මා අනුගමනය කරන්න

maa-anugamanaya-karanna

ජේසුස් වහන්සේ අපට  ආරාධනා කරනුයේ සියල්ල අතහැර දමා උන්වහන්සේ අනුගමනය කරන්නටයි.

මේ ආරාධනය අයිති කරගන්න කිතුනුවන් වන අප කොපමණ වාරයක් උත්සහ කර ඇත්ද ? ඒ නිසා ආත්ම ගලවා ගැනීමේ අටියෙන් කෙනෙකුට ඉතා පහසුවෙන් තම කාලය, ශ්‍රමය දෙවිදුන්ට පුද කරන්න පුළුවන්. නමුත් වහල් වී සිටින පාපය, සහෝදරයාට සමාව දිය නොහැකි මාන්නය, මිතුරාගේ දියුණුව දරන්න බැරි උඩගුකම, තම සතුට පමණක් රැකගැනීමට වෙර දරන මමත්වයේ ආශාවන් අතහැරීම අපට කෙතරම් දුෂ්කරද ?

එනමුදු කිතුනු ඉගැන්වීම් වලට අනුව සැබෑ දෙව් අනුගාමිකයින් දෙවිදුන් දකින්නේ තමා සමගින් දිවි ගෙවන පවිටු, දමිටු මිනිසුන් තුලය. එහෙයින් සාම්ප්‍රදායික කිතුනුවන් ලෙස අපට වටිනා, දෙවිදුන්ට නොවටින,ලෝකයට පෙනෙන කැපකිරීම් කරන අපට, අද අභියෝගය වන්නේ ප්‍රේමය මත ගොඩ නැගුනු කිතු දහමට අනුව දිවි ගෙවමින් සමාජයට දැනෙන කිතු වෙනසක් අපේම ජිවිත තුල ඇති කර ගැනීමයි.

ක්‍රියාව – චතාරිකය අවසානයේ කෙනෙකුට උදව් කිරීමට, අප නිකරුනේ වැයකරන මුදල් එකතු කිරීම අදින් ආරම්භ කරමු.

සමීර ප්‍රියදර්ශන ( නි.ම.නි ) සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය