විශ්වාසය තුල ඵල දැරූ මිනිසුන් වන අපි අප කරන යාච්ඤාවන්හි ඇති ප්‍රබලත්වය පිලිබදව දිනක සිතා බලා තිබේද ? නැත්නම් යාච්ඤාවේ බලය අත්දැක තිබේද ? ” තවද යාච්ඤා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න.” බොහෝ විට අපිදු එදා විජාතින් මෙන් හිස් වචන දොඩන්නෙමු. කිසිදු අර්ථයක් නොමැතිව, දෙවිදුන්ගේ හඩට සවන් නොදෙන මිනිසුන් ලෙසින්, එමෙන්ම, අපි යාච්ඤා කරනවායැයි කියා ගනිමින්, අපි අපවම සමහර විට රවටා ගනිමු. යාච්ඤා පොත් කටපාඩමින් කියන්නට පමණක් පුරුදු වීමද නොසැහේ. නමෝ මරියනි, පරමණ්ඩලය හා අනෙකුත් භක්ති අභ්‍යාස ඉතා බලවන්තයි. නමුත් අපි ඒවා අර්ථාන්විතව උච්චාරණය කරනවාද යන්න ඔබෙත්, මගෙත් හදවත් වලට තට්ටු කර අසා දැනගත යුතු වේ. එදිනෙදා කරන යාච්ඤාවන්, ගැබුරු මෙනෙහි කිරීමක් තුල කරන්නෙමු නම් එයින් ඔබටත්, මටත්, දේව ආරක්ෂාව නොඅඩුව ලැබෙනු ඇත.
එදා මරියා ජේසුස් වහන්සේට සවන් දී වඩා නිවැරදි දේ තෝරා ගත්තේ මාර්තා සත්කාර කරන අතරතුරය. එලෙසෙම පරිසිවරයාගේ හා අයකැමියාගේ යාච්ඤාවන් දෙස අප අවධානය යොමු කලොත් අපට පසක් වන්නේ, අයකැමියාගේ බැගෑපත් යාච්ඤාවට දෙවියන් වහන්සේ සවන් දුන් බවයි.
එසේනම් මෙම චතාරිකයේදී ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වූ ස්වාමිවාක් ආරාධනය සහ අප කරන අනෙකුත් යැදුම් ගැබුරු අවබෝධයකින් හා විශ්වාසයකින් යුතුව උච්චාරණය කරන්නට අදිටන් කර ගනිමු. එවිට උන්වහන්සේගේ වචනයේ බලය ඔබටත් මටත් අත්දකින්නට හැකිවනු බව නොඅනුමානය.
ඉරේෂ් මධුසංක සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය