මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා කල කල යුතුද?

7
දුප්පත්-පොහොසත්, උසස්-පහත්, ස්වාමියා-දාසයා, යන සංකල්පයන් අද සමාජය තුල මෙන්ම එදා සමාජය තුලද දක්නට ලැබුණි. එවැනි සංකල්පයක් ගැබ් වී ඇති අදට නියමිත සුපුවත් ප්‍රකාශනය එසේ නැත්නම් ස්වාමියා සහ දාසයා පිලිබඳ උපමාව සමාව දීම නැමැති කිතුනු වටිනාකම ඉස්මතු කර දක්වයි. සමාව දීම සහ සමාව ලැබීම යන ක්‍රියාවන් තුලින් සමාව දෙන්නා සහ සමාව ලබන්නා යන දෙදෙනා තුලම නිදහස් නිකැළැල් මනසක් ඇති වේ.

මෙම උපමාව තුලින් සමාව දීම සහ සමාව ලැබීම අතර අන්තර් සබැඳියාව පිලිබිබු වේ. සමාව ලැබූ තැනැත්තාට තවත් කෙනෙකුට සමාව දීමට නොහැකි නම් ඔහුගේ ජීවිතයේ ඇති වටිනාකම කුමක්ද? ස්වාමියා තම දාසයාට සමාව ලබා දුන්නත්, දාසයා තමා යටතේ සිටින සේවකයාට සමාව දීමට අපොහොසත් වේ. එදිනෙදා ජීවිතයේ ඔබ මා අනුගමනය කරන්නේ කාගේ චරිතයද? අප කව්රුත් කැමති සමාව ලබා ගැනීමටය. නමුත් ඔබට විරුද්ධකම් කරන, ලැජ්ජාවට පත් කරන, ඔබේ නම කැත කරන, අයට සමාව දිය හැකිද? එය අපට අභියෝගයක් නොවේද? එසේනම් අද දින සුපුවත අපට ඇරයුම් කරන්නේ එම අභියෝගය ජය ගැනීමටයි.