” හදුනයි ද අනන්‍යතාවේ – නැත පසුතැවුණු විපාකේ
ගිනියම් ඉර – සද සිසිලස
අතරේ හොයනවා – බලනවා මේ අපි කවුරුද ”
අපි කවුරුද ? අනන්‍යතාවය සිහි කරන මේ කියමන අද බොහෝ දෙනෙකුට ගැටලුවකි, ප්‍රේහේලිකාවකි. ඇත්තටම අපි කවුද ? අද සමාජයේ සිදුවන බොහෝ සිදුවීම් අපට අපවම අමතක කරවන, සිත් අනුකම්පා කරවන සිද්ධීන්ය. ඒ අතරේ පොලොව පවා නුහුලන සිද්ධීන්ද නැතිව නොවෙයි. මේ සමාජයේ අපි අපට තියෙන අනන්‍යතාවය හරිහැටි හදුනාගෙනද ? කිතුනු අපට ආවේනික අනන්‍යතාවයක් තුල ගොඩනැගුනු ක්‍රියා කලාපයක් තිබෙන බව අප වටහා ගෙනද ? එදා මේ නොහටා ගැනීම පොරොන්දු දේශය කරා පාලුකරයේ ගමන් කෙරූ ඉශ්රායෙල් ජනතාව අතරේද තිබිණි. එය ඔවුන්ව පාපයට පෙලබවූ සාධකයයි. ඔවුහු එහි විපාකද නොඅඩුව ලැබුහ.
එහෙත් දෙවි පියාණන් ” දේව ජනතාව ” යන අනන්‍යතාවය ඒ ගැලවීමේ ඉතිහාසයේදී නොපැකිලිව උරුම කලේ මිනිස් භාෂාවේ ඇති වචන වලට පෙරළිය නොහැකි තරමේ සෙනෙහසක් ආදරයක් ඔවුන් වෙනුවෙන් පිදු නිසයි. එහෙත් මිනිස් ස්වභාවය නිසා දුර්වලව, විපාකය ගැන නොසිතා ඒ පව් අපේ ජිවිතයට කාවද්දාගෙන. ඒ නිසාමදෝ අපේ හදවත් තෙතමනය නැති කර්කශ පොලොව වගේ. මේ ආරාධනය අපි හැමෝටම, ශුද්ධාත්ම මග පෙන්වීම තුල අද දින ශුද්ධ ලියවිලි පාඨ අපේම කරගෙන එයින් අමතක වූ ඒ දේව දරුකමේ අනන්‍යතාවය ද යලි සිහියට නගා ගන්නට.