසිරි ලැබෙන පිණිස ක්‍රියාවෙන් ද වචනයෙන් ද ඔහුට ගෞරව කරන්න.
9 මන්ද, පියෙකුගේ ආසිරියෙන් ඔහුගේ දරුවන්ගේ ගෘහය ශක්තිමත් වන හෙයිනි;
මවකගේ සාපයෙන් එහි පදනම් බිඳෙන හෙයිනි.
10 ඔබේ පියාට සිදු වන අගෞරවය ගැන පාරට්ටු නො කරන්න.
ඔබේ පියාට සිදු වන අගෞරවය ඔබට ගෞරවයක් නොවන්නේ ය.
11 මන්ද, මනුෂ්‍යයෙකුගේ ගෞරවය තම පියාට දක්වන ගෞරවය මත රඳා තිබෙන හෙයිනි.
අගෞරවයට පත් මව ඇගේ දරුවන්ට ලජ්ජාවක් වන හෙයිනි.
12 මාගේ පුත්‍රය, ඔබේ පියාගේ මහලු වයසෙහි දී ඔහුට ආධාර කරන්න.
ඔහුගේ ජීවිත කාලෙහි දී ඔහුගේ සිතට වේදනා නොදෙන්න.
13 ඔහුගේ කල්පනා ශක්තිය අඩු වුව ද ඔහුට අනුකම්පාව දක්වන්න, සවි ශක්තියෙන් සිටින ඔබ, ඔහු හෙළා නොදකින්න.
14 පියෙකුට දක්වන කරුණාව අමතක කරනු නොලබන්නේ ය.
එය ඔබේ පව් උදෙසා වන්දියක් වශයෙන් සැලකෙන්නේ ය.
15 ඔබේ විපත්ති දිනයෙහි දී ඔබ කළ ගුණ සිහි කරනු ලැබේ.
හිරු රැසින් පිනි දිය වී යන්නාක් මෙන් ඔබේ පාප දිය වී යන්නේ ය.
16 තම පියා අත්හරින තැනැත්තේ දේව අපහස කරුවෙකුට සමාන ය.
තම මව කෝප කරවන තැනැත්තේ සමිඳුන්ගෙන් සාප ලද්දෙකි.

බැගෑපත්කම

17 මාගේ පුත්‍රය, ඔබේ කටයුතු කිරීමෙහි දී කරුණාවන්ත ව සිටින්න.
එවිට ඔබ ත්‍යාගිවන්ත මිනිසෙකුට වඩා ප්‍රේම කරනු ලබන්නෙහි ය.
18 ඔබේ තත්ත්වය උසස් වන ප්‍රමාණයට ඔබ බැගෑපත් විය යුතු යි.
එවිට සමිඳුන් ඉදිරියෙහි ඔබ ප්‍රසාදය ලබාගන්නෙහි ය.
19 අහංකාර අය ද සුප්‍රසිද්ධ අය ද බොහෝ වෙති.
එහෙත් සමිඳුන් තම රහස් එළිදරව් කරන්නේ බැගෑපත් අයට ය.
20 සමිඳුන්ගේ බලය මහත් ය.
එහෙත්, උන් වහන්සේ යටහත් පහත් අයගේ ගෞරවය පිළිගන්න සේක.
21 ඔබේ නුවණ ඉක්මවා යන දේ තේරුම්ගන්න තැත් නොකරන්න.
ඔබේ ශක්තිය ඉක්මවා යන දේ පරීක්ෂා නොකරන්න.
22 ඔබට බාර දුන් දේ කෙරෙහි අවධානය යොමු කරන්න.
අබිරහස් දේවල් ගැන කරදර වන්න වුවමනාවක් ඔබට නැත.
23 ඔබ ඉක්මවා යන දේවලට ඇඟිලි නොගසන්න.
ඔබ ලබා තිබෙන ඉගෙනීම දැනුදු මිනිස් දැනුම ඉක්මවා යන්නේ ය.
24 මන්ද, බොහෝ දෙනෙකු තමන්ගේ අහංකාරයෙන් මුළා වී සිටින හෙයිනි.
මුරණ්ඩු අහංකාර මත ඔවුන්ගේ කල්පනා, විකෘති කළ හෙයිනි.
25 ඔබට දෙනෙත් නැති නම්, නොපෙනෙයි;
ඔබට දැනුම නැති නම් එය ඇතැයි නොකියන්න.

මුරණ්ඩුකම

26 මුරණ්ඩු සිත අන්තිමේ දී විපතට පත්වන්නේ ය.
අනතුරට ප්‍රිය කරන්නා එය තුළ ම නැසෙන්නේ ය.
27 මුරණ්ඩු සිත කරදර නිසා බරින් නැමෙන්නේ ය.
පව්කාරයා පාපය පිට පාපය ගොඩ ගසන්නේ ය.
28 උඩඟු මිනිසාගේ දුර්භාග්‍යයට ප්‍රතිකාරයක් නැත්තේ ය.
දුෂ්ටකම ඔහු තුළ මුල් ඇද තිබෙන හෙයිනි.
29 නුවණැතියා තම සිත තුළ උපදේශයන් මෙනෙහි කරන්නේ ය.
සවන් දෙන කන ඥානවන්තයාගේ අපේක්ෂාව වන්නේ ය.

දිළිඳුන්ට දන් දීම

30 ජලයෙන් ගින්නක් නිවේ. දන් දීමෙන් පව් කමා කරනු ලැබේ.
31 කරුණාවට ප්‍රත්‍යූපකාර කරන්නා අනාගතය සිහි කරන්නේ ය.
ඔහු වැටෙන දවසෙහි දී ඔහුට රුකුලක් සම්බ වන්නේ ය.

 

– 4 වන පරිච්ඡේදය –

1 මාගේ පුත්‍රය, දුප්පතාට නඩත්තුවක් දීම ප්‍රතික්ෂේප නොකරන්න.
අගහිඟ වූවන්ට වද නොදෙන්න.
2 සාගිනි වූවෙකුට දුක් විඳින්නට ඉඩ නොදෙන්න.
හිඟකම් ඇති තැනැත්තාගේ බලාපොරොත්තු සුන් නොකරන්න.
3 කුපිත වූ හෘදයක් වඩාත් කුපිත නොකරන්න.
ඔබේ දානය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අසරණයා විඩාවට පත් නොකරන්න.
4 අමාරුවෙහි වැටී සිටින හිඟන්නා පලවා නොහරින්න.
දුප්පතා කෙරෙන් ඔබේ බැල්ම නොහරවන්න.
5 දුප්පතුන් කෙරෙන් ඔබේ නෙත් වෙන අතකට නොහරවන්න.
ඔබට සාප කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන්න.
6 තම දුකෙහි දී යමෙක් ඔබට සාප කරන්නේ නම්, ඔහුගේ මැවුම්කාරයාණෝ ඔහුගේ දෙස් කීම අසන සේක.
7 ජන සමාජයේ සුහදතාව දිනාගන්න.
අධිපතියා ඉදිරියෙහි හිස නමන්න.
8 දුප්පතාට සවන් දෙන්න.
ඔහු ආචාර කළොත් ඔබ ද ආචාරශීලී ව එසේ කරන්න.
9 පීඩිතයා පීඩකයාගේ අතින් මුදාගන්න.
ඔබේ විනිශ්චයයේ දී ස්ථිර ව සිටින්න.
10 අනාථයන්ට පියෙකු මෙන් වන්න.
වැන්දඹුවකට ස්වාමි පුරුෂයා මෙන් කරුණාව දක්වන්න.
එවිට ඔබ මහො‍්ත්තමයාණන්ගේ පුත්‍රයෙකු මෙන් වන්නෙහි ය.
ඔබේ මව ඔබට ප්‍රේම කරනවාට වඩා එතුමාණෝ ඔබට ප්‍රේම කරන සේක.

ප්‍රඥාව උගත්කම ලබා දෙයි

11 ප්‍රඥා තොමො‍් තම දරුවන් ඇතිදැඩි කරන්නී ය.
ඇය සොයන්නන් ගැන ඈ සැලකිල්ලක් දක්වන්නී ය.
12 ඈට ප්‍රේම කරන්නා ජීවිතයට ප්‍රේම කරන්නේ ය.
අලුයම ඇය සොයන්නො‍් ප්‍රීතියෙන් පිරී යන්නො‍් ය.
13 ඈ අයිති කරගන්නා මහිමය උරුම කරගන්නේ ය.
ඔහු යන යන තැන සමිඳාණෝ ඔහුට ආසිරි දෙන සේක.
14 ඈට මෙහෙ කරන්නො‍් සමිඳුන්ට මෙහෙ කරන්නො‍් ය.
ඈට ප්‍රේම කරන්නන්ට සමිඳාණෝ ප්‍රේම කරන සේක.
15 ඈට සවන් දෙන්නා ජාතීන් නිවැරදි ලෙස විනිශ්චය කරන්නේ ය.
ඈ කෙරෙහි සිත යොමු කරන්නා සුරැකි ව වසන්නේ ය.
16 යමෙක් තමා ඈට බාර දෙන්නේ නම්, ඔහු ඈ උරුම කරගන්නේ ය.
ඔහුගේ පරම්පරාව ඇය භුක්ති විඳින්නේ ය.
17 ඈ මුල දී වංගු සහිත මඟකින් ඔහු ගෙනයනු හැකි ය.
ඔහු පිට නැති බිය පමුණුවනු හැකි ය.
විශ්වාස කළ හැකි කෙනෙකු වන තෙක් තම ශික්ෂණයෙන් ඔහුට දඬුවම් දෙනු හැකි ය.
කරදරවලින් ඔහු පරීක්ෂා කර බලනු හැකි ය.
18 එහෙත් අන්තිමේ දී ඈ ඔහු ඇද නැති මාර්ගයකින් ආපසු ගෙන යන්නී ය.
තම රහස් ඔහුට අනාවරණය කරන්නී ය.
19 ඔහු මුළා ව යන්නේ නම්, ඈ ඔහු අත් හරිනු ඇත.
ඔහුගේ විනාශය කරා යන්නට ඉඩ හරිනු ඇත.

ලජ්ජාව සහ ආත්ම විශ්වාසය

20 මාගේ පුත්‍රය, තැනට ඔබින නුවණින් නපුරෙන් පරෙස්සම් වන්න.
ඔබ ගැන ම ලජ්ජා වීමට ඉඩක් නොතබන්න.
21 පාපයට මඟ සලසන ලජ්ජාවක් ඇත්තේ ය.
එසේ ම ගෞරවය සහ ප්‍රසාදය ගෙන දෙන ලජ්ජාවක් ද ඇත්තේ ය.
22 ඔබට පාඩුවක් වන අන්දමින් යමෙකුට පක්ෂවාදී බවක් නොදක්වන්න.
ඔබගේ ඇද වැටීමට මඟ පෑදෙන සේ අන්‍යයන්ගේ බලපෑමට නතු නොවන්න.
23 සුදුසු අවස්ථාවේ දී කතා කිරීමෙන් නොවැළකෙන්න.
ඔබේ ප්‍රඥාව නොසඟවන්න.
24 ප්‍රඥාව අඳුනාගනු ලබන්නේ කතාවෙහි දී ය.
උගත්කම වචනයෙන් ප්‍රකාශ වන්නේ ය.
25 සත්‍යයට විරුද්ධ ව කතා නොකරන්න.
එහෙත්, ඔබේ නූගත්කම ගැන ලජ්ජා වන්න.
26 ඔබේ පව් කීමට ලජ්ජා නොවන්න.
ගංගාවක සැඩ පහරකට විරුද්ධ ව යන්නට උත්සාහ නොකරන්න.
27 මො‍්ඩයෙකු ඉදිරියෙහි අධික ලෙස නිවටකම් නොදක්වන්න.
බලවතෙකු ඉදිරියෙහි පක්ෂභජන නොවන්න.
28 සත්‍යය වෙනුවෙන් මරණය දක්වා සටන් කරන්න.
දෙවි සමිඳාණෝ ඔබට පක්ෂ ව සටන් කරන සේක.
29 වචනයෙන් අවිනීත නොවන්න.
ඔබේ ක්‍රියාවල දී අලස නොවන්න.
නොසැලකිලි නොවන්න.
30 ගෙදර දී සිංහයෙකු සේ නොවන්න.
ඔබේ මෙහෙකරුවන් ඉදිරියෙහි බිය සුලු මිනිසෙක් නොවන්න.
31 ආපසු දෙන්නට කාලය පැමිණි විට ඔබේ අත අහකට ගන්නෙහි ද, එසේ නම්, ලබාගැනීමට ඒ අත දිගු නොකරන්න.

 

– 5 වන පරිච්ඡේදය –

ධනය සහ අහංකාරය

1 ධනය කෙරෙහි විශ්වාස නොකරන්න.
”මම සියල්ලෙන් පරිපූර්ණ ව සිටිමි”යි නොකියන්න.
2 ඔබේ සිතේ තණ්හාවන් අනුව නොයන්න.
ඉඳුරන්ට හා ශක්තියට වසඟ නොවන්න.
3 ”මා කෙරෙහි බලය ඇත්තේ කාට දැ”යි නොකියන්න.
සමිඳාණෝ ඔබට දඬුවම් කරන සේක.
4 ”මම පව් කෙළෙමි;
එහෙත්, මට කුමක් සිදු වූයේ දැ”යි නොකියන්න.
මන්ද, සමිඳාණෝ මහත් ඉවසීමකින් සිටින සේක.
5 පාපය පිට පාපය ගොඩගසමින් නියත ලෙස ඔබට කමාව ලැබෙති යි නොසිතන්න.
6 ”උන් වහන්සේගේ අනුකම්පාව මහත් ය, උන් වහන්සේ මාගේ පව් රාශිය කමා කරන සේකැ”යි නොකියන්න.
මන්ද, උන් වහන්සේ වෙත දයාවත්, උදහසත් ඇත්තේ ය.
උන් වහන්සේගේ බලවත් කෝපය පව්කාරයන් පිට හෙළනු ලබන්නේ ය.
7 සමිඳුන් වෙත ආපසු හැරී එන්නට පමා නොවන්න.
දවසින් දවස එය කල් නොදමන්න.
මන්ද, සමිඳුන්ගේ උදහස හදිසියෙන් ඇවිලෙන්නේ ය.
විනිශ්චය දිනයෙහි දී ඔබ සම්පූර්ණයෙන් වනසනු ලබන්නෙහි ය.
8 අධර්මයෙන් උපදවන ලද ධනය කෙරෙහි සිත යොමු නොකරන්න.
විපත්ති දිනයෙහි දී එයින් ඔබට ප්‍රයෝජනයක් නොවන්නේ ය.

අචලතාව හා ශාන්ත භාවය

9 සුළඟ හමන හැම අතට ම නොහැරෙන්න.
හැම අඩිපාරක ම ගමන් නොකරන්න.
එය වංචනික පව්කාරයාගේ පුරුද්ද ය.
10 ඔබ පිළිගත් සත්‍යයන්හි ස්ථිර ව සිටින්න.
ඔබේ කතාවෙහි දී අවංක වන්න.
11 ඇහුම්කන් දෙන්න කඩිනම් වන්න.
හිතාමතා උත්තර දෙන්න.
12 කරුණ ඔබට වැටහේ නම්, ඔබේ අසල්වැසියාට පිළිතුරු දෙන්න.
එසේ නොවේ නම්, ඔබේ අතින් කට වසාගන්න.
13 ගෞරවය ද අපකීර්තිය ද කතාවෙන් නික්මෙන්නේ ය.
මනුෂ්‍යයෙකුගේ දිවෙන් ඔහුගේ විනාශය සැලසෙන්නේ ය.
14 ප්‍රලාප කියන්නෙකු මෙන් ප්‍රසිද්ධ නොවන්න.
කටමැත දෙඩීමෙන් කූට උපා නොයොදන්න.
මන්ද, සොරාට ලජ්ජාව සූදානම් ව තිබෙන්නාක් මෙන්, වංක මිනිසාට කර්කශ දණ්ඩනය සූදානම් ව ඇත්තේ ය.
15 කුඩා දේවල දී මෙන් ම මහත් දේවල දී ද, වරදින් වළකින්න.
මිත්‍රයෙකු ව සිටිය යුතු තැන සතුරෙක් නොවන්න.

– 6 වන පරිච්ඡේදය –

1 නරක නමකින් ලජ්ජාව සහ අපකීර්තිය ඇති වන්නේ ය.
වංචනික පව්කාරයාටත් එසේ වන්නේ ය.
2 ඔබගේ ක්ලේශයන්ගේ ග්‍රහණයට හසු නොවන්න;
ගොනෙකු මෙන් එය ඔබට ඇන ඔබ ඉරා දමනු ඇත.
3 ගසක කොළ අතු ගිජු ලෙස කාදැමුවොත් එහි ඵල ඔබට නැති වන්නාක් මෙන්, එය ඔබ කාදමා ඔබ වියළුණු ගසක් මෙන් කරන්නේ ය.
4 කිපෙන සුලු ස්වභාවය මිනිසෙකුගේ විනාශය වන්නේ ය;
එය සතුරන්ගේ සිනහවට කරුණක් වන්නේ ය.

මිත්‍රත්වය

5 ප්‍රිය මනාප වචනයෙන් මිතුරො‍් වැඩි වන්නො‍් ය.
ප්‍රිය වචනය සුමිතුරු පිළිතුරු ලැබීමට හේතු වේ.
6 ඔබ දන්නා අඳුනන අය බොහෝ වෙත් වා!
එහෙත්, ඔබේ උපදේශකයා වශයෙන් දහසක් අතරෙන් එකෙකු තෝරාගන්න.
7 යමෙකු ඔබේ මිතුරෙකු කරගැනීමට කැමැත්තෙහි නම්, ඔහු අත්හදා බැලීමෙන් පටන්ගන්න;
ඔහු විශ්වාස කිරීමට ඉක්මන් නොවන්න.
8 මන්ද, ඇතැමෙකු මිත්‍රත්වයක් ඇති කරගන්නේ, එය තම වාසියට හැරෙන විට පමණකි.
ඔබේ කරදරයෙහි දී ඔහු ඔබ සමඟ නොසිටින්නේ ය.
9 තවත් මිතුරෙක් භේද වී ඔබේ සතුරෙක් වන්නේ ය;
ඔහු ඔබේ ආරාවුල ප්‍රසිද්ධ කර ඔබ ලජ්ජාවට පමුණුවන්නේ ය.
10 තවත් මිතුරෙක් ඔබ සමඟ කෑමට වාඩිවන්නේ ය.
එහෙත් ඔබේ, කරදර දවසෙහි දී ඔහු ඔබට සහාය නොවන්නේ ය.
11 ඔබට සරු වන විට ඔහු ඔබේ කිට්ටු හිතවතා වන්නේ ය;
ඔහු ඔබේ මෙහෙකරුවන්ට පවා නිදහසේ අණ දෙන්නේ ය.
12 එහෙත්, ඔබ නිසරු වුණොත් ඔහු ඔබට විරුද්ධ ව හැරෙන්නේ ය.
ඔහු ඔබේ බැල්මෙන් සැඟවෙන්නේ ය.
13 ඔබේ සතුරන්ගෙන් හොඳින් ඈත් වී සිටින්න;
ඔබේ මිතුරන්ගෙන් පරෙස්සම් වන්න.
14 විශ්වාසවන්ත මිතුරා තිරසර පිහිටකි.
එවැන්නෙකු ලබන්නා නිධානයක් ලබන්නේ ය.
15 විශ්වාසවන්ත මිතුරා මිල කළ නොහැකි ය.
ඔහුගේ වටිනාකම තක්සේරු කළ නොහැකි ය.
16 විශ්වාසවන්ත මිතුරා ජීවිතයේ අමෘතය වන්නේ ය;
සමිඳුන්ට බිය වන්නන් හට ඔහු සම්බ වන්නේ ය.
17 සමිඳුන්ට බිය වන්නා සැබෑ මිතුරන් සොයාගන්නේ ය.
මනුෂ්‍යයෙක් යම් සේ වේ ද ඔහුගේ මිතුරාත් එසේ ම වන්නේ ය.

ප්‍රඥාව ඉගෙනීම

18 මාගේ පුත්‍රය, ඔබේ බාල වියේ පටන් ඉගෙනීම තෝරාගන්න;
ඔබේ හිස කෙස් පැසෙන තෙක් ම ඔබට ප්‍රඥාව සම්බ වන්නේ ය.
19 හී හාන තැනැත්තා සහ වපුරන්නා මෙන් ප්‍රඥාව වගා කරන්න.
ඇයගේ අනගි අස්වැන්න බලාපොරොත්තු වන්න.
ඈ අස්වද්දන්නට ඔබ ස්වල්ප කාලයක් මහන්සි වී වැඩ කරන්නෙහි ය.
එහෙත්, ඔබ ඉක්මනින් ඇගේ පලදාව අනුභව කරන්නෙහි ය.
20 අසංවර මිනිසාට ඈ බොහෝ රළු ය;
මො‍්ඩ මිනිසා බොහෝ කල් ඈට ඇලුම් නොවන්නේ ය.
21 ඈ විශාල ගලක් මෙන් ඔහු පිට බරක් ව පවතින්නී ය;
ඈ ඉවතට විසි කිරීමට ඔහු ප්‍රමාද නොවන්නේ ය.
22 විනය තම නාමය දැරීමට වටින්නේ ය;
බොහෝ දෙනෙකුට එය ලබාගත නොහැකි ය.
23 මාගේ පුත්‍රය, සවන් දෙන්න;
මාගේ අවවාදය පිළිගන්න;
මාගේ උපදේශය ප්‍රතික්ෂේප නොකරන්න.
24 ඔබේ පාද ඇගේ විලංගු තුළට දමන්න;
ඔබේ බෙල්ලට ඇගේ කරපටිය දමාගන්න.
25 ඔබේ උරහිස ඇගේ වියගහට පාන්න;
ඇගේ තෝන් ලණු නිසා දඟකාර නොවන්න.
26 ඔබේ මුළු සිතින් ඈට ප්‍රේම කරන්න;
ඔබේ මුළු ශක්තියෙන් ඇගේ මාර්ග අනුව යන්න.
27 ඇගේ පසුපස ගොස් ඈ සොයන්න.
ඈ ඔබට තමා එළිදරව් කරනු ඇත.
ඈ අල්ලාගත් කල යන්ට නොහරින්න.
28 අන්තිමේ දී ඇය වෙතින් ඔබට ශක්තිය ලැබෙන්නේ ය;
ඇය ඔබ උදෙසා ප්‍රීතියක් බවට පත් වන්නී ය.
29 ඇගේ විලංගු ඔබට ශක්තිමත් ආරක්ෂාවක් වන්නේ ය.
ඇගේ කරපටි ඔබට අගනා ආයිත්තමක් වන්නේ ය.
30 ඇගේ වියගස රන්මුවා අබරණක් වන්නේ ය.
ඇගේ තෝන් ලණු රත් නිල් පීත්ත පටි වන්නේ ය.
31 අලංකාර වස්ත්‍රයක් මෙන් ඔබ ඈ ඇඳගන්නෙහි ය.
ආනන්දයේ කිරීටයක් මෙන් ඔබ ඇය පැළඳගන්නෙහි ය.
32 මාගේ පුත්‍රය, ඔබ කැමැත්තෙහි නම්, ඉගෙනීම ලැබීමට ඔබට හැකි වන්නේ ය.
ඔබේ සිත යොදවන්නෙහි නම් සියුම් දැනුම ඔබට ලැබෙන්නේ ය.
33 සවන් දෙන්නට ඔබ ප්‍රිය වන්නෙහි නම්, ඔබ ඉගෙනගන්නෙහි ය.
ඔබේ කන් යොමු කරන්නෙහි නම්, ප්‍රඥාව ඔබ සමඟ වන්නේ ය.
34 ප්‍රජා මූලිකයන්ගේ සභාවට සහභාගි වන්න;
ප්‍රඥා සම්පන්න මිනිසෙක් එහි සිටී නම්, ඔහුට ඇලුම් වන්න.
35 දෙවියන් වහන්සේගෙන් නික්මෙන සෑම වචනයකට ම කැමැත්තෙන් සවන් දෙන්න.
සියුම් උපදෙස්වලට ඔබ වෙතින් පලා යන්නට ඉඩ නොහරින්න.
36 නැණවත් මිනිසෙකු දුටුවොත් අලුයම ඔහු වෙත යන්න.
ඔබේ පා තැබීමෙන් ඔහුගේ එළිපත ගෙවී යේ වා!
37 සමිඳුන්ගේ පණත් භාවනා කරන්න.
උන් වහන්සේගේ ආඥා කෙරෙහි සැම කල්හි මිඩංගු වන්න.
එතුමාණෝ ඔබේ සිත සවිමත් කරන සේක.
ඔබ ආශා කරන ප්‍රඥාව ඔබට දෙනු ලබන්නේ ය.

 

– 7 වන පරිච්ඡේදය –

විවිධ උපදේශ

1 නපුරු දේ නොකරන්න.
එවිට ඔබට නපුර සිදු නොවන්නේ ය.
2 අධර්මයෙන් ඉවත් වන්න;
එවිට එය ඔබෙන් ඉවත් ව යන්නේ ය.
3 පුත්‍රය, අදමිටු බිම්වල කිසිවක් නොවපුරන්න.
වැපුරුවොත්, නියම ප්‍රමාණයට මෙන්, සත් ගුණයක් කපාගන්නෙහි ය.
4 සමිඳුන්ගෙන් උසස් ම තැන නොඉල්ලන්න.
රජුගෙන් ගෞරව ආසනයක් නොඉල්ලන්න.
5 සමිඳුන් අබිමුව ඔබේ යහපත්කම ප්‍රදර්ශනය නොකරන්න.
රජු අබිමුව ඔබේ ප්‍රඥාව ප්‍රදර්ශනය නොකරන්න.
6 අසාධාරණකම සහමුලින් ම විනාශ කිරීමට ඔබට නොහැකි විය හැකි ය.
විනිශ්චයකරුවන් ලෙස පත් වන්නට කූටෝපායයන් නොයොදන්න.
මන්ද, බලවතෙකු විසින් නම්මාගනු ලැබීමට ඔබ ඉඩ දෙන්නට පුළුවන.
මෙසේ ඔබේ පරිණත බවට අනතුරු වීමට ඔබ ඉඩ තබන්නෙහි ය.
7 පුරවැසි සමාජයට අයුත්තක් නොකරන්න.
ජනයාගෙන් ලැබෙන පිළිගැනීම නැති විය හැකි ය.
8 දෙ වරක් පව් කිරීමට පොළඹනු ලබන්නට ඉඩ නොදෙන්න.
එක් වරක් වුව ද ඔබ දඬුවම් නොලැබ නොබේරෙන්නෙහි ය.
9 මහො‍්ත්තමයාණන් වහන්සේට මාගේ පඬුරු ඔප්පු කරන විට මාගේ පඬුරුවල විශාලකම සලකා උන් වහන්සේ ඒවා පිළිගනු ඇතැ යි නොසිතන්න.
10 යාච්ඤාවෙහි දී ඉවසිලිමත් වන්න.
දන් දීම අතපසු නොකරන්න.
11 දුකින් පෙළෙන්නෙකුට සරදම් නොකරන්න.
ඔහු පහත් කළ තැනැත්තාට ඔහු ඔසවන්නට ද හැකි ය.
12 ඔබේ සහෝදරයාට විරුද්ධ ව බොරු දෝෂාරො‍්පණ ඉදිරිපත් නොකරන්න.
මිතුරෙකුට විරුද්ධ ව ද එසේ නොකරන්න.
13 බොරු නොකියන්නට පරිස්සම් වන්න.
එයින් කිසි යහපතක් සිදු නොවන්නේ ය.
14 මූලිකයන්ගේ සභාවෙහි දී දීර්ඝ කතා නොපවත්වන්න.
ඔබේ යාච්ඤාවල වචන නැවත නැවතත් නොකියන්න.
15 වෙහෙස උපදවන වැඩ අප්‍රිය නොකරන්න.
මහො‍්ත්තමයාණන් වහන්සේ මැවූ කෙත්වල වැඩ පිළිකුල් නොකරන්න.
16 පව්කාරයන් සමඟ පෙළ නොගැසෙන්න.
උදහස ප්‍රමාද නොවන බව සිහි කරන්න.
17 බොහෝ සේ බැගෑපත් වන්න.
මන්ද, අධර්මිෂ්ඨයාගේ දඬුවම ගින්න සහ පණුවන් වන බැවිනි.
18 ලාභය තකා මිත්‍රයෙකු පාවා නොදෙන්න.
අගනා රන් පතා හිතවත් සහෝදරයෙකු පාවා නොදෙන්න.
19 නැණවත් ගුණවත් බිරිඳක පෙළවහට ගන්නට මැළි නොවන්න.
ඇගේ සිරියාව රනට වඩා අගනේ ය.
20 අවංක ලෙස වැඩ කරන දාසයෙකුට පීඩා නොකරන්න.
හොඳට වැඩ කරන මෙහෙකරුවාට හිරිහැර නොකරන්න.
21 නැණනුවණ ඇති වහල් සේවකයාට ඔබට මෙන් ම ප්‍රේම කරන්න.
ඔහුගේ නිදහස ප්‍රතික්ෂේප නොකරන්න.

දරුවෝ

22 ඔබට ගවමහීෂයෝ සිටිත් ද?
උන් රැකබලාගන්න.
ඔබට ප්‍රයෝජනවත් නම් උන් තබාගන්න.
23 ඔබට දරුවෝ සිටිත් ද?
ඔවුන්ට උගන්වන්න.
ළමා වියේ පටන් ම ඔවුන් කීකරුකමට නමාගන්න.
24 ඔබට දූවරු සිටිත් ද?
ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරන්න.
එහෙත්, පමණට වඩා කරුණාව නොපෙන්වන්න.
25 ඔබේ දුව සරණ පාවා දෙන්න.
එවිට ඔබ මහඟු වැඩක් නිම කෙළෙහි ය.
එහෙත් ඇය, බුද්ධිමත් මිනිසෙකුට දෙන්න.
26 ඔබට පියකරු බිරිඳක් සිටී ද?
ඇය පිටමං නොකරන්න. එහෙත්, ඔබ ඈට ප්‍රේම නොකරන්නෙහි නම්, කිසි දාක ඇය විශ්වාස නොකරන්න.

දෙමවුපියෝ

27 ඔබේ මුළු සිතින් ඔබේ පියාට ගෞරව කරන්න.
ඔබේ මව විඳි ප්‍රසව වේදනාව කිසි දිනෙක අමතක නොකරන්න.
28 ඔවුන් ඔබට මෙලෝ එළිය දුන් බව අමතක නොකරන්න.
ඔබ උදෙසා ඔවුන් කළ දේට ඔබ කෙලෙසින් කළගුණ සලකන්නට ද?

පූජක පක්ෂය

29 ඔබේ මුළු සිතින් ඔබේ මැවුම්කාරයාණන්ට බිය වන්න.
උන් වහන්සේගේ පූජකයන්ට ගෞරව කරන්න.
30 ඔබේ මුළු ශක්තියෙන් ඔබේ මැවුම්කාරයාණන්ට ප්‍රේම කරන්න.
උන් වහන්සේගේ සේවකයන් අත් නොහරින්න.
31 සමිඳුන්ට ගරුබිය පාන්න. පූජකයාට ගෞරව කරන්න.
නියම කරන ලද කොටස ඔහුට දෙන්න.
නාඹුල් ඵලය, වන්දි ගෙවීමේ යාගය, පවිත්‍ර වීමේ යාගය, ශුද්ධ දේවල ප්‍රථම ඵලය ඔහුට දෙන්න.

දුගියෝ හා පීඩිතයෝ

32 දුප්පතාට ද නොමසුරු ව දෙන්න.
එවිට ඔබේ ආශීර්වාදය සම්පූර්ණ වන්නේ ය.
33 ඔබේ ත්‍යාගිවන්තකම සියලු ජීවතුන් සම්බන්ධයෙන් වේ වා, මළවුන්ට පවා ඔබේ කරුණාව ප්‍රතික්ෂේප නොකරන්න.
34 වැලපෙන්නන් කෙරෙන් ඉවතට නොහැරෙන්න.
ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
35 ලෙඩුන් බලන්නට යාමෙන් නොවළකින්න.
මෙබඳු ක්‍රියාවන් මඟින් ඔබ ආදරය දිනාගන්නෙහි ය.
36 ඔබේ සියලු කටයුතුවල දී ඔබේ අන්තිමය සිහි කරන්න.
එවිට ඔබ කිසි දිනෙක පව් නොකරන්නෙහි ය.

 

– 8 වන පරිච්ඡේදය –

තැනට ඔබින නුවණ

1 බලවත් මිනිසෙකු සමඟ පොර නොබදන්න.
ඔබ ඔහුගේ අත්අඩංගුවට අසුවන්නට හැකි ය.
2 ධනවතෙකු සමඟ දබර නොකරන්න.
ඔහු ඔබට වඩා බලවත් වන හෙයිනි.
රත්රන්වලින් බොහෝ දෙනා විනාශ වුණෝ ය.
රජවරුන්ගේ සිත වැරදි මඟට හැරුණේ ය.
3 චතුර දිවක් ඇත්තා සමඟ වාදයට නොයන්න.
ඔහුගේ ගින්න පිට, දර නොදමන්න.
4 අශිෂ්ට මනුෂ්‍යයෙකු සමඟ විහිළු නොකරන්න.
ඔහු ඔබේ මුතුන්මිත්තන්ට නිගා කරන්ට පුළුවන.
5 පසුතැවී සිත හරවා ගන්නා පව්කාරයෙකුට නින්දා නොකරන්න.
අප සියලු දෙනා වරදකාරයන් බව සිහි කරන්න.
6 වයස්ගත මිනිසෙකු හෙළා නොදකින්න.
අපිත් මහලු වයසට යන්නෙමු.
7 මනුෂ්‍යයෙකුගේ මරණය ගැන සන්තෝෂ නොවන්න.
අප සියලු දෙන මැරෙන බව සිහි කරන්න.

පරම්පරාගත කතා

8 නුවණැත්තන්ගේ කියමන් ඉවත නොදමන්න.
මේවායින් ඔබට රජවරුන් ඉදිරියේ සේවය කිරීමට ශික්ෂණය ලැබේ.
ඔවුන්ගේ උපදේශයන් නැවත නැවත සිහි කරන්න.
9 මහල්ලන්ගේ අනුශාසනා, පහත් කොට නොසලකන්න.
ඔවුන් ද තමන්ගේ මවුපියන්ගෙන් ඒවා ඉගෙනගත් හෙයිනි.
කල්පනා කරන ආකාරය ඔබ ඔවුන්ගෙන් ඉගෙනගන්නෙහි ය.
තැනට ඔබින උත්තරය ඉගෙනගන්නෙහි ය.

විචක්ෂණ බුද්ධිය

10 පව්කාරයාගේ පව් ගින්නට අඟුරු නොකවන්න.
ඔහුගේ ගිනි මැලයෙහි ඔබ දැවෙන්නෙහි ය.
11 උඩඟු මිනිසෙකු සමඟ කතාවට නොවැටෙන්න.
ඔබේ කටින් ම ඔහුට ඔබ අල්ලාගන්නට හැකි ය.
12 ඔබට වඩා බලවත් කෙනෙකුට ණයට නොදෙන්න.
ණයට දුන්නොත් එය නැති වුණා සේ සලකන්න.
13 ඔබේ වත්කමට ඉහළින් ඇපකාරයෙකු වශයෙන් නොසිටින්න.
එසේ සිටියොත්, ගෙවීමට සූදානම් වන්න.
14 විනිශ්චයකාරයෙකුට විරුද්ධ ව නඩු මඟට නොබසින්න.
තීන්දුව ඔහුට පක්ෂ ව දෙනු ලබන්නේ ය.
15 නොසැලකිලිමත් කෙනෙකු සමඟ ගමනක් නොයන්න.
ඔහු ඔබ පිට නොමනා සේ බලපාන්න හැකි ය.
ඔහු හිතු මනාපයට ක්‍රියා කරනු විය හැකි ය.
ඔහුගේ මො‍්ඩකමින් ඔබත් ඔහු සමඟ වැනසෙන්නෙහි ය.
16 වහා කිපෙන සුලු මිනිසෙකු සමඟ අඬදබර නොකරන්න.
හුදකලා තැන්වල ඔහු සමඟ නොයන්න.
ලේ සෙලවීම ඔහුට සුළු දෙයකි.
ආධාරයට කිසිවෙකු නැති තැන ඔහු ඔබට පහර දෙන්නේ ය.
17 මො‍්ඩයෙකුගෙන් දැනුමැතිකම් නොගන්න.
රහසක් ආරක්ෂා කරගන්නට ඔහු නොදන්නේ ය.
18 රහසින් තබාගත යුතු කිසිවක් අමුත්තෙකු ඉදිරියෙහි නොකරන්න.
ඔහු එයින් කුමන ප්‍රයෝජනයක් ගනීවි දැ යි ඔබ නොදන්නෙහි ය.
19 ඔබේ කල්පනා හැම කෙනෙකුට ම එළිදරව් නොකරන්න.
පැමිණෙන සියල්ලන්ගෙන් උදව් උපකාර නොඉල්ලන්න.

 

– 9 වන පරිච්ඡේදය –

ස්ත්‍රී පක්ෂය

1 ඔබ ප්‍රේම කරන බිරිඳට ඊර්ෂ්‍යා නොකරන්න.
ඔබේ හානියට තුඩු දෙන නපුර ඇයට කියා නොදෙන්න.
2 ඔබේ සිත ස්ත්‍රියකට පාවා නොදෙන්න;
එසේ කළොත්, ඈ ඔබ කෙරේ බල පවත්වනු ඇත.
3 වේශ්‍යා ස්ත්‍රියක ළඟට නොයන්න.
ඔබ ඇගේ මලපත්වල අසුවන්නෙහි ය.
4 ගායිකාවක සමඟ නිතර නොගැවසෙන්න.
ඔබ ඇගේ මායාවට අසුවන්නෙහි ය.
5 කන්‍යාවක දෙස ඔබේ ඇස් යොමු නොකරන්න.
ඇය සමඟ ඔබ ද දඬුවම් කරනු ලබන්නෙහි ය.
6 ඔබ වේශ්‍යාවන්ගේ අත්වලට අසු නොවන්න;
ඔබ තම උරුමය නැති කරගන්නෙහි ය.
7 නුවර වීථිවල යන විට වටපිට නොබලන්න.
පාළු අහුමුලුවල තැනින් තැන නොඇවිදින්න.
8 හුරුබුහුටි ස්ත්‍රියකගෙන් ඔබේ නෙත් ඉවතට හරවාගන්න.
අනෙකෙකුට අයිති රූපශ්‍රීය දෙස ඔබේ නෙත් යොමු නොකරන්න.
ස්ත්‍රියකගේ රූසපුවෙන් බොහෝ දෙනෙකු නොමඟ ගොස් ඇත.
එයින් ගින්නක් මෙන් රාගය දල්වනු ලබන්නේ ය.
9 විවාහක ස්ත්‍රියක ළඟ වාඩි නොවන්න.
මිදිරස බොමින් ඈ සමඟ එකට වාඩි නොවන්න.
ඔබේ හදවත ඇගේ සිරියාවට වසඟ විය හැකි ය.
කාමාශාවෙන් ඔබ විනාශය කරා ලිස්සා යත හැකි ය.

අන් පුද්ගලයන් හා සම්බන්ධතාව

10 පරණ මිත්‍රයෙකු අත් නොහරින්න.
අලුත් මිතුරා කිසිසේත් ඔහුට සම නොවන්නේ ය.
නව මිතුරා නව මිදිරස මෙන් ය.
එය පරණ වූ විට ඔබ එය මහත් ආශාවෙන් පානය කරන්නෙහි ය.
11 පව්කාරයාගේ සමෘද්ධියට ඊර්ෂ්‍යා නොකරන්න.
එය කෙසේ අවසන් වන්නේ දැ යි ඔබ නොදන්නෙහි ය.
12 දුදනන් සතුටු වන දේ ගැන සතුටු නොවන්න.
ඔවුන් දඬුවම් නොලැබ මිනීවළට නොයන බව සිහි කරන්න.
13 මරන්නට ශක්තිය ඇති තැනැත්තාගෙන් ඈත් ව සිටින්න.
එවිට ඔබ මරණ බියෙන් බිය නොවන්නෙහි ය.
ඔබ ඔහු ළඟට යන්නෙහි නම්, ප්‍රවේසමෙන් යන්න.
නැතහොත් ඔහු ඔබේ ප්‍රාණය නසන්නට පිළිවන.
ඔබ වැටෙන සුලු මඟක යන බව සිහි කරන්න;
නුවර බලකොටු මත ඇවිදින බව සිහි කරන්න.
14 ඔබට හැකි පමණින් අසල්වැසියන් ඇසුරු කරන්න.
පැණවතුන්ගෙන් උපදෙස් ගන්න.
15 ඔබේ සුහද ඇසුර සඳහා නැණවතුන් සොයාගන්න.
ඔබේ සියලු සාකච්ඡා මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතියට අදාළ වේ වා!
16 ඔබ සමඟ ආහාර අනුභව කරන්නො‍් දැහැමියෝ වෙත් වා!
ඔබේ අභිමානය සමිඳුන්ට ගරුබිය පෑමෙහි වේ වා!
17 දක්ෂ අතින් නිමැවුණු කෘතිය ප්‍රශංසාවට පාත්‍ර වන්නේ ය.
ජනයාගේ නායකයා කතාවෙහි දක්ෂයෙකු විය යුත්තේ ය.
18 වාචාලයා නුවරෙහි බිය උපදවන්නේ ය.
නන් දොඩන්නා පිළිකුල් කරනු ලබන්නේ ය.

 

– 10 වන පරිච්ඡේදය –

පාලකයෝ

1 නැණවත් පාලකයා තම සෙනඟ විනයෙහි හසුරුවන්නේ ය.
නැණවත් මිනිසෙකුගේ පාලනය මනා ලෙස ක්‍රමවත් වන්නේ ය.
2 පාලකයා යම් සේ ද නිලධාරීහුත් එසේ ම ය.
ආණ්ඩුකාරයා යම් සේ ද පුරවැසියෝත් එසේ ම ය.
3 නූගත් රජෙක් සෙනඟගේ විනාශය වන්නේ ය.
නුවර සමෘද්ධිය එහි අධිපතියන්ගේ ඥාන ශක්තිය පිට රඳා පවත්නේ ය.
4 ලෝක පාලනය සමිඳුන් අතෙහි ය.
උන් වහන්සේ නියම කලට සුදුසු ප්‍රධානියා නියම කරන සේක.
5 මිනිසෙකුගේ සඵලත්වය සමිඳුන් අතෙහි වේ.
නීති සම්පාදකයා ගෞරවයෙන් සරසනු ලබන්නේ උන් වහන්සේ විසින් ය.

උඩඟුව

6 අසල්වැසියාගේ වරද කුමක් වුවත් ඔහු කෙරෙහි අමනාපයක් තබා නොගන්න.
හදිසි කෝපයෙන් කිසිවක් නොකරන්න.
7 උඩඟුව දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අප්‍රිය වන්නේ ය.
දෙදෙනා ම අයුක්තිය පිළිකුල් කරන්නො‍් ය.
8 අයුක්තිය, බලහත්කාරය සහ ධනය නිසා අධිරාජ්‍ය බලය රටින් රටට පැවරී යන්නේ ය.
9 අළු සහ දූවිලි පමණක් වන මිනිසාට අහංකාර වන්ට ඇත්තේ කුමක් ද?
ඔහුගේ ජීවිත කාලයෙහි දී පවා ඔහුගේ සිරුර දිරා යනු ඇත.
10 දීර්ඝ අසනීපය වෙදැදුරු විමතියට පත් කරවයි.
අද නරනිඳු හෙට මළකඳකි.
11 මිනිසෙකු මියයන විට ඔහුගේ උරුමය කුරා කුහුඹුවෝ ය, වන සත්තු ය, පණුවෝ ය.
12 මිනිසෙකුගේ උඩඟුව ආරම්භ වන්නේ සමිඳුන් අත්හැරීමෙන් ය;
තම සිත මැවුම්කාරයාණන් කෙරෙන් ඉවතට හැරවීමෙන් ය.
13 උඩඟුවේ මුල පාපය වේ. එහි වෙළී සිටින්නා පිළිකුල වමාරයි.
එහෙයින් සමිඳාණෝ ඔහු පිට අරුමපුදුම දඬුවම් පවරන සේක;
ඔහු සම්පූර්ණයෙන් වනසන සේක.
14 සමිඳාණෝ බලවතුන්ගේ ආසන බිඳ හෙළූ සේක.
ඔවුන්ගේ තැන්වල වාඩිගන්නට බැගෑපතුන්ට සැලැසූ සේක.
15 සමිඳාණෝ අහංකාර අය සහමුලින් ම උපුටාදමන සේක.
ඔවුන්ගේ තැන්වල බැගෑපතුන් සිටුවන සේක.
16 සමිඳාණෝ ජාතීන්ගේ දේශයන් සුණු විසුණු කළ සේක;
පොළොවෙහි පදනම් දක්වා ඒවා වැනසූ සේක.
17 එතුමාණෝ ඒවායින් සමහරක් නැත්තට ම නැති කර වනසා ලූ සේක.
ඒවා සිහි කිරීම පොළොවෙන් මකා හැරිය සේක.
18 උඩඟුව, මිනිසුන් උදෙසා මවන ලද්දක් නොවේ.
සාහසික කෝපය, මෙලෝ උපන් මිනිසා උදෙසා නොවේ.

ගෞරවය ලැබිය යුත්තෝ

19 ගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කුමක් ද?
මනුෂ්‍ය වංශය ය.
ගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කවරහු ද?
සමිඳුන්ට ගරුබිය පාන වංශය ය.
අගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කුමක් ද?
මනුෂ්‍ය වංශය ය.
අගෞරවය ලැබීමට යෝග්‍ය වංශය කවරහු ද?
නීතිය කඩ කරන වංශය ය.
20 සහෝදරයන් අතර ඔවුන්ගේ නායකයා ගෞරවය ලබන්නට සුදුසු ය.
21 සමිඳුන්ට ගරුබිය පාන්නො‍් සමිඳුන්ගේ ගෞරවය ලබන්නට සුදුස්සෝ වෙති.
22 ධනවතා ද උත්තමයා ද දුප්පතා ද සමිඳුන්ට ගරුබිය පෑම ගැන ආඩම්බර වෙත් වා!
23 දිළිඳු නැණවතෙකු හෙළාදැකීම යුතු නැත.
පව්කාරයෙකුට ගෞරව දැක්වීමත් යෝග්‍ය නැත.
24 අධිපතියා ද නඩුකාරයා ද බලවතා ද ගෞරවය ලැබීමට යෝග්‍ය වන්නො‍් ය.
එහෙත්, සමිඳුන් හට ගරුබිය පාන තැනැත්තාට වඩා කිසිවෙක් උතුම් නොවන්නේ ය.
25 නැණවත් වහලෙකුට නිදහස් මිනිස්සු සේවය කරන්නො‍් ය.
උගත් මිනිසා ඒ ගැන මැසිවිලි නොකියන්නේ ය.

බැගෑපත්කම හා සත්‍යතාවය

26 ඔබ වැඩ කරන විට ඔබේ හපන්කම් නොපෙන්වන්න.
ඔබ කරදරයෙහි වැටුණු විට පුරසාරම් නොදොඩන්න.
27 තමා ගැන පාරට්ටු කරගන්න නමුත්, කෑමට යමක් නැති මිනිසාට වඩා වැඩ කරමින් සැප ජීවිතයක් ගත කරන්නා අගනේ ය.
28 මාගේ පුත්‍රය, ඔබ ගැන ම ප්‍රීති වන විට නිරහංකාර වන්න.
ඔබේ නියම වටිනාකම අනුව ඔබ අගය කරගන්න.
29 තමා ම පහත් කොට සලකන්නාගේ නිදොස් බව ඔප්පු කරන්නේ කවරෙක් ද?
තමා හෙළාදකින්නාට ගෞරව දක්වන්නේ කවරෙක් ද?
30 දුප්පතා ඔහුගේ උගත්කම නිසා ගෞරව ලබන්නේ ය.
ධනවතා ඔහුගේ ධනය නිසා ගෞරවය ලබන්නේ ය.
31 දිළිඳුකමෙහි සිටියදීත්, ගෞරව කරනු ලබන්නේ නම්, ධනවත්කමෙහි සිටිය දී ඊට වඩා කොපමණ ගෞරව කරනු ලබන්නේ ද?
ධනවත්කමෙහි සිටිය දී අගෞරව කරනු ලබන්නේ නම්, දිළිඳුකමෙහි සිටිය දී ඊට වඩා කොපමණ අගෞරව කරනු ලබන්නේ ද?

 

– 11 වන පරිච්ඡේදය –

බාහිර පෙනුමට නොරැවටීම

1 දුප්පතා පැණවතෙක් නම් හිස ඔසවා සිටින්නේ ය, උත්තමයන් අතර අසුන් ගන්නේ ය.
2 හොඳ පෙනුම නිසා මිනිසෙකු නොපසසන්න.
යමෙකුගේ පෙනුම අනුව ඔහු කෙරෙහි අරුචියක් ඇති කර නොගන්න.
3 මීමැස්සා වනාහි ඉගිලෙන කුඩා සතුන් අතරෙන් එකෙකි.
එහෙත් ඌ නිපදවන දේ අතිප්‍රණීත ආහාරයකි!
4 ඔබේ ශෝභන වස්ත්‍ර නිසා උඩඟු ලෙස නොහැසිරෙන්න.
ඔබට ගෞරව ලැබෙන විට හිස උදුම්මා නොගන්න.
සමිඳුන්ගේ කෘතීන් පුදුමාකාර වන හෙයිනි.
එහෙත්, ඒවා මිනිසුන්ගෙන් සැඟවී ඇත්තේ ය.
5 බොහෝ රජවරුන්ට බිම ඉඳගන්නට සිදු වී ඇත.
කිසිවෙකු නොදැන සිටි මිනිසෙක් කිරීටය දරා ඇත.
6 බොහෝ බලවත්තු සම්පූර්ණයෙන් ම ලජ්ජාවට පත් කරන ලද්දෝ ය.
බොහෝ කීර්තිමත් මිනිස්සු අනුන්ගේ බලයට යටත් වී ඇත්තෝ ය.

සිතාමතා ක්‍රියා කිරීම

7 පරීක්ෂා කර බලන්ට පෙර දෝෂාරො‍්පණය නොකරන්න.
පළමුවෙන් සිතා බලන්න;
ඉන්පසු දොස් පවරන්න.
8 පිළිතුරු දෙන්නට පෙර සවන් දෙන්න.
කතාවකට අතරමඟ දී බාධා නොකරන්න.
9 ඔබට අදාළ නොවන කටයුත්තක් ගැන කලබල නොවන්න.
පව්කාරයන්ගේ අඬදබරවලට නොපැටලෙන්න.
10 මාගේ පුත්‍රය, පමණට වඩා බොහෝ කටයුතුවලට අත නොගසන්න.
ඒවා වැඩි කරගන්නෙහි නම්, දුක් විඳීම සිකුරු ය;
වේගයෙන් ගියත් කෙළවරට නොපැමිණෙන්නෙහි ය.
පලා යාමෙන් බේරෙන්නටත් නුපුළුවන.
11 වැඩ කරන්නාවූ ද වෙහෙස වන්නාවූ ද ඉක්මන් කරන්නාවූ ද මනුෂ්‍යයෝ සිටිති.
එහෙත්, ඔවුන්ගේ බලාපොරොත්තුව වඩ වඩාත් සුන් වී ඇත.

දෙවිඳුන් කෙරෙහි පමණක් විශ්වාසය තැබීම

12 ඉක්මන් ලෙස වැඩපළෙහි නොයෙදෙන එහෙත් උදව් පතන අය ද සිටිති.
ඔව්හු ධනයෙන් දුප්පත් ය, දිළිඳුකමින් සාරවත් ය.
සමිඳාණෝ ඔවුන් දෙස දැඩි ආශාවෙන් බලන සේක.
ඔවුන්ගේ දුඃඛිත තත්ත්වයෙන් ඔවුන් ඔසවන සේක.
13 ඔවුන්ට හිස ඔසවා සිටින්නට සලසන සේක;
බොහෝ දෙනා ඒ ගැන මවිත වන්නො‍් ය.
14 හොඳ හා නරක ද ජීවිතය හා මරණය ද දිළිඳුකම හා පොහොසත්කම ද සමිඳුන්ගෙන් නික්මෙන්නේ ය.
15 ප්‍රඥාව හා තේරුම්ගැනීම ද ප්‍රේමය හා නීතිය දැනගැන්ම ද දැහැමි ක්‍රියා කිරීම ද සමිඳුන්ගෙන් නික්මෙන්නේ ය.
16 වරද සහ අඳුර පව්කාරයන් ජන්මයෙන් ම ඇසුරු කරයි.
නපුර ගැන ප්‍රීති වන අය සමඟ එය වැඩි වයසට පත් වෙයි.
17 සමිඳුන්ගේ දීමනාව දැහැමි අයට ස්ථිර ව පවතින්නේ ය.
උන් වහන්සේගේ කරුණාව නිතර ඔවුන්ට ජය අත් කර දෙන්නේ ය.
18 සමහර මනුෂ්‍යයෝ සකසුරුවම්කමින් හා මසුරුකමින් ධනවත් වන්නො‍් ය.
19 ”මට විවේකය සම්බ විය;
දැන් ඉතින් මම මාගේ ධනය භුක්ති විඳින්නෙමි”යි කියන දවසෙහි දී ඒවා කොපමණ කල් පවතින්නේ දැ යි ඔව්හු නොදන්නො‍් ය.
ඒ ධනය අනුන්ට තබා මැරෙන්ට ඔහුට වන්නේ ය.
20 ඔබේ වැඩයට ඇලුම් ව එය ප්‍රීතියෙන් කරන්න.
ඔබේ වැඩයෙහි ස්ථිර ව පවතින්න.
21 පව්කාරයාගේ ක්‍රියාවන් ගැන මවිත නොවන්න.
සමිඳුන් කෙරෙහි විශ්වාසය තබාගෙන ඔබේ වැඩෙහි යෙදෙන්න.
ඉක්මනින් එක මොහොතකින් දුප්පතෙකු ධනවත් කිරීම සමිඳුන්ගේ නෙත් හමුයෙහි පහසු දෙයක් වන්නේ ය.
22 සමිඳුන්ගේ ආශීර්වාදය ශක්තිමත් මනුෂ්‍යයාගේ විපාකය වන්නේ ය.
එක මොහොතක දී සමිඳාණෝ ඔහුගේ ආශීර්වාදය සශ්‍රීක වන්නට සලසන සේක.
23 ”මට අවශ්‍ය කුමක් ද, මෙතැන් පටන් මාගේ ලාභය කුමක් දැ”යි නොකියන්න.
24 ”සර්ව සම්පූර්ණත්වය මට තිබේ:
කුමන විපතක් මට සිදු විය හැක්කේ දැ”යි නොකියන්න.
25 ලාභ ලැබෙන විට අලාභ සිහි කරන්නේ නැත.
අලාභ දවසේ දී ලාභ අමතක කරනු ලැබේ.
26 එක එක මනුෂ්‍යයාට ඔහුගේ මරණ දිනයෙහි දී ඔහුගේ ක්‍රියා අනුව විපාක සැලැස්වීම සමිඳුන්ට පහසු කාරණයකි.
27 එක මොහොතක පීඩාවෙන් සමෘද්ධිය අමතක කරනු ලැබේ.
මිනිසෙකුගේ අන්තිම මොහොතෙහි දී ඔහුගේ ක්‍රියා එළිදරව් කරනු ලබන්නේ ය.
28 මරණයට පෙර මිනිසෙකුගේ භාග්‍යය ගැන පාරට්ටු නොකරන්න.
මිනිසෙකු දැනගනු ලබන්නේ ඔහුගේ අන්තිමයේ දී ය.

සුදනන් ඇසුර තෝරාගැනීම

29 සැම කෙනෙකු ම ඔබේ ගෙදරට නොගෙනෙන්න.
කපටියන්ගේ ප්‍රයෝග බොහෝ වන හෙයිනි.
30 අහංකාර අයගේ හෘදය කූඩුවක සිරගත පක්ෂියෙකු මෙන් වන්නේ ය.
ඔහු ඔත්තුකාරයෙකු මෙන් ඔබේ විනාශය බලා සිටින්නේ ය.
31 අපවාද කියන්නා යහපත අයහපතට හරවන්නේ ය.
පැසසිය යුතු ගුණ අගුණට හරවන්නේ ය.
32 ගිනි පුපුරකින් උදුනක් අවුළුවනු ලබන්නේ ය.
පව්කාරයා ලේ වැගිරවීමට රැක සිටින්නේ ය.
33 කපටියාගෙන් පරිස්සම් වන්න, ඔහු නපුර සඳහා උපා යොදන්නේ ය.
ඔහු ඔබ පිට නොමැකෙන කැළලක් තවරන්ට පුළුවන.
34 නාඳුනන තැනැත්තෙකු ඔබේ ගෙදරට ඇතුළත් කර නොගන්න.
ඔහු ඔබේ ගෘහයෙහි කරදර ඇති කරන්නේ ය.
ඔහු ඔබේ ගෙදර අයගෙන් ඔබ ඈත් කරවන්නේ ය.

 

– 12 වන පරිච්ඡේදය –

යහපත කිරීමට ඔවදන්

1 ඔබ උපකාරයක් කරන විට එය කරන්නේ කවරෙකුට දැ යි දැනගන්න.
එවිට ඔබේ උපකාරය නිෂ්ඵල නොවන්නේ ය.
2 දැහැමියෙකුට යහපත කරන්න, ඔබට විපාකයක් ලැබෙන්නේ ය;
ඔහුගෙන් ම නොවේ නම්, මහො‍්ත්තමයාණන් වහන්සේගෙන් එය ලැබෙන්නේ ය.
3 නපුරෙහි එල්බ සිටින්නා වූ ද දන් දීමක් නොකරන්නා වූ ද මිනිසාට යහපතක් සිදු නොවන්නේ ය.
4 බැතිමත් මිනිසාට දෙන්න.
පව්කාරයාට උදව් නොකරන්න.
5 බැහැපත් මිනිසාට යහපත කරන්න.
අධර්මිෂ්ඨයාට කිසිවක් නොදෙන්න.
ඔහුට ආහාර ප්‍රතික්ෂේප කරන්න.
එය ඔහුට නොදෙන්න.
ඔහු එයින් ඔබට වඩා ශක්තිමත් විය හැකි යි.
ඔබ ඔහු සතුටු කිරීමට කළ සියලු උපකාර වෙනුවට දුෂ්ටකම් දෙගුණයක් ඔහු ඔබට දෙනු ඇත.
6 මහො‍්ත්තමයාණන් වහන්සේ පවිටුන් පිළිකුල් කරන සේක.
උන් වහන්සේ ඔවුන් පිට දඬුවම් හෙළන සේක.
7 යහපත් මිනිසාට දෙන්න.
පව්කාරයෙකුට උදව් නොකරන්න.

සැබෑ මිතුරො‍් සහ ව්‍යාජ මිතුරො‍්

8 ඔබ සමෘද්ධිමත් ව සිටින විට සැබෑ මිතුරෙකු හඳුනාගත නොහැකි ය.
ඔබ විපතට වැටුණු විට සතුරෙකු වරද්දාගත නොහැකි ය.
9 මිනිසෙකු සමෘද්ධිමත් ව සිටින විට ඔහුගේ සතුරො‍් ශෝක වන්නෝ ය.
ඔහු විපතට පත් වූ විට ඔහුගේ මිතුරා පවා ඔහු අත්හැර යන්නේ ය.
10 සතුරා කෙරෙහි විශ්වාසය නොතබන්න.
තඹවල දිස්නය මෙන් ඔහුගේ දුෂ්ටකම ද වන්නේ ය.
11 ඔහු බැහැපත් වී ඇකිළෙමින් ඔබ වෙත ආවත් පරෙස්සමින් සිටින්න.
ඔහු කෙරෙහි විශ්වාසය නොතබන්න.
ඔබ කැටපතක් ඔප දමමින් සිටින්නාක් මෙන් හැසිරෙන්න.
ඔහුගේ දිස්නය වැඩි කල් නොපවතින බව දැනගන්න.
12 ඔහු ඔබ ළඟ සිටුවා නොගන්න.
ඔබ පෙරළාදමා ඔබේ තැන ගන්නට ඔහුට හැකි ය.
ඔහු ඔබේ දකුණෙහි වාඩි නොකරවන්න.
ඔබේ ආසනය පැහැරගන්නට ඔහු උත්සාහ කරනු ඇත.
අන්තිමේ දී ඔබ මාගේ වචනවල අර්ථය වටහාගන්නෙහි ය;
මා කී දේ ගැන කියමින් පසුතැවිලි වන්නෙහි ය.
13 සර්පයා විසින් දෂ්ට කරන ලද මන්ත්‍රකාරයාට අනුකම්පා කරන්නේ කවරෙක් ද?
නැතහොත්, රුදුරු වන සතුන්ට කැමැත්තෙන් ම මුහුණ පාන අයට අනුකම්පා කරන්නේ කවරෙක් ද?
14 පව්කාරයෙකු සමඟ සමාගම් පවත්වන්නා වූ ද ඔහුගේ පාපවලට හවුල් වන්නා වූ ද තැනැත්තා ගැනත් එසේ ම වන්නේ ය.
15 ඔබ ස්ථිර ව සිටින තෙක් ඔහු තමා හෙළි නොකරන්නේ ය.
එහෙත්, ඔබ මඳක් සෙලවුණොත්, ඔහු එහි වාසිය ලබාගන්නේ ය.
16 සතුරාගේ මුවෙහි ඇත්තේ මිහිරකි;
එහෙත්, ඔහුගේ සිතෙහි ඇත්තේ ඔබ වළට විසි කිරීමේ අරමුණකි.
සතුරාගේ ඇස්වල කඳුළු තිබෙන්නට පුළුවන.
එහෙත්, ඔහුට ඉඩ ලැබුණොත් ලෙයින් පවා ඔහු තෘප්තියට නොපැමිණෙන්නේ ය.
17 ඔබට විපතක් සිදු වුවහොත්, ඔබ ඉදිරියෙහි ඔහු සිටින්නේ ය.
ඔබට උදව් වන බව අඟවමින් ඔබ වැටෙන්නට සලසන්නේ ය.
18 ඔහු හිස වන වනා අත්පොළසන් දෙන්නේ ය.
ඔහු කොඳුරමින් සෙමින් වෙනස් වන්නේ ය.

 

– 13 වන පරිච්ඡේදය –

සමාන අය ආශ්‍රය කිරීම

1 කීල් තාර ස්පර්ශ කරන්නා අපවිත්‍ර වන්නේ ය.
අහංකාරිකයන් ආශ්‍රය කරන්නා ඔහුට සමාන වන්නේ ය.
2 උසුලාගෙන යන්නට අමාරු බරක් පටවා නොගන්න.
ඔබට වඩා බලවත් වූ ද ධනවත් වූ ද කෙනෙකුට එකතු නොවන්න.
මැටි මුට්ටිය යකඩ බුජම ළඟ තබන්නේ කුමට ද?
බුජම ඒ මත ගැටුණු විට මැටි මුට්ටිය බිඳී යන්නේ ය.
3 ධනවතා වරදක් කර අහංකාර පෙනුමක් ආරූඪ කරගන්නේ ය.
එහෙත්, අයුත්තක් කරනු ලැබූ දුප්පතා සමාව ඉල්ලන්නේ ය.
4 ඔබ ඔහුට ප්‍රයෝජනවත් නම්, තමාගේ ආත්මාර්ථය සඳහා ඔහු ඔබ සූරා කන්නේ ය.
ඔබෙන් ඔහුට වැඩක් නැත්නම්, ඔහු ඔබ අත් හරින්නේ ය.
5 ඔබ ධනවත් ද? එසේ නම්, ඔහු ඔබ සමඟ ජීවත් වන්නේ ය.
කිසි කැක්කුමක් නොමැති ව ඔහු ඔබ නැති කරදමන්නේ ය.
6 ඔහුට ඔබ අවශ්‍ය ද? එසේ නම්, ඔහු චාටු බස් කියන්නේ ය.
සිනහ පා ඔබේ බලාපොරොත්තුව උසස් කරන්නේ ය.
චාටු බස් දොඩමින් ඔහු ඔබට කතා කරන්නේ ය.
ඔබ කැමැති මොනවාට ද කියා ඔබෙන් අසන්නේ ය.
7 දෙ වරක් හො‍් තෙ වරක් හො‍් ඔබ වසන තුරු, මංගල භෝජනවල දී ඔහු ඔබ අවමානයට පත් කරන්නේ ය.
අන්තිමේ දී ඔහු ඔබට සරදම් කරන්නේ ය.
ඉන්පසු ඔහු ඔබ දුටුවොත් ඔබට අවමන් කරන්නේ ය.
ඔබ දෙසට හැරී හිස වනන්නේ ය.
8 නොරැවටෙන ලෙස පරෙස්සම් ව සිටින්න.
ඔබේ මො‍්ඩකමින් අවමානයට පත් නොවන්න.
9 වැදගත් මිනිසෙක් ඔබට ආරාධනා කරන්නේ නම්, නොකැමැත්ත දක්වන්න.
ඔහු ඔබට නැවත නැවතත් අඬගසනු ඇත.
10 බලෙන් ඉදිරිපත් නොවන්න.
ඔබ ආපසු පලවා හරිනු ලැබිය හැකි ය.
පැත්තකට වී දුරින් නොසිටින්න.
ඔබ ගණන් නොගෙන සිටිනු විය හැකි ය.
11 ඔහු සමඟ කුළුපග වන්නට නොසිතන්න.
ඔහුගේ මුඛරි බව කෙරෙහි විශ්වාස නොතබන්න.
තමාගේ වචන රාශියෙන් ඔහු ඔබ පරීක්ෂා කර බලන්නේ ය.
සතුටු මුහුණක් දක්වා, සිනා පා ඔහු ඔබ විනිශ්චය කරන්නේ ය.
12 වගකීමක් නැති ව කතා කරන මිනිසා අනුකම්පා රහිත ය.
ඔබට පහර දීමෙන් හො‍් ඔබ සිරගත කිරීමෙන් හො‍් ඔහු නොවළකින්නේ ය.
13 පරීක්ෂාකාරී වන්න, අවධානයෙන් සිටින්න.
ඔබේ විනාශය සමඟ ඔබ ඇවිදින හෙයිනි.
14 මෙය ඔබට ඇසෙන විට, නින්දෙන් පිබිදෙන්න;
දිවි ඇති තාක් සමිඳුන් හට ප්‍රේම කරන්න, ඔබේ ගැළවීම උදෙසා එතුමන් යදින්න.
15 සියලු ම සත්ත්වයෝ තමන්ගේ වර්ගයට ආශා කරති.
සැම මිනිසා ම තම අසල්වැසියාට ආශා කරයි.
16 සැම මෘගයා ම තම වර්ගය අනුව ඈඳෙයි.
මිනිසා තමා හා සමාන කෙනෙකුට එකතු වෙයි.
17 වෘකයෙකු හා බැටළු පැටවෙකු අතරේ ඇති මිතුරුකම කුමක් ද?
පවිටු හා දමිටු අය අතරේ ද එසේ ම ය.
18 වලසා සහ බල්ලා අතරේ විය හැකි සාමදානය කුමක් ද?
ධනවතා සහ දුප්පතා අතරේ ඇති සාමදානය කුමක් ද?
19 වනයෙහි වල් කොටළුවෝ සිංහයන්ට ගොදුරු වන්නෝ ය.
එසේ ම, දිළින්දෝ ධනවතුන්ගේ ගොදුරු වන්නෝ ය.
20 අහංකාරිකයෝ බැහැපත්කම පිළිකුල් කොට සලකන්නෝ ය.
එසේ ම, ධනවතා දුප්පතා පිළිකුල් කොට සලකන්නේ ය.
21 ධනවතා වැටෙන්නට යන විට ඔහුගේ මිත්‍රයෝ ඔහු වාවගන්නෝ ය.
දුප්පතා වැටෙන්නට යන විට ඔහුගේ මිතුරො‍් ඔහු තල්ලු කර දමන්නෝ ය.
22 ධනවතා ලිස්සුවොත්, බොහෝ දෙනා තමන් අත්වලින් ඔහු අල්ලන්නෝ ය.
ඔහු විකාර බස් දෙඩුවත් ප්‍රශංසා කරන්නෝ ය.
දුප්පතා ලිස්සුවොත් ඔව්හු තදින් දොස් නගන්නෝ ය.
ඔහු නැණවත් දෙයක් කීවත් ඔහුට තැනක් නැත්තේ ය.
23 ධනවතා කතා කරන විට, සියලු දෙනා නිහඬ වෙති.
ඔව්හු ඔහුගේ කතා බොහෝ ඉහළින් වර්ණනා කරන්නෝ ය.
දුප්පතා කතා කරන විට ‘මේ කවුදැ’යි ඔව්හු අසන්නෝ ය.
ඔහුට වැරදුණොත් ඔව්හු ඔහු තල්ලු කරදමන්නෝ ය.
24 පාපය නැති තැන ධනය හොඳ ය, දිළිඳුකම නපුරකි යි දුදනෝ කියති.
25 හොඳට හො‍් නරකට හො‍් මිනිසාගේ සිත ඔහුගේ පෙනුම හැඩ ගස්වන්නේ ය.
26 ප්‍රීතිමත් සිතක ලකුණ මුහුණේ ප්‍රසන්න ස්වභාවය ය;
උපදේශ නිපදවීම අසීරු කාරණයකි.

 

– 14 වන පරිච්ඡේදය –

සැබෑ ප්‍රීතිය

1 වචනයෙන් පව් නොකළා වූ ද තමාගේ පව් ගැන ශෝකයෙන් සිත් වේදනාවක් නැත්තා වූ ද මිනිසා භාග්‍යවන්තයෙකි.
2 තමාට ම දෝෂාරො‍්පණය කර ගැනීමට හේතුවක් නැත්තා වූ ද බලාපොරොත්තු අත් නොහරින්නා වූ ද මිනිසා භාග්‍යවන්තයෙකි.

ඊර්ෂ්‍යාව හා තණ්හාව

3 මසුරු මිනිසාට ධනය යෝග්‍ය නොවේ.
ලෝභ මිනිසාට මහත් ධනයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?
4 මසුරුකමින් ධනය රැස් කරන්නා එය අනුන්ට රැස්කරන්නේ ය.
ඔහුගේ ධනයෙන් වෙනත් අය කදිමට පෝෂ්‍ය වන්නෝ ය.
5 තමා ම සුළු කොට සිතන තැනැත්තා කවරෙකුට යහපත් විය හැක්කේ ද?
ඔහු තමාට අයිති දෙය වත් භුක්ති නොවිඳින්නේ ය.
6 තමාට ම වධ දෙන මිනිසාට වඩා අනුකම්පා රහිත මිනිසෙක් නැත්තේ ය.
මෙය ඔහුගේ දුෂ්ටකමට විපාකය වන්නේ ය.
7 ඔහු යහපතක් කෙරේ නම්, අදහස් නොකර එසේ කරන්නේ ය.
අන්තිමයෙහි දී ඔහු තමාගේ දුෂ්ටකම ප්‍රකාශ කරන්නේ ය.
8 නපුරු බැල්ම ඇති මිනිසා දුෂ්ටයෙකි.
ඔහු තම නෙත් අහකට හරවාගෙන අනුන්ගේ ජීවිතය ගැන නොසලකා ඉන්නේ ය.
9 තණ්හා සහගත මිනිසා තමාට ඇති දෙයින් තෘප්තිමත් නොවන්නේ ය.
තණ්හාව ආත්මය වියළවන්නේ ය.
10 මසුරා හැම තැන ලෝභකම් කරන්නේ ය.
ඔහුගේ මේසය මත සාගතය ඇත්තේ ය.
11 මාගේ පුත්‍රය, ඔබේ වත්කම අනුව ඔබට ම සංග්‍රහ කරගන්න.
සමිඳුන් හට ඔබින පඬුරු උන් වහන්සේට ඔප්පු කරන්න.
12 මරණය පමා නොවන බව අමතක නොකරන්න.
පාතාල ලෝකය සමඟ ගිවිසුම ඔබට එළිදරව් කර නැති බව සිහි කරන්න.
13 මැරෙන්නට පෙර ඔබේ මිතුරාට කරුණාව පාන්න.
ඔබේ වත්කම අනුව ත්‍යාගිවන්ත වන්න.
14 අදට ඇති භාග්‍යය භුක්ති විඳින්නට අකමැති නොවන්න.
යුතු ලෙස ඔබ ආශා කරන දේ ගිලිහී යන්නට ඉඩ නොහරින්න.
15 ඔබේ ධනය වෙනත් අයට තබා යන්නට සිදු නොවන්නේ ද?
ඔබේ වස්තුව දාදු දැමීමෙන් බෙදනු නොලබන්නේ ද?
16 එහෙයින්, දෙන්න, ලබන්න;
සුව සේ කල් ගෙවන්න.
පාතාල ලෝකයෙහි ප්‍රීතිය සොයාගත නොහැකි හෙයිනි.
17 ජීවමාන සියලු සත්ත්වයෝ වස්ත්‍රයක් මෙන් පරණ වන්නෝ ය.
මරණය නියත බව සදාකාලික නීතියකි.
18 පඳුරක් වැනි ගසක කොළවලින් සමහරක් වැටී යන්නාක් මෙන් ද සමහරක් නැවත වැවෙන්නාක් මෙන් ද ඥාතීන්ගේ පෙළපත්වලින් සමහරක් මැරෙන්නෝ ය;
සමහරක් උපදින්නෝ ය.
19 හැම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ම දිරාපත් වී නැසී යන්නේ ය.
එය සමඟ එහි කර්තෘ ද නැති වී යන්නෝ ය.

ප්‍රඥාවන්තයාගේ භාග්‍යය

20 ප්‍රඥාව පිළිබඳ ව මෙනෙහි කරන්නා වූ ද ඥානවන්ත ලෙස තර්ක බුද්ධිය මෙහෙය වන්නා වූ ද තැනැත්තා භාග්‍යවන්තයෙකි.
21 ප්‍රඥාවේ මාර්ගයන් ගැන තම සිත්හි මෙනෙහි කරන්නා භාග්‍යවන්තයෙකි.
ප්‍රඥාවේ රහස් දැනගැනීමට වෙහෙස වන්නා භාග්‍යවන්තයෙකි.
22 ඔහු දඩයක්කාරයෙකු මෙන් ඒ පස්සේ දුවන්නේ ය.
ඈ යන මාර්ගයෙහි සැඟවී සිටින්නේ ය.
23 ඔහු ඇගේ කවුළුවලින් එබී බලන්නේ ය.
ඇගේ දොරටු ළඟ ඇහුම්කන් දෙන්නේ ය.
24 ඔහු ඇගේ නිවෙස අසලින් නැවතී සිටින්නේ ය.
තම කූඩාරම ඇගේ නිවෙසේ බිත්තියට සවි කරන්නේ ය.
25 ඔහු ඒ අසල කූඩාරම් ගසන්නේ ය. සුදුසු තැනක පදිංචි වන්නේ ය.
26 ඔහු තම දරුවන් ඇගේ ආරක්ෂාව යටතේ සිටුවන්නේ ය.
ඇගේ අත යට ආවරණය ලබන්නේ ය.
27 ඇගේ සෙවණෙහි ඔහු ග්‍රීෂ්මයෙන් ආවරණය ලබන්නේ ය.
ඇගේ තේජස මැද තම නිවෙස සාදා ගන්නේ ය.

 

– 15 වන පරිච්ඡේදය –

1 සමිඳුන් හට ගරුබිය පාන මිනිසා එසේ කරන්නේ ය.
නීතිය දැඩි කොට තේරුම්ගන්නා ප්‍රඥාව ලබාගන්නේ ය.
2 ඈ මවක මෙන් ඔහු හමු වීමට එන්නී ය.
මනාලියක මෙන් ඈ ඔහු ආදරයෙන් පිළිගන්නී ය.
3 ඈ ඔහු නැණවත්කම නමැති ආහාරයෙන් පෝෂණය කරන්නී ය.
ප්‍රඥාව නමැති ජලය ඔහුට පානය කිරීමට දෙන්නී ය.
4 ඔහු ඇය කෙරෙහි විශ්වාසය තබන අතර ලජ්ජාවට පත් නොවන්නේ ය.
5 ඈ ඔහුගේ මිතුරන්ට ඉහළින් ඔහු උසස් කරන්නී ය.
සභාව මැද ඔහුගේ මුඛය හරින්නී ය.
6 ඔහුට වාසනාව ද ප්‍රීතියේ කිරුළක් ද සම්බ වන්නේ ය.
උරුමය වශයෙන් ඔහු සදා කීර්තියක් ලබන්නේ ය.
7 අනුවණයෝ කිසි කලක ඇය අත්කර නොගන්නෝ ය.
පවිටු අය ඈ නොදකින්නෝ ය.
8 ඈ අහංකාරයෙන් තොර ව සිටියි.
බොරුකාරයෝ ඈ ගැන නොසිතන්නෝ ය.
9 පවිටු අයගේ මුඛය ප්‍රශංසා ගීතය නොදන්නේ ය.
මන්ද, සමිඳාණෝ එය එහි නොතැබූ සේක.
10 ප්‍රශංසාව ප්‍රකාශ විය යුත්තේ ප්‍රඥාව තුළින් ය.
සමිඳාණන් වහන්සේ ම එය පොළඹවන සේක.

මිනිසාගේ නිදහස

11 ”සමිඳාණෝ මට පව් කරන්ට සැලැසූ සේකැ”යි නොකියන්න.
උන් වහන්සේ තමන් පිළිකුල් කරන දෙයක් නොකරන සේක.
12 ”මා නොමඟ යැව්වේ උන් වහන්සේ ය”යි නොකියන්න.
පවිටුවෙකුගෙන් උන් වහන්සේට කිසි පලක් නැත.
13 සමිඳාණෝ පිළිකුල් වූ සියලු දෙයට වෛර කරන සේක.
උන් වහන්සේට ගරුබිය පාන්නෝ ද එයට ප්‍රේම නොකරති.
14 ආරම්භයේ දී උන් වහන්සේ මිනිසා මැවූ සේක.
ඔහුගේ ම තීරණවලට ඉඩ දුන් සේක.
15 ඔබ කැමැති නම්, පණත් ඉටු කිරීමට ඔබට පුළුවන.
විශ්වාසවන්ත ව හැසිරීමට ඔබ තුළ බලයක් ඇත්තේ ය.
16 ඔබ ඉදිරියෙහි උන් වහන්සේ ගින්න ද ජලය ද තැබූ සේක.
අත දිගු කර ඔබ වඩා කැමැති දේ තෝරා ගන්න.
17 මිනිසා අබිමුව ජීවිතය ද මරණය ද ඇත්තේ ය.
මෙයින් මිනිසාට ඔහු වඩා කැමැති දේ දෙනු ලබන්නේ ය.
18 සමිඳුන්ගේ ප්‍රඥාව අතිවිශාල ය.
උන් වහන්සේ සර්වබලධාරී වන සේක;
සියල්ල දන්න සේක.
19 උන් වහන්සේගේ නෙත් තමන්ට ගරුබිය පාන්නන් දෙසට හැරී ඇත්තේ ය.
මිනිසාගේ සියලු ක්‍රියාවන් උන් වහන්සේ දන්න සේක.
20 අදමිටු වීමට උන් වහන්සේ කිසිවෙකුට අණ නොකළ සේක;
කිසිවෙකුට පව් කිරීමට අවසරයක් නුදුන් සේක.

 

– 16 වන පරිච්ඡේදය –

දුදනන්ට ප්‍රතිවිපාක

1 වැදගැම්මකට නැති දරු කැලට ආශා නොකරන්න.
පවිටු දරුවන් කෙරෙහි ඔබේ ප්‍රීතිය නොතබන්න.
2 සමිඳාණන් කෙරෙහි ගරුබිය ඔවුන්ට නැත්තේ නම්, ඔවුන්ගේ ගණන කුමක් වුවත් ඔවුන් ගැන ප්‍රීති නොවන්න.
3 ඔවුන්ට දිගායු ඇති වේ ය යි බලාපොරොත්තු නොවන්න.
ඔවුන්ගේ අනාගතය කෙරෙහි දැඩි ලෙස විශ්වාසය නොතබන්න.
මන්ද, එක හොඳ දරුවෙකු සිටීම නරක දරුවන් දහසක් සිටීමට වඩා හොඳ ය.
අදමිටු දරුවන් ඇති ව සිටීමට වඩා දරුවන් නැති ව මියයාම හොඳ ය.
4 නැණවත් එක මිනිසෙකුට නුවරක් ජනාකීර්ණ කළ හැකි ය.
එහෙත්, දුෂ්ටයන්ගේ වංශය විනාශ කරනු ලබන්නේ ය.
5 මෙබඳු බොහෝ දේවල් මම මාගේ ඇස්වලින් දිටිමි.
මාගේ කන්වලින් මීට වඩා සිත්ගන්නා දේවල් ඇසීමි.
6 පව්කාරයන්ගේ සමාජයෙහි ගින්නක් දල්වනු ලබන්නේ ය.
මුරණ්ඩු ජාතියක් තුළ උදහස අවුළුවනු ලබන්නේ ය.
7 දෙවියන් වහන්සේ ආදි කාලයේ යෝධයන්ට කමා නොකළ සේක.
ඔව්හු තමන්ගේ බලය ගැන අහංකාරයෙන් කැරලි ගැසුවෝ ය.
8 උන් වහන්සේ ලොත් ජීවත් වූ නුවර ඉතුරු නොකළ සේක.
ඔවුන්ගේ උඩඟුව නිසා ඔවුන් පිළිකුල් කළ සේක.
9 විනාශයට නියම වූ ජාතියට උන් වහන්සේ අනුකම්පා නොකළ සේක.
ඔවුන්ගේ පව් නිසා ඔව්හු සහමුලින් විනාශ කරනු ලැබුවෝ ය.
10 පයින් ගමන් කළ මිනිසුන් සය ලක්ෂයක් එක්සත් වී මුරණ්ඩුකමින් කුමන්ත්‍රණය කළ විට, උන් වහන්සේ ඔවුන්ට අනුකම්පා නොකළ සේක.
11 එහි සිටියේ එක මුරණ්ඩු මිනිසෙක් පමණක් නම්, ඔහු දඬුවමක් නැති ව බේරුණා නම්, එය පුදුම දෙයක් විය හැකි ව තිබිණි.
මන්ද, දයාවත් උදහසත් උන් වහන්සේට අයිති ය.
කමාව දීමට උන් වහන්සේ බලසම්පන්න වන සේක;
උදහස වගුරුවන්නටත් ශක්තිමත් වන සේක.
12 උන් වහන්සේගේ දයාව මෙන් ම දැඩිකම ද මහත් ය.
උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ ක්‍රියා අනුව ඔවුන් විනිශ්චය කරන සේක.
13 පව්කාරයා තමාගේ අයුතු ලාභය සමඟ දඬුවම් නොලැබ නොයන්නේ ය.
උන් වහන්සේ දැහැමියාගේ ඉවසීම නිෂ්ඵල නොකරන සේක.
14 උන් වහන්සේ තමාගේ දයාව නිදහසේ පෙන්වන සේක.
එහෙත්, එක එක තැනැත්තේගේ ක්‍රියා අනුව ඔව්හු විපාක ලබන්නෝ ය.

පල දීම නිසැක බව

15 සමිඳාණෝ පාරාවෝ රජු හට තමන් නොපිළිගන්නා ලෙස මුරණ්ඩු වීමට ඉඩ දුන් සේක;
එසේ කෙළේ ලෝකයා සමිඳුන්ගේ ක්‍රියා දැනගන්නා පිණිස ය.
16 උන් වහන්සේ මුළු මැවිල්ලට දයාව පාන සේක;
ලඹ ලණුවකින් අඳුරින් ආලෝකය වෙන් කළ සේක.
17 ”සමිඳුන්ගෙන් බේරෙන්නට මම සැඟවෙන්නෙමි”යි නොකියන්න.
”ඉහළ සිට මා සිහි කරන්නේ කවරෙක් දැ”යි නොකියන්න.
”මහත් සමූහයක් මැද මම නාඳුනනු ලබන්නෙමි.
අතිවිශාල මැවිල්ල තුළ මම කුමක් දැ”යි නොකියන්න.
18 බලන්න, අහස ද උත්කෘෂ්ට මණ්ඩලය ද පතුලක් නැති ගැඹුර හා පොළොව ද උන් වහන්සේ දැකීමෙන් කම්පා වී සිටින්නේ ය.
19 කඳු හා පොළොවේ පදනම් ද උන් වහන්සේගේ බැල්මෙන් බිය වී දෙදරා යන්නේ ය.
20 එහෙත්, ඔව්හු මේ සියලු දේ ගැන මෙනෙහි නොකරන්නෝ ය.
උන් වහන්සේගේ මාර්ගයන් ගැන මෙනෙහි කරන්නේ කවරෙක් ද?
21 කුණාටු සුළඟ අදෘශ්‍යමාන ව පවතින්නේ ය.
එසේ ම ඔහුගේ ක්‍රියාවලින් බොහොමයක් අනාවරණය නොවන්නේ ය.
22 ගිවිසුම ඉතා දුර බැවින් ”යුක්තිය ඉටු විය” කියා ප්‍රකාශ කරන්නේ කවරෙක් ද?
එය බලාපොරොත්තු වන්නේ කවරෙක් ද?
23 මන්දබුද්ධික මිනිසා කල්පනා කරන්නේ මෙසේ ය.
අඥාන වූ, නොමඟ ගිය, රැවටිලිවලින් මුළා වූ, මිනිසා කල්පනා කරන්නේ මෙසේ ය.

මැවිල්ලෙහි ඒ ඒ කෘතීන්ට හිමි තැන

24 මාගේ පුත්‍රය, මට සවන් දෙන්න.
දැනගැන්ම ලබාගන්න.
ඔබේ මුළු සිත ම මාගේ වචන කෙරෙහි යොමු කරන්න.
25 මම ඔබට විනය දහම සියුම් ලෙස එළිදරව් කරන්නෙමි.
දැනුම පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නෙමි.
26 දෙවියන් වහන්සේ ආරම්භයේ දී තම කෘතීන් මැවූ කෙණෙහි ම, ඒ හැම දේට ම තැනක් නියම කළ සේක.
27 උන් වහන්සේ තම කෘතීන් සදහට ම පිළියෙළ කළ සේක.
ආරම්භයේ පටන් අවසානය දක්වා ඒවා පිළියෙළ කළ සේක.
ඒවාට සාගින්නක් හො‍් වෙහෙසක් හො‍් නොදැනෙන්නේ ය.
ඒවා තමන්ගේ යුතුකම් කිසි කලක පැහැර නොහරින්නේ ය.
28 ඒවායින් එකක් කිසි කලක තවෙකක නොහැපුණේ ය.
ඒවා උන් වහන්සේගේ වචනයට කිසි කලක අකීකරු නොවන්නේ ය.
29 එතැන් සිට සමිඳාණෝ පොළොව දෙස බැලූ සේක.
උන් වහන්සේ යහපත් දේවලින් එය පිරෙවු සේක.
30 පොළොව මතුපිට උන් වහන්සේ සියලු ආකාර සතුන් ඇති වන්නට සැලැසූ සේක.
එම සත්තු නැවත පොළොවට හැරී යන්නෝ ය.

 

– 17 වන පරිච්ඡේදය –

මැවිල්ලෙහි මිනිසාට හිමි තැන

1 සමිඳාණෝ මනුෂ්‍යයා පොළොවේ පසින් සෑදූ සේක;
ඔහු ආපසු පොළොවට හරින සේක.
2 උන් වහන්සේ මනුෂ්‍යයන්ට නියත දින ගණනක් ද කාලයක් ද දුන් සේක;
පොළොව පිට ඇති හැම දේ ඔවුන්ගේ බලය පැවරූ සේක.
3 උන් වහන්සේ ඔවුන් තම ශක්තිය මෙන් ම ශක්තියෙන් පැළඳෙවු සේක;
තම ස්වරූපය අනුව ඔවුන් සෑදූ සේක.
4 උන් වහන්සේ සියලු සත්ත්වයන් මනුෂ්‍යයා කෙරෙහි බියෙන් පිරෙවු සේක;
වන මෘගයන් පිට ද පක්ෂීන් පිට ද ඔහු අධිපතියා කළ සේක.
5 සමිඳාණෝ ඔවුන්ට ඉන්ද්‍රියයන් පහක් දුන් සේක;
ඥානය නමැති සය වැන්න ද, පසිඳුරන් මඟින් ලැබෙන දෑ විග්‍රහ කිරීමට බුද්ධිය නමැති සත් වැන්න ද දානය කළ සේක.
6 උන් වහන්සේ ඔවුන්ගේ කට හා දිව ද ඇස් හා කන් ද නිර්මාණය කළ සේක;
කල්පනා කිරීමට මනසක් දුන් සේක.
7 උන් වහන්සේ ඔවුන් නැණ නුවණින් ද අවබෝධයෙන් ද පිරෙවු සේක;
යහපත හා අයහපත ඔවුන්ට අනාවරණය කළ සේක.
8 උන් වහන්සේ තම කෘතීන්හි ඵෙශ්චර්යය පෙන්වන පිණිස ඔවුන්ගේ හදවත් තුළ තම ආලෝකය තැබූ සේක.
9 තමන් වහන්සේගේ විස්මයජනක ක්‍රියාවන් ගැන ආඩම්බර වන පිණිස උන් වහන්සේ ඔවුන්ට ඉඩ දුන් සේක.
10 ඔව්හු උන් වහන්සේගේ කෘතීන්හි ශ්‍රී විභූතිය ප්‍රකාශ කරමින් උන් වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්නෝ ය.
11 උන් වහන්සේ ඔවුන්ට අවබෝධය ද දුන් සේක;
ජීවිත මඟ ඔවුන්ට දැන් වූ සේක.
12 උන් වහන්සේ ඔවුන් සමඟ සදා ගිවිසුමක් පිහිටෙවු සේක;
තම විනිශ්චයයන් ඔවුන්ට ප්‍රකාශ කළ සේක.
13 ඔවුන්ගේ නෙත් උන් වහන්සේගේ තේජො‍්මහිමය දිටී ය.
ඔවුන්ගේ කන් උන් වහන්සේගේ හඬ ශබ්දයේ මහානුභාවය ඇසී ය.
14 ”අදමිටුකම් නොකරන්නට පරෙස්සම් වන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
උන් වහන්සේ තම අසල්වැසියා ගැන පිළිපැදීම පිණිස එකිනෙකාට නියෝග දුන් සේක.

දිව්‍ය විනිශ්චයකාරයාණෝ

15 ඔවුන්ගේ හැසිරීම උන් වහන්සේ නිතර දකින සේක.
උන් වහන්සේගේ බැල්මෙන් ඔවුන්ට සැඟවෙන්නට බැරි ය.
16 බාල වියේ පටන් ඔව්හු නපුරට ඇදී යති. ඔවුන්ගේ හදවත් ගල් වැනි ය:
ඒවා මුදු මොළොක් කිරීමට ඔවුන්ට නොහැකි සේ පෙනේ.
17 උන් වහන්සේ මිහි මත සියලු ජාතීන් බෙදූ සේක.
එක් එක් ජාතියට උන් වහන්සේ අධිපතියෙකු පත් කළ සේක.
එහෙත් ඉශ්රායෙල් ජාතිය සමිඳාණන් වහන්සේගේ උරුමය වන්නේ ය.
18 උන් වහන්සේගේ කුලුඳුලා ඉශ්රායෙල් වංශය වේ.
එතුමාණෝ එය හදා වඩා විනය ගරුක කරවන සේක.
සිය ප්‍රේමයේ ආලෝකය එයට දී, එය කිසි දා නොසලකා නොහරින සේක.
19 ඔවුන්ගේ සියලු ක්‍රියා, හිරු මෙන් උන් වහන්සේ ඉදිරියෙහි වන්නේ ය.
උන් වහන්සේගේ නෙත් සැම විට ඔවුන් මත පතිත වන්නේ ය.
20 ඔවුන්ගේ දුෂ්ටකම් උන් වහන්සේගෙන් නොසැඟවෙන්නේ ය.
ඔවුන්ගේ සියලු පාප සමිඳුන් ඉදිරියෙහි වන්නේ ය.
21 උන් වහන්සේ දයාන්විත ය; සිය මැවිලි හඳුනන සේක;
එබැවින් ඒවා අත් නොහැර ඒවාට කරුණාව පාන සේක.
22 මිනිසෙකුගේ දන් දීම උන් වහන්සේට පේරැස් මුද්දක් මෙන් වන්නේ ය.
මිනිසෙකුගේ ත්‍යාගිවන්තකම උන් වහන්සේ ඇස මෙන් ආරක්ෂා කරන සේක.
23 දිනක උන් වහන්සේ නැඟිට ඔවුන්ට විපාක දෙන සේක;
ඔවුන්ට ලැබිය යුතු ප්‍රතිවිපාක ඔවුන්ගේ හිස පිට වැටෙන්නට සලසන සේක.
24 උන් වහන්සේ පසුතැවී සිත් හරවා ගන්නන් හට ආපසු පැමිණෙන්නට ඉඩ දෙන සේක;
බලාපොරොත්තු නැති කරගත් අය දිරිමත් කරවන සේක.

පසුතැවී සිත් හරවා ගැනීමට උපදෙස්

25 සමිඳුන් වෙත හැරී ඔබේ පව් අත් හරින්න.
උන් වහන්සේ ඉදිරියෙහි උදක් ඉල්ලා පව් කිරීමෙන් වැළකෙන්න.
26 මහො‍්ත්තමයාණන් වෙත ආපසු එන්න, අදමිටුකමෙන් වැළකෙන්න, දුෂ්ටකම අතිශයින් පිළිකුල් කරන්න.
27 ජීවත් ව සිටින්නෝ මහො‍්ත්තමයාණන් වහන්සේට මහිමය නොදෙන්නෝ නම්, පාතාල ලෝකයේ උන් වහන්සේට ප්‍රශංසා කරන්නේ කවරෙක් ද?
28 ජීවත් ව නොසිටින, මියගිය අය ප්‍රශංසාව නොදෙන්නෝ ය.
ජීවිතය ද ශරීර සනීපය ද ඇති අය පමණක් සමිඳුන් හට ප්‍රශංසා කරන්නෝ ය.
29 සමිඳුන්ගේ දයාව කොපමණ මහත් ද?
උන් වහන්සේ වෙත හැරෙන්නන් උදෙසා එතුමන්ගේ සමාව කොපමණ විශාල ද?
30 හැම දේ මිනිස් හැකියාව තුළ නැත.
මිනිසා අමරණීය නොවේ.
31 හිරුට වඩා දීප්තිමත් දෙයක් ඇත් ද?
එහෙත්, එය ද වැසී යන වෙලාවක් ඇත.
ලෙයත් මාංසයත් නපුර ගැන ම සිතන්නේ ය.
32 උන් වහන්සේ ඉහළ ආකාශ වස්තු පරීක්ෂා කරන සේක.
එහෙත්, හැම මිනිසා ම අළු දූවිල්ලට වඩා කිසිවක් නොවන්නේ ය.

 

– 18 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ටතාව

1 සදාකාලයට ම ජීවත් වන තැනැන් වහන්සේ මුළු විශ්වය මැවූ සේක.
2 සමිඳාණෝ පමණක් දැහැමි වන සේක.
උන් වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත.
3 සිය හස්තය මඟින් ලොවට මඟ පෙන්වන සේක.
සියල්ල උන් වහන්සේට කීකරු ය.
සියල්ලේ රජාණෝ උන් වහන්සේ ය;
සිය බලය මඟින් ශුද්ධ දේ, ශුද්ධ නොවන දෙයින් වෙන් කරන සේක.
4 තමන්ගේ කෘතීන් පළ කරන්නට උන් වහන්සේ බලය දුන්නේ කවරෙකුට ද?
උන් වහන්සේගේ අරුමපුදුම ක්‍රියා දැනගත්තේ කවරෙක් ද?
5 උන් වහන්සේගේ තේජො‍් බලය අගය කළ හැක්කේ කාට ද?
ඇරත්, උන් වහන්සේගේ දයා කරුණාව කවරෙකුට විස්තර කළ හැක්කේ ද?
6 එයින් කිසිවක් අඩු කළ නොහැකි ය.
එයට කිසිවක් එකතු කළ නොහැකි ය.
සමිඳුන්ගේ අරුමපුදුම ක්‍රියා අනාවරණය කරන්නට කිසිවෙකුට නුපුළුවන.
7 ඒවා ගැන දැනුමෙන් මිනිසා කෙළ පැමිණියත්, ඔහු තවමත් ආරම්භයෙහි සිටින්නේ ය.
ඔහු නවතින විට, එය තවමත් ඔහුට ප්‍රහේලිකාවක් වන්නේ ය.

මනුෂ්‍යයාගේ නිස්සාරකම

8 මනුෂ්‍යයා කවරෙක් ද?
ඔහුගේ පරමාර්ථය කුමක් ද?
ඔහුගේ යහපත කුමක් ද?
අයහපත කුමක් ද?
9 මිනිසාට නියමිත දවස් ගණන කොතෙක් ද?
ඉතා වැඩි වූවොත් අවුරුදු සියයකි.
10 මේ අවුරුදු ස්වල්පය සදාකාලය හා සසඳා බැලුවොත් එය මුහුදෙන් ගත් දිය බිඳක් මෙනි;
වැලි ඇටයක් මෙනි.
11 එහෙයින් සමිඳාණෝ ඔවුන් දැක ඉවසිලිමත් වන සේක;
ඔවුන් පිට තම කරුණාව වගුරුවන සේක.
12 ඔවුන්ගේ අවසානය කොපමණ දුඃඛිත දැ යි උන් වහන්සේ දකින සේක.
එහෙයින් උන් වහන්සේ තම කමාව වැඩි කරන සේක.
13 මනුෂ්‍යයාගේ අනුකම්පාව අසල්වැසියා කෙරෙහි ය.
එහෙත්, සමිඳුන්ගේ අනුකම්පාව සියලු සත්ත්වයන් කෙරෙහි ය.
උන් වහන්සේ තරවටු කරන සේක;
දඬුවම් කරන සේක;
උගන්වන සේක.
එඬේරා තම රැළ ගෙන යන්නාක් මෙන් ඔවුන් ආපසු ගෙන එන සේක.
14 වරද පිළිගන්න අයට ද උන් වහන්සේගේ විනිශ්චයයන් සොයන අයට ද උන් වහන්සේ දයානුකම්පාව දක්වන සේක.

දන් දීමේ සැබෑ ආකල්පය

15 මාගේ පුත්‍රය, ඔබේ යහපත් වැඩ අවලාදවලින් බාල නොකරන්න.
නුරුස්නා වචනවලින් ඔබේ දීමනාවල අගය අඩු නොකරන්න.
16 හිමෙන් ග්‍රීෂ්මය සන්සිඳෙනවා නොවේ ද?
එසේ ම ත්‍යාගයට වඩා වචනය අගනේ ය.
17 සැබැවින් ම, ත්‍යාගයට වඩා වචනය උතුම් ය.
එහෙත්, ත්‍යාගිවන්ත මිනිසා තුළ මෙම ගුණ දෙක ම ඇත්තේ ය.
18 අඥානයා නින්දාව හැර කිසිවක් නොදන්නේ ය.
අමනාපයෙන් දෙන මිනිසාගේ දීමනාව ඇස් රිදවන්නේ ය.

දූරදර්ශී ඥානය

19 කතා කරන්නට පෙර කරුණු සොයා බලන්න.
අසනීප වන්නට පෙර ඔබ ගැන පරිස්සම් වන්න.
20 විනිශ්චයයට පෙර සිත සෝදිසි කර බලන්න.
තීන්දුව ලැබෙන දිනයෙහි දී ඔබ නිදහස් වන්නෙහි ය.
21 රො‍්ගී වන්නට පෙර බැහැපත් වන්න.
ඔබ පව් කළොත් පසුතැවී සිත හරවා ගන්න.
22 ඔබේ බාරය නියම කලට ඉටු කිරීමට ඔබට කිසිවෙක් බාධා නොකෙරේ වා!
ඔබේ කටයුතු පිළියෙළ කිරීමට මරණය දක්වා බලා නොසිටින්න.
23 බාරයක් වන්නට පෙර සූදානම් වන්න, සමිඳුන් පරීක්ෂා කරන්නෙකු මෙන් නොවන්න.
24 අන්තිම දිනවල ඇති වන උදහස ගැන සිතන්න.
විනිශ්චය කරන ඒ මොහොතෙහි දෙවියන් වහන්සේ තම මුහුණ ඉවතට හරවන සේක.
25 සමෘද්ධි කාලයේ දී සාගත කාලය ගැන සිතන්න.
ධනවත් කාලයේ දී දිළිඳුකම ද අගහිඟකම ද සිහි කරන්න.
26 උදය හා සවස අතර කාලය ඉක්මනින් ගෙවෙන්නේ ය.
සමිඳුන් ඉදිරියෙහි සියලු දේ සැණෙන් ගෙවී යන්නේ ය.
27 ප්‍රඥාවන්තයා සියලු කාරණාවල දී විමසිලිමත් වන්නේ ය.
පාපයට පෙළඹෙන දවස්වල දී පව් නොකිරීමට ඔහු පරිස්සම් වන්නේ ය.
28 නැණවත් මිනිසා ප්‍රඥාව හඳුනා ගන්නේ ය;
එය සම්බ වූ අයට ගෞරව කරන්නේ ය.
29 දැනුම පිරි කියමන් අවබෝධ කරගන්නෝ ප්‍රඥාව සෙවීමෙහි යෙදුණෝ ය.
ඔව්හු කදිම උපදෙස් එළිදරව් කළො‍් ය.

ආත්ම දමනය

30 ඔබේ කාම තෘෂ්ණාවන් අනුව නොයන්න.
ඔබේ ආශාවන් හික්මවාගන්න.
31 පහත් ආශාවන්ට ගොදුරු වන්නට ඔබ ඉඩ දෙන්නෙහි නම්, ඔබ සතුරන්ගේ සිනහවට භාජන වන්නෙහි ය.
32 සැපවිහරණ ජීවිතයකින් සතුටු වන්නට නොසොයන්න.
එබඳු ඇසුරට අසු නොවන්න.
33 ඔබේ පසුම්බියෙහි දොයිතුවක් වත් නැති විට ණයට ගත් මුදලින් සාදයක් පවත්වා හිඟමනට නොබසින්න

– 19 වන පරිච්ඡේදය –

1 මෙසේ කරන්නා කිසි කලක ධනවත් නොවන්නේ ය.
සුළු දේවල් හෙළා දකින්නා ක්‍රමයෙන් පිරිහෙන්නේ ය.
2 මුද්‍රික පානය හා ස්ත්‍රීහු සිහි නුවණ ඇති මිනිසුන් මුළා කරන්නෝ ය.
වේශ්‍යා ස්ත්‍රීන් සමඟ ගැවසෙන්නා තම විළිබිය නැති කර ගන්නේ ය.
3 ඔහු කීටයන්ගේ හා පණුවන්ගේ ගොදුර වන්නේ ය.
විළිබිය නැති මිනිසා තම ජීවිතය නැති කරගන්නේ ය.

දොඩමලු බව

4 යමෙකු කෙරෙහි ඉක්මනින් විශ්වාසය තබන්නා තමාගේ චපල බව ප්‍රකාශ කරන්නේ ය.
පව් කරන තැනැත්තේ තමාට ම හානි සිදු කරගන්නේ ය.
5 අයහපත් දේ කිරීමට ගිජු වන තැනැත්තේ දඬුවම් විඳින්නේ ය.
6 ප්‍රලාප කීමට අප්‍රිය කරන්නා නපුරෙන් බේරෙන්නේ ය.
7 ඔබට කියන ලද දේ කවදාවත් අනිකෙකුට නොකියන්න.
එයින් ඔබට කිසි පාඩුවක් නොවන්නේ ය.
8 ඔබේ මිතුරාට හො‍් ඔබේ සතුරාට හො‍් ඒ ගැන කිසිවක් නොකියන්න.
එසේ නොකීම ඔබට පාපයක් නොවන්නේ නම්, එය එළිදරව් නොකරන්න.
9 යමෙකු ඔබට ඇහුම්කන් දෙනවා විය හැකි යි.
ඔහු ඔබ ගැන සැක කරන්නේ ය;
යථා කාලයේ දී ඔබ ගැන අමනාප වන්නෙහි ය.
10 ඔබ යමක් ඇසුවෙහි ද එය ඔබ සමඟ මිනීවළට යේ වා!
බිය නොවන්න.
එයින් ඔබ බිඳ නොවැටෙන්නෙහි ය.
11 මො‍්ඩයා පුවතක් ඇසූ විට, මහත් වේදනා විඳින්නේ ය, ප්‍රසව වේදනා විඳිනා ස්ත්‍රියක මෙන් රුදාවක් ඇති කරගන්නේ ය.
12 මො‍්ඩයාගේ සිත තුළ ඇති අදහස් කළවයෙහි වැදුනු ඊ ගසක් වැනි ය.

ඇසෙන හැම දේ ම විශ්වාස නොකළ යුතු බව

13 ඔබේ මිතුරා වරදක් කළ බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න.
ඔහු එය නොකළා විය හැකි ය.
ඔහු එය කළා නම් යළි එසේ නොකරනු ඇත.
14 ඔබේ අසල්වැසියා යමක් කී බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න.
ඔහු එය නොකීවා විය හැකි ය.
ඔහු එය කීවේ නම් යළි එසේ නොකියනු ඇත.
15 ඔබේ මිතුරා වරදක් කළ බව අසා ඇත්නම්, ඔහුගෙන් විමසන්න.
අපවාදය නිතර සිදු වන දෙයකි.
ඔබට ඇසෙන හැම දෙය ම විශ්වාස නොකරන්න.
16 වැරදි අදහසක් නැති ව මිනිසා බොහෝ වචන පවසන්නේ ය.
අප අතර කතාවෙන් වැරදි නොකෙළේ කවරෙක් ද?
17 තර්ජනය කරන්නට පෙර ඔබේ අසල්වැසියාගෙන් විමසා බලන්න.
මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතියට ඉඩ තබන්න.
18 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාව වන්නේ ය.
ප්‍රඥාව නම්, එතුමන්ගේ අණපණත් මුළුමනින් පිළිපැදීම ය.
19 සමිඳුන්ගේ අණපණත් දැනගැනීම ජීවනදායක විනය වේ.
එතුමන්ට ප්‍රසන්න දේ කරන අය අමරණීය ගසෙන් ඵල රැස් කරන්නේ ය.

සත්‍ය ප්‍රඥාව හා ව්‍යාජ ප්‍රඥාව

20 ප්‍රඥාව නම්, සමිඳුන් හට ගරුබිය පෑම වන්නේ ය.
දේව නීතිය ඉටු කිරීම ප්‍රඥාවෙහි පිහිටා ඇත්තේ ය.
21 මෙහෙකරුවෙක් සිය ස්වාමියා අමතා, ‘ඔබට වුවමනා දේ මම නොකරමි’ කියා පසු ව එය කළත්, සිය ස්වාමියා කෝපගන්වනු ඇත.
22 එහෙත්, නරක දේ දැනගැනීම ප්‍රඥාව නොවේ.
පව්කාරයන්ගේ දැනමුතුකමෙහි නැණවත්කමක් නැත්තේ ය.
23 පිළිකුල් කළ යුතු දක්ෂකමක් ඇත්තේ ය.
ප්‍රඥාව නොමැත්තා අඥානයෙකි.
24 අධික නැණවත්කමින් යුක්ත ව නීතිය කඩ කිරීමට වඩා නැණවත්කමින් අඩු ව බිය සැක ඇති ව සිටීම හොඳ ය.
25 අධර්මිෂ්ඨකමට තුඩු දෙන ස්ථානෝචිත දක්ෂකමක් ඇත්තේ ය.
මෙබඳු මිනිසා තම අයිතිය තහවුරු කරගැනීමට වංචාව උපයෝගී කරගන්නේ ය.
26 ශෝකයෙන් හිස නමාගෙන ඇවිදින මිනිසෙක් සිටී.
එහෙත්, ඔහුගේ අභ්‍යන්තරයෙහි කූට උපාය ඇත්තේ ය.
27 මුහුණු සඟවමින්, බිහිරි බවක් අඟවමින්, ඔහු කුහක ලෙස ඔබෙන් ප්‍රයෝජන ගන්නේ ය.
28 පව් කිරීමට තමා දුර්වල යයි මේ මිනිසාට සිතෙන්නේ ය.
එහෙත්, තමාට ඇති වන ප්‍රථම අවස්ථාවෙහි ඔහු වැරදි කරන්නේ ය.
29 මිනිසෙකු ඔහුගේ පෙනුමෙන් හඳුනාගත හැකි වන්නේ ය.
මුහුණේ ලීලාවෙන් නැණවතෙකු දැනගත හැකි වන්නේ ය.
30 මිනිසෙකුගේ ඇඳුමෙන් ද ඔහුගේ ගමන් ලීලාවෙන් ද ඔහුගේ උස් හඬින් නැඟෙන සිනහවෙන් ද ඔහු කෙබන්දෙකු දැ යි දැනගත හැකි වන්නේ ය.

 

– 20 වන පරිච්ඡේදය –

නිහඬ බව සහ දොඩමලු බව

1 තැනට නොහොබිනා තරවටුවක් ඇත්තේ ය.
නැණවත් මිනිසෙකු අඟවන නිශ්ශබ්දතාවයක් ද ඇත්තේ ය.
2 කෝපය තබාගැනීමට වඩා තරවටු කිරීම හොඳ ය.
3 වරද පිළිගන්න මිනිසා දඬුවම වළක්වන්නේ ය.
4 බලහත්කාරයෙන් යුක්තිය පසිඳාලන්නට තැත් කරන්නා, ස්ත්‍රියකගේ කන්‍යාභාවය නැති කරදමන්නට ආශා කරන නපුංසකයෙකුට සමාන ය.
5 මිනිසෙක් නිශ්ශබ්ද ව සිටීමෙන් නැණවතෙකු මෙන් සලකනු ලබන්නේ ය.
තවත් මිනිසෙක් ඔහුගේ දොඩමලුකම නිසා පිළිකුල් කරනු ලබන්නේ ය.
6 කෙනෙකු නිශ්ශබ්ද ව සිටින්නේ උත්තර දීමට ඔහු නොදන්නා බැවිනි.
තවත් මිනිසෙකු නිහඬ ව සිටින්නේ කතා කළ යුතු වේලාව ඔහු දන්නා බැවිනි.
7 නැණවත් මිනිසා සුදුසු මොහොත එන තෙක් නිහඬ ව සිටින්නේ ය.
එහෙත්, දොඩමලු අඥාන මිනිසා වැරදි මොහොත තෝරා ගන්නේ ය.
8 අධික ලෙස කතා කරන්නා පිළිකුල් කරනු ලැබීමට මඟ සලසා ගන්නේ ය.
අනිසි ලෙස තමාට ම බලය පවරා ගන්නා අය පිළිකුලට ලක් වන්නේ ය.

පරස්පර විරො‍්ධතා

9 එක මිනිසෙකුට තමාගේ විපතෙහි ඔහුගේ ශුභසිද්ධිය උදා වන්නේ ය.
ඇතැම් විට හදිසි ලාභයෙන් හානියක් සිදු වන්නේ ය.
10 ඔබට පලක් නැති ත්‍යාගිවන්තකම් ඇත්තේ ය.
ඔබට දෙගුණයක් උපදවා දෙන ත්‍යාගිවන්තකම් ද ඇත්තේ ය.
11 ඇතැම් විට මහිමය නින්දාවට මඟ පාදන්නේ ය.
පහත් තත්ත්වයක සිටින සමහරු හිස ඔසවන්නෝ ය.
12 මිනිසෙක් සුළු මුදලකින් බොහෝ දේවල් මිලයට ගන්නේ ය.
එහෙත්, ඔහු නියම ප්‍රමාණයට වඩා සත් ගුණයක් ගෙවන්නේ ය.
13 නැණවත් මිනිසා කාරුණික වචනවලින් ආදරය දිනාගන්නේ ය.
එහෙත්, මො‍්ඩයන්ගේ ත්‍යාගිවන්තකම් නිෂ්ඵල වන්නේ ය.
14 අඥානයාගේ තෑග්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැත්තේ ය.
ඔහුගේ ඇස් සත් ගුණයක් ආපසු ලැබීමට ආශා කරන හෙයිනි.
15 ඔහු ස්වල්පයක් දී බොහෝ සේ ගරහන්නේ ය.
ඔහු අඬබෙරකාරයෙකු මෙන් මුඛය අරින්නේ ය.
ඔහු අද ණයට දෙන්නේ ය;
හෙට නැවත ඉල්ලන්නේ ය. ඔහු නින්දිත කෙනෙකි.
16 ”මට මිත්‍රයෙක් නැත්තේ ය, මාගේ උපකාරවලට කළගුණ සැලකීමක් නැත්තේ ය;
17 මාගේ කෑම කන්නෝ නපුරු දිවි ඇත්තෝ ය”යි අඥානයා කියයි.
කොපමණ දෙනෙක්, කොපමණ වරක් ඔහුට සරදම් කරන්නෝ ද?

නුසුදුසු කතා

18 කට වරදවාගැනීම පය ලිස්සා වැටීමට වඩා අයහපත් ය.
දුෂ්ටයෝ මෙලෙස හදිසියෙන් පැටලී වැටෙන්නෝ ය.
19 අශික්ෂිත මිනිසා වනාහි මන්ද බුද්ධිකයන් නැවත නැවතත් කියන අශිෂ්ට විහිළුවක් වැනි ය.
20 මො‍්ඩයාගේ මුඛයෙන් නික්මෙන උපදේශය නොපිළිගනු ලබන්නේ ය.
මන්ද, ඔහු එය යෝග්‍ය අවස්ථාවක නොකියන හෙයිනි.
21 දිළිඳුකම නිසා පව් කිරීමෙන් වැලකෙන මිනිසා දෙස බලන්න.
ඔහුගේ විවේක කාලයෙහි දී ඔහුගේ හෘදයෙහි දැවිල්ලක් නැත්තේ ය.
22 බොරු ලජ්ජාව නිසා විනාශ වන මිනිසා දෙස බලන්න.
අඥානයෙකුගේ මතයට ගරු කොට ඔහු තමා විනාශ කරගන්නේ ය.
23 බොරු ලජ්ජාව නිසා තම මිතුරාට පොරොන්දු දෙන මිනිසා දෙස බලන්න.
මෙසේ හේතුවක් නැතුව ඔහු තමාට සතුරෙකු ඇති කරගන්නේ ය.

බොරු කීම

24 බොරු කීම මිනිසෙකුට මහත් කැළලකි.
එය නිතර අඥානයන්ගේ මුවින් නික්මෙන්නේ ය.
25 මුල් බැසගත් බොරුකාරයෙකුට වඩා සොරා හොඳ ය;
එහෙත්, ඒ දෙදෙනා ම තමන්ගේ විනාශය කරා ගමන් කරන්නෝ ය.
26 බොරු කීම පිළිකුල් කටයුතු පුරුද්දකි.
බොරුකාරයාගේ අපකීර්තිය නිරතුරු ඔහු සමඟ එන්නේ ය.

ප්‍රඥාවන්තයාගේ මහිමය හා උවදුරු

27 ප්‍රඥාව අනුව කතා කරන්නා සමෘද්ධිමත් වන්නේ ය.
ඥානවන්ත මිනිසා උත්තමයන්ට ප්‍රිය වන්නේ ය.
28 ගොවිතැන් කරන්නා හොඳ අස්වැන්නක් නෙළා ගන්නේ ය.
උත්තමයන්ට ප්‍රිය ව සිටින්නා තමාගේ වැරදිවලට කමාව සලසාගන්නේ ය.
29 තෑගි සහ දීමනාවලින් නැණවතුන්ගේ ඇස් අන්ධ කරනු ලබන්නේ ය.
මුඛවාඩමක් මෙන් වූ ඒවා දොස් යටපත් කරන්නේ ය.
30 සඟවන ලද ප්‍රඥාවත් නොපෙනෙන නිධානයත් යන මේ දෙකින් ඇති ප්‍රයෝජනය කිමෙක් ද?
31 තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මො‍්ඩකම සඟවන මිනිසා හොඳ ය.

 

– 21 වන පරිච්ඡේදය –

විවිධ පාප

1 මාගේ පුත්‍රය, ඔබ පව් කෙළෙහි ද?
නැවත එසේ නොකරන්න.
ඔබේ පසුගිය පව්වලට සමාව අයැදින්න.
2 සර්පයෙකුගෙන් පලා යන්නාක් මෙන් පාපය කෙරෙන් පලා යන්න.
ඔබ කිට්ටු වුවහොත් ඌ ඔබට දෂ්ට කරනු ඇත.
උගේ දත් සිංහයෙකුගේ දත් වැනි ය;
ඒවා මිනිසාගේ ප්‍රාණය පැහැර ගන්නේ ය.
3 නීති කඩ කිරීම දෙමුවහත් කඩුවකි;
එයින් සිදු වන තුවාළ සුව කළ නොහැකි ය.
4 භීතිය හා බලහත්කාරය මාලිගා වනසන්නේ ය.
එසේ ම කාලකණ්ණිකම අහංකාරිකයන්ගේ ගෘහය විනාශ කරන්නේ ය.
5 දුප්පතාගේ යාච්ඤාව දෙවියන් වහන්සේගේ සවනෙහි වැදෙන්නේ ය.
උන් වහන්සේගේ විනිශ්චය අප්‍රමාද ව පැමිණෙන්නේ ය.
6 තරවටුව අප්‍රිය කරන්නා පව්කාරයාගේ අඩි පාරේ ගමන් කරන්නේ ය.
සමිඳුන් හට ගරුබිය පාන්නා තම හෘදයෙන් මනස්ස්ථාප වන්නේ ය.
7 මුඛරි කථිකයා හැම තැන ම ප්‍රසිද්ධ ය.
එහෙත්, කල්පනා කරන මිනිසා ඔහුගේ කතාවෙහි අඩු පාඩු දන්නේ ය.
8 තමාගේ ගෙය අනුන්ගේ මුදලින් ගොඩනැඟීම තමාගේ සොහොන් ගෙයට ගල් එකතු කිරීමක් වැනි ය.
9 නීතිගරුක නොවන මිනිසුන්ගේ එකතුව කොහු ගොඩක් වැනි ය.
එය ඇවිලෙන ගින්නෙන් අවසන් වන්නේ ය.
10 පවිටුන්ගේ මාර්ගය සුමුදු ලෙස සකස් කර ඇත්තේ ය.
එහෙත්, එහි කෙළවර පාතාල ලෝකයෙන් අවසන් වන්නේ ය.

ඥානවන්තයා සහ අඥානයා

11 නීතිය පිළිපදින්නා තමාගේ හැඟීම් පාලනය කර ගන්නේ ය.
සමිඳුන් කෙරෙහි පාන ගරුබිය ප්‍රඥාවෙන් සම්පූර්ණ වන්නේ ය.
12 බුද්ධිය නැත්තෙකුට කිසිවක් ඉගෙනගත නොහැකි ය.
එහෙත්, බුද්ධිය නිසා දොම්නස වැඩි විය හැකි ය.
13 ප්‍රඥාවන්තයාගේ දැනුම ගංවතුරක් සේ වැඩි වෙයි.
ඔහුගේ උපදේශ ගලන ගඟක් වැනි ය.
14 මො‍්ඩයාගේ හෘදය බිඳුණු භාජනයක් වැනි ය.
දැනුම එහි නොරඳන්නේ ය.
15 වැදගත් මිනිසෙක් පණ්ඩිත කියමනක් අසන්නේ නම්, ඔහු එය අගය කර, එයට තවත් එකතු කරන්නේ ය.
ළාමක තැනැත්තා එය අසා සිනාසෙයි;
ඔහු එය තමා පිටුපසට විසිකරයි.
16 මො‍්ඩයකුගේ කතාව ගමනෙහි දී ගෙනයන බරක් මෙනි. එහෙත්, නැණවතාගේ වදන් ඇසීම ප්‍රසන්නකර දෙයකි.
17 නැණවතාගේ කතාව සභාව නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වන්නේ ය.
ඔහු කියන දේ ගැන සියලුදෙන දැඩි අවධානය යොමු කරන්නෝ ය.
18 මො‍්ඩයාගේ ප්‍රඥාව ගෙයක නටබුන් වැනි ය.
මො‍්ඩයාගේ දැනුම එකටෙක නොගැළපෙන කතාව ය.
19 අඥානයාට ශික්ෂණය වනාහි පාදයෙහි දමන ලද විලංගු වැනි ය;
දකුණතෙහි දමන ලද මාංචු වැනි ය.
20 මො‍්ඩයා මහ හඬින් සිනාසෙන්නේ ය.
නැණවතා නිසල ව සිනාසෙන්නේ ය.
21 නැණවතාට උපදෙස් රන්මුවා අබරණයකි.
එය ඔහුගේ දකුණතෙහි ලූ වළල්ලක් මෙනි.
22 අධම මො‍්ඩයා කඩිසර ලෙස ගොස් ගෙයකට වදින්නේ ය.
පළපුරුදුකම් ඇති මිනිසා විනීත ලීලාවක් දක්වන්නේ ය.
23 අඥානයා දොර ළඟ සිට ඇතුළට එබී බලන්නේ ය.
විනීත මිනිසා පිටත නැවතී සිටින්නේ ය.
24 දොරවල් ළඟ සිට ඇහුම්කන් දීම අශික්ෂිත මිනිසෙකු බවට ලකුණකි.
නැණවත් මිනිසා එබඳු දෙයක් කිරීමට ලජ්ජා වන්නේ ය.
25 වාචාලයන්ගේ තොල් අනුන්ගේ වචන යළිත් කියන්නේ ය.
නැණවතුන්ගේ වචන පරීක්ෂාකාරී ව කියනු ලබන්නේ ය.
26 මො‍්ඩයන්ගේ හදවත ඔවුන්ගේ වචනවලින් ප්‍රකාශ වන්නේ ය.
නැණවතුන්ගේ වචනවලින් ඔවුන්ගේ හදවත ප්‍රකාශ වන්නේ ය.
27 සතුරාට සාප කරන දුෂ්ට මිනිසා තමාට ම සාප කරගන්නේ ය.
28 අනුන්ගේ දොස් පතුරුවන්නා තමාට ම හානියක් සිදු කර ගන්නේ ය.
ඔහු අසල්වැසියන්ගේ පිළිකුලට භාජන වන්නේ ය.

 

– 22 වන පරිච්ඡේදය –

අලසයා

1 අලසයා අසූචි තැවරුණු ගලක් වැනි ය.
හැම දෙනා ම ඔහු අපහාසයට ලක් කරන්නෝ ය.
2 අලසයා කසළ ගොඩක් වැනි ය;
එය ස්පර්ශ කරන්නා අත ගසාදමන්නේ ය.

අවිනීත දරුවෝ

3 නරක ලෙස ඇතිදැඩි වුණු පුත්‍රයෙකුගේ පියා වීම මහත් නින්දාවකි.
එබඳු දුවක ලැබීම ඔහුට අලාභයක් වන්නේ ය.
4 නැණවත් දුව ඇගේ පුරුෂයාට නිධානයකි.
එහෙත්, වැදගැම්මකට නැති දුව තම පියාගේ දුකට හේතුවකි.
5 විළිබිය නැති දුව තම පියාට සහ මවට ලජ්ජාවකි;
ඈ ඔවුන් දෙදෙනා විසින් ම අහිමි කරනු ලබන්නී ය.
6 තැනට නොහොබිනා අවවාදය අවමඟුලෙහි දී ඇති සංගීතය මෙනි.
තරවටුව හා දඬුවම සැම කල්හි ම ප්‍රඥාව වන්නේ ය.
7-8 අඩුපාඩු නැති ව, යහපත් ජීවිතයක් ගත කරන ළමො‍් මාපියන්ගේ දුගී ආරම්භය අමතක කිරීමට සලස්වති.
එහෙත්, අනාදර, අවිනීත, අහංකාර ළමො‍් පවුලේ උදාරත්වයට අපකීර්තියකි.

ප්‍රඥාව සහ මෝඩකම

9 මො‍්ඩයෙකුට ඉගැන්වීම බිඳුණ බඳුනක කැබලිති එකට ඇලවීම වැනි ය;
නින්දෙන් මත් වූ මිනිසෙකු පිබිදවීම වැනි ය.
10 මො‍්ඩයෙකුට යමක් විස්තර කිරීම නිදිබර මිනිසෙකුට එසේ කිරීම වැනි ය;
ඔහු අන්තිමයේ දී ”කුමක් කීවේ දැ”යි අසන්නේ ය.
11 මළ මිනිසා උදෙසා වැලපෙන්න;
ඔහුට ආලෝකය නැත්තේ ය.
මො‍්ඩයා උදෙසා වැලපෙන්න;
ඔහුට බුද්ධිය නැත්තේ ය.
මළ මිනිසා උදෙසා වඩා ශාන්ත ලෙස අඬන්න;
ඔහුට සැනසීම සම්බ වූයේ ය.
අඥානයාට මරණයට වඩා ජීවිතය කණගාටුදායක ය.
12 මළ මිනිසා උදෙසා වැලපීම සත් දවසක් පවත්නේ ය.
අඥානයා සහ දුෂ්ටයා උදෙසා වැලපීම මුළු ජීවිතය තුළ ම පවතින්නේ ය.
13 අඥානයා සමඟ දීර්ඝ කතාවෙහි නොයෙදෙන්න;
මො‍්ඩයා ළඟට නොයන්න;
ඔබ කරදරයෙහි නොවැටෙන පිණිස ඔහුගෙන් පරිස්සම් වන්න.
ඔහුගේ ඇසුරෙන් ඔබ කිළුටු වන්නෙහි ය;
ඔහුගෙන් වැළකෙන්න; ඔබට ශාන්තිය අත් වන්නේ ය.
ඔහුගේ වැල්වටාරම් කතාවලින් ඔබ නොවෙහෙසෙන්නෙහි ය.
14 ඊයමට වඩා බර යමක් ඇත්තේ ද?
එය කිමෙක් ද?
මො‍්ඩයා නොවේ ද?
15 වැලි, ලුණු සහ යකඩ ගුලිවල බර දැරීම මො‍්ඩයෙකුගේ බර දැරීමට වඩා පහසු ය.
16 ගොඩනැඟිල්ලක ඇතුළතින් එක් කොට තැන්පත් කරන මුදුන් ලීය භූමිකම්පාවකින් නොකැඩේ.
පරිණත බුද්ධියෙන් ස්ථිර වූ සිත අවදානම් මොහොතෙහි දී බියෙන් නොපැකිළෙන්නේ ය.
17 නැණවත් උවදෙසින් හැඩගැසුණු සිත සුමුදු බිත්තියක සිතුවම් කළ දෙයක් වැන්න.
18 බිත්තියක් උඩ තබන කුඩා බොරළු කැට සුළඟට ගසාගෙන යන්නේ ය.
තම කල්පනාවලින් බියට පත් වන මො‍්ඩයාගේ සිත එම බියට යටත් නොවී සිටින්නට පොහොසත් වන්නේ ය.

මිතුරු දහම

19 නෙත රිදෙව්වොත් කඳුළු ගලන්නට සලසනු ලැබේ.
සිත රිදෙව්වොත් එහි ඇතුළත් හැඟීම් අනාවරණය කරනු ලැබේ.
20 කුරුල්ලකුට ගල් ගසන්නා ඌ පලවා හරින්නේ ය.
තම මිතුරාට අපහාස කරන්නා මිතුරුකම නසන්නේ ය.
21 ඔබේ මිතුරාට විරුද්ධ ව කඩුව ඇද්දෙහි නම්, බලාපොරොත්තු නැති කර නොගන්න.
මිතු දමේ මඟක් යළි එනු ඇත.
22 ඔබේ මිතුරාට විරුද්ධ ව ඔබ කට ඇරියෙහි නම් බිය නොවන්න;
නැවත සමඟි වීමට ඉඩ තිබේ.
එහෙත්, අපහාස කිරීම, අහංකාරය, රහස් එළිදරව් කිරීම, රහසින් පීඩා කිරීම, යන මේ කාරණාවල දී ඔබේ මිතුරා පලා යන්නේ ය.
23 ඔබේ අසල්වැසියා දුප්පත් ව සිටින විට ඔහුගේ විශ්වාසය දිනාගන්න.
එවිට ඔහුගේ සමෘද්ධිමත් කාලයෙහි දී ඔබ ඔහු සමඟ ඔහුගේ භාග්‍යය භුක්ති විඳින්නෙහි ය.
ඔහුගේ විපත්ති කාලයෙහි දී ඔහුට විශ්වාස ව සිටින්න.
ඔහුට උරුමයක් ලැබුණොත් ඔබ එයින් කොටසක් ලබාගන්නෙහි ය.
24 ගිනි දැල්ලට පෙර උදුනේ හා දුමේ වාෂ්පය දක්නට ලැබෙන්නේ ය.
ලේ වැගිරීමට පෙර අපහාසය ද වන්නේ ය.
25 මිතුරෙකු ආරක්ෂා කිරීමට මම ලජ්ජා නොවන්නෙමි.
මම ඔහුගෙන් නොසැඟවෙන්නෙමි.
26 ඔහු නිසා මට නපුරක් සිදුවුවහොත් එය දැනගන්න සියලු දෙනා ම ඔහුගෙන් පරිස්සම් වන්නෝ ය.

සෝදිසියෙන් සිටීම

27 විනාශයෙන් මා බේරෙන පිණිස ද, මාගේ දිව මා විනාශ නොකරන පිණිස ද, මාගේ මුඛය පිට රැකවල් තබන්නේ කවරෙක් ද?
මාගේ තොල් පිට ප්‍රඥාවන්තකම ලියලවන්නේ කවරෙක් ද?

 

– 23 වන පරිච්ඡේදය –

1 ස්වාමීනි, පියාණෙනි, මාගේ ජීවිතයේ හිමියාණෙනි, සතුරන්ගේ හිතුවක්කාරකම්වලට මා පාවා නුදුන මැනව.
ඔවුන් නිසා මා පැකිළ වැටෙන්නට ඉඩ නොහැරිය මැනව.
2 මාගේ වැරදි ගැන මා කෙරෙහි අනුකම්පාව නොදක්වන පිණිස ද මාගේ පව් නොතකා නොහරින පිණිස ද මාගේ කල්පනා පිට කසයක් තබනු ලැබුයේ නම් යහපත.
මාගේ සිතට ප්‍රඥාවේ ශික්ෂණය තබනු ලැබුයේ නම් යහපත.
3 ඒ මාගේ වැරදි වැඩි නොවන පිණිසත් මාගේ පව් අධික නොවන පිණිසත් ය.
එවිට මම මාගේ එදිරිකාරයන්ගේ අත්වලට අසු නොවෙමි.
මාගේ සතුරා ඒ ගැන ප්‍රීති නොවන්නේ ය.
4 ස්වාමීනි, පියාණෙනි, මාගේ ජීවිතයේ දෙවිඳුනි, මාගේ බැල්ම අහංකාර නොවන්නට සැලසුව මැනව.
5 නපුරු ආශාවන් මා කෙරෙන් පහ කළ මැනව.
6 රාග නිශ්‍රීත බව හා කාමුක බව මා දමනය නොකෙරේ වා!
විළිබිය නැති ආශාවන්ට මා පාවා නුදුන මැනව.

දිවිරීම

7 දරුවෙනි, මාගේ ඉගැන්වීමට සවන් දෙන්න.
එය රක්ෂා කරන්නා වික්ෂිප්ත නොවන්නේ ය.
8 පව්කාරයා ඔහුගේ තොල්වලින් ම උගුලට අසු වන්නේ ය.
අපවාද කියන්නා ද අහංකාරකාරයා ද ඒවා මඟින් පැකිළ වැටෙන්නෝ ය.
9 ඔබේ මුඛය දිව්රීමට පුරුදු නොකරන්න.
ශුද්ධ තැනැන් වහන්සේගේ නාමය තෙපළීමේ පුරුද්දක් ඇති කර නොගන්න.
10 නිතරම මුර කරනු ලබන මෙහෙකරුවා පහරවලින් නොගැළවෙන්නාක් මෙන්, හිතුමතේට දිවුරන්නා වූ ද දෙවියන් වහන්සේගේ නාමය කියා යදින්නා වූ ද තැනැත්තා පාපයෙන් නිදහස් නොවන්නේ ය.
11 අධික ලෙස දිවුරන්නා අයහපතින් පිරී සිටින්නේ ය.
විපත්තිය ඔහුගේ ගෘහයෙන් පහ නොවන්නේ ය.
ඔහු පාපයක් කළොත්, ඔහුගේ පාපය ඔහු මත වන්නේ ය.
ඔහු නොසැලකිල්ලෙන් දිවුරුවොත්, ඔහු දෙගුණයක් පව් කරන්නේ ය.
ඔහු බොරුවට දිවුරුවොත්, ඔහු නිදොස් කෙනෙකු මෙන් සලකනු නොලබන්නේ ය.
ඔහුගේ ගෘහය ආපදාවන්ගෙන් පිරී යන්නේ ය.

අපිරිසිදු කතාව

12 මරණය ලැබීමට සුදුසු කතා ලීලාවක් ඇත්තේ ය.
එය ජාකොබ්ගේ උරුමය තුළ ව්‍යවහාර නොවේ වා.
දැහැමි අය ඒ සියල්ලෙන් වැළකෙන්නෝ ය.
ඔව්හු පාපයෙහි ඇලී ගැලී නොසිටින්නෝ ය.
13 ඔබේ මුඛය අශික්ෂිතකමට හා අපිරිසිදුකමට පුරුදු නොකරන්න.
එහි ප්‍රතිඵලය පවිටු කතාව ය.
14 ඔබ අධිපතීන් අතරේ හිඳින විට ඔබේ පියා සහ මව සිහි කරන්න.
එවිට ඔබ ඔවුන් ඉදිරියෙහි ඔබේ යුතුකම් අමතක නොකරන්නෙහි ය.
මො‍්ඩයෙකු මෙන් නොහැසිරෙන්නෙහි ය.
ඔබ නූපන්නෙහි නම් යහපතැ යි නොසිතන්නෙහි ය.
ඔබේ උපන් දිනයට සාප නොකරන්නෙහි ය.
15 නොහොබින වචන කීමට පුරුදු මිනිසා තම ජීවිත කාලයෙහි දී ම එයින් ඉවත් ව නොයන්නේ ය.

කාමයෙහි වරදවා හැසිරීම

16 පව් වැඩි කරන මිනිස්සු දෙවර්ගයක් සිටිති.
තුන් වැනි වර්ගය උදහස ළඟා කර ගන්නෝ ය.
17 උදුනක් මෙන් ඇවිලෙන රාගයක් ඇත්තේ ය.
එය තෘප්තිමත් වන තෙක් නිවාදැමිය නොහැකි ය.
ඇතැම් අය තමන්ගේ ළඟ ලේනෑ සබැඳියන් වෙත කාමාශාව යොමු කරන්නෝ ය.
ගින්නෙන් දැවෙන තුරු ම ඔව්හු ඒ ආශාව අත් නොහරින්නෝ ය.
දුරාචාර මිනිසාට සැම ආහාරයක් ම මිහිරි ය, මැරෙන තෙක් ම ඔහු සෑහීමකට පත් වන්නේ නැත.
18 තම විවාහ ගිවිසුමට විරුද්ධ ව පව් කරන්නා ”මා දකින්නේ කවරෙක් දැ”යි තම සිත තුළ කියාගන්නේ ය.
”අන්ධකාරය මා වට කරයි, බිත්ති මා ආරක්ෂා කරයි, කිසිවෙක් මා නොදකිති;
බිය වන්නේ කුමට ද?
මහො‍්ත්තමයාණන් වහන්සේට මගේ පව් ගැන මතකයක් නැතැ”යි ඔහු කියන්නේ ය.
19 ඔහු බිය වන්නේ මිනිසාගේ ඇස්වලට ය.
සමිඳුන්ගේ නෙත් සූර්යයාට වඩා දස දහස් ගුණයක් දීප්තිමත් බව ඔහු නොදනියි.
උන් වහන්සේගේ නෙත් මිනිසාගේ සියලු ක්‍රියා දකින්නේ ය.
ඉතා රහස් මුලුවලට පවා ඒ නෙත් එබී බලන්නේ ය.
20 සියලු දේ මවන්නට පෙර උන් වහන්සේ ඒවා දැනගත් සේක.
එය මවනු ලැබූ පසු ද උන් වහන්සේ එය දන්න සේක.
21 මේ මිනිසා මුළු නුවර ඉදිරිපිට දී දඬුවම් කරනු ලබන්නේ ය.
ඔහු බලාපොරොත්තු නොවන අවස්ථාවක දී හදිසියෙන් අල්ලාගනු ලබන්නේ ය.

පරපුරුෂ සේවනය කරන්නී

22 තම පුරුෂයාට අවිශ්වාස වූ ද පරපුරුෂයෙකුගෙන් ඔහුට උරුමක්කාරයෙකු දෙන්නා වූ ද ස්ත්‍රිය ගැනත් එසේ ම ය.
23 පළමු ව ඈ මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතියට අකීකරු වූවා ය;
දෙවනු ව ඈ තම පුරුෂයාට අවිශ්වාස ව සිටියා ය;
තුන්වනු ව ඈ පරපුරුෂ සේවනයෙන් තමා දූෂ්‍ය කරගත්තා ය;
අන් පුරුෂයකුගෙන් දරුවකු පිළිසිඳගත්තා ය.
24 ඈ සභාව ඉදිරියට ගෙනයනු ලබන්නී ය.
ඇගේ දරුවන් ගැන පරීක්ෂණයක් කරනු ලබන්නේ ය.
25 ඇගේ දරුවෝ මුල් නොඅදින්නෝ ය.
ඇගේ අතු ඵල නොදරන්නේ ය.
26 ඈ සාප ලත් ස්මරණයක් තබා යන්නී ය.
ඇගේ ලජ්ජාව කිසි කලෙක මකාදමනු නොලබන්නේ ය.
27 සමිඳුන්ට ගරුබිය පෑමට වඩා වටිනා දෙයක් නොමැති බව ද සමිඳුන්ගේ පණත්වලට ඇලුම් ව සිටීමට වඩා ප්‍රසන්න දෙයක් නොමැති බව ද ඈට පසු ව එන අය දැනගන්නෝ ය.

 

– 24 වන පරිච්ඡේදය –

ප්‍රඥාවට ප්‍රශංසාව

1 ප්‍රඥා තොමො‍් තමා ගැන ම පැසසුම් ගායනා කරන්නී ය, ඈ තම සෙනඟ අතර තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
2 මහො‍්ත්තමයාණන් වහන්සේගේ සභාවෙහි ඈ තම මුඛය විවෘත කරන්නී ය.
බලවතාණන් වහන්සේගේ අභිමුඛයෙහි ඈ තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
3 ”මම මහො‍්ත්තමයාණන් වහන්සේගේ මුඛයෙන් නික්මුණෙමි;
මීදුමක් මෙන් පොළොව වසාලූයෙමි.
4 මම උසස් තැන්වල වාසය කෙළෙමි;
මාගේ සිංහාසනය වලාකුළු කණුවක විය.
5 මම හුදකලා ව අහස් කුස වට කර ගමන් කෙළෙමි;
ගැඹුරේ පත්ලෙහි ගමන් කෙළෙමි.
6 මුහුදේ තරඟ පිට හා මුළු පොළොව පිට ද සියලු මනුෂ්‍යයන් හා ජාතීන් කෙරෙහි ද මම රජකම් කෙළෙමි.
7 මේ සියලු දෙනා අතරෙහි මම විවේක ස්ථානයක් සෙවීමි;
කුමන දේශයක කඳවුරු බඳින්නට දැ යි සොයා බැලුවෙමි.
8 එවිට සියලු දේ මැවූ තැනැන් වහන්සේ මට ආඥාවක් දුන් සේක.
මා මැවූ තැනැන් වහන්සේ මාගේ කූඩාරම පිහිටුවන්නට තැනක් සැලැසූ සේක.
”ජාකොබ්හි ඔබේ කූඩාරම පිහිටුවන්න;
ඉශ්රායෙල් ඔබේ උරුමය කර ගන්නැ”යි මට වදාළ සේක.
9 සදා කාලයේ පටන් ආරම්භයේ දී ම උන් වහන්සේ මා මැවූ සේක.
සදා කාලයට ම මම පවතින්නෙමි.
10 ශුද්ධ කූඩාරමෙහි එතුමන් අබිමුව මම සේවය කෙළෙමි.
මෙසේ මම සියොනෙහි නවාතැන් ගනිමි.
11 උන් වහන්සේ සිය ප්‍රිය නගරයෙහි මාගේ නැවතුම් පළ මට ලබා දුනි.
ජෙරුසලමෙහි මාගේ බලය භාවිතා කරමි.
12 මහිමයෙන් පූර්ණ වූ සෙනඟක් තුළ මම මුල් ඇද්දෙමි. එනම්, සමිඳුන්ගේ කූඩාරමෙහි ය;
උන් වහන්සේගේ උරුමයෙහි ය.
13 ලෙබනොන්හි කිහිරි ගසක් මෙන් මම වර්ධනය වූයෙමි.
හෙර්මොන් කන්ද මත දේවදාර ගසක් මෙන් වූයෙමි.
14 මම එන්ගද්දි දේශයෙහි තාල වෘක්ෂයක් මෙන් ද ජෙරිකෝවේ සෙව්වන්දි ලැහැබ් මෙන් ද මිටියාවතෙහි ශෝභන ඔලීව ගසක් මෙන් ද අතු විහිදුවන සෙවණැති ගසක් මෙන් ද වැඩුණෙමි.
15 කුරුඳු හා කස්තුරි මෙන් මම සුවඳ විහිදෙව්වෙමි. විශිෂ්ට සුවඳ ලාටු මෙන් සුගන්ධයක් පිට කෙළෙමි.
ඒ සුවඳ මැලියම්, දුම්මල, පළිඟු සාම්බ්‍රානි මෙන් ය;
කූඩාරම තුළ තුවරලා මෙන් .
16 මම නුග ගසක් මෙන් මාගේ අතු විහිදෙව්වෙමි.
මාගේ අතු තේජවන්ත ය, ශෝභමාන ය.
17 මම රමණීය අතු ඇති මිදි වැලක් මෙන් වෙමි.
මාගේ මල් මහිමයේ ද ධනයේ ද පලදාව වන්නේ ය.
18 මම වනාහි පිවිතුරු ප්‍රේමයේ ද, ගරුබියේ ද දැනුමේ ද දැහැමි බලාපොරොත්තුවේ ද මාතාව වෙමි.
ආදියේ පටන් එතුමන් විසින් පත්කරන ලද මාගේ දරුදැරියන් වෙත මම පැමිණෙමි.
19 මා ආශා කරන ඔබ මා වෙත එන්න.
මාගේ පලදාවෙන් සෑහීමට පත් වන්න.
20 මා සිහි කිරීම මී පැණියට වඩා මිහිරි ය.
මා අයිති කරගැනීම මී වදයට වඩා මධුර ය.
21 මා අනුභව කරන්නෝ තවතවත් ආශා කරන්නෝ ය.
මා පානය කරන්නෝ තවතවත් පිපාසා වන්නෝ ය.
22 මට කීකරු වන්නා ලජ්ජා නොවන්නේ ය.
මා කියන ලෙස කරන්නෝ පව් නොකරන්නෝ ය.

ප්‍රඥාව හා ව්‍යවස්ථාව

23 ප්‍රඥාව හා ව්‍යවස්ථාව අන් කිසිවක් නොව මහො‍්ත්තම දෙවියන් වහන්සේගේ ගිවිසුම් පොත වන්නේ ය.
මෝසෙස් විසින් පතළ කරන ලද ව්‍යවස්ථාව වන්නේ ය.
එය ජාකොබ්ගේ සභාවලට උරුමයක් වශයෙන් දෙන ලද්දේ ය.
24 සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න.
ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න.
සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය.
එතුමන් හැර වෙන ගැළවුම් කාරයෝ නැත.
25 එය පීෂොන්හි ජලය මෙන් ප්‍රඥාව පිරීයන්නට සලසන්නේ ය.
ඵල වාරයේ දී ටයිග්‍රීස් නදිය මෙන් වන්නේ ය.
26 එය යුප්‍රටීස් නදිය මෙන් ඥානය උතුරා යන්නට සලසන්නේ ය.
අස්වැන්න කාලයේ දී ජො‍්ර්දානය මෙන් වන්නේ ය.
27 නයිල් ගඟ මෙන් විනය ගලා යන්නට සලසන්නේ ය.
මිදි නෙළන කාලයේ දී ගීහොන් මෙන් වන්නේ ය.
28 ප්‍රථම මනුෂ්‍යයා එය සම්පූර්ණයෙන් ග්‍රහණය නොකෙළේ ය.
එසේ ම නූතන මනුෂ්‍යයාත් එය තව ම සම්පූර්ණයෙන් තේරුම් නොගත්තේ ය.
29 මන්ද, ඇගේ කල්පනා මුහුදට වඩා විශාල වන හෙයිනි, ඇගේ අරමුණ මහා ගැඹුරට වඩා සාරගර්භ වන හෙයිනි.
30 තවද, මම ගංගාවකින් නික්ම එන දිය ඇලක් මෙන් වෙමි, උයනකට යන දිය පාරක් මෙනි.
31 ”මම මාගේ පලතුරු වත්තට දිය දෙන්නට යමි”යි කීවෙමි.
”මාගේ මල් පාත්තිවලට ජලය සපයන්නට යමි”යි කීවෙමි.
බලන්න, මාගේ දිය ඇල, ගංගාවක් වූයේ ය;
ගංගාව මුහුදක් වූයේ ය.
32 මම අරුණෝදය මෙන් විනය බබළන්නට සලසන්නෙමි;
එහි ආලෝකය දුර තැන්වලට යවන්නෙමි.
33 අනුශාසනය දිවැස් වැකියක් මෙන් පතුරුවන්නෙමි.
මතු එන පරම්පරාවන් වෙත එය උරුමයක් මෙන් පමුණුවන්නෙමි.
34 බලන්න, මා වැඩ කරන්නේ මා උදෙසා නොවේ;
ප්‍රඥාව සොයන සියලු දෙනා උදෙසා ය.

 

– 25 වන පරිච්ඡේදය –

ආප්තෝපදේශ

1 මා අතිශයින් ප්‍රිය කරන කාරණා තුනක් ඇත්තේ ය.
ඒවා දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් පියකරු ය.
ඒවා නම්:
සහෝදරයන් අතර එකමුතුකම ය, අසල්වැසියන් අතර මිතුරු දහම ය, අඹු සැමි යුවලක් ප්‍රීතියෙන් විසීම ය.
2 මාගේ ආත්මය පිළිකුල් කරන තුන් ආකාරයක පුද්ගලයෝ සිටිති.
ඔවුන් ජීවත් ව සිටීම මාගේ සිත වික්ෂිප්ත කරවයි. ඔව්හු නම්:
උඩඟුවෙන් හිස උදුම්මා ගෙන සිටින දුප්පතා ය, බොරුකාරයෙකු වන ධනවතා ය, පරදාර කර්මයෙහි යෙදෙන මො‍්ඩ මහල්ලා ය.

මහල්ලෝ

3 තරුණ කාලයේ දී ඔබ කිසිවක් රැස් කර නොගත්තෙහි නම්, ඔබේ මහලු වියෙහි දී ඔබට යමක් ඇති වන්නේ කෙසේ ද?
4 පැසුණු කෙස් සමඟ ම මනා විචාර බුද්ධියක් ඇති වීම කොපමණ හොඳ ද?
වැඩිමහල්ලන් උපදෙස් දීමට දැනගත්තොත් කොපමණ අගනේ ද?
5 මහල්ලන් තුළ ප්‍රඥාව කොපමණ ශෝභන ද?
ලෝකයේ උත්තමයන් තුළ පිරිපුන් කල්පනාව කොපමණ අනර්ඝ ද?
6 මහල්ලන්ගේ කිරුළ නම්, පරිණත අත්දැකීම ය.
ඔවුන්ගේ සැබෑ මහිමය නම්, සමිඳුන් හට ගරුබිය පෑම ය.

වෙනත් ආප්තෝපදේශ

7 මාගේ සිතට කාවදින, යෝග්‍ය යයි මා කල්පනා කරන, දේවල් නවයක් ඇත්තේ ය.
දසවැන්නක් ද මම ඔබට කියන්නෙමි.
ඒවා නම්:
තම දරුවන් තුළ තමාගේ ප්‍රීතිය සම්බවන මිනිසා ය;
තම සතුරන්ගේ වැටීම දක්නට ජීවත් ව සිටින මිනිසා ය;
8 නැණවත් භාර්යාවක සමඟ ජීවත් වන මිනිසා භාග්‍යවන්තයෙකි.
ගවයෙකු හා කොටළුවෙකු එකට යොදාගැනීමෙන් වෙහෙසට පත් නොවන මිනිසා භාග්‍යවන්තයෙකි.
කිසි කලක කටින් පව් නොකළ මිනිසා භාග්‍යවන්තයෙකි.
තමාට වඩා පහත් ස්වාමියෙකුට මෙහෙ නොකරන්නා භාග්‍යවන්තයෙකි.
9 නැණනුවණ ලත් තැනැත්තා භාග්‍යවන්තයෙකි.
අසා සිටින පිරිසගේ අවධානය දිනාගන්න මිනිසා භාග්‍යවන්තයෙකි.
10 ප්‍රඥාව ලබාගත් මිනිසා කොපමණ උතුම් ද?
එහෙත්, සමිඳුන්ට ගරුබිය පාන්නා සියල්ලන් පරදවන්නේ ය.
11 සමිඳුන් කෙරෙහි ගරුබිය දැක්වීම ඔහු සියලු දේට වඩා උසස් කොට සලකන්නේ ය.
එය හිමි කරගන්නා කුමකට සමාන කළ හැකි ද?
12 සමිඳුන්ට ප්‍රේමය පෑමේ මුල් පියවර එතුමන් වෙත ගරුබිය දැක්වීම යි.
එතුමන්ට පක්ෂපාත ව සිටීමේ මුල් පියවර නම් විශ්වාසය යි.

ස්ත්‍රීහු

13 හැම තුවාළයකට ම වඩා හෘදයේ තුවාළය දැරිය නොහැකි ය.
හැම වෛරයට ම වඩා ස්ත්‍රියගේ වෛරය දරුණු ය.
14 හැම විපතට ම වඩා එදිරිකාරයාගෙන් සිදු වන විපත දරුණු ය.
හැම පළිගැනීමකට ම වඩා සතුරාගෙන් සිදුවන පළිගැනීම දරුණු ය.
15 සර්පයාගේ විසට වඩා උග්‍ර විසක් නැත්තේ ය.
සතුරාගේ වෛරයට වඩා උග්‍ර වෛරයක් නැත්තේ ය.
16 ඊර්ෂ්‍යා සහගත භාර්යාවක සමඟ වාසය කිරීමට වඩා සිංහයෙකු හො‍් කිඹුලෙකු හො‍් සමඟ වාසය කිරීම ප්‍රිය කරන්නෙමි.
17 ස්ත්‍රියකගේ නපුරුකම ඇගේ පෙනුම වෙනස් කරන්නේ ය.
වලසෙකු මෙන් ඇගේ මුහුණ සැර පරුෂ වන්නේ ය.
18 ඇගේ පුරුෂයා තම අසල්වැසියන් අතර කෑමට වාඩි වන්නේ ය.
ඔහු නොවැළැක්විය හැකි ලෙස ශෝකයෙන් හූල්ලන්නේ ය.
19 ස්ත්‍රියකගේ කුඩුකේඩුකමට සමාන කළ හැකි කුඩුකේඩුකමක් නැත්තේ ය.
පව්කාරියකගේ ඉරණම ඇයට හිමි වේ වා!
20 වැලි කන්දක ඉහළට නැඟීම මහල්ලෙකුගේ පාදවලට කෙසේ ද?
සන්සුන් පුරුෂයෙකුට දොඩමලු භාර්යාව එසේ වන්නී ය.
21 ස්ත්‍රියකගේ රූපශ්‍රීයෙන් රැවටෙන්ට ඉඩ නොදෙන්න.
ස්ත්‍රියක නිසා සිහි කල්පනාව නැති කර නොගන්න.
22 භාර්යාවක් තම පුරුෂයා නඩත්තු කරන්නී නම්, කෝපය ද අවලාදය ද නින්දාව ද රජකම් කරන්නේ ය.
23 අධෛර්යවත් වීම, දුක්මුසු මුහුණ, බිඳුණු හදවත, යන මේවා දුෂ්ට භාර්යාවකගේ වැඩ ය.
දුබල අත්, නැමී වැටෙන දණ, යන මේවා තම පුරුෂයා අභාග්‍යවත් කරවන භාර්යාවකගේ ලකුණු ය.
24 පාපය ආරම්භ වූයේ ස්ත්‍රියකගෙන් ය.
ඈ නිසා අපි සියලු දෙනා මැරෙන්නෙමු.
25 ජලය කාන්දු වීම සඳහා ඊට මාර්ගයක් නොදෙන්න.
දුෂ්ට ස්ත්‍රියට නිදහසේ කතා කරන්නට ඉඩ නොදෙන්න.
26 ඈ සම්පූර්ණයෙන් යටත් ව නොසිටින්නී නම්, ඇගෙන් වෙන් වී සිටින්න.

 

– 26 වන පරිච්ඡේදය –

1 යහපත් භාර්යාවකගේ පුරුෂයා සැබැවින් ම වාසනාවන්තයෙකි.
ඔහුගේ ජීවිත කාලය දෙගුණ කරනු ලබන්නේ ය.
2 සර්ව සම්පූර්ණ භාර්යාව ඇගේ පුරුෂයාගේ ප්‍රීතිය වන්නී ය.
ඔහු තමාගේ ජීවිතයේ මුළු අවුරුදු ගණන සාමදානයෙන් ගතකරන්නේ ය.
3 සැබැවින් ම යහපත් භාර්යාව විශිෂ්ට දායාදයකි.
සමිඳුන් වෙත ගරුබිය ඇත්තන්ට එය ප්‍රදානය කරනු ලබන්නේ ය.
4 ධනවත් වුව ද දුප්පත් වුව ද ඔවුන්ගේ හෘදය ප්‍රීතියෙන් පිරෙන්නේ ය.
ඔව්හු සැම කල්හි සතුටු මුහුණින් දිවි ගෙවන්නෝ ය.
5 මා තුළ බිය උපදවන කාරණා තුනක් ඇත්තේ ය.
සතර වැන්නක් මා තැති ගන්වන්නේ ය.
ඒවා නම්:
මුළු නුවරක් විසින් කෙරෙන අපවාදය ය, මහජන කැරැල්ල ය, අසත්‍ය චෝදනා ව ය.
මේවා මරණයට වඩා භයංකර ය.
6 එහෙත් එක් ස්ත්‍රියක තවත් ස්ත්‍රියකට ඊර්ෂ්‍යා කරන විට, කණගාටුවක් ද සිත් වේදනාවක් ද ඇති වන්නේ ය.
මේ සියල්ල දිවෙන් වන වසංගත වේ.
7 දුෂ්ට භාර්යාව මනා ලෙස සවි නොකරන ලද වියගසක් මෙන් ය.
ඇය මට්ටු කිරීමට උත්සාහ කිරීම ගෝනුස්සෙකු අල්ලා ගැනීම වැනි ය.
8 මත්පැන් භාවිත කරන භාර්යාව මහත් කෝපයට හේතුවකි.
ඇගේ අවමානය මකාදැමිය නොහැකි ය.
9 ස්ත්‍රියකගේ අනාචාරය ඇගේ අහංකාර බැල්මෙන් ප්‍රකාශ වන්නේ ය.
එය ඇගේ නෙත’ග බැල්මෙන් දැනගනු ලබන්නේ ය.
10 හිතුවක්කාර දුවක ස්ථිර ලෙස පාලනය කරන්න, එසේ නැත්නම්, ඔබේ දුර්වලකම දැක ඈ එයින් ප්‍රයෝජන ගන්නවා ඇත.
11 ඇගේ විළිබිය නැති බැල්ම ගැන පරිස්සමින් සිටින්න, ඇය ඔබට අවමාන කරන්නී නම්, විමතියට පත් නොවන්න.
12 පිපාසිත මගියෙකු මෙන් ඈ තම මුඛය අරින්නී ය.
ඇයට සම්බවන හැම වතුරක් ම බොන්නී ය.
ඈ සෑම මිථ්‍යාචාරයකට ම මූණ පාන්නට යන්නී ය, සෑම අපිරිසිදුකමකට ම ඉඩ දෙන්නී ය.
13 බිරිඳකගේ සිරියාව ඇගේ සැමියාගේ සිත ප්‍රබෝධ කරන්නේ ය.
ඇගේ දැනුම ඔහුට මහත් ශක්තියක් වන්නේ ය.
14 විනීත බිරිඳ සමිඳුන්ගේ දීමනාවකි.
මනා පුහුණුවක් ලැබූ බිරිඳකගේ අගය මිල කළ නොහැකි ය.
15 විළිබිය සහිත බිරිඳ විශිෂ්ට වරයකි.
පතිදම් රකින බිරිඳකගේ අගය සීමා කළ නොහැකි ය.
16 මනා පිළිවෙළක් ඇති ගෙදරක ප්‍රීතිමත් බිරිඳගේ රූ සපුව සමිඳු නුබ තල උදා වන සූර්යයා මෙනි.
17 මනා ලෙස සකස් වුණු ශරීරයක් පිට දිස් වන මුහුණෙහි සිරියාව ශුද්ධ පහන් රුක මත බබළන ප්‍රදීපයක් වැනි ය.
18 සවිමත් විළුඹ පිට පිහිටි හැඩහුරු පාද රිදී පාදමක් මත තබන රන්මුවා කුළුණු වැනි ය.
19 ම පුත, යොවුන් වියේ දී නිරො‍්ගී ව සිටින්න.
ඔබේ ශක්තිය අමුත්තන්ට නොදෙන්න.
20 සරුසාර කෙතක් ගැන්මට මුළු මිටියාවත ම සොයා බලන්න.
ඔබේ යහපත් පෙළන්තිය කෙරෙහි විශ්වාසය තබා, එහි දරුදැරියන් ඇති කරන්න.
21 එවිට ඔබේ පරපුර නොමැරී ජීවත්වනු ඇත.
යහපත් පෙළන්තිය නිසා, ඔවුන් විශිෂ්ට ව වැඩෙනු ඇත.
22 වෙසඟනක් කුණු කසළ වැනි ය.
විශ්වාසවන්ත බිරිඳ කොතක් මෙන් සවිමත් ය.
23 නීති විරො‍්ධි මිනිසාට, තම වාසනාව මෙන් නොදැහැමි බිරිඳක් දෙනු ලැබේ.
සමිඳුන්ට ගරුබිය පාන්නා හට දැහැමි බිරිඳක් දෙනු ලැබේ.
24 ලජ්ජා නැති බිරිඳ තමාට අපකීර්තිය පමුණුවාගනිමින් ද විනෝද වෙයි.
ලජ්ජාශීලී බිරිඳ තම සැමියා සමඟ පවා විනීත ලෙස හැසිරෙයි.
25 හිස උදුම්මාගත් බිරිඳ සුනඛයෙකුටත් වඩා අන්ත ය.
විළිබිය සහිත තැනැත්තී සමිඳුන්ට ගරුබිය පාන්නී ය.
26 තම සැමියාට ගරු කරන බිරිඳ සියල්ලන් විසින් ප්‍රඥාවන්තියෙකු ලෙස සැලකේ.
අහංකාරයෙන් ඔහුව හෙළාදකින තැනැත්තී සියල්ලන් විසින් දුෂ්ටයෙකු ලෙස සැලකේ.
යහපත් බිරිඳකගේ සැමියා වාසනාවන්තයෙකි. ඔහුගේ ආයු දෙගුණ වනු ඇත.
27 කට වාචාල, ඕපාදූප දොඩන බිරිඳ සටනට අණ දෙන හොරණෑවක් මෙනි.
එවැන්නියක් ඇති තැනැත්තා රණ බිමක තම දිවි පෙවත ගත කරයි.

කණගාටුදායක කරුණු

28 මාගේ සිත වේදනා කරන කාරණා දෙකක් ඇත්තේ ය.
මාගේ කෝපය අවුස්සන තුන්වැන්නක් ද ඇත්තේ ය.
ඒවා නම්, දිළිඳුකමින් වයසට යන රණ ශූරයා ය, හෙළා දකිනු ලැබීමෙන් දුකට පත් නැණවත්හු ය.
දමිටුකමෙහි සිට පාපයට යන තැනැත්තා ය.
සමිඳාණෝ ඔහු දරුණු මරණයකට නියම කරන සේක.

වෙළහෙළඳාම්

29 වැරදි දේ කිරීමෙන් වැළකීම වෙළෙන්දෙකුට අතිදුෂ්කර ය.
අලෙවිකාරයාට පාපයෙන් වැළකී සිටින්නට අමාරු ය.

 

– 27 වන පරිච්ඡේදය –

1 ලාභ ප්‍රයෝජනයට ආශාවෙන් බොහෝ දෙනෙක් පව් කළො‍් ය.
ධනවත් වන්නට ආශා කරන්නා අනුකම්පා රහිත බවක් ප්‍රකාශ කරන්නේ ය.
2 ගල් දෙකක් සන්ධි වන තැන ඇබය බසින්නේ ය.
මිලේට ගැනීම හා විකිණීම අතරට පාපයක් ඇතුළු වන්නේ ය.
3 මිනිසෙක් සමිඳුන්ට ගරුබිය පෑමෙහි ස්ථිර ලෙස නොසිටින්නේ නම්, ඔහුගේ වංශය වැඩි කල් යනු පෙර විනාශ කරනු ලබන්නේ ය.

කතාව

4 පිටි හලන පෙණේරයෙහි රොඩු ඉතුරු වන්නේ ය.
එසේ ම, මනුෂ්‍යයෙකුගේ අඩුලුහුඬුකම් ඔහුගේ කතාවෙන් හෙළි වන්නේ ය.
5 කුඹලාගේ භාජන පෝරණුවෙහි පරීක්ෂා කර බලනු ලැබේ.
මිනිසෙකු පරීක්ෂා කරනු ලබන්නේ ඔහුගේ කතාවෙනි.
6 ගස වැවෙන පලතුරු වත්තේ තත්ත්වය එහි ගෙඩිවලින් දැනගත හැකි ය.
එසේ ම, මනුෂ්‍යයෙකුගේ කතාවෙන් ඔහුගේ හැඟීම් දැනගත හැකි ය.
7 කතා කරන්නට පෙර කිසිවෙකුට ප්‍රශංසා නොකරන්න.
ඔවුන්ගේ උරගල ඇත්තේ එහි ය.

ධර්මිෂ්ඨකම

8 ඔබ දැහැමිකම අනුව යන්නෙහි නම් එය ලබාගන්නෙහි ය.
ඔබ එය අලංකාර වස්ත්‍රයක් මෙන් පැළඳගන්නෙහි ය.
9 කුරුල්ලෝ තමන්ට සමාන කුරුල්ලන් සොයා යති.
එසේ ම, දැහැමිකම එය අනුව යන්නන් වෙත ළඟා වන්නේ ය.
10 සිංහයා තම ගොදුර අල්ලාගැනීමට සැඟවී සිටින්නේ ය.
පාපය ද වැරදි කරන්නන් පිට පැනීමට සැඟවී සිටින්නේ ය.
11 භක්තිමත් මිනිසාගේ කතාව නිතර ප්‍රඥාව ය.
එහෙත් අඥානයා චන්ද්‍රයා මෙන් වෙනස්වන සුලු ය.
12 ඔබ සිටින්නේ අඥානයන් සමඟ නම්, ඉවත් ව යන්නට ඉක්මන් වන්න, එහෙත්, කල්පනාකාරී මිනිසුන් සමඟ නම්, නොබිය ව සිටින්න.
13 මො‍්ඩයාගේ කතාව පිළිකුලකි.
පවිටු උත්සවයන්හි දී ඔවුන්ගේ සිනහව රළු ය.
14 දිවිරීමට පුරුදු මිනිසාගේ කතාව රො‍්ම කෙළින් කරවන්නේ ය.
ඔවුන්ගේ කලහය අසන අය තමන්ගේ කන් වසාගන්නෝ ය.
15 අහංකාරිකයන්ගේ ආරාවුලින් ලේ වැගිරීම සිදු වන්නේ ය.
ඔවුන්ගේ ගැරහීම ඇසීම වේදනා සහිත ය.

රහස්‍ය බව සුරැකීම

16 රහස් එළිදරව් කරන්නා සැලකිල්ල අහිමි කරගන්නේ ය.
ඉන්පසු ඔබට හිතකර මිතුරෙක් සම්බ නොවන්නේ ය.
17 ඔබේ මිතුරාට හිතවත් වන්න, විශ්වාසී වන්න.
එහෙත්, ඔබ ඔහුගේ රහස් එළිදරව් කෙළෙහි නම්, ඔහු පස්සේ නොයන්න.
18 මන්ද, සතුරෙකු මරන්නාක් මෙන් ඔබ ඔබේ අසල්වැසියාගේ මිතුරුකම නැසූ හෙයිනි.
19 අත දිග හැර කුරුල්ලෙකුට මිදී යන්නට හරින්නාක් මෙන් ඔබේ මිතුරා යන්නට හැරියෙහි ය;
නැවත අල්ලන්නට ඔබට බැරි ය.
20 ඔහු පස්සේ නොයන්න, ඔහු ඈත දුර ය, උගුලෙන් බේරුණු මුව දෙන මෙන් ඔහු පලා ගොස් ඇත.
21 තුවාළයක් පටියකින් වෙළිය හැකි ය;
අපහාසයකට කමා කළ හැකි ය.
එහෙත්, රහසක් එළිදරව් කළ තැනැත්තාට බලාපොරොත්තුවක් නැත.

කුහකකම

22 හොරට නෙත් කොණින් බලන්නා කූටෝපායයක් යොදන්නේ ය;
එය නොකිරීමට ඔහු කැමැති කරවාගන්නට කිසිවෙකුට බැරි ය.
23 ඔබ ඉදිරියේ ඔහුගේ කතාව මී පැණි මෙන් මිහිරි ය.
ඔබේ වචන ගැන ඔහු කුල්මත් වෙයි. එහෙත්, ඔබට පිටුපසින් ඔහු වෙන දෙයක් කියයි.
ඔබේ වචන හානිකර බව ඔහු පතුරුවා හරියි.
24 මම බොහෝ දේවල් පිළිකුල් කරමි. එහෙත්, මේ මිනිසාට සමාන කිසිවක් නැත්තේ ය.
සමිඳාණෝ ද ඔහු පිළිකුල් කරන සේක.
25 ඉහළට ගලක් විසි කරන්නා එය තමාගේ හිසට විසි කරන්නේ ය.
ද්‍රෝහි පහරක් ගසන්නා එහි ප්‍රතිප්‍රහාරය විඳින්නේ ය.
26 වළක් හාරන්නා එය තුළට වැටෙන්නේ ය.
මලපතක් අටවන්නා එයට අසු වන්නේ ය.
27 යමෙකු නපුරක් කළොත්, නපුර ඔහු පිට වැටෙන්නේ ය.
එය කොහෙන් ආවේ දැ යි ඔහු නොදන්නේ ය.
28 ඇනුම්පද සහ අපහාසය අහංකාරිකයෙකුගේ ලකුණු ය.
එහෙත්, දරුණු විපාකය සිංහයෙකු මෙන් ඔහු දෙස බලා සිටින්නේ ය.
29 බැතිමතුන්ගේ වැටීම ගැන ප්‍රීති වන්නෝ මලපතට අසු වන්නෝ ය.
ඔවුන් මැරෙන්නට පෙර වේදනාව ඔවුන් කාදමන්නේ ය.

බද්ධ වෛරය

30 බද්ධ වෛරය සහ කෝපය පිළිකුල් දේවල් ය. ඒවා පව්කාර මනුෂ්‍යයා තුළ දක්නට ලැබෙන්නේ ය.

 

– 28 වන පරිච්ඡේදය –

බද්ධ වෛරය

1 පළිගන්න තැනැත්තා සමිඳුන්ගේ පළිගැනීම අත්දැකීමෙන් දැනගන්නේ ය.
උන් වහන්සේ පාපවල නිවැරදි සටහනක් තබාගෙන සිටින සේක.
2 ඔබේ අසල්වැසියා කළ වරදට සමා වන්න.
එවිට ඔබේ යාච්ඤාවෙහි දී ඔබේ පව් කමා කරනු ලබන්නේ ය.
3 මිනිසෙක් යමෙකුට විරුද්ධ ව කෝපය තම සිතෙහි පදිංචි කරගන්නේ නම්, ඔහු විසින් සමිඳුන්ගෙන් සමාව ඉල්ලිය හැක්කේ කෙසේ ද?
4 ඔහු තමා වැනි මිනිසෙකුට අනුකම්පා නොකරන්නේ ය.
එසේ නම් ඔහු තමාගේ ම පව් උදෙසා යාච්ඤා කරන්නේ කෙසේ ද?
5 මැරෙනසුලු කෙනෙකු වන ඔහු බද්ධ වෛරයක් තබා යන්නේ ය.
ඔහුගේ පාපවලට සමාව දෙන්නේ කවරෙක් ද?
6 අන්තිමය සිහි කර වෛර කිරීමෙන් වැළකෙන්න;
ජරාව හා මරණය සිහි කර විශ්වාසවන්ත ලෙස පණත් ඉටු කරන්න.
7 පණත් සිහි කර අසල්වැසියාට විරුද්ධ ව වෛරයක් තබා නොගන්න.
මහො‍්ත්තමයාණන් වහන්සේගේ ගිවිසුම සිහි කර වරදට කමා කරන්න.

අඬදබර

8 අඬදබරයෙන් තොරව සිටින්න.
එවිට ඔබ පාපයෙන් වැළකෙන්නෙහි ය.
වහා කිපෙන මිනිසා අඬදබර උපදවන්නේ ය.
9 පවිටුවා මිතුරන් අතර භේද වපුරන්නේ ය, සාමදානයෙන් ජීවත් වන ජනයා අතර අපවාද පතුරුවන්නේ ය.
10 ගින්න ඇවිළීමට ගන්නා ද්‍රව්‍ය අනුව ගින්න ඇවිලෙන්නේ ය.
අඬදබරය එහි වේගය අනුව පැතිර යන්නේ ය.
මනුෂ්‍යයෙකුගේ කෝපය ඔහුගේ ශක්තිය පිට රඳා පවතින්නේ ය.
ඔහුගේ උදහස ධනයේ ප්‍රමාණය අනුව දරුණු වන්නේ ය.
11 හදිසි අඬදබරයෙන් කෝප ගින්න දල්වනු ලබන්නේ ය.
කඩිනම් ආරාවුලෙන් ලේ වැගිරීමක් ඇති වන්නේ ය.
12 ගිනි පුපුරකට පිම්බොත් එය ඇවිලෙන්නේ ය.
එයට කෙළ ගැසුවොත් එය නිවී යන්නේ ය.
මේ දෙක ම සිදු වන්නේ මුඛයෙන් ය.

දිවට කළ හැකි දේ

13 ඕපාදූප පතුරන්නාටත්, වංචාබස් දොඩන්නාටත් වන විපතක මහත!
ඔව්හු සාමදානයෙන් ජීවත් වූ බොහෝ දෙනෙකු විනාශ කළො‍් ය.
14 ආරාවුලක දී මැදිහත් වන තුන් වන පක්ෂය බොහෝ ජනයා කම්පා කළො‍් ය.
ඔව්හු රටින් රටට පන්නාදමනු ලැබුවෝ ය.
15 ඒ පක්ෂය බලසම්පන්න නගරයක් විනාශ කර ඇත.
අධිපතීන්ගේ ගෘහයක් පෙරළාදමා ඇත.
16 ඒ තුන් වන පක්ෂය ගුණවත් භාර්යාවන් ගේදොරින් පන්නාදමා ඇත.
ඔවුන්ගේ දැඩි ශ්‍රමයට ලැබිය යුතු වේතනයෙන් ඔවුන් වළක්වා ඇත.
ඒ අයට ඇහුම්කන් දෙන්නාට සිත් තුළ සාමදානය සම්බ නොවන්නේ ය.
නැවත සාමදානයෙන් ජීවත් වීමට ඔහුට නොහැකි වන්නේ ය.
17 කස පහරෙන් ලාංඡනයක් ඇති වන්නේ ය.
එහෙත්, දිවේ පහරෙන් ඇටකටු බිඳෙන්නේ ය.
18 බොහෝ මනුෂ්‍යයෝ කඩුවෙන් වැටුණෝ ය.
එහෙත්, ඊටත් වඩා අය දිවෙන් විනාශ වූවෝ ය.
19 එහි ස්පර්ශයෙන් ආරක්ෂා වන්නා වූ ද එහි වියරුව අත් නුදුටුවා වූ ද එහි වියගස නොදැරුවා වූ ද එහි යදම්වලින් බඳිනු නොලැබුවා වූ ද මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි!
20 එහි වියගස අයෝමය වියගසකි.
එහි යදම් ලෝකඩ යදම් ය.
21 එයින් සිදු වන මරණය කාලකණ්ණි මරණයකි.
පාතාල ලෝකය ඊට වඩා හොඳ ය.
22 බැතිමතුන් කෙරෙහි බලපෑමක් එයට නැත්තේ ය.
ඔව්හු එහි ගිනි ජාලාවෙන් නොදැවෙන්නෝ ය.
23 සමිඳුන් අත්හරින්නෝ එයට ගොදුරු වන්නෝ ය.
ඔවුන් තුළ එය නොනිවෙන ලෙස ඇවිලෙන්නේ ය.
ඔවුන්ට විරුද්ධ ව එය සිංහයෙකු මෙන් කඩාබිඳගෙන එන්නේ ය.
එය දිවියෙකු මෙන් ඔවුන් ඉරාදමන්නේ ය.
24 බලන්න, ඔබේ ඉඩම කටු වැටකින් වට කරන්න.
ඔබේ රිදී රත්රන් යතුරු ලා තබන්න.
25 කතාවෙහි දී තරාදි සහ පඩි භාවිතා කරන්න.
ඔබේ මුඛය හරහා අගුල් සහිත දොරක් දමන්න.
26 එය මඟින් කට නොවරද්දා ගැනීමට පරිස්සම් වන්න.
නැති නම්, ඔබ ගැන සෝදිසියෙන් සිටින්නාට ඔබ අසුවන්ට පුළුවන.

 

– 29 වන පරිච්ඡේදය –

ණයට දීම

1 අසල්වැසියාට ණයට දීම දයාවේ ක්‍රියාවකි.
ඔහුට උදව් වීම පණත් පිළිපැදීම ය.
2 ඔබේ අසල්වැසියාට ඔහුගේ අවශ්‍යතාවෙහි දී ණයට දෙන්න.
ඔබ ද නියම වේලාවට ආපසු ගෙවන්න.
3 ඔබේ වචනය ඉෂ්ට කරන්න.
අන්‍යයන්ට කී වචනය කඩ නොකරන්න.
ඔබේ සියලු ඕනෑකම්වල දී ඔබට අවශ්‍ය දේ සම්බ වන්නේ ය.
4 බොහෝ දෙනා ණයට ලැබුණු දේ හදිසි ලාභයක් කොට සලකන්නෝ ය.
ඔව්හු තමන්ට උදව් වුණු අය අමාරුවේ හෙළන්නෝ ය.
5 ලබාගන්නට පෙර ඔව්හු ණයට දෙන්නාගේ අත සිඹ ගන්නෝ ය.
ඔහුගේ ධනය ගැන ගෞරව සහිත ව කතා කරන්නෝ ය.
එහෙත්, ආපසු ගෙවීමේ දිනය පැමිණි විට කල් දමන්නෝ ය;
හිස් පොරොන්දු දෙන්නෝ ය.
අමාරු කාලයක් ය කියා කන්නලව් කරන්නෝ ය.
6 ආපසු ගෙවන්නට ඔවුන්ට බල කළොත් ණය හිමියා තමා දුන් මුදලින් බාගයක් වත් නොලබන්නේ ය.
ඒ බාගය පමණ වත් ලැබුණොත් ඔහු වාසනාවන්තයෙකි.
අනෙක් අතට ඔහුගේ මුදල වංචාවෙන් පැහැරගනු ලැබුවා විය හැකි ය.
නිකරුණේ ඔහුට තවත් සතුරෙක් ඇති වන්නේ ය.
ඔහුට සාපවලින් ද අපහාසවලින් ද ආපසු ගෙවනු ලබන්නේ ය.
ගෞරවය වෙනුවට නිග්‍රහය ඔහුගේ කොටස වන්නේ ය.
7 බොහෝ දෙනා දුෂ්ට අදහසක් නැති ව ණය දීමට අකමැති වන්නෝ ය.
නිකරුණේ වංචා කරනු ලැබීමට ඔව්හු බිය වන්නෝ ය.

ත්‍යාගශීලී භාවය

8 එහෙත්, දුගී බවට පත් වූ අයට කරුණාව දක්වන්න.
ඔබ පිනට දෙන දෙය සඳහා ඔවුන් බොහෝ වේලාවක් නවත්වා නොගන්න.
9 පණතට කීකරු වන පිණිස දුප්පතාට උදව් වන්න.
ඔහුගේ වුවමනාවේ දී හිස් අතින් ඔහු ආපසු නොහරින්න.
10 සහෝදරයෙකු හො‍් මිතුරෙකු හො‍් උදෙසා ඔබේ මිලමුදල් පරිත්‍යාග කරන්න.
එය ගලක් යට මලකඩ කා විනාශ වන්නට ඉඩ නාරින්න.
11 ඔබේ ධනය මහො‍්ත්තමයාණන් වහන්සේගේ පණත් අනුව භාවිත කරන්න.
එය ඔබට රත්රන්වලට වඩා ප්‍රයෝජනවත් වන්නේ ය.
12 දන් දෙන දේ ඔබේ ගබඩාවල වසා තබන්න.
එය ඔබ සියලු විපතින් නිදහස් කරන්නේ ය.
13 ශක්තිමත් පලිහකට වඩාත්, බර හෙල්ලයකට වඩාත් හොඳින් එය සතුරාට විරුද්ධ ව ඔබ උදෙසා සටන් කරන්නේ ය.

ඇප වීම

14 ගුණවත් මිනිසා තම අසල්වැසියා උදෙසා ඇපයක් වශයෙන් සිටින්නේ ය.
එහෙත්, ඔහු ගැන නොසලකා සිටින්නා ලජ්ජාව නැති මිනිසෙකි.
15 ඔබේ ඇපකාරයා ඔබට කළ උපකාරය අමතක නොකරන්න.
ඔහු ඔබ උදෙසා තම පණ දුන්නේ ය.
16 පවිටුවා තම ඇපකාරයාගේ කරුණාවන්තකම ගැන නොසලකන්නේ ය.
කළගුණ නොසලකන්නා තමා බේරාගත් තැනැත්තා අමතක කරන්නේ ය.
17 ඇපයට සිටීමෙන් භාග්‍යවත් බොහෝ මනුෂ්‍යයෝ විනාශ වූවෝ ය;
මුහුදේ තරංගයන් මෙන් පෙරළනු ලැබුවෝ ය.
18 එය බලසම්පන්න මනුෂ්‍යයන් රටින් නෙරපාදැමුවේ ය.
ඔව්හු විදේශික ජාතීන් අතරෙහි තැනින් තැන ඇවිද්දෝ ය.
19 ලාභයක් නිසා ඇපයට සිටීමට කඩිනම් වන දුෂ්ටයා නඩු පැමිණිලිවල තමා පටලවා ගන්නේ ය.
20 ඔබට හැකි පමණින් අසල්වැසියාගේ උදව්වට යන්න.
එහෙත්, ඔබත් එවැනි කරදරයක නොවැටෙන්නට පරිස්සම් වන්න.

අනුන්ගේ නිවෙස්වල නැවතී සිටීම හා ආගන්තුක සත්කාරය

21 ජීවිතය සඳහා අවශ්‍ය ප්‍රධාන දේවල් නම්:
ජලය, ආහාර, වස්ත්‍ර සහ තනි විවේකය සඳහා නිවහනක් ය.
22 අනුන්ගේ ගෙදරක බහුල ආහාරයට වඩා පොල් අතු පැලක වසන දුප්පතාගේ ජීවිතය හොඳ ය.
23 ඔබට හුඟක් තිබුණත් ටිකක් තිබුණත් සතුටින් සිටින්න.
ආගන්තුකයෙකු මෙන් සලකනු ලබන්නට ඉඩ තබා නොගන්න.
24 ගෙන් ගෙට යාම කාලකණ්ණි ජීවිතයකි.
ඔබ අමුත්තෙකු වන තැන ඔබේ මුඛය අරින්නට බිය වන්නෙහි ය.
25 ආගන්තුක සත්කාරයෙන් ඔබ පිළිගන්වන පානයට තුතියක් නොලැබෙන්නේ ය.
ඒ මදිවාට අප්‍රසන්න වචන ඔබට ඇසෙන්නේ ය.
26 ”එම්බා, ආගන්තුකය, ඔබ එන්න;
මේසය සූදානම් කරන්න.
ඔබ ළඟ කෑමට යමක් ඇත්නම් මටත් දෙන්නැ”යි කියනු ඔබට ඇසෙනවා ඇත.
27 ”එම්බා, ආගන්තුකය, ඔබ යන්න;
ඔබට වඩා වැදගත් කෙනෙකුට ඉඩ දෙන්න.
මාගේ සහෝදරයා මා බලන්නට එන හෙයින්, ගෙය මට අවශ්‍ය වී තිබේ” යයි කියනු ඔබට ඇසෙනවා ඇත.
28 ආගන්තුක සත්කාරය තමාට දීමට අකමැති බව ඇසීම ද ණයකාරයෙකු මෙන් සලකනු ලැබීම ද ශිෂ්ට මිනිසෙකුට බොහෝ අප්‍රසන්න දෙයකි.

 

– 30 වන පරිච්ඡේදය –

දරුවන් ඇතිදැඩි කිරීම

1 තම පුත්‍රයාට ප්‍රේම කරන්නා ඔහුට බොහෝ විට තළන්නේ ය.
පසු කලෙක දී මේ පුත්‍රයා ඔහුගේ සැනසිල්ල වන්නේ ය.
2 තම පුත්‍රයා මනා ලෙස ඇතිදැඩි කරන්නා එහි ඵල නෙළා ගන්නේ ය.
තමා අඳුනන අය අතර ඔහු ගැන ආඩම්බර වන්නේ ය.
3 තම පුත්‍රයා පුහුණු කරන්නා තම සතුරන් ඊර්ෂ්‍යා සහගත කරවන්නේ ය.
තම මිතුරන් ඉදිරියෙහි ඔහු ගැන ප්‍රීතියෙන් පිනා යන්නේ ය.
4 තම පියා මැරුණු විට පවා ඔහු නොමැරුණාක් මෙනි.
මන්ද, ඔහු තමාට සමාන පුතෙකු ඉතුරු කර යන හෙයිනි.
5 ජීවත් ව සිටිය දී ඔහුගේ ආශ්‍රයෙන් ඔහුට ප්‍රීතිය ලැබුණේ ය.
මරණයෙහි දී ඔහුට සිත් වේදනාවක් නැත්තේ ය.
6 ඔහු තම සතුරන්ට විරුද්ධ ව පළිගන්නෙකු තබා යන්නේ ය.
තම මිතුරන්ගේ උපකාරවලට ප්‍රතිවිපාක දීමට කෙනෙකු තබා යන්නේ ය.
7 තම පුත්‍රයාට අධික ලෙස සැප සලසන්නා ඔහුගේ සුළු තුවාළ පවා වෙළන්නේ ය.
ඔහු අඬන හැම විට ම පියාට සිත් වේදනා ඇති වන්නේ ය.
8 හීලෑ නොකරන ලද අශ්වයා මුරණ්ඩු වන්නේ ය.
නොහික්මවන ලද දරුවා හිතුවක්කාරයෙක් වන්නේ ය.
9 ඔබ තම පුත්‍රයා සුරතල් කළොත් ඔහු ඔබ තැති ගන්වන්නේ ය.
ඔබ ඔහු සමඟ සෙල්ලම් කළොත් ඔහු ඔබට දුක් දෙන්නේ ය.
10 ඔබ අන්තිම දක්වා දත්මිටි කන්නට කැමැති නැත්නම්, ඔහු සමඟ දුක් වන්නට කැමැති නැත්නම් ඔහු සමඟ සිනා නොවන්න.
11 බාල කාලයෙහි දී ඔහුට නිදහසක් නොදෙන්න.
ඔහුගේ මො‍්ඩකම් නුදුටුවාක් මෙන් නොසිටින්න.
12 බාල කාලයේ දී ඔහුගේ කොඳු ඇටය නමන්නට සලස්වන්න.
ඔහු ළමයෙකු ව සිටිය දී ඔහුගේ ඇළයට තළන්න.
එසේ නොකළොත් ඔහු මුරණ්ඩු වී ඔබට අකීකරු වන්නේ ය;
ඔබට වේදනා දෙන්නේ ය.
13 ඔබේ පුත්‍රයා හොඳින් ඇතිදැඩි කරන්න;
හොඳින් පුහුණු කරන්න.
එසේ නොකළොත් ඔහුගේ ගරුසරු නැතිකමින් ඔබ ශෝකයට පත් වන්නෙහි ය.

ශාරීරික සනීපය

14 ශරීර පීඩා විඳින ධනවතෙකුට වඩා නිරො‍්ගි ශක්තිමත් දුප්පතා හොඳ ය.
15 සනීපය සහ ශක්තිය රත්රන්වලට වඩා අගනේ ය.
වීර්යය ඇති ශරීරය අතිවිශාල ධනයට වඩා හොඳ ය.
16 ශරීර සනීපයට වඩා අගනා ධනයක් නැත්තේ ය.
හෘදයේ ප්‍රීතියට වඩා උසස් සතුටක් නැත්තේ ය.
17 දුකින් පිරුණු ජීවිතයට වඩා මරණය හොඳ ය.
නිදන්ගත රො‍්ගයකට වඩා සදා සැනසීම යහපත් ය.
18 වැසූ කටක් ළඟ නොමසුරු ව තබන ලද ආහාර මිනීවළක් උඩ තබන ලද ආහාර පූජා වැනි ය.
19 දේවතා රූපයකට ආහාර පූජාවක් ඔප්පු කිරීමෙන් ඇති ඵල කිම?
ඒ රූපය එය නොකන්නේ ය;
එය ආඝ්‍රාණය නොකරන්නේ ය.
සමිඳුන් විසින් පීඩා කරනු ලබන්නා එවැන්නෙකි.
20 ඔහු බලා සුසුම්ලන්නේ ය;
ඔහු කන්‍යාවක වැළඳගෙන සුසුම්ලන නපුංසකයෙකු මෙනි.

ප්‍රීතිය

21 දුකෙහි ම ගිලී සිටීමට ඉඩ නොදෙන්න.
කණස්සල්ලෙන් සිතේ පීඩා ඇති කර නොගන්න.
22 සිතේ සතුට මනුෂ්‍යයාගේ ප්‍රාණය වන්නේ ය.
ප්‍රමො‍්දය ඔහුට දීර්ඝායු දෙන්නේ ය.
23 ඔබේ කණස්සල්ල විනෝදයට හරවාගන්න, ඔබේ සිත සනසාගන්න, ඔබේ ශෝකය පලවා හරින්න.
මන්ද, ශෝකයෙන් බොහෝ දෙනා විනාශ වූ හෙයිනි.
එයින් කිසිවෙකුට පලක් නැත.
24 ද්වේෂය හා කෝපය ඔබේ ජීවිත කාලය කෙටි කරන්නේ ය.
කරදර නිසා අකාල මරණය සිදු වන්නේ ය.
25 උද්‍යෝගිමත් මිනිසාට හොඳට කෑමට රුචියක් ඇත්තේ ය.
තමා කන කෑමෙන් ඔහු ප්‍රයෝජන ලබාගන්නේ ය.

 

– 31 වන පරිච්ඡේදය –

ධනය

1 ධනය නිසා ඇති වන නින්ද නොයාමෙන් මනුෂ්‍යයා දුර්වල වන්නේ ය.
ධනයෙන් ඇති වන කරදර නිසා නින්ද ඉවත් වන්නේ ය.
2 දවසේ කරදර නින්දට බාධාවකි.
බරපතල රො‍්ගයක් නින්ද පලවා හරින්නේ ද එසේ ය.
3 මිලමුදල් රැස් කරමින් ධනවතා වෙහෙස වන්නේ ය.
ඔහු වැඩ කිරීම නවත්වන්නේ නම්, ඒ විනෝදයෙන් තෘප්තිමත් වීමට පමණකි.
4 තමාගේ නඩත්තුවට යමක් නැති හෙයින් දුප්පතා වැඩ කරන්නේ ය.
ඔහු වැඩ කිරීම නැවැත්වුවහොත් දීන බවට ඇද වැටෙන්නේ ය.
5 මුදලට ආලය කරන්නා සත්ගුණවත් ය යි නොසැලකේ.
ලාභ ප්‍රයෝජන ලුහුබැඳ යන්නා එයින් රැවටේ.
6 රත්රන් නිසා විනාශ වූ අය බොහෝ ය, ඔවුන්ගේ විනාශය නියත ව තිබුණේ ය.
7 එයට කැප වන අයට එය මලපතක් වන හෙයිනි.
සියලු අඥානයෝ එයට අසු වන්නෝ ය.
8 කැළලක් නැති ව ජීවත් වන ධනවතා භාග්‍යවන්තයෙකි.
රත්රන් ලුහුබැඳ නොයන තැනැත්තා භාග්‍යවන්තයෙකි.
9 ඔහු කවරෙක් ද?
ඔහු ගැන අපි සතුට ප්‍රකාශ කරන්නෙමු.
මන්ද, ඔහු තම සෙනඟ අතර පුදුම දේවල් කළ හෙයිනි.
10 මේ පරීක්ෂණයට ලක් වී නිර්දෝෂී ව මතු වූයේ කවරෙක් ද?
මෙය ඔහුගේ ආඩම්බරයට කාරණයක් වන්නේ ය.
පව් කරන්නට ඔහුට හැකියාවක් තිබුණු නමුත්, ඔහු පව් නොකෙළේ ය.
අනුන්ට අයුතුකම් කරන්නට ඔහුට ඉඩ තිබුණු නමුත්, ඔහු එසේ නොකළේ ය.
11 ඔහුගේ භාග්‍යය තහවුරු කරනු ලබන්නේ ය.
මුළු සභාව ඔහුගේ ත්‍යාගිවන්තකම ප්‍රකාශ කරන්නේ ය.

භෝජන උත්සව

12 ඔබ අනර්ඝ භෝජනයකට වාඩි වූයෙහි ද, ඒ ගැන පාරට්ටු කිරීමට කට නො අරින්න.
”කොපමණ හොඳ භෝජන සංග්‍රහයක් දැ”යි නොකියන්න.
13 ගිජු ඇසක් ඇති ව සිටීම කොපමණ නරක දැ යි සිහි කරන්න.
මුළු මැවිල්ලෙහි ඇසට වඩා ගිජු වන්නේ කුමක් ද?
සෑම අවස්ථාවල දී ම එයින් කඳුළු වැගිරෙන්නේ එහෙයිනි.
14 ඔබට ආරාධනා කළ තැනැත්තා ආශාවෙන් බලා සිටින දෙය දෙසට ඔබේ අත දික් නොකරන්න.
ඔහු දීසියකට අත තබන විට ම ඔබත් එයට පොර නොබදන්න.
15 ඔබ ළඟ සිටින තැනැත්තාට අවශ්‍ය දේ ගැන ඔබට අවශ්‍ය දේ ගැන සලකන්නාක් මෙන් සලකන්න.
හැම ආකාරයෙන් ම කල්පනාකාරී වන්න.
16 ඔබට පිළිගැන්වෙන දේ ශිෂ්ට මනුෂ්‍යයෙකු මෙන් අනුභව කරන්න.
කෑදර ලෙස ගිල නොදමන්න.
එසේ කළොත් අනුන් ඔබ කෙරෙහි අප්‍රිය වනු ඇත.
17 ශීලාචාරකම සලකා කෑම කා නිම කරන පළමු වැන්නා වන්න.
කෑදරයෙකු නො වන්න.
ඔබ හෙළා දකිනු ලබන්නෙහි ය.
18 ඔබ බොහෝ දෙනෙකු සමඟ මේසයට වාඩි වී සිටින්නෙහි නම්, අනෙක් අයට පෙර කෑම බෙදා නොගන්න.
19 විනීත මනුෂ්‍යයෙකුට ස්වල්පයක් කෑම හොඳට ම සෑහේ.
ඔහු නින්දට ගිය විට පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ ය.
20 පමණ දැන කෑම නොකැඩෙන නින්දට ආධාරයකි.
එසේ නිදා වේලාසනින් පිබිදෙන ඔහුට උනන්දු ගතියක් ඇති වන්නේ ය.
නින්ද නොයෑම, ඔක්කාරය, බඩේ කැක්කුම යන මේවා පමණ ඉක්මවා කන මිනිසාගේ පීඩා ය.
21 අධික ලෙස කන්නට සිදු වුවහොත් නැඟිට ගොස් වමනය කරන්න.
ඔබට සහනය ලැබෙන්නේ ය.
22 මගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා කියන දේ සුළු කොට නො සලකන්න.
මාගේ වචනවල සත්‍යතාව ඔබ පසුව තේරුම්ගන්නෙහි ය.
ඔබේ සියලු කටයුතුවල දී පමණ දැන ක්‍රියා කරන්න.
අසනීපයක් ඔබට කවදාවත් ළං නොවන්නේ ය.
23 ඉතා අනර්ඝ භෝජනයකින් සංග්‍රහ කරන්නා පසසනු ලබන්නේ ය.
ඔහුගේ ත්‍යාගිවන්තකම ගැන ප්‍රශංසාව යහපත් ය.
24 එහෙත්, මසුරු ලෙස සංග්‍රහ කරන්නා මුළු නුවරෙහි අපකීර්තියට පත් වන්නේ ය.
තවද, ඔහුගේ මසුරුකම ගැන මිනිසුන්ට සැක නැත්තේ ය.

මුද්‍රික පානය

25 මුද්‍රික පානයෙහි දී ඔබේ වීර ගතිය නොපෙන්වන්න.
මුද්‍රික පානයෙන් බොහෝ දෙනෙකු විනාශ වූ හෙයිනි.
26 යකඩ උදුනෙහි දී පරීක්ෂා කරනු ලබන පරිදි, පුරසාරම් දොඩන්නන්ගේ හෘදය ඔවුන්ගේ මධුපානෝත්සවවල දී පරීක්ෂා කරනු ලබන්නේ ය.
27 පමණ දැන බොන්නේ නම්, මුද්‍රික පානය මනුෂ්‍යයා ප්‍රාණවත් කරන්නේ ය.
මුද්‍රික පානය නොමැති ව මනුෂ්‍යයා ගත කරන ජීවිතය කුමක් ද?
මනුෂ්‍යයන් සන්තෝෂ කිරීමට එය මවන ලද්දේ ය.
28 සුදුසු වේලාවෙහි දී සුදුසු තරමට බීවොත් මුද්‍රික පානය ප්‍රීතිමත් හෘදයක් ද උද්‍යෝගිමත් සිතක් ද ඇති කරන්නේ ය.
29 පමණ නොදැන හො‍් තරහ ගතියෙන් හො‍් ව්‍යාජ නිර්භීතකමින් හො‍් බීවොත් ආත්මයේ මහත් දොම්නසක් ඇති වන්නේ ය.
30 බීමත්කමින් අඥානයාගේ කෝපය තමාට ම විනාශදායක වන ආකාරයකින් ප්‍රබෝධ වන්නේ ය.
එයින් ඔහුගේ ශක්තිය හීන වී ගුටි බැට දීමට පොළඹවනු ලබන්නේ ය.
31 භෝජන සංග්‍රහයක දී ඔබ ළඟ සිටින තැනැත්තා කුපිත නොකරවන්න.
ඔහු ප්‍රමුදිත ව සිටින විට ඔහුට සමච්චල් නොකරන්න;
ඔහුට නින්දා වන ආකාරයෙන් කතා නොකරන්න.
ඔබට ලැබෙන්නට තිබෙන මුදල් ඉල්ලමින් ඔහුට කරදර නොකරන්න.

 

– 32 වන පරිච්ඡේදය –

මංගල භෝජන

1 මංගල්‍යයේ සංවිධායක වශයෙන් ඔබ පත් වී සිටින්නෙහි ද?
ඒ ගැන උඩඟු නොවන්න.
කෑමට වාඩි වන අයකුගෙන් එකකු මෙන් ඔවුන් සමඟ සිටින්න.
ඔවුන්ගේ පහසුකම් ගැන සලකා බලා ඔබ ද වාඩි වන්න.
2 ඔබේ යුතුකම් ඉටු කරන්න.
ඉන්පසු ඔබේ තැන ගෙන ඔවුන් සමඟ සතුටු වන්න.
ඔබේ කාර්යය සඵල වීම ගැන දෙන කිරුළ ලබාගන්න.
3 මහල්ලෙනි, කතා කරන්න. එසේ කිරීම යෝග්‍ය ය.
එහෙත්, සිහි පරීක්ෂාවෙන් කතා කරන්න.
සංගීතයට බාධා නොකරන්න.
4 සංගීත ආස්වාද අවස්ථාවෙහි දී කතා බහෙන් වළකින්න.
නුසුදුසු වේලාවක දී ඔබේ දක්ෂකම විදහා නොපෙන්වන්න.
5 මංගල භෝජනයක් අතරතුරේ දී කෙරෙන සංගීත වාදනය මැණිකක් පිට කොටන පද්මරාග මුද්‍රාවක් මෙනි.
6 ඉතා හොඳ මුද්‍රික පානය සමඟ සුමිහිරි සංගීතය රත්රන් කැටයම් පිට තැබූ මරකත මුද්‍රාවක් මෙනි.
7 තරුණයෙනි, අවශ්‍ය වන විට කතා කරන්න.
යමෙකු ප්‍රශ්න කළොත්, වැඩි වශයෙන් දෙවරක් කතා කරන්න.
8 ඔබේ කතා ලුහුඬින් කරන්න.
බොහෝ දේවල් වචන ස්වල්පයකින් කියන්න.
ඔබ බොහෝ දේවල් දන්න නමුත් කතා කරන්නට අකමැති බවක් අඟවන්න.
9 උත්තමයන් අතර ඔවුන්ට සමාන අය මෙන් නොහැසිරෙන්න.
තවත් අයෙක් කතා කරන්නේ නම්, ඔබ පලක් නැති දේ නොකියන්න.
10 අහස ගෙරවීමට කලින් විදුලි කෙටීම ඇති වන්නේ ය.
විනීත මිනිසාට ඉදිරියෙන් ප්‍රසාදය යන්නේ ය.
11 කල්වේලා ඇති ව නැඟිට සමු ගෙන යන්න.
ප්‍රමාද නොවන්න. ඉක්මන් කර ගෙදර යන්න.
තැන් තැන්වල නතර නොවන්න.
12 එහි දී විනෝද වන්න, ඔබ කැමැති දෙයක් කරන්න.
එහෙත්, ගරුසරු නැති කතාවෙන් පව් නොකරන්න.
13 මේ සියල්ල උදෙසා ඔබ මැවූ තැනැන් වහන්සේට ප්‍රශංසා කරන්න.
උන් වහන්සේ සිය යහපත් දේවලින් ඔබ පුරවන සේක.

දේව ගරුබිය

14 සමිඳුන් හට ගරුබිය පාන්නා උන් වහන්සේගේ ගුරුකම් අසන්නේ ය.
උන් වහන්සේ සොයන්නෝ උන් වහන්සේගේ ප්‍රසාදය ලබාගන්නෝ ය.
15 නීතිය සෝදිසි කර බලන්නා එයින් පෝෂණයට පත් වන්නේ ය.
එහෙත්, කුහකයාගේ වැටීමට එය හේතුවක් වන්නේ ය.
16 සමිඳුන් හට ගරුබිය පාන්නෝ නිදොස් වන්නෝ ය.
ඔව්හු තමන්ගේ යහපත් ක්‍රියා ආලෝකයක් මෙන් බබළන්නට සලසන්නෝ ය.
17 පවිටුවා තරවටු ප්‍රතික්ෂේප කරන්නේ ය;
තමා කැමැති දේ කිරීමට කරුණු සොයන්නේ ය.
18 නැණවත් මිනිසා දැනමුතුකම හෙළා නොදකින්නේ ය.
අහංකාර අධර්මිෂ්ඨයා බිය නොදන්නේ ය.
19 කල්පනා නොකර කිසිවක් නොකරන්න.
එවිට ඔබේ ක්‍රියා ගැන ඔබ කණගාටු නොවන්නෙහි ය.
20 රළු පාරක් ඔස්සේ නොයන්න.
එසේ ගියොත් ඔබ ගල් මත පැකිළී වැටෙන්නෙහි ය.
21 සමතලා පාරක වුවත් පමණට වඩා නිසැක නොවන්න.
ඔබේ දරුවන් ගැන පරිස්සම් වන්න.
22 ඔබේ සියලු කාරණාවල දී ඔබ ගැන ම විමසිලිමත් ව සිටින්න.
පණත් ඉටු කිරීම යනුවෙන් අදහස් කරන්නේ මෙය වේ.
23 නීතිය කෙරෙහි විශ්වාසය තබන්නා නීතියේ පණත් පිළිපදින්නේ ය.
සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්නාට කිසි හානියක් සිදු නොවන්නේ ය.

 

– 33 වන පරිච්ඡේදය –

1 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තාට උපද්‍රවයක් සිදු නොවන්නේ ය.
ඔහුගේ තද දුකින් ඔහු නැවත නැවත නිදහස් කරනු ලබන්නේ ය.
2 නීතිය පිළිකුල් කරන්නා ප්‍රඥා සම්පන්න නොවන්නේ ය:
එහෙත්, ව්‍යාජ ලෙස නීතිය පිළිපදින්නා කුණාටුවකට අසුවුණු නැවක් මෙනි.
3 නැණවත් මිනිසා නීතිය කෙරෙහි විශ්වාසය තබන්නේ ය.
ඔහුට නීතිය කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි මෙන් විශ්වාසය තැබිය හැකි ය.
4 ඔබ කියන්නට යන දේ ගැන සූදානම් වන්න.
එවිට අසන්නෝ ඔබට ඇහුම්කන් දෙන්නෝ ය.
උත්තර දෙන්නට පෙර, ඔබ දන්නා කරුණු පිළිවෙළට සකස් කරගන්න.
5 මො‍්ඩයාගේ හැඟීම් කරත්ත රො‍්දයක් වැනි ය.
ඔහුගේ සිතිවිලි කරකැවෙන කක්ෂයක් මෙන් කරකැවෙන්නේ ය.
6 මද කිපුණු අශ්වයා උපහාස කරන මිතුරෙකු වැනි ය.
යමෙකු උගේ පිටට නඟින විට ඌ සතුටින් නාද කරන්නේ ය.

අසමානතාව

7 මුළු අවුරුද්ද තුළ දී ම ආලෝකය සූර්යයාගෙන් නික්මෙන්නේ නම්, එක දවසක් තවත් දවසකට වඩා වැදගත් වන්නේ මන් ද?
8 උන් වහන්සේගේ තීරණයෙන් ඒවා වෙන් කොට දක්වනු ලැබූ හෙයිනි.
උන් වහන්සේ සෘතු ද මංගල්‍යයන් ද වෙනස් ව පවතින්නට සැලැසූ සේක.
9 උන් වහන්සේ සමහර ඒවා උසස් බවට පමුණුවා ශුද්ධවන්ත කළ සේක.
අනෙක් ඒවා සාමාන්‍ය දවස් කළ සේක.
10 සියලු මනුෂ්‍යයෝ පොළොවෙන් වන්නෝ ය.
ආදම් පොළොවේ පසෙන් සාදන ලද්දේ ය.
11 සමිඳාණෝ තම මහා ප්‍රඥාව අනුව ඔවුන් වෙනස් කොට සෑදූ සේක;
ඔවුන්ගේ තත්ත්වයන් විසිතුරු කළ සේක.
12 උන් වහන්සේ ඔවුන් අතරෙන් සමහරෙකුට ආශීර්වාද කර ඔවුන් උසස් කළ සේක.
සමහරෙකු ශුද්ධවන්ත කර තමන් වහන්සේ ළඟට ගත් සේක.
උන් වහන්සේ සමහරෙකුට සාප කර ඔවුන් පහත් කළ සේක.
ඔවුන් තමන්ගේ තනතුරුවලින් පහත හෙළූ සේක.
13 තමා කැමැති ආකාරයෙන් හැඩගස්වන කුඹලාගේ අතෙහි තිබෙන මැටි මෙන් මනුෂ්‍යයෝ තමන් මැවූ තැනැන් වහන්සේගේ හස්තයෙහි වන්නෝ ය.
උන් වහන්සේ තම සාධාරණකම අනුව ඔවුන්ට පල විපාක දෙන සේක.
14 අයහපත ඉදිරියෙහි යහපත ඇත්තේ ය.
මරණය ඉදිරියෙහි ජීවිතය ඇත්තේ ය.
එසේ ම බැතිමතා ඉදිරියෙහි පවිටුවා සිටින්නේ ය.
15 එසේ හෙයින්, මහො‍්ත්තමයාණන් වහන්සේගේ සියලු කෘතීන් ගැන මෙසේ මෙනෙහි කරන්න.
සියලු දේ යුග වශයෙන් ප්‍රතිවිරුද්ධ දේවල් මෙන් දක්නට ලැබෙන්නේ ය.
16 මම අන්තිමයට පැමිණි තැනැත්තෙකු මෙන් සෝදිසියෙන් සිටියෙමි.
මිදි නෙළන අය පසුපස ගොස් වැටුණු මිදි ගෙඩි අහුලන්නෙකු මෙන් වීමි.
17 සමිඳුන්ගේ ආසිරියෙන් මම සියල්ලන්ට වඩා රැස් කෙළෙමි.
මිදි නෙළන්නා මෙන් මම මිදි පල මිරිකාදමන බඳුන පිරවූයෙමි.
18 මා උදෙසා පමණක් මා වෙහෙස නොවූ බව සලකන්න.
පුහුණුව සොයන සියලු දෙනා උදෙසා මම වැඩ කෙළෙමි.
19 සෙනඟගේ අධිපතියෙනි, මට ඇහුම්කන් දෙන්න.
සභාවේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න.

නිදහස

20 ඔබේ පුත්‍රයාට හො‍් බිරිඳට හො‍් සහෝදරයාට හො‍් මිත්‍රයාට හො‍් ඔබේ ජීවිත කාලයෙහි දී ඔබ කෙරෙහි බලයක් නොදෙන්න.
ඔබේ වස්තුව වෙන කවරෙකුට වත් නොදෙන්න.
ඔබ ඒ ගැන කණගාටු වන්නෙහි ය.
එය ආපසු ඉල්ලන්නට සිදු විය හැකි ය.
21 ඔබ ජීවත් ව සිටින තෙක්, ඔබේ ශරීරයෙහි හුස්ම ඇති තෙක් කවරෙකුගේ වුවත් බලයට ඔබ යටහත් නොවන්න.
22 මන්ද, යටහත් ව ඉල්ලමින් ඔබ තම දරුවන් දෙසට හැරෙනවාට වඩා ඔවුන් ඔබෙන් ඉල්ලීම සුදුසු වන හෙයිනි.
23 ඔබේ සියලු ක්‍රියාවල දී ස්වාමියා මෙන් සිටින්න.
ඔබේ හොඳ නමට කැළලක් ඇති කර නොගන්න.
24 ඔබේ ජීවිතයේ දවස් අවසාන වන විට මරණ මොහොතෙහි දී ඔබේ උරුමය බෙදා හරින්න.

දාසයෝ

25 තණ, පිදුරු කෝටුව හා බර යන මේවා කොටළුවාට ය;
ආහාර, විනය හා වැඩ දාසයාට ය.
26 ඔබේ දාසයාගෙන් වැඩ ගන්න;
ඔබට චිත්ත සාමය ඇති වන්නේ ය.
ඔහුගේ අත් අලස වන්නට හැරියොත් ඔහු නිදහස සොයන්නට පටන්ගන්නේ ය.
27 වියගසෙන් හා තෝන් ලණුවෙන් බෙල්ල නැමෙන්නේ ය.
දුෂ්ට දාසයාට දඬුකඳ හා දැති පොල්ල අවශ්‍ය ය.
28 ඔහු අලස ව නොසිටින පිණිස වැඩෙහි යොදවන්න.
මන්ද, අලසකම සියලු ආකාර මැරවරකම් උගන්වන හෙයිනි.
29 ඔහුට සුදුසු වැඩෙහි ඔහු යොදවන්න.
ඔහු අකීකරු වුවහොත් ඔහු යදම්වලින් බඳින්න.
30 එහෙත්, කිසිවෙකුට අධික වශයෙන් නිර්දය ලෙස බල නොකරන්න.
සාධාරණකමට විරුද්ධ ව කිසිත් නොකරන්න.
31 ඔබට ඇත්තේ එක දාසයෙකු පමණක් නම්, ඔහු ඔබ මෙන් සලකන්න.
මන්ද, ඔබ ඔහු ලෙයින් මිලයට ගත් හෙයිනි.
32 ඔබට ඇත්තේ එක දාසයෙකු නම් ඔහු සහෝදරයෙකු මෙන් සලකන්න.
මන්ද, ඔබ මෙන් ම ඔහු ඔබට අවශ්‍ය වන හෙයිනි.
33 ඔබ ඔහුට පීඩා කර ඔහු පලා යන්නේ නම්, ඔහු සොයන්නට ඔබ කුමන මඟකින් යන්නෙහි ද?

 

– 34 වන පරිච්ඡේදය –

ස්වප්නය

1 අඥානයාට නිරර්ථක මායාකාර බලාපොරොත්තු ඇත්තේ ය.
ස්වප්න නිසා මො‍්ඩයෝ කලබල වන්නෝ ය.
2 ස්වප්න විශ්වාස කිරීම සෙවණැල්ලක් අල්ලාගැනීම වැනි ය;
සුළඟ ලුහුබැඳ යාමක් වැනි ය.
3 කැඩපත හා ස්වප්න එක සමාන ය.
මුහුණේ ඡායාව මුහුණට මුහුණ දෙන්නේ ය.
4 අපිරිසිදු දෙයින් පිරිසිදු යමක් ලබාගත හැක්කේ ද?
බොරුවෙන් කුමන සත්‍යයක් ලබාගත හැක්කේ ද?
5 පේන කීම, නිමිති බැලීම, ස්වප්න යන මේවා නිරර්ථක දේවල් ය.
ඒවා ගර්භණී ස්ත්‍රියකගේ විකාර කල්පනා මාත්‍ර මෙන් ය.
6 ඒවා මහො‍්ත්තමයාණන් වහන්සේ විසින් දූතයන් මෙන් ඔබ වෙත නොඑවන ලද්දේ නම්, ඒවා කෙරෙහි ඔබේ සිත යොමු නොකරන්න.
7 ස්වප්නවලින් මුළා වී යන අය බොහෝ ය.
ඒවා කෙරෙහි බලාපොරොත්තුව ඇති කරගත් අය දොම්නසට පත් වූවෝ ය.
8 නීතිය පිළිපැදීමට බොරුව අවශ්‍ය නොවන්නේ ය.
ප්‍රඥාව සත්‍යවාදී මුවෙන් එළිදරව් වන්නේ ය.

දේශාටනය

9 බොහෝ රටවල ගමන් කිරීමෙන් බොහෝ දේ ඉගෙනගනු ලබන්නේ ය.
බොහෝ පළපුරුදු ඇති මිනිසා ඥානවත්ත ලෙස කතා කරන්නේ ය.
10 අත්දැකීම් නැති මිනිසා වැඩි දේවල් නොදනියි.
එහෙත්, දේශාටනයෙහි යෙදුණ මිනිසාට ස්ථානෝචිත ප්‍රඥාව යහමින් ඇත්තේ ය.
11 දේශාටනයෙහි දී මම බොහෝ දේවල් දිටිමි.
මා විසින් කියන්නට බැරි තරම් දේවල් මම තේරුම්ගතිමි.
12 බොහෝ වරක් මම මරු මුවෙහි සිටියෙමි.
එහෙත්, මම ගැළවුණෙමි.
ඒ මේ නිසා ය:
13 සමිඳුන්ට ගරුබිය පාන්නාගේ ප්‍රාණය ජීවත් වන්නේ ය.
මන්ද, ඔවුන් ගළවන්න බලය ඇති කෙනෙකු කෙරෙහි ඔවුන් බලාපොරොත්තු තබන හෙයිනි.
14 සමිඳුන් කෙරෙහි ගරුබිය පාන්නා කිසි දෙයකට බිය නොවන්නේ ය.
දෙවියන් වහන්සේ ඔහුගේ බලාපොරොත්තුව වන හෙයින් ඔහු කලකිරෙන්නේ නැත.
15 සමිඳුන්ට ගරුබිය පාන්නාගේ ආත්මය භාග්‍යවන්ත ය.
ඔහු කවරෙකු කෙරෙහි බලාපොරොත්තුව තබන්නේ ද?
ඔහුගේ රුකුල වන්නේ කවරෙක් ද?
16 සමිඳුන්ගේ බැල්ම උන් වහන්සේට ප්‍රේම කරන්නන් කෙරෙහි යොමු වී තිබේ.
උන් වහන්සේ ඔවුන්ගේ බලසම්පන්න ආරක්ෂාව ද ශක්තිමත් රුකුල ද වන සේක.
උන් වහන්සේ කාන්තරයේ සුළඟින් මුවාව ද මධ්‍යාහ්නයේ ග්‍රීෂ්මයට ආවරණය ද වන සේක;
බාධාවන්ගෙන් ආරක්ෂාව ද නොවැටීමට සහතිකයක් ද වන සේක.
17 උන් වහන්සේ ආත්මය ප්‍රාණවත් කරන සේක;
නෙත් ආලෝකවත් කරන සේක:
සුවය ද ජීවනය ද ආශීර්වාදය ද දෙන සේක.

යාග පූජා

18 අයුතු ලෙස ලබාගත් පඬුරක් ඔප්පු කිරීම විහිළුවකි.
දුෂ්ටයන්ගේ පඬුරු නොපිළිගනු ලබන්නේ ය.
19 මහො‍්ත්තමයාණන් වහන්සේ අභක්තිකයන්ගේ පඬුරු නොපිළිගන්නා සේක.
යාග වැඩි වූ පමණින් පව් සමාව නොලැබේ.
20 දුප්පතුන්ට අයිති දේවලින් යාගයක් ඔප්පු කිරීම පියා ඉදිරියෙහි ඔහුගේ පුත්‍රයා මරාදැමීම මෙන් දුෂ්ට ය.
21 අල්ප ආහාරය දුප්පතුන්ගේ ජීවිතය වන්නේ ය.
ඔහුගෙන් එය පැහැර ගැනීම ඔහු මැරීම ය.
22 අසල්වාසියාගේ ජීවන මාර්ගය පැහැරගැනීම ඔහු මැරීමකි.
ඔහුට හිමි වැටුප නොදී සිටීම ලේ වැගිරීමකි.
23 කෙනෙක් ගොඩනඟති;
කෙනෙක් කඩාදමති.
එයින් ඔවුන්ට කරදරය මිස වෙන කුමක් ඇති වන්නේ ද?
24 කෙනෙක් යාච්ඤා කරති;
තවත් කෙනෙක් සාප කරති.
ස්වාමියා ඇහුම්කන් දෙන්නේ කාගේ ශබ්දයට ද?
25 මළසිරුරක් ස්පර්ශ කළ මිනිසෙක් තමා පවිත්‍ර කරගෙන නැවතත් එය ස්පර්ශ කරන්නේ නම්, ඔහුගේ පවිත්‍ර වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?
26 එසේ ම, මිනිසෙක් තමාගේ පව් උදෙසා උපවාසයෙන් සිට නැවතත් ගොස් පව් කරන්නේ නම්, ඔහුගේ යාච්ඤාවලට සවන් දෙන්නේ කවරෙක් ද?
තමා පහත් කරගැනීමෙන් ඔහු ලබන ප්‍රයෝජනය කිමෙක් ද?

 

– 35 වන පරිච්ඡේදය –

නීතිය සහ යාග පූජා

1 නීතිය පිළිපැදීම බොහෝ යාග පූජා ඔප්පු කිරීමක් වන්නේ ය.
පණත්වලට ඇලුම් ව සිටීම සමඟි පූජා ඔප්පු කිරීමක් වන්නේ ය.
2 කළගුණ සැලකීම ඉතා හොඳ පිටිවලින් තැනූ පූජාවක් ඔප්පු කිරීම වැන්න.
දන් දීම ප්‍රශංසාවේ යාගයක් ඔප්පු කිරීම ය.
3 දුෂ්ටකමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝ ය.
අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝ ය.
4 සමිඳුන් ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටින්න.
මන්ද, මේ සියලු දේ පණත්වලින් නියම කර තිබෙන හෙයිනි.
5 ධර්මිෂ්ඨයාගේ පඬුර පූජාසනයට ප්‍රසන්න වේ.
එහි සුගන්ධය මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි ඉහළට නඟින්නේ ය.
6 ධර්මිෂ්ඨයාගේ යාගය පිළිගනු ලබන්නේ ය;
එහි ස්මරණය අමතක කරනු නොලබන්නේ ය.
7 සමිඳුන්ට නිර්ලෝභී ලෙස ගෞරව කරන්න.
ඔබ ඔප්පු කරන ප්‍රථම පල ගැන ලෝභ නොවන්න.
8 ඔබ පඬුරක් ඔප්පු කරන සෑම විට ම ප්‍රීති සහගත මුහුණක් දක්වන්න.
දසයෙන් කොටස ඔප්පු කරන විට ප්‍රීතිමත් වන්න.
9 මහො‍්ත්තමයාණන් ඔබට දුන්නාක් මෙන් ඔබත් දෙන්න.
ඔබේ වත්කම අනුව නිර්ලෝභී ලෙස දෙන්න.
10 මන්ද, සමිඳාණන් ඔබට ආපසු ගෙවන හෙයිනි.
උන් වහන්සේ සත් ගුණයක් දෙන සේක.

දෙවියන් වහන්සේගේ සාධාරණකම

11 අල්ලසක් දීමෙන් උන් වහන්සේ දූෂණය කරන්නට උත්සාහ නොකරන්න.
උන් වහන්සේ එය පිළිගන්නේ නැත.
අයුතු යාගයක් කෙරෙහි ඔබේ විශ්වාසය නොතබන්න.
12 මන්ද, සමිඳාණන් විනිශ්චයකාරයෙකු වන හෙයිනි.
උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන සේක.
13 දුප්පතාට හානි සිදු වන ආකාරයෙන් උන් වහන්සේ මිනිසුන් නොසලකන සේක.
උන් වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම්කන් දෙන සේක.
14 උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලන සේක.
තම මැසිවිල්ල වගුරුවන වැන්දඹුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක.
15 වැන්දඹුවගේ කඳුළු ඇගේ කොපුල් පිට ගලා නොයන්නේ ද?
ඒ කඳුළු වැගිරවීමට සැලැස්වූ තැනැත්තාට එරෙහි ව ඇය හඬයි.
16 තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නා පිළිගනු ලබන්නේ ය.
ඔහුගේ අයැදුම වලාකුළු දක්වා නඟින්නේ ය.
17 බැහැපත් මිනිසාගේ යැදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේ ය.
එය සමිඳුන් වෙත යන තෙක් ඔහු සැනසුම ලබන්නේ නැත.
18 මහො‍්ත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරන තෙක්, ධර්මිෂ්ඨයාගේ අයිතිය දී යුක්තිය නැවත පිහිටුවන තෙක්, ඔහුගේ යාච්ඤාව නොනවතින්නේ ය.
19 සමිඳාණෝ ප්‍රමාද නොවන සේක.
අධර්මිෂ්ඨයන් උදෙසා ඉවසිලිමත් නොවන සේක.
20 කෲරයන්ගේ තුනටිය කඩන තෙක්, ජාතීන්ගෙන් පළිගන්න තෙක්,
21 අහංකාරිකයන්ගේ සේනාව සහමුලින් විනාශ කරන තෙක්, දුෂ්ටයන්ගේ යෂ්ටි කඩාදමන තෙක්,
22 එකිනෙකාගේ ක්‍රියා අනුව ඔවුන්ට පල විපාක දෙන තෙක්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා ඔවුන්ගේ අභිප්‍රායයන් අනුව විනිශ්චය කරන තෙක්,
23 තම ජනයාට යුක්තිය ඉටු කර තම දයාවෙන් ඔවුන් පුරවන තෙක්, උන් වහන්සේ ඉවසිලිමත් නොවන සේක.
24 වියළි කාලයෙහි දී වැහි වලාකුළු මෙන් විපත්ති කාලයෙහි දී සමිඳුන්ගේ දයාව ඉතා පියකරු ය.

 

– 36 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල්වරුන්ගේ මිදීම සහ පුනරුදය සඳහා අයැදීම

1 අධිපතියාණෙනි, සියල්ලේ සමිඳුනි, අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව.
සියලු ජාතීන් පිට ඔබ කෙරෙහි බිය පතුරුවා හැරිය මැනව.
2 විදේශීය ජාතීන්ට විරුද්ධ ව ඔබේ හස්තය එසෙව්ව මැනව.
ඔව්හු ඔබේ බලපරාක්‍රමය දකිත් වා!
3 ඔවුන් බලා සිටිය දී ඔබේ ශුද්ධවන්තකම අපට පෙන්නුවාක් මෙන් අප බලා සිටිය දී ඔවුන්ට ඔබේ උත්කෘෂ්ටතාව පෙන්නුව මැනව.
4 අප ඔබ දැනගන්න පරිදි ඔව්හු ඔබ දැනගනිත් වා!
සමිඳුනි, ඔබ හැර අන් දෙවි කෙනෙකු නැති බව ඔව්හු දැනගනිත් වා!
5 ඔබේ ආශ්චර්යයන් නැවතත් සිදු කළ මැනව.
නව අරුමපුදුම දේ කළ මැනව.
ඔබගේ හස්තය ද දකුණු මහා බාහුව ද මහිමය දිනාගැනීමට සැලැස්සුව මැනව.
6 ඔබේ කෝපය පුබුදු කළ මැනව.
ඔබේ උදහස වැගුරුව මැනව.
විරුද්ධකාරයා විනාශ කළ මැනව.
සතුරා නසා වැනසුව මැනව.
7 විනිශ්චයේ දිනය කඩිනම් කළ මැනව.
ගිවිසුම සිහි කළ මැනව.
මනුෂ්‍යයෝ ඔබේ වීර ක්‍රියාවන් වර්ණනා කරත් වා!
8 පළිගැනීමේ ගින්නක් පැමිණ නොමැරී ඉතිරි වූවන් වනසාදමා වා!
ඔබේ සෙනඟට පීඩා කළ අය විනාශයට කැප කරනු ලබත් වා!
9 ”අප හැර කිසිවෙක් නැත්තා හ”යි ඔවුන් කී බැවින්, විදේශීය අධිපතියන්ගේ හිස් සිඳදැමුව මැනව.
10 ජාකොබ්ගේ සියලු ගෝත්‍රයන් රැස් කළ මැනව.
ආරම්භයේ දී මෙන් ඔවුන්ට ඔවුන්ගේ උරුමය නැවත දුන මැනව.
11 සමිඳුනි, ඔබේ නාමය කියා අඬගැසූ සෙනඟට දයා වුව මැනව.
ඔබේ කුලුඳුලා මෙන් ගත් ඉශ්රායෙල්වරුන්ට කරුණා කළ මැනව.
12 ඔබේ ශුද්ධ නගරයට අනුකම්පා කළ මැනව.
ඔබේ විවේක ස්ථානය වන ජෙරුසලමට අනුකම්පා කළ මැනව.
13 සියොන් කන්ද ඔබේ ප්‍රශංසා ගීතයෙන් පිරෙව්ව මැනව.
ඔබේ ශුද්ධස්ථානය ඔබගේ මහිමයෙන් සපුරාලුව මැනව.
14 ඔබ විසින් පළමුවෙන් මවන ලද්දන් හට සාක්ෂි දුන මැනව.
ඔබේ නාමයෙන් කියන ලද දිවැස් වැකි සම්පූර්ණ කළ මැනව.
15 ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නන් හට විපාක දුන මැනව.
ඔබේ දිවැසිවරයන්ගේ සත්‍යවාදි බව ඔප්පු කරනු ලැබේ වා!
16 සමිඳුනි, ඔබේ සෙනඟ පිට ආරොන්ගේ ආශීර්වාදය වැටෙන ලෙස ඔබේ මෙහෙකරුවන්ගේ යාච්ඤාව අසා වදාළ මැනව.
17 ඔබ සදාකාල දෙවි ස්වාමීන් වහන්සේ බව පොළොව පිට වාසය කරන සියල්ලෝ දැනගනිත් වා!

විමංශන බුද්ධිය

18 සියලු ආහාර ආමාශයට ඇතුළු වන්නේ ය.
එහෙත් ඇතැම් ආහාර අනෙක් ඒවාට වඩා හොඳ ය.
19 ඒ ඒ දඩමස්වල රසයෙන් තල්ල ඒවා දැනගනියි.
එසේ ම සිහි නුවණ ඇති මිනිසා බොරු වචන වටහාගනියි.
20 දුෂ්ට මිනිසා ශෝකය ඇති කරයි.
එහෙත්, පළපුරුදුකම් ඇති මිනිසා එයට පිළිතුරු දෙන්නට දනියි.

භාර්යාවක තෝරා ගැනීම

21 ස්ත්‍රියක් ඕනෑ ම පුරුෂයෙකු පිළිගන්නී ය.
එහෙත්, ඇතැම් තරුණියෝ අනෙක් තරුණියන්ට වඩා යහපත් වන්නාහ.
22 ස්ත්‍රියකගේ ශෝභාව එය දකින්නන් සතුටු කරවන්නේ ය.
මිනිසාගේ සියලු ආශාවලට වඩා එය බලවත් වන්නේ ය.
23 ඇගේ දිව කරුණාවන්ත හා ගුණවත් වන්නේ නම්, ඇගේ පුරුෂයා මනුෂ්‍යයන් අතර ඉතා වාසනාවන්ත වන්නේ ය.
24 භාර්යාවක පාවා ගන්නාට වාසනාව උදා වන්නේ ය.
ඈ ඔහුට සමාන සහකාරියකි.
හේත්තු වීමට රුකුලකි.
25 වැටක් නැති ඉඩම කොල්ලකනු ලබන්නේ ය.
භාර්යාවක නැති මිනිසා සුසුම්ලමින් ඒ මේ අත යන්නේ ය.
26 නුවරින් නුවරට ඉක්මනින් එහා මෙහා යන අවි ආයුධ ගෙන යන්නෙකු විශ්වාස කළ හැක්කේ කාට ද?
27 නිවසක් නැති මිනිසා ද එසේ ම ය.
රාත්‍රිය පැමිණි විට තමා සිටි තැන ම ඔහු නවාතැන් ගන්නේ ය.

 

– 37 වන පරිච්ඡේදය –

ව්‍යාජ මිත්‍රයෝ

1 ”මාත් ඔබේ මිතුරෙකි”යි හැම මිතුරෙක් ම කියන්නේ ය.
එහෙත්, සමහරු නමින් පමණක් මිතුරො‍් වන්නෝ ය.
2 සුහද මිතුරෙක් සතුරෙකු බවට හැරෙන්නේ නම්, එය මිනිසෙකුට භයානක ශෝකයක් නොවන්නේ ද?
3 අහො‍්! දුෂ්ට අභිප්‍රාය, පොළොව කුඩුකේඩුකමෙන් වසන්නට ඔබ මවන ලද්දේ කුමට ද?
4 එක් මිතුරෙක් තම මිතුරා ධනවත් ව සිටිය දී ඔහුගෙන් වාසි ලබාගන්නේ ය.
එහෙත්, ඔහු විපතට පත් වූ විට ඔහු අත්හැර යන්නේ ය.
5 තවත් මිතුරෙක් තමාගේ ලාභ ප්‍රයෝජන සඳහා මිතුරෙකුට උදව් වන්නේ ය.
එහෙත්, ඔහුට කරදරයක් ඇති වන විට ඔහු ආරක්ෂා කරන්නේ ය.
6 ඔබ වෙනුවෙන් සටන් කළ ඔබේ මිතුරා අමතක නොකරන්න.
ඔබ ධනවත් වූ විට ඔහු අමතක නොකරන්න.

උපදේශකයෝ

7 හැම උපදේශකයා ම උපදෙස් දෙන්නේ ය.
එහෙත්, සමහරු ආත්මාර්ථයෙන් පොළඹනු ලබන්නෝ ය.
8 ඔබට දැනමුතුකම් දෙන්නට කැමැති බවක් දක්වන්නාගෙන් පරිස්සම් වන්න.
ඔහුට ම අවශ්‍ය වී තිබෙන්නේ කුමක් දැ යි සොයා බලන්න.
මන්ද, ඔහු තමාගේ ම ප්‍රයෝජනය සඳහා උපදෙස් දෙන හෙයිනි.
ඔහුට ඔබ ගැන නපුරු අදහසක් ඇත්තේ ය.
9 ”ඔබ හරි මාර්ගයෙහි ගමන් කරන්නෙහි ය”යි ඔහු ඔබට කියා, ඔබට කුමක් සිදු වන්නේ දැ යි බැලීමට ඔහු ඈතින් සිටින්නේ ය.
10 ඔබ ගැන සැක සහිත ව බලන්නෙකුගෙන් උපදෙස් ලබා නොගන්න.
ඔබට ඊර්ෂ්‍යා කරන අයගෙන් ඔබේ අරමුණ සඟවාගන්න.
11 ස්ත්‍රියකගෙන් ඇගේ තරඟකාරිය ගැන නොවිමසන්න.
යුද්ධය ගැන බියසුල්ලෙකුගෙන් උපදෙස් නොසොයන්න.
වෙළඳාම ගැන වෙළෙන්දෙකුගෙන් හො‍් විකිණීමක් ගැන මිලයට ගන්නෙකුගෙන් හො‍් කළගුණ දැක්වීම ගැන ඊර්ෂ්‍යාකාරයෙකුගෙන් හො‍් පරො‍්පකාරය ගැන ආත්මාර්ථකාමියෙකුගෙන් හො‍් කළ යුතු වැඩක් ගැන කම්මැළියෙකුගෙන් හො‍් වැඩක් නිම කිරීම ගැන තාවකාලික කුලීකාරයෙකුගෙන් හො‍්, වැදගත් වැඩක් ගැන උදාසීන වැඩකාරයෙකුගෙන් හො‍් උපදෙස් නොගන්නට පරිස්සම් වන්න.
12 එහෙත්, පණත් ඉටු කරන බව ඔබ දන්න, ඔබේ ගතිගුණවලට සමාන ගතිගුණ ඇති, ඔබ වරද්දා ගත්තොත් ඔබට අනුකම්පාව දක්වන, භක්තිමත් මිනිසෙකුගේ සරණ නිතර සොයන්න.
13 ඉන්පසු ඔබේ ම හෘදය සාක්ෂිය ඔබට දෙන දැනමුතුකමෙහි ස්ථිර ව සිටින්න.
මන්ද, ඊට වඩා විශ්වාසවන්ත වූ කෙනෙකු ඔබට නැති හෙයිනි.
14 මුර අට්ටාලයක රාජකාරියෙහි යෙදී සිටින මුරකරුවන් සත් දෙනෙකුට වඩා හොඳින් මනුෂ්‍යයාගේ සිත බොහෝ විට ඔහුට කල්තියා අවවාද කරන්නේ ය.
15 තවද, මේ සියල්ලට ම වඩා මහො‍්ත්තමයාණන් වහන්සේගෙන් යටහත් ව ඉල්ලා සිටින්න.
උන් වහන්සේ ඔබේ පාද සත්‍ය මාර්ගයෙහි හසුරුවනවා ඇත.

සත්‍ය ප්‍රඥාව සහ ව්‍යාජ ප්‍රඥාව

16 සියලු ක්‍රියාකාරිත්වය බුද්ධියෙන් නික්ම ආ යුතු ය.
සෑම ව්‍යාපාරයකට පෙර සිතාමතා බැලීම අවශ්‍ය වන්නේ ය.
17 කල්පනා නික්මෙන්නේ හෘදයෙනි.
එය අතු සතරක් නිපදවන්නේ ය.
18 යහපත හා අයහපත ය, ජීවිතය හා මරණය ය.
දිව මේ සියල්ල කෙරෙහි නිතර බල පවත්වන්නේ ය.
19 ඇතැමෙක් අනුන්ට ගුරුකම් දීමෙහි ශූරයෝ ය.
එහෙත්, ඔව්හු තමන්ට ම කිසි සෙතක් කර නොගනිති.
20 ඇතැමෙක් දක්ෂ ලෙස කතා කරති.
එහෙත් ඔව්හු, පිළිකුල් කරනු ලබන්නෝ ය.
ඔවුන්ගේ ජීවිතය සාගින්නෙන් අවසන් වන්නේ ය.
21 ඔවුන් සමිඳුන්ගේ ප්‍රසාදය දිනා නොගත් හෙයිනි.
ඔවුනට ප්‍රඥාව කිසි සේත් නොමැති හෙයිනි.
22 තමන්ගේ ම මතය අනුව ඇතැමෙක් ප්‍රඥාවන්තයෝ ය.
ඔවුන් කියන හැටියට නම්, ඔවුන්ගේ ඥාන ශක්තියේ ඵල ස්ථිර ය.
23 සැබෑ ප්‍රඥාව ඇත්තා තම සෙනඟට උගන්වන්නේ ය.
ඔහුගේ ඥාන ශක්තිය සැබැවින් ම ස්ථිර ය
.24 ප්‍රඥාවන්තයා ආශීර්වාදයෙන් පුරවනු ලබන්නේ ය.
ඔහු දකින සියල්ලෝ ම ඔහු භාග්‍යවන්තයෙකැ යි කියන්නෝ ය.
25 මනුෂ්‍ය ජීවිතය වැඩි කල් නොපවතින්නේ ය.
එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දවස් සීමා රහිත ය.
26 ප්‍රඥාවන්තයා තම සෙනඟ අතර විශ්වාසය දිනාගන්නේ ය.
ඔහුගේ නාමය සදහට ම වැජඹෙන්නේ ය.

පමණ දැන ක්‍රියා කිරීම

27 මාගේ පුත්‍රය, ඔබේ ජීවිත කාලයෙහි දී ඔබේ ප්‍රකෘති ස්වභාවය පරීක්ෂා කර බලන්න.
හානිකර දේ බලා එයට ඉඩ නොදෙන්න.
28 මන්ද, සියලු දේ සියලු දෙනාට යෝග්‍ය නොවන හෙයිනි;
සියලු දෙනා සියලු දෙයින් සතුටු නොවන හෙයිනි.
29 සෑම රස කෑමක් ගැන ම ගිජු නොවන්න.
කෑම ගැන කෑදර නොවන්න.
30 අධික ලෙස කෑමෙන් රො‍්ගී වන්නේ ය.
පමණ ඉක්මවා කෑමෙන් ඔක්කාරය ඇති වන්නේ ය.
31 අධික ලෙස කෑමෙන් බොහෝ දෙනා මැරුණෝ ය.
මේ ගැන පරිස්සම් වන්නා තම ආයු දික් කරගන්නේ ය.

 

– 38 වන පරිච්ඡේදය –

රො‍්ග සහ ප්‍රතිකාර

1 වෛද්‍යවරයාගේ සේවාව නිසා ඔහුට දිය යුතු ගෞරවය දෙන්න.
මන්ද, ඔහු ද සමිඳුන් විසින් මවන ලද්දේ ය.
2 රජෙකුගෙන් ලබාගන්නා තෑග්ගක් මෙන් ඇත්තෙන් ම සුවය මහො‍්ත්තමයාණන්ගෙන් ලැබෙන්නේ ය.
3 වෛද්‍යවරයාගේ උගත්කම ඔහුට උසස් තැනක් සලසන්නේ ය.
ඔහු බලවතුන්ගේ බහුමානයට ලක් වන්නේ ය.
4 සමිඳාණෝ රො‍්ග සුව කිරීමේ ශක්තිය ඇති පැළෑටි පොළොවෙන් හටගන්නට සලසන සේක.
සිහි නුවණ ඇති මිනිසා ඒවා හෙළා නොදකින්නේ ය.
5 ලී කෝටුවක් එහි බලය පෙන්වමින් ජලයේ ලුණු රස නැති කළේ නැද් ද?
6 තම වීර ක්‍රියාවන් තුළ මනුෂ්‍යයන් ආඩම්බර වන පිණිස, උන් වහන්සේ ඔවුන්ට උගත්කම දානය කරන සේක.
7 උන් වහන්සේ සුව කිරීමට ද සහනය දීමට ද බෙහෙත් වර්ග භාවිත කරන සේක.
බෙහෙත් වෙළෙන්දා ඒවායින් බෙහෙත් සංයෝගයක් සාදන්නේ ය.
8 මෙසේ උන් වහන්සේගේ ක්‍රියාකාරිත්වයට කෙළවරක් නැත්තේ ය.
උන් වහන්සේ මඟින් ශාරීරික සුවය පොළොව මත පැතිරෙන්නේ ය.
9 මාගේ පුත්‍රය, ඔබ අසනීප වුවහොත් මලානික නොවන්න.
සමිඳුන්ට යාච්ඤා කරන්න. උන් වහන්සේ ඔබ සුව කරනු ඇත.
10 ඔබේ වැරදි අත් හරින්න. යහපත් චරිතයක් ඇති ව සිටින්න.
ඔබේ හෘදය සියලු පාපයෙන් පවිත්‍ර කරගන්න.
11 සුවඳ දුම් පූජාවක් ද ඉතා හොඳ පිටිවලින් තැනූ සිහි වීමේ පූජාවක් ද ඔප්පු කරන්න.
ඔබේ වත්කම අනුව අනර්ඝ පඬුරු ද ඔප්පු කරන්න.
12 ඉන්පසු, වෛද්‍යවරයාගේ සරණ සොයන්න.
සමිඳාණෝ ඔහුත් මැවූ සේක.
ඔබ අත්හැර යන්නට ඔහුට ඉඩ නොදෙන්න.
ඔහු ඔබට අවශ්‍ය වන්නේ ය.
13 සනීප වීම ඔවුන්ගේ අතෙහි රඳා පවතින අවස්ථා ද ඇත්තේ ය.
14 සහනය දීමේ අනුග්‍රහය තමන්ට දෙන ලෙසත්, ප්‍රාණයක් ගළවන පිණිස සුවය දෙන ලෙසත්, ඔවුන් ද සමිඳාණන්ට යාච්ඤා කරනු ඇත.
15 යමෙකු සමිඳුන් ඉදිරියෙහි පව් කරන්නේ නම්, ඔහු වෛද්‍යවරයා අතට පත් වේවා.

විලාපය

16 මාගේ පුත්‍රය, මළ අයෙකු උදෙසා කඳුළු හෙළන්න.
ඔබේ ශෝකය ප්‍රකාශ කිරීමට විලාපයක් නඟන්න.
ඔහුගේ මෘත ශරීරය චාරිත්‍රානුකූල ව භූමදාන කරන්න.
ඔහුගේ මිනීවළට ගෞරව දැක්වීම අමතක නොකරන්න.
17 මහත් ශෝකයෙන් වැලපෙන්න.
උද්‍යෝගයෙන් විලාපය කියන්න.
මළ තැනැත්තාට යෝග්‍ය විලාපය පවත්වන්න.
දෝෂයට ලක් වීමෙන් ගැළවෙන්නට දවසක් හො‍් දෙකක් හො‍් එසේ කරන්න.
ඉන්පසු ඔබේ ශෝකයෙන් සැනසීම ලබන්න.
18 මන්ද, ශෝකය මරණයට ක්‍රමයෙන් මඟ පාදන හෙයිනි.
දුකින් පිරුණ හෘදය ඔබේ ශක්තිය හීන කරන්නේ ය.
19 අවමංගල්‍යය සමඟ ම ශෝකය අවසාන විය යුත්තේ ය.
ශෝකභරිත ජීවිතය දැරිය නොහැකි දෙයකි.
20 ඔබේ හෘදය ශෝකයට පාවා නොදෙන්න.
එය පලවා හරින්න.
ඔබේ ම අවසානය ගැන සිතන්න.
21 නැවත ආපසු ඊමක් නැති බව අමතක නොකරන්න.
මළ තැනැත්තාට උදව් වන්නට ඔබට බැරි ය.
ඔබ ඔබට ම හානි සිදු කර ගන්නෙහි ය.
22 මා ලැබූ තීන්දුව සිහි කරන්න. ඔබටත් එසේ සිදු වන්නේ ය.
ඊයේ මාගේ දවස ය. අද ඔබේ දවස ය.
23 මළ තැනැත්තා තැන්පත් කරනු ලැබූ පසු ඔහු ගැන ස්මරණය ද තැන්පත් වන්නට ඉඩ හරින්න.
ඔහුගේ පණ පහ වී ගිය පසු ඔහු සම්බන්ධයෙන් ළත නොවන්න.

හස්ත කර්මාන්ත

24 උගතා විවේක කාලවල දී ප්‍රඥාව ලබා ගන්නේ ය.
ව්‍යාපාර සුළු ගණනක යෙදී සිටින්නා ප්‍රඥා සම්පන්න වන්නේ ය.
25 නගුලට අතගසා සිටින්නා ප්‍රඥාවන්තයෙකු වන්නේ කෙසේ ද?
ඔහුගේ එක ම ආශාව කෙවිට ලෙළවීම ය.
ඔහු ගවයන් දක්කමින් එම වැඩ ම අත්හැර නොයන්නේ ය.
ඔහු කතා කරන්නේ ගවයන් ගැන ම ය.
26 ඔහුගේ සිත තමා හාන හීවිටිවල යෙදී පවතින්නේ ය.
ඔහු සවස් වූ විට වැස්සියන් පෝෂණය කිරීමෙහි කාලය ගත කරන්නේ ය.
27 සියලු කම්කරුවෝ ද ශිල්පියෝ ද එසේ ම ය.
ඔව්හු රෑ දාවල් දෙක්හි වැඩ කරන්නෝ ය.
මුද්‍රා කැටයම් කිරීමේ වෘත්තියෙහි යෙදී සිටින්නෝ ද නව සැලැස්මක් නිර්මාණය කිරීමට නිතර උත්සාහ කරමින් මො‍්ස්තරය පිටපත් කිරීම ගැන තමන් සිත යොදවන්නෝ ය.
වැඩය කිරීම සඳහා ඔව්හු නිදි මරන්නෝ ය.
28 කිණිහිරය ළඟ වාඩි වී හිඳින ලෝකුරුවා ද එසේ ම ය.
දළ යකඩ පොල්ලෙන් කුමක් කළ යුතු දැ යි ඔහු කල්පනා කර බලයි.
ගින්නෙන් නැඟෙන හුමාලයෙන් ඔහුගේ හම දැවෙන්නේ ය.
උදුනේ ග්‍රීෂ්මය මැද ඔහු බොහෝ සේ වෙහෙසෙන්නේ ය.
මිටියේ ශබ්දය ඔහුගේ කන් බිහිරි කරන්නේ ය.
ඔහුගේ නෙත් මො‍්ස්තරය දෙස යොමු වී ඇත්තේ ය.
ඔහු තමාගේ වැඩය හොඳින් කිරීමට මුළු සිත යොදවන්නේ ය.
නිදිමරා එය සම්පූර්ණ කරන්නේ ය.
29 එසේ ම කුඹලා ද තම කෘතිය ළඟ වාඩි වී තම පාදවලින් රො‍්දය කරකවන්නේ ය.
ඔහු තම කෘතිය ගැන නිතර විමසිල්ලෙන් යුතු ව සිටින්නේ ය.
ඔහුගේ ඇඟිලි සෙලවීම කල්පනාකාරී ව කරන්නේ ය.
30 ඔහු තමාගේ අතින් මැටි අඹන්නේ ය.
පාදවලින් එය තද බද කරන්නේ ය.
එය ඔප දැමීමට ඔහු තම සිත යොදවන්නේ ය.
නිදිමරා පෝරණුව ශුද්ධ පවිත්‍ර කරන්නේ ය.
31 මේ සියලු මනුෂ්‍යයෝ තමන්ගේ අත් කෙරෙහි විශ්වාසය තැබුවෝ ය.
එක් එක්කෙනාට තම තමාගේ ශිල්පය ගැන දක්ෂකමක් ඇත්තේ ය.
32 ඔවුන් නොමැති ව නුවරක් ගොඩනඟන්නට නොපිළිවන.
ඔවුන් නොමැති ව යම් තැනක පදිංචි වීමට හො‍් ගමන් කිරීමට හො‍් නොපිළිවන.
33 එහෙත්, සෙනඟගේ මන්ත්‍රණ මණ්ඩලයෙහි දී ඔවුන් හමු වන්නේ නැත.
මහා සභාවෙහි ඔවුන්ට උසස් පදවියක් නැත.
ඔව්හු විනිශ්චයාසනවල වාඩි නොවන්නෝ ය.
නීතිය ගැන අවබෝධයක් ඔවුන්ට නැත.
34 නිපුණත්වයෙන් හො‍් විචාර බුද්ධියෙන් හො‍් ඔවුන්ට විශේෂත්වයක් නැත්තේ ය.
උපදේශ වාක්‍ය තනන අය අතරේ ඔව්හු හමු නොවන්නෝ ය.
එහෙත්, ඔව්හු මවන ලද ලෝකය නඩත්තු කරන්නෝ ය.
ඔවුන්ගේ යාච්ඤාව තමුන්ගේ ශිල්පයට අදාළ වන කරුණු ගැන ය.

 

– 39 වන පරිච්ඡේදය –

උගතා

1 තම සිත මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතිය මෙනෙහි කිරීමට යොදවන මනුෂ්‍යයා ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නෙක් නොවේ.
ඔහු සියලු පුරාතණයන්ගේ ප්‍රඥාව සියුම් ලෙස පරීක්ෂා කර බලන්නේ ය.
දිවැසි වැකිවලට තමාගේ විවේක කාලය කැප කරන්නේ ය.
2 ඔහු කීර්තිමත් මිනිසුන්ගේ කියමන් ආරක්ෂා කර ගන්නේ ය.
ප්‍රහේලිකාවල ගැටළු තේරුම්ගන්නේ ය.
3 ආප්තෝපදේශවල ගුප්ත අර්ථය සොයන්නේ ය.
උපමාවල රහස් ගැන ඕනෑකමින් සිතා බලන්නේ ය.
4 ඔහු උත්තමයන්ගේ සේවාවෙහි යෙදෙන්නේ ය.
අධිපතීන් ඉදිරියෙහි දකිනු ලබන්නේ ය.
ඔහු විදේශ රටවල ගමන් කරන්නේ ය.
මනුෂ්‍යයන් අතර යහපත හා අයහපත අත්දැකීමෙන් තේරුම්ගන්නේ ය.
5 අලුයම ඔහු මුළු හෘදයෙන් තමා මැවූ සමිඳුන් දෙසට හැරෙන්නේ ය.
මහො‍්ත්තමයාණන් වහන්සේ වෙත තම සිත ඔසවන්නේ ය.
යාච්ඤා කිරීමට තම මුඛය අරින්නේ ය.
තමාගේ පව් උදෙසා බැහැපත් ලෙස අයැදින්නේ ය.
6 මහො‍්ත්තම සමිඳුන්ගේ කැමැත්ත එසේ වූයේ නම්, ඔහු නැණනුවණින් පුරවනු ලබන්නේ ය.
ඔහු ද තම ප්‍රඥාවේ වචන පතුරුවා හරින්නේ ය.
තම යාච්ඤාවෙහි දී සමිඳුන්ට ස්තුති ප්‍රශංසා කරන්නේ ය.
7 ඔහු අවංක විචාර බුද්ධියක් ද දැනගැන්මක් ද ලබාගන්නේ ය.
සමිඳුන්ගේ ගුප්ත අබිරහස් මෙනෙහි කරන්නේ ය.
8 ඔහු තමා ලැබූ ඉගෙනීම ප්‍රකාශ කරන්නේ ය.
සමිඳුන්ගේ ගිවිසුමේ නීතියෙහි තම අභිමානය පිහිටුවන්නේ ය.
9 බොහෝ දෙනා ඔහුගේ උගත්කම වර්ණනා කරන්නෝ ය.
එය කිසි දාක අමතක කරනු නොලබන්නේ ය.
ඔහුගේ ස්මරණය නොමැකෙන්නේ ය.
ඔහුගේ නාමය පරපුරෙන් පරපුරට වැජඹෙන්නේ ය.
10 ජාතීහු ඔහුගේ ප්‍රඥාව ප්‍රකාශ කරන්නෝ ය.
සභාව ඔහුගේ ගුණ පැසසුම් වර්ණනා කරන්නී ය.
11 ඔහු දිගු කල් ජීවත් වුවහොත්, ඔහුගේ නාමය අන් නාමයන් දහසකට වඩා කීර්තිමත් වන්නේ ය.
ඔහු මැරුණත් නම පවතින්නේ ය.

දෙවිඳුන් පැසසීමේ ඇරයුම

12 මාගේ කල්පනා තවත්දුරට එළිදරව් කරන්නට කැමැත්තෙමි.
පුන් සඳ මෙන් මම ඒවායින් පිරී සිටිමි.
13 මාගේ බැතිමත් දරුවෙනි, මට සවන් දී වර්ධනය වන්න.
දිය පාරක් අසල රො‍්පණය කරන ලද සෙව්වන්දියක් මෙන් වන්න.
14 තුවරලා මෙන් මිහිරි සුවඳක් පතුරුවන්න. මහනෙල් මෙන් මල් දරන්න.
සුගන්ධය විහිදුවන්න. පැසසුම් ගීයක් ගයන්න.
උන් වහන්සේගේ සියලු කෘතීන් උදෙසා සමිඳුන් පසසන්න.
15 උන් වහන්සේගේ නාමය උත්කර්ෂණය කරන්න.
ගීතයෙන් ද වීණාවෙන් ද උන් වහන්සේගේ ප්‍රශංසාව ප්‍රකට කරන්න.
උන් වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කියන්න:
16 ”සමිඳුන්ගේ කෘතීන් කොපමණ උත්කෘෂ්ට ද?
උන් වහන්සේගේ ආඥා නියම වේලාවට ඉටු කරනු ලබන්නේ ය.”
”මේ දේ කුමක් ද, අර දේ කුමක් දැ”යි කීම අවශ්‍ය නැත.
නියම කාලයේ දී සියලු දේ ගැන ඉගෙනගත යුතු වන්නේ ය.
17 උන් වහන්සේ වචනයෙන් කියන විට ගලා යන ජලය නැවතී ගොඩ ගැසෙන්නේ ය.
උන් වහන්සේගේ හඬ ශබ්දයෙන් ජලාශය ඇරෙන්නේ ය.
18 උන් වහන්සේ අණ දුන් විට උන් වහන්සේගේ ආශා ඉටු වන්නේ ය.
උන් වහන්සේගේ ගැළවීමේ ක්‍රියාව නවත්වන්නට කිසිවෙකුට බැරි ය.
19 මනුෂ්‍යයන්ගේ සියලු ක්‍රියා උන් වහන්සේ ඉදිරියෙහි ය.
උන් වහන්සේගේ බැල්මෙන් සැඟවෙන්නට කිසිවෙකුට නුපුළුවන.
20 උන් වහන්සේගේ බැල්ම සදාකාලයෙන් සදාකාලයට පැතිර යන්නේ ය.
උන් වහන්සේ ඉදිරියෙහි කිසිවක් අපූර්ව නොවන්නේ ය.
21 ”මේ කුමක් ද, අර දේ කුමට දැ”යි නොකිය යුතු ය.
මන්ද, සියලු දේ පරමාර්ථයක් සඳහා මවනු ලැබූ හෙයිනි.
22 උන් වහන්සේ තමන් ආශීර්වාදයෙන් ගංගාවකින් ගොඩබිම වසන්නාක් මෙන් ද ජල ප්‍රවාහයකින් පොළොවට වතුර පොවන්නාක් මෙන් ද
23 ජාතීන්ට උරුම වශයෙන් තමන් වහන්සේගේ උදහස දෙන සේක.
මෙසේ උන් වහන්සේ මිරිදිය කරදියට හැරෙව් සේක.
24 භක්තිවන්තයන්ගේ මාර්ග ඔවුන්ට සුමුදු ව තිබෙන්නාක් මෙන් දුෂ්ටයන්ට ඔවුන්ගේ මාර්ග අවහිරවලින් ගහණ ව ඇත්තේ ය.
25 ආරම්භයේ පටන් යහපත් දේවල් යහපත් අය උදෙසා මවන ලද්දේ ය.
දුෂ්ටයන් උදෙසා අයහපත් දේවල් එසේ ම ය.
26 මනුෂ්‍යයාගේ ජීවිතයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ වතුර, ගින්දර, යකඩ සහ ලුණු ය;
තිරිඟු පිටි, කිරි සහ මී පැණි ය;
මිදියුස, තෙල් සහ වස්ත්‍ර ය.
27 මේ සියල්ල යහපත් අයගේ යහපතට වන්නේ ය.
එහෙත්, පව්කාරයන්ට ඒවා අයහපතට හැරෙන්නේ ය.
28 ඇතැම් සුළං දඬුවම සඳහා මවන ලද්දේ ය.
කෝපයෙන් පහරදීමට කස ඒවාට ඇත්තේ ය.
විනාශයේ දවසේ දී ඒවා තම ශක්තිය ලිහා හරින්නේ ය;
ඒවා සෑදූ තැනැන් වහන්සේගේ කෝපය සංසිඳවන්නේ ය.
29 ගින්න, ගල් වැස්ස, සාගතය හා මරණය යන මේ සියලු දේ දඬුවම් සඳහා මවන ලද්දේ ය.
30 වන මෘගයන්ගේ දළ ද ගෝනුස්සන් සහ විසකුරු සර්පයන් ද පළිගැනීමේ කඩුව ද යන මේ සියලු දේ අභක්තිකයන් විනාශ කිරීමට ය.
31 මේ සියල්ල උන් වහන්සේගේ ආඥාවට සතුටින් කීකරු වන්නේ ය.
උන් වහන්සේට අවශ්‍ය වන විට මේ සියල්ල පොළොව පිට සූදානම් ව සිටින්නේ ය.
මොහොත පැමිණෙන විට ඒවා උන් වහන්සේගේ වචනය කඩ නොකරන්නේ ය.
32 මුල පටන් මාගේ අධිෂ්ඨානයට හේතුව මෙය වේ.
මම ඕනෑකමින් ම සිතා බලා ඒවා ලේඛනගත කෙළෙමි.
33 ”සමිඳාණන්ගේ ක්‍රියා මනහර ය.
උන් වහන්සේ සුදුසු මොහොතෙහි දී අවශ්‍ය වන අයට තමන් කරුණාව දක්වන සේක.”
34 ”මෙය අන් දෙය තරම් හොඳ නැතැ”යි නොකිව යුතු ය.
මන්ද, කොයි දෙයක වුවත් වටිනාකම නියම කාලයෙහි දී දක්නට ලැබෙන හෙයිනි.
35 එහෙයින් දැන් මුළු හෘදයෙන් ද මහ හඬින් ද ගයන්න.
සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.

 

– 40 වන පරිච්ඡේදය –

මනුෂ්‍යයන්ගේ දුඃඛිත තත්ත්වය

1 සියලු මනුෂ්‍යයන්ට බොහෝ දුඃඛිත තත්ත්වයක් ඇති කරන ලද්දේ ය.
සියලු මනුෂ්‍යයන් පිට බර වියගහක් තබා ඇත්තේ ය.
තම මව්ගැබින් පිට වන දවසේ පටන්, සියලු දෙනාගේ පොදු මව වන පොළො‍් ගැබට හැරී යන තෙක් එසේ වන්නේ ය.
2 ඔවුන්ගේ කනස්සල්ලට ද හෘදයන්හි බියට ද හේතුව තමන් මැරෙන දවස ගැන බියෙන් යුතු ව කල්පනා කිරීම ය.
3 තේජස් සම්පන්න සිංහාසනයක අසුන්ගත් තැනැත්තා පටන් අළු දූවිලි මත වැතිරී සිටින අසරණයා දක්වා ද
4 රත් නිල් වස්ත්‍ර හැඳගත් කිරුළක් පළඳින තැනැත්තා පටන් ගෝනි රෙදි හැඳගත් තැනැත්තා දක්වා ද ඇත්තේ ක්‍රෝධය සහ ඊර්ෂ්‍යාව ය, කලබලය සහ නොසන්සුන බව ය, මරණබිය, තරඟය සහ අඬදබරය ය.
5 රාත්‍රියෙහි ඔහු සයනයෙහි නිදන විට නින්ද ඔහුගේ කරදර වෙන අතකට පෙරළයි.
6 ඔහුට යන්තම් නින්ද යන විට නින්දෙහි දී දාවල් කාලයෙහි දී මෙන් නපුරු සිහිනවලින් ඔහු කම්පා කරනු ලබන්නේ ය.
ඔහු සටනකින් බේරී පලා යන්නෙකු මෙනි.
7 විපතෙන් ගැළවෙන මොහොතෙහි දී ඔහු පිබිදෙන්නේ ය.
ඔහුගේ බිය මනඃකල්පිත දෙයක් වූ බව දැන ඔහු මවිත වන්නේ ය.
8 මනුෂ්‍යයන් පටන් මෘගයන් දක්වා සියලු සත්ත්වයන්ට ද පව්කාරයන්ට එමෙන් සත් ගුණයක් ද
9 මරණය සහ ලෙයත්, අඬදබරය සහ කඩුවත්, විපත සහ සාගතයත්, දුක් ගැහැට සහ වසංගතයත් ඇති වන්නේ ම ය.
10 මේ සියල්ල පව්කාරයන් උදෙසා මවන ලද්දේ ය.
ජලගැල්මක් ඇති වූයේත් ඔවුන් නිසා ය.
11 පොළොවෙන් එන සියලු දේ පොළොවට ආපසු යන්නේ ය.
ජලයෙන් එන දේ මුහුදට ආපසු යන්නේ ය.

විවිධ ආප්තෝපදේශ

12 සියලු අල්ලස් ද අසාධාරණකම් ද මකනු ලබන්නේ ය.
එහෙත්, අවංක විශ්වාසවන්තකම සදහට ස්ථිර ව පවතින්නේ ය.
13 අධර්මයෙන් උපදවන ලද ධනය ජල ධාරාවක් මෙන් වියළී යන්නේ ය;
හදිසි තද වර්ෂාවක දී හෙණ හඬ මෙන් බිඳ වැටෙන්නේ ය.
14 නිර්ලෝභී ලෙස දෙන විට ඔහු සන්තෝෂ වන්නේ ය.
එලෙස ම, වගකීම් පැහැර හරින්නෝ මුළුමනින් ම විනාශ වන්නෝ ය.
15 අභක්තිකයන්ගේ දරුවෝ පැතිර නොයන්නෝ ය.
අපවිත්‍ර මුල් සොයා යන්නේ දැඩි පර්වත ය.
16 විල් හා ගං ඉවුරුවල බහුල බට ගස්, තණ ගස්වලට පළමුවෙන් උදුරාදමනු ලැබේ.
17 කරුණාවන්තකම ආසිරි ගෙනදෙන පාරාදීසයක් වැනි ය.
ත්‍යාගශීලී බව සදහට ම ස්ථිර ව පවතින්නේ ය.

උපමා

18 පෞද්ගලික ධනය ඇත්තාට ද වෙහෙස වී වැඩ කරන්නාට ද ජීවිතය ප්‍රසන්න ය.
නිධානයක් සොයාගන්නා ඔවුන් දෙදෙනාට ම වඩා පොහොසත් ය.
19 දරුවන් ද ගොඩනඟන ලද නුවරක් ද නිසා කීර්තිමත් නාමයක් ලබන්නෝ ය.
මේ දෙදෙනාට ම වඩා ප්‍රඥාව සොයාගැනීම අගනේ ය.
ගවමහිෂයන් හා මිදි වතු නිසා කීර්තියක් ඇති වන්නේ ය.
එහෙත්, අංග සම්පූර්ණ භාර්යාව ඊට වඩා අගය කොට සලකනු ලබන්නී ය.
20 මුද්‍රික පානය හා සංගීතය හෘදයට ප්‍රීතිය ගෙනදෙන්නේ ය.
එහෙත්, මේ දෙකට ම වඩා ප්‍රඥාව කෙරෙහි ප්‍රේමය අගනේ ය.
21 නළාවෙන් හා වීණාවෙන් ගීතය අලංකාර වන්නේ ය.
එහෙත්, මිහිරි කට හඬ ඊට වඩා අගනේ ය.
22 ශෝභාව හා සුන්දරත්වය නෙත් පිනවන්නේ ය.
එහෙත් වසන්ත ධාන්‍යයේ කොළ පැහැය ඊට වඩා රමණීය ය.
23 මිතුරා හා සුහදයා හමු වීම ප්‍රීතිමත් අවස්ථාවකි.
භාර්යාව හා පුරුෂයා හමු වීම ඊට වඩා ප්‍රීති සහගත ය.
24 සහෝදරයෝ ද ආරක්ෂකයෝ ද කරදර කාලවල දී ප්‍රයෝජනවත් වන්නෝ ය.
විපතේ දී ත්‍යාගශීලී බව ඊට වඩා හොඳ ය.
25 රන් රිදී මිනිසෙකු ස්ථිර තත්ත්වයක පිහිටුවන්නේ ය.
යහපත් උපදේශය ඊටත් වඩා වටනේ ය.
26 ධනය ද ශක්තිය ද ආත්ම විශ්වාසය දෙන්නේ ය.
සමිඳුන් කෙරෙහි ගරුබිය ඊට වඩා හොඳ ය.
සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්නම්, කිසිවක් අඩු නොවේ.
එය ඇත්තේ නම්, රුකුලක් සෙවීම අවශ්‍ය නැත.
27 සමිඳුන් කෙරෙහි ගරුබිය ආශීර්වාදයෙන් පිරුණ පාරාදීසයක් වැනි ය.
එය ඔහුට මහිමාලංකාරයට වඩා උතුම් වස්ත්‍රයකි.

හිඟා කෑම

28 මාගේ පුත්‍රය, අනුන්ගෙන් හිඟමන් ඉල්ලීමෙන් ජීවත් නොවන්න.
හිඟා කෑමට වඩා මරණයට පත් වීම හොඳ ය.
29 අනුන්ගේ කෑම මේසය දෙස නිතර ම ඇස් කොනින් බලන මිනිසාගේ ජීවිතය ජීවිතයක් වශයෙන් ගණන්ගත නොහැකි ය.
30 ඔහු අනුන්ගේ ආහාරවලින් තම උගුර අපවිත්‍ර කරගන්නේ ය.
උගත් විනීත මිනිසෙක් එසේ නොකරන්නේ ය.
31 ලජ්ජා නැති මිනිසාගේ මුඛයට හිඟා කෑම පහසුවෙන් එයි.
එහෙත්, එය ඔහුගේ ආමාශයෙහි ගින්නක් දල්වයි.

 

– 41 වන පරිච්ඡේදය –

මරණය

1 තම දේපළ මැද සැපතින් ජීවත් වන මනුෂ්‍යයා හට ද කරදර නැති ව හැම දෙයින් සඵල වූ කෑමෙන් සතුටු වන්නට හැකි වූ මනුෂ්‍යයා හට ද අහො‍්!
මරණය, ඔබ ගැන සිතීම කොපමණ කණගාටුදායක ද?
2 අගහිඟ ඇති, ගතින් දුබල මිනිසා හට ද, වයස්ගත, කනස්සල්ලෙන් කැළඹුණු මිනිසා හට ද මහත් සේ කලකිරුණු, තවත් ඉවසිය නොහැකි මිනිසා හට ද, අහො‍්!
මරණය, ඔබේ තීන්දුව කොපමණ ප්‍රිය ද?
3 මරණයේ තීන්දුවට බිය නොවන්න.
ඔබට පෙර ගිය අය ද ඔබට පසු ව යන අය ද සිහි කරන්න.
4 සියලු ජීවමාන සත්ත්වයන් පිට සමිඳුන් පැනවූ නීතිය මෙය වේ.
එහෙයින්, මහො‍්ත්තමයාණන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව යන්නේ කුමට ද?
ඔබේ ජීවිත කාලය දස අවුරුද්දක් හො‍් සිය අවුරුද්දක් හො‍් දහස් අවුරුද්දක් හො‍් වුව ද එය ගැන පාතාල ලෝකයෙහි ඔබට දොස් නඟන කෙනෙක් නැත.

අදමිටුවන්ගේ ඉරණම

5 පවිටු වූවන්ගේ පුත්‍රයෝ කමකට නැති දුෂ්ටයෝ ය.
ඔව්හු අභක්තිකයන්ගේ ගෘහයෙහි නිතර ගැවසෙන්නෝ ය.
6 පවිටුන්ගේ දරු උරුමය විනාශය කරා යන්නේ ය.
ඔවුන්ගේ පරපුර නිරතුරු ම දෝෂාරො‍්පණයට භාජන වන්නේ ය.
7 අභක්තික පියා තම දරුවන් විසින් නිගා කරනු ලබන්නේ ය.
මන්ද, ඔවුන්ගේ අගෞරවයට හේතුව ඔහු වන හෙයිනි.
8 අභක්තිකයෙනි, ඔබට දුර්විපාකයක් හිමි වේ.
ඔබ මහො‍්ත්තම දෙවියන් වහන්සේගේ නීතිය අත්හැර ගියහු ය.
9 ඔබ උපන් විට ඔබ උපන්නේ සාපයට කැප වන්නට පමණකි.
ඔබේ මරණයෙහි දී ඒ සාපය ඔබ පිට වන්නේ ය.
10 පොළොවෙන් එන හැම දේ පොළොවට ආපසු හැරී යන්නේ ය.
මෙසේ අභක්තිකයෝ ද සාපයෙන් විනාශය කරා යන්නෝ ය.
11 මනුෂ්‍යයන් වැලපෙන්නේ මියගිය අය සම්බන්ධයෙන් ය.
එහෙත්, පව්කාරයන්ගේ නොවටිනා නාමය මකාදමනු ලබන්නේ ය.
12 ඔබේ හොඳ නම ගැන පරිස්සම් වන්න.
එය ඔබට ඉතුරු වන්නේ ය.
එය රන්මය වස්තු දහසකට වඩා අගනේ ය.
13 සැපවත් ජීවිතය දවස් ගණනක් පවතින්නේ ය.
එහෙත්, ගෞරව සහිත නාමය සදහට ම වැජඹෙන්නේ ය.

ලජ්ජා බිය පිළිබඳ හැඟීම

14 මාගේ දරුවෙනි, මාගේ ඉගැන්වීම ආරක්ෂා කරගෙන සාමදානයෙන් සිටින්න.
සැඟවුණු ප්‍රඥාවෙන් ද නොපෙනෙන නිධානයෙන් ද යන මේ දෙකින් ඇති ඵල කිම?
15 තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මො‍්ඩකම සඟවන මිනිසා වටනේ ය.
16 ලජ්ජා විය යුතු තැන් ඇත.
ඒවා ගැන මා කියන දේට සවන් දෙන්න.
සියලු ආකාර ලජ්ජාවන් සිතෙහි දරාගැනීම හරි නැත.
හැම දේ හැම දෙනා විසින් නිවැරදි ව තේරුම්ගනු නොලැබේ.
17 පියා හො‍් මව හො‍් ඉදිරියෙහි අනාචාරයෙහි හැසිරෙන්නට ද අධිපතියෙකු හො‍් බලවතෙකු හො‍් ඉදිරියෙහි බොරු කියන්නට ද
18 විනිශ්චයකාරයෙකු හො‍් රජයේ නිලධාරියෙකු හො‍් ඉදිරියෙහි අයුතුකමක් කරන්නට ද සෙනඟගේ සභාව ඉදිරියෙහි අභක්තික ක්‍රියාවක් කරන්නට ද ඔබ ලජ්ජා විය යුතු ය.
19 සහායකයෙකුට හා මිත්‍රයෙකුට විරුද්ධ ව කෙරෙන ද්‍රෝහිකම් ගැන ද ඔබ වාසය කරන ගමේ කෙරෙන සොරකම් ගැන ද
20 දෙවියන් වහන්සේගේ සත්‍යතාව හා ගිවිසුම ඉදිරියෙහිත් කෑම මේසයෙහිදීත් අවිනීත ව හැසිරීම ගැන ද ඔබ ලජ්ජා විය යුතු ය.
21 තෑගි දීමේ දී හො‍් ලැබීමේ දී ඒවා හෙළා දැකීමට ද ඔබට ආචාර කරන අයට ප්‍රති ආචාර නොදැක්වීමෙන් ද
22 වේශ්‍යාවක වෙත බැල්ම යෙදීමට ද නෑයෙකු තුච්ඡ ලෙස සැලකීමට ද
23 අනෙකෙකුගේ කොටස හො‍් ඔහු ලැබූ තෑග්ග හො‍් අයුතු ලෙස අත්කරගැනීමට ද, අන් කෙනෙකුගේ භාර්යාවට ආලය දැක්වීමට ද ඔබ ලජ්ජා විය යුතු ය.
24 මෙහෙකාරියකට අයුතු හාදකම් දැක්වීමට ද ඇගේ ඇඳ ළඟට යාමට ද ඔබ ලජ්ජා විය යුතු ය.
25 ඔබේ මිතුරන් ඉදිරියෙහි හිත රිදවන වචන නොකියන්න.
තෑග්ගක් දුන් පසු ඇනුම් පදයක් නොකියන්න.
26 දූසමාන ආරංචි නැවත කියන්නට හො‍් විස්තර කරන්නට ද රහස් එළිදරව් කරන්නට ද ලජ්ජා වන්න.
27 එවිට ඔබ නියම ලජ්ජාව කුමක් දැ යි දැනගන්නෙහි ය.
ඔබ සියල්ලන්ගේ ආදර ගෞරවයට ලක් වන්නෙහි ය.

 

– 42 වන පරිච්ඡේදය –

1 එහෙත්, පහත දැක්වෙන දේවල් ගැන ලජ්ජා නොවන්න.
අනුන් සිතන දේ ගැන බියෙන් වැරදි දේ නොකරන්න.
2 මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතිය හා ගිවිසුම ගැන ද පවිටුන්ට යුක්තිය ඉටු කරන විනිශ්චය ගැන ද
3 ඔබ සමඟ ගමන් කරන මිතුරෙකු සම්බන්ධයෙන් වියහියදම් තබාගැනීම ගැන ද ඔබේ උරුමය ඔබේ මිතුරන් අතර බෙදා හැරීම ගැන ද,
4 තරාදි සහ කිරන පඩි පරීක්ෂා කර බැලීම ගැන ද සුළු හා විශාල ලාභ ලබාගැනීම ගැන ද
5 වෙළඳ ගනුදෙනුවකින් වාසි ලබාගැනීම ගැන ද ඔබේ දරුවන් තදින් හික්මවීම ගැන ද දුෂ්ට දාසයෙකුට අධික ලෙස තැළීම ගැන ද ලජ්ජා නොවන්න.
6 හැම දේට ම ඇඟිලි ගහන භාර්යාවක සිටී නම් තවත් සේවකයෝ ද සිටිත් නම්, ඔබට අයිති දේවල් යතුරු දමා වසා තැබීම නුවණක්කාරකමකි.
7 ගබඩාවෙහි තැන්පත් කරන දේවල ගණන ද බර ප්‍රමාණය ද සඳහන් කර තැබීම අත්‍යාවශ්‍ය ය. අය වැය සටහන් කර තබන්න.
8 අඥානයෙකු හා මො‍්ඩයෙකු ද තරුණ අය සමඟ සුළු දේවල් ගැන නිතර දබර කරන ඔබලත් මහල්ලෙකු ද මට්ටු කරන්නට ලජ්ජා නොවන්න.
මෙසේ ඔබ සැබැවින් ම උගත් බව ප්‍රකාශ කරනු ලබන්නේ ය.
සියලු දෙනා ම ඔබේ ක්‍රියාව අනුමත කරන්නෝ ය.

තම දුව සම්බන්ධයෙන් පියෙකුගේ කනස්සල්ල

9 දුව නොදැනුවත් ව ම ඇගේ පියා ඈ ගැන සිතමින් අවදි ව සිටියි.
ඈ දෙන කරදර ඔහුගේ නින්ද පලවා හරියි.
ඈ තරුණ ව සිටින විට ඈ විවාහ නොවෙති යි ඔහුට බියක් ඇත්තේ ය.
ඈ විවාහ වුවහොත් ඈ අප්‍රිය වෙති යි ඔහුට බියක් ඇත්තේ ය.
10 ඈ කන්‍යාවක ව සිටිය දී ඈ දුෂ්‍ය කරනු ලැබේ ය කියා ද ඈ පියාගේ ගෘහයෙහි දී ගර්භණී වේ යයි ද ඔහුට බියක් ඇත්තේ ය.
පුරුෂයා යටතෙහි සිටිය දී ඈ වරදක් කරති යි ද විවාහ ජීවිතයෙහි දී ඈ වඳ ස්ත්‍රියක් වේ යයි ද ඔහුට බියක් ඇත්තේ ය.
11 ඔබේ දුව මුරණ්ඩු ද ඇය පාලනය කර හසුරුවන්න.
ඈ ඔබේ සතුරන්ගේ සිනහවට භාර නොකෙරේ වා.
නුවරෙහි ප්‍රලාපය ද ඕපාදූප ද සියලු දෙනා ඉදිරියෙහි ඔබේ අගෞරවයට හේතුවක් නො වේ වා!

ස්ත්‍රීහු

12 පිරිමියෙකුගේ රූපය නිසා ඔහු දෙස බලාගෙන ම නොසිටින්න.
ස්ත්‍රීන් සමඟ වාඩි නොවන්න.
13 මන්ද, වස්ත්‍රවලින් කාවුන් එන සේ ස්ත්‍රියගෙන් වෛරය නික්මෙන හෙයිනි.
14 ස්ත්‍රියකගේ කරුණාවට වඩා පිරිමියෙකුගේ වෛරය වටනේ ය.
ස්ත්‍රීහු ලජ්ජාවට ද අපකීර්තියට ද හේතුව වන්නාහ.

ස්වභාවධර්මය

15 දැන් මම සමිඳුන්ගේ කෘතීන් ගැන ඔබට මතක් කරන්නෙමි.
මා දැක තිබෙන දේ කියන්නෙමි.
සමිඳුන්ගේ වචනවලින් සියලු කෘති පැවැත්ම ලබා ඇත.
මුළු මැවිල්ල උන් වහන්සේගේ කැමැත්තට කීකරු වන්නේ ය.
16 කාන්තිමත් සූර්යයා සියල්ල දෙස ඕනෑකමින් බලන්නේ ය.
සමිඳුන්ගේ කෘතිය උන් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ.
17 තම සියලු පුදුමයන් විස්තර කරන්නට සමිඳාණෝ සිය ශුද්ධවන්තයන්ට පවා බලය නුදුන් සේක.
ස්වකීය මහිමය ඉදිරියෙහි ලෝකය පවතින පිණිස සියලු බලැති සමිඳාණෝ එය ස්ථිර ලෙස පිහිටෙව් සේක.
18 උන් වහන්සේ මුහුදු පත්ල ද මනුෂ්‍යයාගේ හෘදය ද සියුම් ලෙස පරීක්ෂා කර බැලූ සේක.
ඒවායේ ඇදකුද අනාවරණය කළ සේක.
මහො‍්ත්තමයාණන් වහන්සේ සියලු දේ දන්න සේක;
කාලයේ ලකුණු දකින සේක.
19 උන් වහන්සේ අතීතය ද අනාගතය ද ප්‍රකාශ කරන සේක;
සැඟවුණු දේවල් අනාවරණය කරන සේක.
20 උන් වහන්සේ නොදන්න කල්පනාවක් නැත.
උන් වහන්සේගෙන් සැඟවුණු වචනයක් නැත.
21 උන් වහන්සේ තම ප්‍රඥාවේ මහඟු කෘතීන් පිළිවෙළකට සකස් කළ සේක;
සදාකාලයෙන් සදාකාලයට ම ජීවත් වන සේක.
උන් වහන්සේට කිසිවක් එකතු කරන්නට වත් උන් වහන්සේගෙන් කිසිවක් ඉවත් කරන්නට වත් කිසිවෙකුට නොහැකි ය.
උන් වහන්සේට කිසිවෙකුගේ උපදේශය අවශ්‍ය නොවන්නේ ය.
22 උන් වහන්සේගේ සියලු කෘතීහු කොපමණ ප්‍රිය ද?
ඒවා නෙතට විදුලි බුබුලු සේ ය.
23 මේ සියල්ල වැජඹෙමින් සදහට ම පවතින්නේ ය.
සියලු අවස්ථාවන්හි දී ඒවා උන් වහන්සේට කීකරු වන්නේ ය.
24 සියලු දේවල් යුගල වශයෙන් එකක් අනෙකට ප්‍රතිවිරුද්ධ ය.
පලුදු සහිත කිසිවක් උන් වහන්සේ නොසෑදූ සේක.
25 එක දෙයක් තවත් දෙයක විශිෂ්ටත්වය තහවුරු කරන්නේ ය.
උන් වහන්සේගේ මහිමය මෙනෙහි කිරීමෙන් සෑහීමට පත් වන්නේ කවරෙක් ද?

 

– 43 වන පරිච්ඡේදය –

සූර්යයා

1 උසස් ස්ථානයෙහි අභිමානය ද, දිළිසෙන අහස් කුස ද වන අහස තේජාන්විත ජවනිකාවෙන් දර්ශනය වන්නේ ය.
2 සූර්යයා උදා වන මොහොතෙහි දී තමා විදහා පාමින් මහො‍්ත්තමයාණන් වහන්සේගේ ක්‍රියාවන් කොපමණ පුදුමාකාර දැ යි කියන්නේ ය.
3 අහසේ මුදුනට පැමිණි විට එය පොළොව වියළවන්නේ ය.
එහි තාපයට විරුද්ධ ව සිටින්නට හැක්කේ කවරෙකුට ද?
4 උණුසුම ලබාගැනීමට මනුෂ්‍යයෙක් උදුන මොළවයි.
එහෙත් සූර්යයා එමෙන් තුන් ගුණයක් කඳු දවා හරින්නේ ය.
ගිනි පුපුරු නිකුත් කරමින් ද තම රශ්මින් විහිදුවමින් ද එය නෙත් අඳුරු කරන්නේ ය.
5 එය මැවූ සමිඳාණෝ උතුම් වන සේක.
උන් වහන්සේගේ වචනය එය සිය කක්ෂයෙහි ශීඝ්‍ර ලෙස ගමන් කරවන්නේ ය.

චන්ද්‍රයා

6 චන්ද්‍රයා ද නිතර නියමිත වේලාවට මාස ලකුණු කරමින් කාලය බෙදා හරින්නේ ය.
7 මංගල්‍යයන් දැනගනු ලබන්නේ චන්ද්‍රයාගෙන් ය.
පුන් සඳට පසු ව ක්‍රමයෙන් පිරිහෙන මෙය ආකාශ වස්තුවකි.
8 මාසයට නම ලැබෙන්නේ ඇගෙන් ය.
ඈ තම කලාවන්හි පුදුමාකාර ලෙස අඩු වැඩි වෙමින් යන්නී ය.
ඈ අහස් සේනාවන්ගේ ජය සංකේතය වන්නී ය.
ඈ අහස් කුසෙහි දීප්තිමත් ලෙස බබළන්නී ය.

තාරකා

9 තාරකාවල මහිමයෙන් අහසේ අලංකාරය ඇති වන්නේ ය.
ඒවා සමිඳුන්ගේ උස් ස්ථානවලට කාන්තිමත් ආභරණයකි.
10 ශුද්ධ තැනැන් වහන්සේගේ වචනය අනුව ඒවා උන් වහන්සේගේ නියමය ප්‍රකාර පවතින්නේ ය;
තමන්ගේ මුර කිරීමේ කාර්යයෙහි නොසැලකිලිමත් නොවන්නේ ය.

දේදුන්න

11 දේදුන්න නරඹා එය සෑදූ තැනැන් වහන්සේට ප්‍රශංසා කරන්න.
එය මහිමාලංකාරයෙන් අතිශෝභන ය.
12 එය අහස හරහා තේජස් කවයක් සාදන්නේ ය.
මහො‍්ත්තමයාණන් වහන්සේගේ අත්වලින් එය අඳින ලද්දේ ය.

සොබාදහමේ අරුමපුදුම

13 තම ආඥාවෙන් උන් වහන්සේ හිම වැටෙන්නට සලසන සේක.
තම නියමය අනුව විදුලි කෙටීම සලසන සේක.
14 එසේ ම උන් වහන්සේගේ ගබඩා විවෘත කරනු ලබන්නේ ය.
වලාකුළු සියොතුන් මෙන් ඉගිලෙන්නේ ය.
15 උන් වහන්සේ තම බලයෙන් වලාකුළු ඝන කරන සේක.
ඒවා හිම කැටවලට කුඩු කරන සේක.
16 හෙණ හඬ ඇසීමෙන් පොළොව වේදනාවෙන් ඇඹරෙන්නේ ය.
උන් වහන්සේ දැක්මෙන් කඳු චලනය වන්නේ ය.
17 උන් වහන්සේගේ කැමැත්ත අනුව දකුණු සුළඟ හමා යන්නේ ය.
උතුරෙන් එන චණ්ඩ මාරුතය හා සුළි සුළඟ හමන්නේ ය.
18 උන් වහන්සේ හදිසියෙන් වහන පක්ෂීන් සේ හිම කැට ඉසින සේක.
ඒ හිම කැට පළඟැටියන් මෙන් වැටෙන්නේ ය.
සුදු පැහැයේ ශෝභාව දැක ඇස පුදුම වන්නේ ය.
එය වැටෙනු දැක සිත මවිත වන්නේ ය.
19 උන් වහන්සේ ලුණු මෙන් පොළොව පිට තුෂාරය ද වගුරුවන සේක.
එය මිදුණු විට කටු මෙන් කෙළින් සිටින්නේ ය.
20 ශීත සුළං උතුරෙන් හමන්නේ ය;
ජල පිට හිම කැට සෑදෙන්නේ ය.
එම හිම කැට නිසල දිය මත ඉස්මතු වන සේ තැන්පත් වන්නේ ය.
ජලය ලෝහ වැස්මක් මෙන් එය පැළඳ ගන්නේ ය.
21 උන් වහන්සේ කඳු වනසාදමන සේක. පාළුකරය දවා හරින සේක.
ගින්නකින් මෙන් වෘක්ෂලතාදිය විනාශ කරන සේක.
22 එහෙත්, මීදුම කාලෝචිත ප්‍රතිකාරයක් වන්නේ ය.
උෂ්ණාධික සමයට පසු නව පණක් දෙන හිම වැටෙන්නේ ය.
23 සිය විචක්ෂණයෙන් උන් වහන්සේ සයුර මෙල්ල කළ සේක.
එහි කොදෙව් පිහිටෙවු සේක.
24 මුහුදෙහි යාත්‍රා කරන්නෝ එහි උවදුරු ගැන කියති.
ඔවුන් කියන දේ අප විස්මයට පත් කරන්නේ ය.
25 එහි පවා අපූර්ව අද්භූත ක්‍රියාවෝ ය.
නා නා විධ සත්තු ය.
මුහුදේ විශාල සත්තු ය.
26 දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියලු දේ ඉටු වන්නේ ය.
උන් වහන්සේගේ වචනය අනුව සියලු දේ එකට බැඳී පවතින්නේ ය.
27 මේ කාරණය ගැන කිව හැකි තවත් බොහෝ දේවල් තිබුණත්, කොපමණ කීවත් අවසන් කළ නොහැකි ය.
කෙටියෙන් කියතොත් උන් වහන්සේ සියල්ලේ සියල්ල වන සේක.
28 උන් වහන්සේ මහිමයට පත් කිරීමේ දක්ෂතාව අපට කොහින් සොයාගත හැකි ද?
මන්ද, මහො‍්ත්තමයාණන් වන උන් වහන්සේ මැවූ සියල්ලට ඉහළින් වැජඹෙන සේක.
29 උන් වහන්සේ ගාම්භීරත්වයේ බිය දනවන සමිඳාණෝ ය, අත්‍යන්තයෙන් උතුම් ය;
උන් වහන්සේගේ බලය පුදුමාකාරය.
30 ඔබේ ප්‍රශංසාවලින් සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
ඔබට හැකි තරම් එසේ කරන්න. එහෙත් උන් වහන්සේ ඔබ ඉක්මවා යන සේක.
උන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඔබේ මුළු ශක්තිය යොදන්න.
වෙහෙසට පත් නොවන්න.
ඔබ එය අවසාන නොකරන්නෙහි ය.
31 උන් වහන්සේ ගැන විස්තරයක් කිරීමට උන් වහන්සේ දුටුවේ කවරෙක් ද?
සුදුසු ලෙස උන් වහන්සේට ප්‍රශංසා කළ හැක්කේ කාට ද?
32 මේ සියල්ලට වඩා උතුම් තවත් අබිරහස් ඇත්තේ ය.
මන්ද, උන් වහන්සේගේ කෘතීන්ගෙන් ස්වල්පයක් පමණක් අප දුටු හෙයිනි.
33 සමිඳාණෝ සියලු දේ මැවූ සේක.
උන් වහන්සේ බැතිමතුන්ට ප්‍රඥාව දුන් සේක.

 

– 44 වන පරිච්ඡේදය –

ආදි පියවරුන් පැසසීම

2 සමිඳාණෝ විපුල මහිමයෙන් ඔවුන් සැරසූ සේක.
ආදි යුගයෙහි සිට සිය ශ්‍රේෂ්ඨත්වය විදහා ලූ සේක.
3 ඇතැමෙක් භූපතීන් මෙන් අධිකාරි බලය පෙන්වූ හ.
මෙලෙස ඔවුන්ගේ බලසම්පන්නකම නිසා ඔව්හු යසස් ලත්හ.
ඇතැමෙක් නුවරුන්ට උපදේශකයෝ වූ හ.
ඔව්හු දූරදර්ශී දිවැස් වැකි ප්‍රකාශ කළහ.
4 ඇතැමෙක් තම උවදෙස් මඟින් ද පොදු ජනතාව පිළිබඳ නැණනුවණින් ද තම ඉගැන්වීම්හි පැණසර වදනින් ද ජනතාවට මඟ පෙන්වූ හ.
5 ඇතැමෙක් කන්කලු ගීත රචනය කළහ.
මෙලෙස ඔව්හු සැහැලි ගෙතූ හ.
6 ඇතැමෙක් ධනවත් වූ හ, බලවත් වූ හ;
සාමකාමී ව සිය නිවෙස්හි විසූ හ.
7 මේ සියලු දෙන තත්කාලීනයන් විසින් ගරු කරනු ලැබූ හ.
ඔව්හු සිය ජීවිත කාලයෙහි දී මහිමවත් වූ හ.
8 ඔවුන් අතරෙහි සමහරෙක් උදාර නාමයක් තබා ගියහ.
එබැවින් තවමත් ඔවුන්ගේ ගුණ ගයනු ලැබේ.
9 තවත් අය ඔවුන් සිහි වීමට කිසිවක් තබා නොගියහ.
ජීවත් වී නො සිටියාක් මෙන් ඔව්හු නොපෙනී ගියහ.
දැන් ඔවුන් මිහි පිට කිසි දාක නොසිටියාක් මෙනි.
ඔවුන්ගෙන් පැවතෙන දරුවන්ට ද එලෙස වනු ඇත.
10 එහෙත් මෙන්න, සත්ගුණවත් මිනිසුන්ගේ නාමාවලියක්.
ඔවුන්ගේ සාධු ක්‍රියා අමතක වී ගොස් නැත.
11 ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන අය අතර, ඔවුන්ගෙන් ජනිත, වටිනා ප්‍රවේණියක් ඇති වන්නේ ය.
12 ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගිවිසුම්වලට ගරු කරති.
ඔවුන් නිසා ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද එලෙස කරති.
13 ඔවුන්ගේ දරුදැරියෝ සදා පවතින්නෝ ය.
ඔවුන්ගේ මහිමය මලානික නොවනු ඇත.
14 ඔවුන්ගේ මළසිරුරු සාමයෙන් වළලන ලදී.
පරපුරෙන් පරපුරට ඔවුන්ගේ නාමය පවතිනු ඇත.
15 සෙනඟ ඔවුන්ගේ ප්‍රඥාව පවසන්නෝ ය.
සභාව ඔවුන් ගැන පසස් ගී ගයන්නී ය.

ඒනොක්

16 ඒනොක් සමිඳුන් හට ප්‍රසන්න වූයේ ය.
ඔහු හැරගෙන යන ලද්දේ ය.
සිය පරම්පරාවල සිත් හැරීමට ආදර්ශයකි.

නෝවා

17 නෝවා සම්පූර්ණ ලෙස දැහැමි ව සිටියේ ය.
උදහස පැමිණි කාලයේ දී ඔහුගේ වංශය විනාශයෙන් ගළවා නැවත ඇති කළ සේක.
ජලගැල්ම ඇති වූ කාලයෙහි දී ඔහු නිසා පොළොවෙහි ඉතා කුඩා පිරිසක් ආරක්ෂා කරන ලද්දේ ය.
18 ජීවමාන සත්ත්වයා නැවත ජලගැල්මකින් විනාශ නොවන පිණිස සදාකාලික ගිවිසුමක් ඔහු සමඟ පිහිටුවන ලද්දේ ය.

ආබ්‍රහම්

19 ආබ්‍රහම් ජාතීන් සමූහයකගේ කීර්තිමත් ආදි පියා විය.
කිසිවෙක් මහිමයෙන් ඔහුට සමාන නො වී ය.
20 ඔහු මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතිය ඉටු කෙළේ ය;
උන් වහන්සේ සමඟ ගිවිසුමක් කෙළේ ය.
මේ ගිවිසුම ඔහු තම මාංසයෙහි ස්ථිර කෙළේ ය.
පරීක්ෂා කරනු ලැබූ කාලයෙහි දී ඔහු විශ්වාසී ව සිටියේ ය.
21 එහෙයින් සමිඳාණෝ ඔහුගෙන් පැවත එන්නන් තුළ සියලු ජාතීන්ට ආශීර්වාද කිරීමට ද ඔහුගෙන් පැවත එන්නන් පොළොවේ වැලි මෙන් වැඩි කිරීමට ද අහසේ තරු මෙන් ඔවුන් උසස් කිරීමට ද මුහුදේ පටන් තවත් මුහුදක් දක්වාත් මහා ගංගාවේ පටන් පොළොවේ කෙළවර දක්වාත් දේශය ඔවුන්ගේ උරුමය වශයෙන් දීමට ද ගිවිසුමෙන් පොරොන්දු වූ සේක.

ඊසාක් සහ ජාකොබ්

22 උන් වහන්සේ ඊසාක්ට ඔහුගේ පියා වූ ආබ්‍රහම් නිසා සිය මනුෂ්‍යයන් කෙරෙහි ආශීර්වාදය අලුත් කළ සේක.
ජාකොබ්ගේ හිස පිට ගිවිසුම පවතින්නට සැලැසූ සේක.
23 උන් වහන්සේ ඔහුගේ ආශීර්වාදයන් තුළ ඔහු ස්ථිර කළ සේක.
දේශය ඔහුගේ උරුමය වශයෙන් දුන් සේක.
උන් වහන්සේ එය කොටස්වලට බෙදා, ගෝත්‍ර දොළොස අතර හවුල් කොට දුන් සේක.

 

– 45 වන පරිච්ඡේදය –

මෝසෙස්

1 උන් වහන්සේ ඔහු ත්‍යාගශීලී මිනිසෙකු වන්නට සැලැසූ සේක.
ඔහු සකල මිනිස් සංහතියේ ප්‍රසාදය දිනාගත්තේ ය.
සාදරයෙන් සමරනු ලබමින්, දෙවිඳුන් හා මිනිසුන්ගේ ප්‍රේමයට පාත්‍ර විය.
2 උන් වහන්සේ ඔහු මහිමයෙන් ශුද්ධවන්තයන්ට සමාන කළ සේක.
සතුරන් බිය ගන්වන පිණිස ඔහු බලසම්පන්න කළ සේක.
3 උන් වහන්සේ මෝසෙස්ගේ වචන නිසා අරුමපුදුම දේ පැවැත්වූ සේක.
රජවරුන් ඉදිරියෙහි ඔහු ගෞරවයට පත් කළ සේක.
තම සෙනඟ උදෙසා ඔහුට පණත් දුන් සේක.
තම මහිමයෙන් ස්වල්පයක් දකින්නට ඔහුට සැලැසූ සේක.
4 ඔහුගේ විශ්වාසකම හා කරුණා ගුණය නිසා ඔහු ශුද්ධවන්ත කළ සේක.
සියලු මනුෂ්‍යයන් අතරෙන් ඔහු පමණක් තෝරාගත් සේක.
5 තම හඬ අසන්නට ඔහුට සලසා වලාකුළු තුළට ඔහු පැමිණවූ සේක.
උන් වහන්සේ ඔහු සමඟ, මුහුණට මුහුණ ලා සිට, ආඥා ද ජීවන නීතියක් හා අවබෝධය ද ජාකොබ්ට උගන්වන පිණිස තම පණත් ද ඉශ්රායෙල්ට තම නියෝගයන් ද දුන් සේක.

ආරොන්

6 උන් වහන්සේ ලෙවී ගෝත්‍රයේ තම සහෝදරයා වූ මෝසෙස්ට සමාන ව ආරොන් නම් වූ ධාර්මික මනුෂ්‍යයා එවූ සේක.
7 උන් වහන්සේ ඔහු සමඟ සදාකාලික ගිවිසුමක් කර, සෙනඟගේ පූජක පදවිය ඔහුට දුන් සේක.
ඔහු අලංකාර වස්ත්‍රවලින් සමෘද්ධ කර මහිමාන්විත සළුවක් ඔහුට පැළඳවූ සේක.
8 ඔහු උත්කෘෂ්ට මහිමතාවෙන් සරසා සරුවාලය, දිගු කබාය, ඒපොද් සැට්ටය සහ පාලන බලයේ සංකේතවලින් ඔහු සැරසූ සේක.
9 ඔහුගේ දිග කබාය වටේ එල්ලීමට දෙළුම් ගෙඩි සහ කුඩා රන් සීනු දුන් සේක.
ඔහුගේ එක එක පියවරෙහි දී ඒවායින් දේව මාලිගය තුළ කිංකිණි නාදය ඇසුණේ ය.
එය ඔහුගේ ජනතාවට සිහි කිරීමක් විය.
10 උන් වහන්සේ ඔහුට රන්මය රත් නිල් ශුද්ධ වස්ත්‍රයක් ද දුන් සේක.
එය විසිතුරු ගෙත්තමෙන් කෙරුණු කෘතියක් විය.
ඉන්පසු ඔහු පිට විනිශ්චයේ ළය වැස්ම දමා ඌරිම් සහ තුම්මීම් තැබූ සේක.
එය තද රත් නිල් නූලෙන් කළ කෘතියකි.
11 මුද්‍රා වශයෙන් කැටයම් කරන ලද මැණික් ගල් එහි විය.
රනින් බඳින ලද ඒවා රන්කරුවෙකුගේ කෘතියක් විය.
ඉශ්රායෙල් ගෝත්‍රයන් ඔවුන්ගේ ගණන අනුව සිහි කරන පිණිස කැටයම් කරන ලද සන්නසක් එහි විය.
12 ඔහුගේ හිස් වෙළුම් මත රන් කිරීටයක් ද විය.
එහි කැපවීමේ ලේඛනය කැටයම් කර තිබුණේ ය.
මේ කිරීටය අනර්ඝ ආභරණයකි;
අතිවිශිෂ්ට කෘතියකි.
මේ ආභරණය ඇසට ආනන්දජනක ය.
13 ඒවා ඔහුට පෙර කිසිවෙකු නුදුටු දේවල් ය.
එබඳු දේවල් පැළඳගත් කිසිවෙක් ඉන් පෙර නොසිටියේ ය.
එහෙත්, ඔහුගේ පුත්‍රයෝ පමණක් ද ඔහුගෙන් පැවත එන්නෝ පමණක් ද සදහට ම ඒවා පළඳින්නෝ ය.
14 ඔහුගේ පූජා සම්පූර්ණයෙන් දවන යාග විය.
ඒවා නිරන්තරයෙන් ම දවසකට දෙවරක් බැගින් ඔප්පු කරන ලද්දේ ය.
15 මෝසෙස් ඔහු අභිෂේක කෙළේ ය.
ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළේ ය.
මෙය ඔහුට සදා ගිවිසුමක් විය.
අහස පවතින තාක් ඔහුගෙන් පැවත එන්නන් හට එසේ විය.
ඔහු වන්දනා මෙහෙයෙහි දී ප්‍රථම ස්ථානය ගෙන පූජක පදවියේ කාර්යයන් ඉටු කරන්නේ ය.
සමිඳුන්ගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නේ ය.
16 උන් වහන්සේ සියලු මනුෂ්‍යයන් අතරෙන් ඔහු තෝරාගත් සේක.
සමිඳුන්ට යාග ඔප්පු කරන පිණිස ද, තුවරලා සහ සුවඳ දුම් සිහිවීමක් සඳහා ඔප්පු කරන පිණිස ද ඔහු තෝරාගත් සේක.
17 උන් වහන්සේ ඔහුට තම පණත් භාර දුන් සේක.
නීතියේ නියමයන් ඔහුගේ ආරක්ෂාවට පැවරූ සේක.
එසේ කෙළේ ජාකොබ්ට තම නියමයන් උගන්වන පිණිස ය;
ඉශ්රායෙල්වරුන්ට තම නීතිය ගැන ඥානය ලබාදෙන පිණිස ය.
18 අන් අය ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ හ.
පාළුකරයෙහි දී ඔව්හු ඔහු හට ද්වේෂ කළ හ.
දාතන්ගේ කණ්ඩායම ද අබිරාම්ගේ කණ්ඩායම ද කෝර්ගේ සමූහය ද ඔහුට වෛර කර බලහත්කාරකම් කළො‍් ය.
19 සමිඳාණෝ එය දැක උදහස් වූ සේක.
උන් වහන්සේගේ කෝපය ඇවිළී ඔව්හු සහමුලින් ම විනාශ කරන ලද්දෝ ය.
ඔවුන්ට පෙනෙන්නට සමිඳාණෝ පුදුම දේවල් කළ සේක.
උන් වහන්සේ සිය ඇවිලෙන ගින්නෙහි ඔවුන් දවා හැරිය සේක.
20 උන් වහන්සේ ආරොන්ගේ මහිමය තවත් වර්ධනය කළ සේක.
ඔහුට ප්‍රවේණියක් දුන් සේක.
ඔහුට නාඹුල් ඵල වෙන් කොට දුන් සේක.
සියල්ලට පෙර ඔහුට බහුල ව ආහාර ලැබෙන්නට සැලැසූ සේක.
21 තවද, ඔව්හු සමිඳුන්ට පුදන ලද යාග වළඳන්නෝ ය.
උන් වහන්සේ මෙය ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් ලැබෙන්නට සැලැසූ සේක.
22 එහෙත්, දේශයෙන් ඔහුට උරුමයක් නොතිබුණේ ය.
සෙනඟ අතර ඔහුට කොටසක් නොතිබුණේ ය.
සමිඳාණෝ ඔහුගේ උරුම කොටස වූ සේක.

පිනේහාස්

23 එලෙයාසර්ගේ පුත්‍ර පිනේහාස් මහිමයෙන් තුන්වැන්නා විය.
සමිඳුන් වෙත ඔහුගේ ගරුබිය දැක්වීමේ උද්‍යෝගය නිසා සෙනඟ කැරලි ගැසූ විට උදාර ධෛර්යයෙන් ස්ථිර ව සිටීමෙන් ඔහු ඉශ්රායෙල්වරුන්ට සමාව ලබා දුන්නේ ය.
24 ඔහු සමඟ සාමදානයේ ගිවිසුමක් ද ස්ථිර කරන ලද්දේ ය.
එයින්, ඔහු ශුද්ධස්ථානයේ ද සෙනඟගේ ද ප්‍රධානියා වූයේ ය.
ඔහුට ද ඔහුගේ පරම්පරාවට ද නායක පූජක පදවිය සදහට ම හිමි වූයේ ය.
25 ජුදාගේ ගෝත්‍රයේ ජෙස්සේගේ පුත් දාවිත් සමඟ ද ගිවිසුමක් වූයේ ය.
මේ ගිවිසුම අනුව රාජ බලය පියාගෙන් පුත්‍රයාට පමණක් හිමි වූයේ ය.
එහෙත්, ආරොන්ගේ බලය ඔහුගේ මුළු පරම්පරාවට හිමි වූයේ ය.
26 උන් වහන්සේගේ සෙනඟ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන පිණිස දෙවියන් වහන්සේ ඔබේ හෘදය ප්‍රඥාවෙන් පුරවන සේක් වා!
එවිට මුතුන්මිත්තන්ගේ ගුණ දහම් නොනැසී පවතින්නේ ය.
ඔවුන්ගේ මහිමය ඔවුන්ගෙන් පැවත එන සියල්ලන් කෙරෙහි පැතිර යන්නේ ය.

 

– 46 වන පරිච්ඡේදය –

ජො‍්ෂුවා

1 නූන්ගේ පුත් ජො‍්ෂුවා රණශූරයෙකි.
දිවැසිවර තනතුරෙහි මෝසෙස්ගේ පදවියට පත් වූ තැනැත්තා විය.
ඔහුට මේ නාමය සැබැවින් ම යෝග්‍ය විය.
ඔහු තෝරාගත් ජනයාගේ මහා ගැළවුම්කාරයා විය.
ඔහු කැරලිකාර සතුරන්ට දැඩි ලෙස දඬුවම් කෙළේ ය.
ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ උරුමයෙහි පදිංචි කෙළේ ය.
2 නුවරවලට විරුද්ධ ව අත ඔසවා කඩුව ලෙළවූ විට ඔහු කොපමණ වික්‍රමාන්විත වූයේ ද?
3 ඔහුට පෙර ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය ඇති වූයේ කවරෙකුට ද?
සමිඳුන්ගේ සටන් ඔහු විසින් ම හසුරුවන ලද්දේ ය.
4 ඔහුගේ අණ පිට හිරුගේ ගමන පමා කොට එක දවසක් දෙදවසක් කරන ලද්දේ නොවේ ද?
5 ඔහු මහො‍්ත්තම දෙවියන් වහන්සේ වූ බලවත් තැනැන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
සතුරන් හැම පැත්තෙන් ම නෙරපා දැමුවේ ය.
මහානුභාව සම්පන්න සමිඳාණෝ ඔහුට සවන් දුන් සේක.
නොඇසූවිරූ වේගයකින් ගල් වැස්ස හෙළූ සේක.
6 ඔහු සතුරු ජාතීන් පිට හදිසියෙන් පැන ඔවුන් අල්ලාගත්තේ ය.
කඳු බෑවුමේ දී කලහකාරීන් සහමුලින් ම විනාශ කෙළේ ය.
ඔහු මෙසේ කෙළේ ජාතීන් ඔහුගේ රණශූරභාවයත්, ඔහු දෙවි සමිඳුන් අබියස සිටිමින් සටන් කරන බවත් දැනගන්නා පිණිස ය.

කාලෙබ්

7 ඔහු මහො‍්ත්තමයාණන් වහන්සේට ඇලුම් ව සිටි බැවින් මෝසෙස්ගේ කාලයෙහි දී ඔහු තම සේවාව හිතවත්කමින් ඉටු කෙළේ ය.
ඔහු ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද මහජනයාට විරුද්ධ ව සිට මැසිවිලි නිහඬ කරවමින් සෙනඟ පව් කිරීමෙන් වැළැක්වූ හ.
8 ගමන් කළ මිනිසුන් සය ලක්ෂයෙන් මොවුන් දෙදෙනා පමණක් ඉතුරු කරන ලදුව, කිරි හා පැණි ගලා යන දේශයෙහි ඔවුන්ගේ උරුමයට ගෙනෙන ලද්දෝ ය.
9 සමිඳාණෝ කාලෙබ්ට මහත් ශක්තියක් දුන් සේක. එය ඔහුගේ මහලු විය දක්වා ඔහු කෙරෙහි රඳා පැවතියේ ය.
උන් වහන්සේ දේශයේ කඳුකරයෙහි නඟින්නට ඔහුට සැලැසූ සේක.
ඔහුගෙන් පැවත එන්නෝ එය තමන්ගේ උරුමය මෙන් ආරක්ෂා කරගත්තෝ ය.
10 මෙසේ, සමිඳුන්ගේ ආඥාව අනුව යාම යහපත් බව සියලු ඉශ්රායෙල් ජනයා දකිනු ඇත.

වීර පුරුෂයෝ

11 සියලු වීර පුරුෂයෝ තම තමන්ගේ කැඳවීම අනුව ශුද්ධවන්ත හෘදයක් ඇති මනුෂ්‍යයෝ වූවෝ ය.
ඔව්හු සමිඳුන්ගෙන් ඉවතට නොහැරුණෝ ය. ඔවුන් සැමරීම පූජිත වේ වා!
12 ඔවුන්ගේ ඇටකටු මිනීවළෙහි නැවත ප්‍රාණවත් වේ වා!
ඔවුන්ගේ නම මේ කීර්තිමත් මනුෂ්‍යයන්ගේ පුත්‍රයන් තුළ යළි ජීවත් වේ වා!

සාමුවෙල්

13 සාමුවෙල් සමිඳුන්ගේ ප්‍රේමවන්තයා විය.
සමිඳුන්ගේ දිවැසිවරයා වූ ඔහු රාජ්‍ය පිහිටෙව්වේ ය.
තම සෙනඟ කෙරෙහි පත් කරන ලද අධිපතීන් ආලේප කෙළේ ය.
14 සමිඳුන්ගේ නීතිය අනුව ඔහු සභාව විනිශ්චය කෙළේ ය.
සමිඳාණෝ ජාකොබ් රැක බලාගත් සේක.
15 විශ්වාසවන්තකම නිසා ඔහු දිවැසිවරයෙකු මෙන් පිළිගන්නා ලද්දේ ය.
තමා විශ්වාස කළ හැකි දිවැසිවරයෙකු බව තමා කී දේවලින් ප්‍රකාශ කෙළේ ය.
16 ඔහු සිය සතුරන් සැම අතින් නෙරපූ විට, කිරි බැටළු පැටවෙකු ඔප්පු කරමින් ඔහු සවි බලැති සමිඳුන්ට යාච්ඤා කෙළේ ය.
17 එවිට සමිඳාණෝ අහසින් හෙණ හඬ නැඟුව සේක.
මහත් ඝෝෂාවකින් තම හඬ ඇසෙන්නට සැලැසූ සේක.
18 උන් වහන්සේ සතුරාගේ අධිපතීන් සහමුලින් ම විනාශ කළ සේක.
පිලිස්තිවරුන්ගේ පාලකයන් වනසාදැමූ සේක.
19 ඔහු සදා සැනසීමට යන මොහොතකට පෙර සමිඳුන් හා උන් වහන්සේගේ ආලේපය ලත් තැනැත්තා ඉදිරියෙහි මෙසේ සාක්ෂි දැරුවේ ය;
”කිසිවෙකුගෙන් ඔහුගේ ධනය වත් මිරිවැඩි සඟලක් පමණ වත් මම පැහැර නොගත්තෙමි.”
එසේ ම, කිසිවෙක් ඔහුට විරුද්ධ චෝදනාවක් නොකළො‍් ය.
20 ඔහු මියගිය පසුවත් නැවත දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කෙළේ ය.
රජුට ඔහුගේ මරණය කලින් දැන්වූයේ ය. පොළෝ ගැබෙන් තම හඬ නඟා දිවැස් කීවේ ය.
එසේ කෙළේ සෙනඟගේ දුෂ්ටකම පහ කරන පිණිස ය.

 

– 47 වන පරිච්ඡේදය –

නාතාන්

1 ඔහුට පසු නාතාන් නැඟී සිටියේ ය.
ඔහු දාවිත්ගේ කාලයෙහි දිවැස් වැකි කීවේ ය.

දාවිත්

2 සහභාගිකමේ පූජාවෙන් තෙල වෙන් කරන සේ, ඉශ්රායෙල් ජනයා කෙරෙන් දාවිත් තෝරාගන්නා ලද්දේ ය.
3 ඔහු එළු පැටවුන් සමඟ මෙන් සිංහයන් සමඟ විනෝද වූයේ ය.
බැටළු පැටවුන් සමඟ මෙන් වලසුන් සමඟ ද කෙළිදෙලෙහි යෙදුණේ ය.
4 ළමයෙකු ව සිටිය දී ඔහු යෝධයා මරා සෙනඟගේ ලජ්ජාව මකාදැමුවා නොවේ ද?
ගල් පටියෙන් ගලක් වේගයෙන් දමා ගසා ගොලියත්ගේ අහංකාරය පහතට නොහෙළුවේ ද?
5 ඔහු මහො‍්ත්තම සමිඳුන්ට යාච්ඤා කෙළේ ය.
බලසම්පන්න රණශූරයෙකු මරා ඉශ්රායෙල්වරුන්ගේ බලය උසස් කිරීමට සමිඳාණෝ ඔහුගේ දකුණු අතට ශක්තිය දුන් සේක.
6 දස දහස් ගණනක් මැරීම සම්බන්ධ ව සෙනඟ ඔහුට ප්‍රශංසා කළො‍් ය.
සමිඳුන්ට ආශිංසනය කරමින් ඔහුට ප්‍රශංසා කළො‍් ය.
මහිමයේ කිරුළක් ඔහුට පුද කළො‍් ය.
7 මන්ද, ඔහු අවට ප්‍රදේශවල සතුරන් විනාශ කළ හෙයිනි.
ඔහුගේ සතුරන් වූ පිලිස්තිවරුන් විනාශ කළ හෙයිනි.
ඔවුන්ගේ බලය සදහට ම බිඳදැමූ හෙයිනි.
8 සියලු ක්‍රියාවන්හි දී ඔහු මහො‍්ත්තම ශුද්ධ තැනැන් වහන්සේට මහිමය පවරමින් උන් වහන්සේට තුති පැසසුම් දුන්නේ ය.
තම මැවුම්කාරයාණන් වෙත ප්‍රේමය ප්‍රකාශ කරමින් මුළු හෘදයෙන් ගී ගැයී ය.
9 ඔහු පූජාසනය ඉදිරියෙහි බැති ගී ගායනා කරන්නන් තැබුවේ ය.
ඒවා වාදනය කිරීමෙන් ගීත වඩාත් මිහිරි විය.
10 ඔහු මංගල්‍යයන් උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ ය.
පූජො‍්ත්සවයන් උදාර අලංකාරයෙන් සිදු කෙළේ ය.
සමිඳුන්ගේ ශුද්ධ නාමය ප්‍රශංසා කරනු ලබන්නට සැලසුවේ ය.
ශුද්ධස්ථානය තුළ අලුයම පටන් දෝංකාරය දෙන්නට සැලසුවේ ය.
11 සමිඳාණෝ ඔහුගේ පාප පහ කළ සේක.
ඔහුගේ බලය සදහට ම වැඩෙන්නට සැලැසූ සේක.
ඔහුට රාජකීය ගිවිසුමක් දුන් සේක.
ඉශ්රායෙල්වරුන් අතර මහිමාන්විත සිංහාසනයක් දුන් සේක.

සලමොන්

12 ඔහුට පසු ව ප්‍රඥා සම්පන්න පුත්‍රයෙක් ඔහුගේ පදවියට පත් වූයේ ය.
දාවිත් නිසා ඔහු සමෘද්ධිමත් ලෙස ජීවත් වූයේ ය.
13 සලමොන් සාම කාලයක රජකම් කෙළේ ය.
තම නාමයට මාලිගාවක් ඉදි කරනු සඳහා ද සදා ශුද්ධස්ථානයක් පිළියෙළ කරනු සඳහා ද දෙවියන් වහන්සේ ඔහු අවට සාමය සැලැසූ සේක.
14 ඔබේ යොවුන් වියෙහි දී ඔබ ගංගාවක් මෙන් අවබෝධයෙන් පූර්ණ ව කොපමණ ප්‍රඥාවන්ත ව සිටියෙහි ද?
15 ඔබේ බුද්ධිය ලෝකය වසා යන්නේ ය.
ඔබ ලෝකය ගුප්ත කියමන්වලින් පිරවූයෙහි ය.
16 ඔබේ කීර්තිය ඈත දිවයින් කරා පැතිර ගියේ ය.
ඔබේ සාමදානය නිසා ඔබ ප්‍රේම කරනු ලැබුවෙහි ය.
17 ඔබේ ගීත ද, ඔබේ උපමා ද, ඔබේ ගුප්ත කියමන් ද, ඔබේ ප්‍රතිවාද ද නිසා ලෝකය ඔබ අද්භූත ලෙස සැලකුවේ ය.
18 දෙවි සමිඳාණන්ගේ නාමයෙන් ඉශ්රායෙල්වරුන්ගේ ‘දෙවියෝ’ යයි කියනු ලබන තැනැන් වහන්සේගේ නාමයෙන්, ඔබ බෙලෙක් මෙන් රත්රන් විශාල ලෙස රැස් කරගත්තෙහි ය.
ඊයම් මෙන් රිදී වැඩි කරගත්තෙහි ය.
19 ඔබේ ශරීරය ඔබේ ස්ත්‍රීන්ට පාවා දුන්නෙහි ය.
ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාවට ඔබ වහල් වූයෙහි ය.
20 ඔබේ මහිමය ඔබ කැළැල් කරගත්තෙහි ය.
ඔබේ පැළැන්තිය දූෂණය කෙළෙහි ය.
මෙසේ ඔබේ දරුවන් පිට ඔබ උදහස පැමිණවූයෙහි ය.
ඔබේ පරම්පරාව පිට ශෝකය ගෙනාවෙහි ය.
21 රාජ්‍යය භේද වී දෙකඩ විය.
එප්‍රායිම්ගෙන් කැරලිකාර රාජ්‍යයක් පැන නැංගේ ය.
22 එහෙත්, දෙවියන් වහන්සේ තම දයාව කිසි කලෙක අත් නොහළ සේක.
තම වචනවලින් කිසිවක් නිෂ්ප්‍රභ නොකළ සේක.
තමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තාට පරම්පරාවත් ප්‍රතික්ෂේප නොකළ සේක.
තමන්ට ප්‍රේම කළ තැනැත්තාගේ වංශය විනාශ නොකළ සේක.
එහෙයින් උන් වහන්සේ ජාකොබ්ට ඉතිරි කුඩා පිරිසක් ද දාවිත්ට ඔහුගෙන් පැවතෙන උරුමක්කාරයෙක් ද දුන් සේක.

රෙහොබෝවම්

23 සලමොන් ඔහුගේ පියවරුන් මෙන් මියගියේ ය.
ඔහුට පසු ඔහුගේ පදවියට කෙනෙකු තබා ගියේ ය.
ඔහු ඔහුගේ ජාතියේ, ඥානය රහිත ඉතා ම මො‍්ඩ මිනිසා විය.
සෙනඟගේ බලවත් විරො‍්ධයට රෙහොබෝවම් හේතුව විය.

ජෙරොබෝවම්

24 නෙබාත්ගේ පුත්‍රවූ ජෙරොබෝවම් ඉශ්රායෙල් පාපයේ මාර්ගයට යොමු කෙළේ ය.
එප්‍රායිම්ට පාපයේ මාර්ගය ඉගැන්වූයේ ය.
එතැන් සිට ඔවුන්ගේ පව් අධික වූ හෙයින් ඔව්හු තමන්ගේ දේශයෙන් පිටමං කරන ලද්දෝ ය.
25 මන්ද ඔවුන් තමන් පිට දඬුවම් පමුණුවාගන්න තෙක් සියලු දුෂ්ටකම සොයා ගිය හෙයිනි.

 

– 48 වන පරිච්ඡේදය –

එලියා

1 එකල්හි එලියා දිවැසිවරයා ගින්නක් මෙන් නැඟී ආවේ ය.
ඔහුගේ වචනය ගිනි හුළක් මෙන් ඇවිළුණේ ය.
2 ඔහු ඔවුන් පිට සාගතයක් පැමිණෙව්වේ ය.
තම උද්‍යෝගයෙන් ඔවුන්ගෙන් විශාල ගණනක් වනසාදැමුවේ ය.
3 සමිඳුන්ගේ වචනයෙන් අහස පියවාදැමුවේ ය.
තුන් වරක් අහසින් ගින්න ඇද වැටෙන්නට සැලසුවේ ය.
4 අහො‍් එලියා! ඔබ සිදු කළ ප්‍රාතිහාර්යයන් නිසා ඔබ කොපමණ කීර්තිමත් වූයෙහි ද?
අභිමානයෙන් ඔබට සමාන වන්නේ කවරෙක් ද?
5 ඔබ මළසිරුරක් මරණයෙන් නැඟිටවූවෙහි ය.
මහො‍්ත්තමයාණන් වහන්සේගේ වචනයෙන් ඔහු පාතාල ලෝකයෙන් පිටතට ගෙනාවෙහි ය.
6 ඔබ රජවරුන් විනාශය කරා ගෙන ගියෙහි ය.
උසස් පදවි දරන්නන් ඔවුන්ගේ යහන්වලින් බිමට හෙළුවෙහි ය.
7 ඔබ සීනයිහි දී දෝෂාරො‍්පණය ඇසුවෙහි ය.
හොරෙබ්හි දී දණ්ඩන තීන්දුව ඇසුවෙහි ය.
8 පළිගන්නන් වශයෙන් ඔබ රජවරුන් ආලේප කෙළෙහි ය.
ඔබේ පදවිය ගැනීමට දිවැසිවරුන් පත් කෙළෙහි ය.
9 ඔබ ගිනිමය සුළි සුළඟින් හැරගෙන යනු ලැබුවෙහි ය.
ගිනිමය අශ්ව රථයක ඔසවාගෙන යනු ලැබුවෙහි ය.
10 මතු පැමිණෙන්ට තිබුණ තර්ජනවල දී දේව උදහස කඩා බිඳගෙන එන්නට පෙර එය සංසිඳවීමට පියවරුන්ගේ සිත ඔවුන්ගේ දරුවන් දෙසට හැරවීමට ද ජාකොබ්ගේ ගෝත්‍රයන් නැවත පිහිටුවීමට ද ඔබ පත් කරනු ලැබුවෙහි ය.
11 ඔබ දැකීමේ වරය ලබාගත් අය ද ඔබට ප්‍රේම කරමින් සිට මියගිය අය ද භාග්‍යවන්තයෝ ය.
මන්ද, අපට ද ජීවිතය හිමි වන හෙයිනි.

එලිෂා

12 එලියා සුළි සුළඟකින් ගෙන යන ලද්දේ ය.
ඔහුගේ ආධ්‍යාත්මික බලයෙන් එලිෂා පුරවන ලද්දේ ය.
ඔහුගේ ජීවිත කාලයෙහි දී කිසියම් අධිපතියෙකු විසින් ඔහු වික්ෂිප්ත කරනු ලැබිය නොහැකි විය.
කිසිවෙකු විසින් ඔහු පාලනය කරනු ලැබිය නොහැකි විය.
13 ඔහුට දුෂ්කර වූ කාර්යයක් ඇති වූයේ නැත.
ඔහු මැරුණු පසු ද ඔහුගේ ශරීරය දිවැස් වැකි කීවේ ය.
14 තම මුළු ජීවිත කාලයෙහි දී ඔහු අරුමපුදුම දේවල් කෙළේ ය.
මරණයෙහි දී ඔහු කළ ක්‍රියා විස්මයජනක විය.

අවිශ්වාසකම හා දණ්ඩණය

15 මේ සියල්ල නොසලකා සෙනඟ පසුතැවී සිත් හරවා නොගත්තෝ ය.
ඔව්හු තමන්ගේ පව් අත් නොහැරියෝ ය.
තමන්ගේ දේශයෙන් ඈතට නෙරපන ලදුව පොළොවෙහි සැම තැන්හි විසුරුවා හරිනු ලබන තෙක් ම ඔව්හු එසේ කළො‍් ය.
16 සෙනඟගෙන් ඉතා සුළු කොටසක් පමණක් ඉතිරි විය.
ඔවුන්ට දාවිත්ගේ වංශයෙන් අධිපතියෙක් විය.
ඔවුන් අතරෙන් සමහරෙක් සමිඳුන්ට ප්‍රසන්න දේ කළො‍් ය.
අනෙක් අය පව් කළො‍් ය.

හෙසකියා සහ යෙසායා

17 හෙසකියා තමාගේ නුවර සුරක්ෂිත කෙළේ ය.
එයට ජලය ලැබෙන්නට සංවිධාන සැලසුවේ ය.
යකඩෙන් පර්වතයෙහි උමං කැණී ය.
එහි ජලාශ සෑදුවේ ය.
18 ඔහුගේ දවස්වල දී සෙනකෙරිබ් සටන් පිණිස වැදී ලාකීෂ් නුවරින් රබ්සාකේ යැවී ය.
ඔහු ගරුසරු නැති අහංකාරයෙන් සියොනට විරුද්ධ ව අත එසවූයේ ය.
19 එවිට ඔවුන්ගේ හදවත් හා හස්තය වෙවුලන්නට පටන්ගත්තේ ය.
ඔව්හු විලිරුදාව වැනි වේදනා වින්දෝ ය.
20 එහෙත්, ඔව්හු දයාබර සමිඳුන් හට ආරාධනා කළො‍් ය.
උන් වහන්සේ දෙසට තමන්ගේ අත් එසවූවෝ ය.
ශුද්ධ තැනැන් වහන්සේ ස්වර්ගයෙන් නොපමා ව ඔවුන්ට සවන් දුන් සේක.
යෙසායාගේ අතින් ඔවුන්ට ගැළවීම සැලැසූ සේක.
21 උන් වහන්සේ අසිරියන්වරුන්ගේ කඳවුරට පහර දුන් සේක.
උන් වහන්සේගේ දූතයා ඔවුන් වනසාදැමුවේ ය.
22 හෙසකියා, සමිඳුන්ට ප්‍රිය වූ දේ කෙළේ ය.
ඔහු තම පියා වූ දාවිත්ගේ මාර්ගයෙහි විශ්වාසී ව සිටියේ ය.
විශ්වාස කටයුතු දර්ශන දුටු මහා දිවැසිවර යෙසායා එලෙස සිටීමට ඔහුට අණ කෙළේ ය.
23 ඔහුගේ කාලයෙහි දී හිරු පසු බැස්සේ ය.
ඔහු රජුගේ ජීවිතය දික් කෙළේ ය.
24 ආධ්‍යාත්මික ශක්තියෙන් ඔහු කාලයේ අවසාන දේවල් දුටුවේ ය.
සියොන් නගරයෙහි වැලපෙන්නන් අස්වසාලූයේ ය.
25 ඔහු කාලයාගේ අවසානය දක්වා අනාගතය හෙළි කෙළේ ය.
ඒවා සිදු වන්නට පෙර ගුප්ත දේවල් එළිදරව් කෙළේ ය.

 

– 49 වන පරිච්ඡේදය –

ජොසියා

1 ජොසියාගේ ස්මරණය සුවඳ සංයෝගකරුවෙකුගේ දක්ෂකමින් සූදානම් කරන ලද තුවරලා මිශ්‍රණයක් වැනි ය.
එය සැම දිවකට ම මීපැණි මෙන් මිහිරි ය.
මංගල භෝජනයක් මැද සංගීතයකට සමාන ය.
2 ඔහු සෙනඟ පාපයෙන් හැරවීමේ යහපත් මාර්ගය ගත්තේ ය.
පිළිකුල් අධර්මිෂ්ඨකම වනසාදැමුවේ ය.
3 ඔහු තම හෘදය සමිඳුන් වෙත හැරවූයේ ය.
දේව භක්තියෙන් තොර කාලයෙහි දී දේව භක්තිය බල පවත්වන්නට සැලසුවේ ය.

අවසාන කාලයේ රජවරු හා දිවැසිවරු

4 අන්තිම කාලයේ රජවරුන් හා දිවැසිවරුන් අතරෙන් දාවිත්, හෙසකියා සහ ජොසියා හැර අන් සියල්ලෝ ම බහුල ව අපරාධ කළො‍් ය;
මහො‍්ත්තමයාණන් වහන්සේගේ නීතිය ප්‍රතික්ෂේප කළො‍් ය.
ජුදාහි රජවරු අන්තර්ධාන වූවෝ ය.
5 මෙසේ වූයේ ඔවුන් තම බලය අන්‍යයන්ට දුන් හෙයිනි;
තම මහිමය විදේශීය ජාතියකට දුන් හෙයිනි.
6 සතුරො‍් ශුද්ධ වූ තෝරාගත් නගරය පුළුස්සාදැමුවෝ ය.
දිවැසිවර ජෙරමියා කී ප්‍රකාරයට එහි මාවත් විනාශ කළො‍් ය.
7 ඔහු මවු ගැබෙහි දී පටන් ම දිවැසිවරයෙකු මෙන් කැප කරන ලදුව උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නටත් පමණක් නොව, ගොඩනඟන්නට හා සිටුවන්නටත් පත් කරනු ලැබූ නමුත්, ඔව්හු ඔහුට හිංසා කළො‍් ය.

එසකියෙල්

8 එසෙකියෙල් මහිමාන්විත දර්ශනයක් දුටුවේ ය.
දෙවියන් වහන්සේ එය කෙරුබ්වරුන්ගේ රථයට ඉහළින් ඔහුට පෙන්වූ සේක.
9 නිවැරදි මාර්ගය අනුගමනය කරන්නන් සඳහා සතුරන් තද වැස්සකට අසු වී සිටි බව ඔහුට සිහිපත් වූයේ ය.
10 දිවැසිවරුන් දොළොස් දෙනා ගැන කියම් නම්, ඔවුන්ගේ ඇටකටු මිනීවළෙන් නැඟිට නැවත වැජඹේ වා!
මන්ද, ඔවුන් ජාකොබ් අස්වසා ලූ හෙයිනි.
විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් ඔහු මුදාගත් හෙයිනි.

සෙරුබ්බාබෙල් සහ ජො‍්ෂුවා

11 සෙරුබ්බාබෙල්ගේ ප්‍රශංසා කෙසේ වණමු ද?
ඔහු දකුණතෙහි පේරැස් මුද්දක් වැනි ය.
12 ජොසදාගේ පුත් ජො‍්ෂුවා ද එසේ විය.
ඔව්හු තමන්ගේ කාලයෙහි දී දේව මාලිගය ඉදි කළො‍් ය.
සදා මහිමය සඳහා ඉදි කරන ලද සෙනඟක් සමිඳුන් වෙත ගෙනාවෝ ය.

නෙහෙමියා

13 නෙහෙමියාගේ ස්මරණය ද උතුම් ය.
ඔහු ජරාපත් පවුර අප උදෙසා නැවත ගොඩනැඟුවේ ය.
දොරටු සහ අගුල් සවි කෙළේ ය.
අපේ නටබුන් වාසස්ථානයන් නැවත ගොඩනැංවූයේ ය.

අතීතය දෙස බැලීම

14 ඒනොක්ට සමාන කිසිවෙක් මිහි පිට නොමවන ලද්දේ ය.
ඔහු පොළොවෙන් ඔසවාගනු ලැබුවේ ය.
15 ජො‍්සෙප් මෙන් මනුෂ්‍යයෙක් කිසි කලෙක නූපන්නේ ය.
ඔහු තම සහෝදරයන්ගේ නායකයා ද තම සෙනඟගේ ශක්තිය ද වූයේ ය.
ඔහුගේ ඇටකටු ගෞරවයෙන් තැන්පත් කරනු ලබන්නට සලසන ලද්දේ ය.
16 සෙම් සහ සෙත් මනුෂ්‍යයන් අතර කීර්තිමත් වූවෝ ය.
එහෙත්, සියලු ජීවමාන සත්ත්වයන්ට ඉහළින් ආදම් ය.

– 50 වන පරිච්ඡේදය –

සීමොන් නායක පූජක තුමා

1 ඔනියාස්ගේ පුත් නායක පූජක සීමොන් තම ජීවිතයෙහි දී දේව මාලිගය අලුත්වැඩියා කෙළේ ය.
තමාගේ දවස්වල දී ශුද්ධස්ථානය ශක්තිමත් කෙළේ ය.
2 දෙගුණයක් උස බිත්තියේ ද දේව මාලිගාව පිහිටි භූමි භාගයේ උස් පනා බැම්මේ ද අත්තිවාරම ඔහු විසින් දමන ලද්දේ ය.
3 ඔහුගේ කාලයේ දී ජලාශය කණින ලද්දේ ය.
එය මුහුද මෙන් විශාල ජලාශයකි.
4 ඔහු තම සෙනඟගේ විනාශය වැළැක්වීමේ ආශාවෙන් නුවර වටලනු නොලබන පිණිස එය ශක්තිමත් කෙළේ ය.
5 තිරය පිටුපසින් පිටතට ආ විට සෙනඟ ඔහු වට කළ කල්හි ඔහු කොපමණ තේජස්වී වූයේ ද?
6 ඔහු වලාකුළු මැද පහන් තරුව මෙන් විය;
පුන් සඳ මෙන් විය.
7 මහො‍්ත්තමයාණන් වහන්සේගේ මාලිගාව පිට රැස් විහිදුවන හිරු මෙන් විය.
දීප්තිමත් වලා පටලයක් ඉදිරියෙන් විනිවිද දිළිසෙන දේදුන්න මෙන් විය.
8 වසන්ත කාලයේ සෙව්වන්දි පුෂ්ප මෙන් විය;
ජල උල්පත් අසල වැඩුණු මානෙල් මල් මෙන් විය;
ගිම්හාන කාලයේ ලෙබනොන්හි ගසේ රිකිල්ලක් මෙන් විය.
9 ධූම පාත්‍රයෙහි ගින්න හා තුවරලා මෙන් විය;
තැළූ රනින් නිමවා, නා නා විධ මැණික් ඔබ්බන ලද භාජනයක් මෙන් විය.
10 පල බර ඔලීව ගසක් මෙන් විය;
වලාකුළු දක්වා උස් වූ දේවදාර ගසක් මෙන් විය.
11 ඔහු තම අලංකාර සළුව ඇඳ, උත්කෘෂ්ට ආභරණ පැළඳගත් කල්හි, ශුද්ධ පූජාසනය වෙත නැඟ, ශුද්ධස්ථානයේ සීමාවන් මහිමයෙන් පිරවූ කල්හි,
12 පූජාසනයේ උදුන ළඟ සිටිමින් පූජකවරුන්ගේ අත්වලින් පඬුරු ලැබූ කල්හි, තාල කඳන්වලින් වට කරන ලද ලෙබනොන්හි කොළ දරන කිහිරි ගසක් සේ සහෝදරයන් සමූහයක් විසින් පිරිවරන ලදුව සිටි කල්හි,
13 ආරොන්ගේ සියලු පුත්‍රයන් අලංකාර ලෙස සැරසී තමන්ගේ අත්හි සමිඳුන්ට පඬුරු ඇති ව ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ඉදිරියෙහි සිටි කල්හි,
14 සව් බලැති මහො‍්ත්තමයාණන් වහන්සේට උදාර ලීලාවෙන් පඬුරු ඔප්පු කරමින් පූජාසනයේ පුද පූජා සම්පූර්ණ කළ කල්හි ඔහු කොපමණ තේජස්වී වූයේ ද?
15 ඔහු කුසලානට අත දිගු කර මිදියුස ස්වල්පයක් වත් කිරීමට සලස්වා සියල්ලන්ගේ රජාණන් වන මහො‍්ත්තමයාණන් වහන්සේට ප්‍රිය සුවඳක් මෙන් එය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.
16 එවිට ආරොන්ගේ පුත්‍රයෝ මහා නාද කළො‍් ය.
තැළූ ලෝහයෙන් සෑදුණු හොරණෑ පිම්බෝ ය;
මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි සිහි වීමක් වශයෙන් ජය ඝෝෂා කළො‍් ය.
17 එවිට හදිසියෙන් සියලු සෙනඟ එක හෙළා සව් බලැති දෙවිඳුන් වන මහො‍්ත්තම සමිඳුන් හට වන්දනා කරමින් මුණින් වැටුණෝ ය.
18 ගායකයෝ ද ප්‍රශංසා ගීත ගැයූ හ.
මේ මහ නාදය මධුර ස්වර සංවාදයෙන් විය.
19 සමිඳුන්ගේ මෙහෙය නිම වන තෙක් ද ශුද්ධ වත්පිළිවෙත් අවසාන වන තෙක් ද සෙනඟ මහො‍්ත්තම සමිඳුන් හට බැගෑපත් ලෙස ආයාචනා කළො‍් ය.
දයාබර තැනැන් වහන්සේට යාච්ඤාවෙන් ඇමතුවෝ ය.
20 ඉන්පසු ඔහු මහත් ලෙස ශබ්ද නඟා සමිඳුන්ගේ ආසිරි දීමට ද උන් වහන්සේගේ නාමය උච්චාරණය කිරීමේ ගෞරවය ලබාගැනීමට ද පහතට බැස ඉශ්රායෙල් සෙනඟගේ මුළු සභාව දෙසට අත එසවූයේ ය.
21 එවිට සෙනඟ මහො‍්ත්තමයාණන් වහන්සේගේ ආසිරි ලබාගනු සඳහා යළිත් මුණින් වැටුණෝ ය.

අනුශාසනය

22 එහෙයින් දැන් මුළු ලෝකයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න.
උන් වහන්සේ සැම තැන්හි මහත් දේවල් කළ සේක.
මවු ගැබෙහි පටන් අපේ දවස් උසස් කළ සේක.
තම දයාවෙන් අප වෙත ක්‍රියා කළ සේක.
23 උන් වහන්සේ අපට ප්‍රීතිමත් හෘදයක් දෙන සේක් වා!
අපේ කාලයට සාමදානය ප්‍රදානය කරන සේක් වා!
ඉශ්රායෙල්හි යුගයෙන් යුගයට එසේ වේ වා!
24 උන් වහන්සේගේ ප්‍රසාදය අප සමඟ විශ්වාසවන්ත ලෙස වේ වා!
අපේ කාලයෙහි දී උන් වහන්සේ අපට මිදීම සලසන සේක් වා!

ගණන් වශයෙන් වූ ආප්තෝපදේශ

25 මාගේ සිත පිළිකුල් කරන මනුෂ්‍ය ජාති දෙකක් ඇත්තේ ය.
තුන්වැන්න ජාතියක් නොවේ.
26 ඒවා නම්, සේයිර් කඳුකරයෙහි වාසය කරන්නෝ ය,
පිලිස්තිවරු ය, සිකෙම්හි වාසය කරන අමන ජනයා ය.

අවසානය

27 ප්‍රඥාව හා අවබෝධය ගැන ඉගැන්වීමක් මේ පොතෙහි ලේඛනගත කර ඇත්තේ ය.
ජෙරුසලමේ සිරාගේ පුත්‍ර වූ එලෙයසාර්ගේ පුත් ජේසුස් තමාගේ හෘදයෙන් ප්‍රඥාව වර්ෂාවක් මෙන් වැගිරෙව්වේ ය.
28 තම කාලය මේ දේවලට කැප කරමින් ඒවා තම හෘදය තුළට ගෙන ප්‍රඥාව ලබාගන්න තැනැත්තේ ආශීර්වාද ලද්දෙකි.
ඔහු මෙසේ කළොත් සියලු අවස්ථාවල දී ඔහු ශක්තිමත් වන්නේ ය.
මන්ද, සමිඳුන්ගේ ආලෝකය ඔහුගේ මාර්ගයේ වන හෙයිනි.

 

– 51 වන පරිච්ඡේදය –

ස්තෝත්‍ර ගීතය

1 ස්වාමීනි, රජාණෙනි, මම ඔබට තුති පුද කරන්නෙමි.
මාගේ ගැළවුම්කාර දෙවියෙනි, ඔබ පසසන්නෙමි.
ඔබේ නාමයට තුති පුදන්නෙමි.
2 මන්ද, ඔබ මට ආරක්ෂකයෙකු ද ආධාරකරුවෙකු ද වන හෙයිනි.
ඔබ මාගේ ශරීරය විනාශයෙන් ගැළෙව් සේක.
දුෂ්ට දිවේ මලපතෙන් ද බොරු ගොතන තොල්වලින් ද ඔබ මා බේරාගත් සේක.
මා අවට සිටින අය ඉදිරියෙහි මාගේ රුකුල වී ඔබ මා මුදාගත් සේක.
3 ඔබේ මහත් දයාව හා ඔබේ නාමයේ මහිමය පරිද්දෙන් මා ගිලගන්නට බලා සිටින්නන්ගේ දළවලින් ද මාගේ ජීවිතයට ඊර්ෂ්‍යා කරන අයගේ හස්තවලින් ද මා වින්ද බොහෝ වූ හිරිහැරවලින් ද
4 මා වට කර මාගේ හුස්ම හිර කළ ගින්නෙන් ද මා නොදැල්වූ ගිනි දැල්ල මැදින් ද
5 පාතාල ලෝකයේ ගැබ් පත්ලෙන් ද අපිරිසිදු දිවෙන් හා මුසා වචනයෙන් ද
6 රජුට මා ගැන අපවාද කී අසාධාරණ දිවෙන් ද ඔබ මා මුදාගත් සේක.
මම මරණයට බොහෝ ආසන්න ව සිටියෙමි.
මාගේ ප්‍රාණය පාතාල ලෝකයේ ගැටියට බැස්සේ ය.
7 ඔව්හු හැම පැත්තෙන් ම මා වට කළො‍් ය.
මාගේ ආධාරයට කිසිවෙක් නොසිටියෝ ය.
මට උදව් වීමට කැමැති මිනිසෙකු සෙව්වෙමි;
එහෙත්, පලක් නො වී ය.
8 එවිට සමිඳුනි, ඔබේ දයාව ගැන සිහි විය.
අනාදියේ පටන් ඔබේ කෘතීන් මතක් කෙළෙමි.
ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නන් ගළවන සැටි ද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔබ ඔවුන් මුදන සැටි ද දැනගතිමි.
9 මම පොළොවෙන් මාගේ කන්නලව්ව එසවීමි;
මරණයෙන් ගැළවෙන්නට ඔබෙන් ඉල්ලා සිටියෙමි.
10 මාගේ පියාගේ සමිඳුන් වන සමිඳාණන් වහන්සේට මෙසේ අඬගැසුවෙමි.
”පීඩා කාලයේ දී මා අත් නොහැරිය මැනව.
අහංකාරයන්ගේ කාලයෙහි දී කිසිවෙකුගේ පිහිටක් නැති, මා අත් නොහැරිය මැනව.
මම ඔබේ නාමය පසසන්නෙමි;
කළගුණ සලකා, නොනවත්වා, ගීයෙන් ඔබ පසසන්නෙමි.”
11 මාගේ අයැදුම අසන ලද්දේ ය.
ඔබ මා විනාශයෙන් ගළවාගත් සේක.
නපුරු සමයෙහි දී මා ආරක්ෂා කළ සේක.
12 එහෙයින් මම ඔබට තුති පැසසුම් පුදන්නෙමි.
සමිඳුන්ගේ නාමය පසසන්නෙමි.

ප්‍රඥාව සෙවීම පිළිබඳ කාව්‍යයක්

13 මාගේ තරුණ කාලයෙහි දී දේශාටනයෙහි යෙදෙන්නට පෙර මාගේ යාච්ඤාවල දී අවංක ලෙස ප්‍රඥාව ඉල්ලීමි.
14 ශුද්ධස්ථානයෙන් පිටත දී ඒ සඳහා යාච්ඤා කෙළෙමි.
මාගේ අන්තිමය දක්වා මම එය සොයා ගියෙමි.
15 මලකින් ආරම්භ වී මො‍්රන මුද්‍රික ඵලයක් වැනි එය කෙරෙහි මාගේ හෘදය එහි ප්‍රීතිය තැබුවේ ය.
මාගේ පාද කෙළින් ම එය ඉදිරියට ගියේ ය.
මාගේ තරුණ කාලයේ පටන් ම මම එය සොයා ගියෙමි.
16 මාගේ කන මඳක් යොමා මම එය ලබාගත්තෙමි.
මට මහත් පුහුණුවක් අත්වූයේ ය.
17 ඒ නිසා මම දියුණු වූයෙමි.
මට ප්‍රඥාව දුන් තැනැත්තාණන්ට මම ප්‍රශංසා කරන්නෙමි.
18 මන්ද, එය ක්‍රියාවෙහි යෙදවීමට මා අධිෂ්ඨාන කරගෙන සිටින හෙයිනි.
මම උද්‍යෝගයෙන් යහපත් දේ සෙව්වෙමි.
මම ලජ්ජාවට පත් නොවන්නෙමි.
19 එය අත්කරගැනීමට මාගේ සිත සටන් කෙළේ ය.
නීතිය පිළිපැදීම ගැන මම උත්සුක ව සිටියෙමි.
මාගේ අත් ස්වර්ගය දෙසට දිගු කෙළෙමි.
මාගේ අවිද්‍යාව ගැන වැලපුණෙමි.
20 එය දෙසට මාගේ සිත යොමු කෙළෙමි.
පිරිසිදුකමෙහි එය මට සම්බ වූයේ ය.
මුල පටන් ම මාගේ මුළු සිතින් ම මම එයට ඇලුම් වූයෙමි.
කිසි කලෙක මම අත්හරිනු නොලබන්නෙමි.
21 මාගේ හද පත්ල එය සෙවීමෙහි උනන්දු වූයේ ය.
මම මහත් ලාභයක් අත්කරගතිමි.
22 විපාකයක් වශයෙන් සමිඳාණෝ මට දිවක් දුන් සේක.
එයින් මම උන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
23 නූගතුනි, මා ළඟට එන්න;
මාගේ පාසලේ වාඩි වෙන්න.
24 ඔබේ සිත් අප්‍රමාණ ලෙස පිපාසිත ව තිබිය දී, මේ දේ නැති වීම ගැන ඔබ කොඳුරන්නේ මන් ද?
25 කතා කරන්නට මම මුඛය ඇරියෙමි.
මුදල් නැති ව එය ලබාගන්න.
26 ඔබේ කර එහි වියගස යට තබන්න.
ඔබේ සිතට පුහුණුව ලැබේ වා!
එය ඔබ ළඟ ම ඇත්තේ ය.
27 ඔබේ ඇස්වලින් බලන්න.
මෙපමණ මහත් චිත්ත සාමයක් ලබාගැනීමට මාගේ උත්සාහය කොපමණ අල්ප වූයේ ද?
28 බොහෝ රිදී වැය කොට උපදෙස් ලබාගන්න.
එය නිසා ඔබ බොහෝ රත්රන් ලබාගන්නෙහි ය.
29 ඔබේ සිතට සමිඳුන්ගේ දයාව තුළ ප්‍රීතිය ලැබේ වා!
උන් වහන්සේට ප්‍රශංසා කිරීමට ලජ්ජා නොවන්න.
30 නියම කාලයට පෙර ඔබේ කාර්යය ඉටු කරන්න.
නියම දිනයෙහි දී උන් වහන්සේ ඔබට ඔබේ විපාකය දෙන සේක.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s