මරණය අප සැමට උරුම වූ දෙයකි. නමුත් කිතුනුවන් ලෙස අපගේ විශ්වාසය නම් අපගේ ජීවිතය මරණයෙන් කෙලවර නොවන්නක් බවයි. බීජයක් පොළවේ වැටී මල පසු ඒ තුලින් නව ජීවයක් හට ගනී. කිතුනු අපගේ ජීවිතය ද එසේමය. මෙලොව මරණය තුලින් අපි සදාතනික ස්වර්ගීය ජීවිතයට පියමං කරන්නෙමු. අද දිනට නියමිත සුවිශේෂය තුලින් ජේසුස් වහන්සේ අපට දෙන පණිවුඩය එයයි.
“සදාතනික” එනම් ස්වර්ගීය ජීවිතය උරුම කර ගැනීමට අප කුමක් කල යුතුද? උන් වහන්සේ අද සුපුවත තුල අපට එක් කොන්දේසියක් දෙනවා. “යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම් ඔහු කිසි කලෙක නොමැරෙන්නේය”. එසේනම් අප කුමක් කල යුතුද? උන් වහන්සේගේ ධර්මය පිළිපැදිය යුතු නම් “මා ඔබට ප්‍රේම කලාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” යන්න ක්‍රියාවට නැංවිය යුතුය. ක්‍රිස්තුන් වහන්සේගේ මුළු ජිවිතයම මෙම වචන කිහිපය තුල ගැබ් වෙලා තිබුනා. මෙයයි, උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වූ ධර්මය. අපට පිළිපදින්නට ආරාධනා කරන ධර්මය. බැලු බැල්මට එය හරිම සරල වුවත් ක්‍රියාවට නංවන්නට හරිම අපහසුයි. එසේනම් උන් වහන්සේගේ ධර්මය ක්‍රියාවට නංවන්නට උන් වහන්සේව අපි හඳුනා ගත යුතුය. විශේෂයෙන් මෙම වරප්‍රසාදීය කාලය තුල අප සියලු දෙනා ක්‍රිස්තුන් වහන්සේව අපගේ සහෝදරයා තුල හඳුනා ගැනීමට උත්සහ දරමු. උන් වහන්සේගේ ධර්මය තුල දිවි ගෙවමින් උන් වහන්සේව අපගේ අධ්‍යාත්මය තුලට කැඳවා ගන්නටත් ඒ තුල සදා නොමැරෙන කිතුනුවන් වන්නට අදිටන් කර ගනිමු.