දෛනික ජීවිතය තුල අපට දෙවියන් මතක් වන්නේ බොහෝ විට අපට ලෙඩ රෝග හෝ ආර්ථික ගැටළු වලට මුහුණ දීමට සිදුවූ විටය. නැතහොත් අපට කිරීමට අපහසු යමක් කිරීමට සිදුවූ විටය. අද දින දෙවියන් වහන්සේ අපට ආරාධනා කරන්නෙත් එතරම් අපහසු කාර්යයක් සදහා නොවෙයි. මනුෂ්‍ය මට්ටමින් අප අතින් අඩුපාඩු වැරදි සිදුවිය හැකිය. අප කිසිවෙක් සර්ව සම්පුරණ අය නොවෙයි. අද දින සුපුවත අපට පසක් කරනුයේ සැමට එක ලෙස ප්‍රේම කිරීමටය. අප අසල්වාසීන් හට, අප නෑදෑ මිත්‍රාදීන්ට මෙන්ම අපට සතුරන් යැයි සලකන සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමටය. අප මදක් හැරී බලමු, කවුද මේ සතුරන් යන්න. අපේම සමහර නෑදෑ මිත්‍රාදීන්, අපේම සොහොයුරු සොහොයුරියන් අපේම සතුරන් වී ඇත. කෙසේද අප වටා සතුරන් ඇති වුයේ ? අපගේ වැරද්දක් නොමැතිව, වැරදි වැටහීම් නිසා අපට සතුරන් ඇති වී තිබේ. සමහරවිට හිත් අමනාපකම්, මමත්වය, සිත් දැඩිකම නිසා අපේම සොහොයුරන් අද අපට අහිමි වී අපේම එදිරිවාදීන් බවට පත්වී ඇත.
ඕනෑම පුද්ගලයෙකුට තම නෑදෑ මිත්‍රාදීන්ට ඉතා පහසුවෙන් සමාව දිය හැක. ප්‍රේම කල හැක. එහෙත් සතුරන් ලෙස හදුන්වන අයට අපගේ ප්‍රතිචාරය කෙබදු ද? නිහතමානි නොවීම, අන්‍යයන් පිළිගැනීමට, සවන් දීමට නොහැකිකම නිසා අපේම සතුරන් මිතුරන් බවට පත් කරගන්න නොහැකි වී ඇත.
එම නිසා මෙම චතාරික සමයේ අප සියලු දෙනා අපගේ පාප වලට සමාවත්, අප අතින් වූ වැරදි නිසා අප සමග අමනාප වී සිටින අපගේම සහෝදර සහෝදරියන් උදෙසාත් යාච්ඤා කරමු. ඔවුන්ගෙන් නැවත සමාව ඉල්ලීමට, ප්‍රේම කිරීමට ශක්තිය, ධෛර්යය ඉල්ලා අපි දෙවිදුන් යදිමු.
ඒ ෂෙනාල් ෆ්රෑන්ක් සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය