හදවතේ පාලුකරයෙන් මිදෙන්නට

hadawathe-palukarayen-midennata

” ආත්මයාණන් වහන්සේ විසින් උන්වහන්සේව පාළුකරයට ගෙන යනු ලැබූ සේක. ”

පාළුකරය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ? පාළුකරයට යාමට ආත්මයාණන් වහන්සේ පෙලබවුයේ ඇයි ? මේ ගැන මදක් මෙනෙහි කරන්න. චතාරික සාමය ආරම්භයත් සමගම අපිද ක්‍රිස්තුන් වහන්සේ සමග පාළුකරයේ අත්දැකීමට පිවිසෙමු. එහිදී අපගේ සිත දමනය කරමින් ඇබ්බැහිවීම්, මමත්වය, ඊර්ෂියාව, වංචාව, වැරදි සම්බන්දතා, වැඩිහිටියන්ට නොසැලකීම, සොරකම, ලෞකික දේ පසු පස හබායාම වැනි වැරදි වලින් ඈත්වී ආත්මයාණන් වහන්සේගෙන් පිරුණු ජීවිතයකට ඇතුළුවීමට අප සැමට ආරාධනා කරයි.

නමුත් මිනිසුන් වශයෙන් අප සැමගේ දුර්වලකම නම් චතාරික කාලය තුලදී පමණක් මේ පිලිබදව සංවේදී වීමයි. මනස්ථාපනය වීමයි. පරික්ෂාවට නොවැටෙන පිණිස යාච්ඤා කරන්නයි ගෝලයන්ට කියූ ජේසුස් වහන්සේ අප එකිනෙකවත් යාච්ඤාවේ ජිවිතයකට කැදවනුයේ උන්වහන්සේගේ රැකවරණය, ආදරය, මධ්‍යස්ථකම තුල සදාතන ජීවිතය කරා රැගෙන යාමටයි. එසේනම් අප අපගේ වැරදි, දුර්වලකම්, ආර්ථික ප්‍රශ්න, පවුල් අර්බුද වැනි අපගේ ජිවිතයේ අභියෝග සැම දෙයක්ම උන්වහන්සේගේ කුරුසිය පාමුල තබමු. අපට මෙම අවස්ථාවේදී යක්ෂයාගේ පරික්ෂාවට නොවැටෙන පිණිස දේව මාතාවන්ගේ පිහිට හා මැදිහත්කම තුල ශුද්ධාත්ම ප්‍රඥාව ඉල්ලා මෙම චතාරික සමයේ විශේෂ යාච්ඤාවේ ජීවිතයකට ඇතුලත් වෙමු.

අෂාන් පිරිස් සහෝදරතුමා
පළමු වසර – දර්ශන පිඨය