සමිදාණන් වහන්සේ ජෝනාව කැඳවනු ලබන්නේ නිනීවය නගරයේ විනාශය ගැන දේශනා කිරීමටත් ඒ තුලින් පව්කරුවන්ගේ සිත් හරවා ගැනීම සදහාත්ය. අවසානයේ සිත් හැරුණු පව්කරුවන් දේව කැමැත්තට අවනත විය.
සමාජය තුල ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දැරීමට අප කැඳවා ඇත්තේ ද අපගේ සාක්ෂිය තුලින් ලොව පුරා දේව රාජ්‍යය පතල කිරීමටය. එසේ නම් මේ චතාරිකය තුලදී අපි අපගේ ජීවිත සාක්ෂිය මඟින්, පව්කරුවන්, අදමිටුවන් ලෙස හංවඩු ගසා කොන් කර අය වැඩි වැඩියෙන් දේව රාජ්‍යය කරා ගෙන යාමට කටයුතු කරමු.
එමෙන්ම අද දිනට නියමිත ශු. සුපුවත තුල සලමොන් රජතුමාටත්, ජෝනා දිවැසිවරයාටත් වඩා ශ්‍රේෂ්ඨ වූ ජේසුස් වහන්සේ මහා ප්‍රාතිහාර්යය කරමින්, හාස්කම් කරමින්, දේව රාජ්‍ය ප්‍රකාශ කරමින්, උන් වහන්සේ කවුද කියා පෙන්නුම් කරද්දීත්, ඇයි තවත් හාස්කම් ඉල්ලා සිටියේ? උන්වහන්සේ පවසන ආකාරයට ඒ ඔවුන්ගේ නපුරුකම හා අදමිටුකම නිසායි.
ඒ නිසා මේ චතාරික කාලය තුළදී ආදරණිය ස්වාමින් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලා සිටින්නේ නපුරුකම්, අයුතුකම්, පාපයන් අතහැර ජීවිත වෙනසක් ඇති කරගන්නා ලෙසටය. අප පාපය අත හැර පාපය තුලින් නැගී සිටින අවස්ථාව අප ජීවිතයන්හි මහා ප්‍රාතිහාර්යය බවට පත් වේ.
එමනිසා, මේ චතාරික සාමය තුල පාපයෙන් එතෙර වී උත්ථාන වූ කිතු සමිදුන් තුල ගමනක් යන්නට අවැසි වරම් ස්වාමින් වහන්සේ තුලින්ම ඔබ සැමට ලැබේවා!
ලක්ෂාන් ප්‍රනාන්දු (නි.ම.නි.) සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය