මමත්වය නසා

1

අදට නියමිත සුපුවතින් අප අමතන ජේසුස් වහන්සේ, එදා මෙන් නොව අද අප අත්දකිනුයේ අනෙකා තුලිනි. එලෙස එතුමාගේ දයාව අත්දකින්නට ඔබේ මගේ හදවත් සුදානම්ද? ඒ මන්ද, අපට අපගේ සහෝදරයා පිළිගන්නට බැරි වන්නේ අපව වෙලාගෙන ඇති පාපය නැමති මකුළු දැල නිසාය. එය ඔබේ, මගේ ගත සිත සීරුවට වෙලාගෙන අඩපණ කොට ඇත. එමනිසා ඔබට මට නිතරම පෙනෙන්නේ අන් අයගේ අඩුපාඩු සහ වැරදි සමාජ පසුබිම්ය. එසේ වන්නේ ඔබ, මම තුල පැල්පදියන් වී ඇතිකුහකකම, අහංකාරකම සහ නිසගයෙන්ම මනුෂ්‍යයන් වන අප සිදු කරන පාපයක් වන ඊර්ෂ්‍යාව වැනි පාපවලට අප දැඩිව වහල් වී ඇති නිසාය.

තවද අද සුපුවත තුල එන පරිසිවරයා මෙන් “මම උසස්ය” යන පවු ස්ථාවරයේ සිට අන් අයව මානසිකව වට්ටනවා නොවේද? අපගේ වැරදි හෘද සාක්ෂියට එකඟව දෙවිපියා ඉදිරියේ පිළිගැනීමට මැලිවෙනවා නොවේද? අපේම, මගේම සහෝදරයා ඉදිරියේ බැහැපත්කම අමතක කර, උඩඟු වී කටයුතු කරනවා නොවේද? අසල්වැසියාට විරුද්ධව කරන හැම පුංචි වරදක් පාසාම ජේසුස් වහන්සේව දැන දැනත් රිදවනවා නොවේද?

එබැවින් මේ චතාරික සාමය තුල බැගෑපත් බැවින් අනූන වී මනස්ථාපි ජීවිතයකට ඇතුලත්ව දෙවිපියාට යදිමු. එසේම, අද සුපුවතේ එන අයකැමියා මෙන් අපිද, නිහතමානී, යථාර්තවාදී ජීවිතයකට ඉඩහසර සකසා ගනිමු. අපේ දුර්වලකම පාපී බවත් සමඟ අපගේ පසුතැවීම කැටි කොට ගෙන “ජේසුනි මට සමාවෙන්න” යැයි කීම දෙවිඳුන්ට ප්‍රසන්නම යැදුම බව අමතක නොකරමු.