ක්‍රිස්තියානි ජිවිතයේ මුලික හරය එනම් අසල්වැසියාට ප්‍රේම කරන්න සහ ප්‍රේමයේ ජිවිතයක් ගත කරන්න යන්නයි. දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රථමයෙන්ම පවසන්නේ ” නුබලාගේ දෙවි ස්වාමින් වන මා ශුද්ධ බැවින් නුබලාද ශුද්ධව සිටිය යුතුය” යන්නයි. දෙවියන් වහන්සේගෙන් අපට ලැබී ඇති ක්‍රිස්තියානි කැදවීම හුදෙක් වචනයට පමණක් සිමා නොවන දෙයක් බවත් එය ක්‍රියාවෙන් පෙන්වනු ලබන්නක් බවත් එයින් උන්වහන්සේ අපට හගවයි.
ශුද්ධවූ සුවිශේෂය තුලින් ජේසුස් වහන්සේ මෙම අදහස් වඩා තීව්‍ර කරමින් අප සියලු දෙනා ජිවිත අවසානයේ මුහුණ දෙන අවසාන විනිශ්චය දවසේ, අප ගෙවූ ජිවිත වලට දෙවිදුන් ඉදිරියේ ගණන් දීමේ මොහොත ගෙනහැර දක්වයි. එහිදී අපගෙන් පෞද්ගලිකව විමසනු ලබන්නේ අප මෙලෝ ජීවිතය කුමන ආකාරයකින් ගත කලේද යන්නයි. තවද අපට ලැබී ඇති මෙම ජීවිතය තුල අප දෙවියන් වහන්සේව අපගේ අසල්වැසියා තුල නොදකින්නේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරන සේක.
එසේනම් එම ප්‍රශ්නය අප සිත් තුල තබා ගනිමින් උන්වහන්සේ අපට ලබා දී ඇති මෙම කෙටි ජිවිත කාලය ශුද්ධව ගත කරන්නටත්, අසල්වැසියා තුලින් උන්වහන්සේව දකින්නටත්, අවසානයේ සදාතන ජීවිතය උරුම කර ගැනීම සදහා ප්‍රේමය මුල්කරගත් ජිවිතයක් ගත කරන්නටත් අදිටන් කර ගනිමු.
නිරෝෂ් රංගන පෙරේරා ( නි.ම.නි) සහෝදර තුමා
පළමු වසර – දර්ශන පීඨය