” වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දෙවිදුන් වෙත හැරී එන්න ”. මේ කියමන ඇසුවාත් සමගම ඔබට හැගෙන්නේ කුමක්ද ? තවත් චතාරික සමයකට ඇතුළු වූ බවද ? මොහොතක් මෙනෙහි කරන්න. ඔබේ ජීවිතය තුල අළු බදාදා දිනයන් කීයක් පසු කරන්නට ඇතිද ? අළු බදාදා දිනෙන් අරබන චතාරික සමය තම පාපී බව මෙනෙහි කරමින් එයින් මිදී පරිපුර්ණ මනුෂ්‍යත්වය කරා පිය මනින කාලයකි. එසේනම් ඔබ මීට පෙර පසු කල චතාරික සමයන් තුළ පාපයෙන් එතර වීමට උත්සාහ දැරුවාද ? මෙවර චතාරිකයත් තවත් චතාරික සමයකට සිමා නොකර ඇතුලාන්ත සිත් හැරීමක් ඇති කර ගැනීමට වෙහෙසවන්න. ලෝකයට පෙනෙන පිණිස නොව තම අභ්‍යන්තය පිරිසිදු කර ගැනීමේ අරමුණින් දැහැමි ක්‍රියා කරමින් ලෝකයාට නොව දෙවිදුන්ට අපගේ මනස්තාපි හදවත පෙන්වන්නට අපි වෙර දරමු.
ශු. පාවුළුතුමාගේ දේව ප්‍රකාශය මගින් අපට ආරාධනා කරනු ලබන්නේ දෙවියන් වහන්සේ හා සමගි වන ලෙසය. එමෙන්ම ශු. සුපුවත තුල ජේසුස් වහන්සේ එකී සමගි වීමට උපකාරී වන උපවාසය, යාච්ඤාව හා දන්දීම පිළිබද මනා ලෙස පැහැදිලි කරයි. එමනිසා පාපයට ඇති අපගේ නැබුරුව ඉවතලා ” වත ඉරාගෙන නොව සිත ඉරාගෙන ” දෙවිදුන් වෙත හැරෙමු. මෙම වරප්රසාදීය කාලය තුළ පාස්කු අභිරහසට අනුගත වෙමින් සැබෑ සිත් හැරීමක් හා මනස්ථාපනයක් ඇති කර ගැනීමේ පළමු පියවර අදින් අරබමු.
ක්‍රියාව – අප පුරුද්දක් ලෙස කරන පාපයකින් වළකිමු
ජිනොජ් රේශාන් සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය