ලෝක ඉතිහාසය තුල දෙව් මිනිස් සම්බන්ධය තීව්‍ර වීමට හේතු වූ කරුණු කාරණා බොහොමයක් අපට දේව වාක්‍ය මගින් අසන්නට ලැබේ. ජන්ම පාපය හරහා ගිලිහුණු ඒ සම්බන්දය ගොඩ නගා නැගීමට මුලික අඩිතාලම වුයේ දේව ආදරයයි. එහි උච්චතම අවස්ථාව වුයේ දෙවියන් වහන්සේ තම ස්වකිය ඒක ජාතක පුත්‍රයාණන් මිනිසාගේ විමුක්තිය උදෙසා කුරුසියේ දණ්ඩනයට යටහත් පහත් කිරීමයි.
නමුත් මෙම මහා සත්‍ය අපි සුළු කොට තකා, පාපයේ වහලුන් වී සිටිනවා නොවේද ? මේ මහා වරප්‍රසාදජනක කාලය තුල අපි මදක් අපේ ජීවිතය දෙස හැරී බලමු. අපේ ජිවිත පාපයේ මිරිගුව පසු පස හබාගොස් හෙම්බත් වී ඇත. අප පාපයෙන් විමුක්තිය ලබන පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තම දුක් විදීම හරහා අපව අත්කරගත් සේ අපිද ඒ විමුක්තිය අත්කරගැනීම පිණිස වීර්යය වැඩිය යුතු වෙමු.
ජේසුස් වහන්සේගෙන් සමාව ලබාගෙන අපේ පැරණි ජිවිත ක්‍රමය අමතක කර දමා නැවත අපි උන්වහන්සේ සමග නව දිවියක් අරබමු. අප ඉදිරියෙහි තිබෙන ස්වර්ගීක සැපත දෙස නෙත් යොමමු. එවිට ක්‍රිස්තුන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කනුව කරා දිවීමට අපට හැකි වේ.