දේව රූපය ලැබූ මිනිසා අද මේ ලෝකය තුළ යක්ෂ රූපය දරාගෙන හැසිරෙන බවයි මේ පද පෙළේ ව්‍යංගය. මිනිසාව දේව සමානකමට මැව්වා නම් ඇයි මෙච්චර දූෂණ, භීෂණ, ඝාතන, තාඩන පීඩන අපට අසන්නට දකින්නට ලැබෙන්නේ? යන්න යමෙකුට ඇසිය හැකි ප්‍රශ්නයකි. බැලූ බැල්මට එම ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයකි. නමුත් එම ප්‍රශ්නයට පිළිතුර වන්නේ “දෙවියන්” නැතැයි යන්න නොවේ, අප දෙවියන්ව හඳුනන්නේ නැතැයි යන්න වේ.
දෙවිඳුන්ගේ මාර්ග අපේ මාර්ගවලට වඩා ඉතාමත් වෙනස්ය. අප දෙවිඳුන්ට ලංවීමට කල හැකි පහසුම දේ වන්නේ අන් අයට ආදරය දැක්වීමයි. අන් අය යනුවෙන් හඳුන්වන්නේ අපේ පවුලේ අය, අපේ අසල්වැසියන්, නෑදෑ හිතමිතුරන්, අපට මුණගැසෙන සියලුම මිනිසුන් හා අප අවට තිබෙන පරිසරයයි.
අද සමාජය තුල “ආදරය” සෙවීම ඉතා අසීරු ක්‍රියාවකි. සියලුම දේ වාණිජකරණයට භාජනය වී මිනිසුන් ආත්මාර්ථයෙන් උදම් වී ඇත. මිනිසා මිනිසාගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන ඉතාමත් පටු විද්‍යාවක් තුල හිරවීම නිසා දෙවිඳුන් තුල විශ්වාසය හීන වී ඇත.
අද පළමු කියවීම සහ සුවිශේෂය අපට ඇරයුම් කරන්නේ දෙවිඳුන් තුල විශ්වාසය තබමින්, අන් අයට ආදරය කිරීමටයි. එවිට අපි බලාපොරොත්තු වන සාමය. ප්‍රේමය, සමඟිය අප රට තුල, අපේ ගම තුළ, අපේ ගෙදර තුල ඇතිවන බව නොඅනුමානයි. එවිට අද සුවිශේෂයේ එන ලාසරස් මෙන් ස්වර්ග සැපත දිළිඳු වන ඔබටත්, ධනවත් වන ඔබටත් එකසේම විඳිය හැකි බව ස්ථිරයි.