වගකීමක් දරා නොගත් කිසිවකු යහපත් සහ අයහපත් යැයි කීම අනුවණ කමකි. නමුත් වගකීමක් සහිත පුද්ගලයෙකු හැසිරෙන ආකාරය අනුව ඔහු යහපත් ලෙස හෝ අයහපත් ලෙස වගකීම දැරුවේද යන්න වගකිව යුතුය. දේව ආදරයෙත්, කරුණාවෙත්, තිළිණයක් වන මනුෂ්‍ය ජීවිතය ලැබූ අප සියලු දෙනාටම ලැබී ඇති වගකීම් සහ කැඳවීම් විවිධාකාරය. එමඟින් තමා හට පැවරෙන වගකීම් මත්තෙන් තම බලය වැඩි වර්ධනය කර ගැනීම අද සමාජයෙත් එදා සමාජයෙත් කාලෝචිත වූ ක්‍රියාදාමයකි. මන්දයත් තමාට පැවරෙන බලයෙන් යහපත් දෑ කිරීමෙන් ලැබෙන ආර්ථික වටිනාකම් දුලබ වන අතර අයහපත් මාර්ගයන් ඔස්සේ සාක්කුවේ මුදල් සුලබ කර ගැනීමට හැකියාවක් පවතින හෙයිනි. අප ආදී මව්පියන් වුවද පාපයට වැටීමට මුලික සාධකය වුයේ තම බලය අයහපත් ලෙස භාවිත කරමින් දෙවියන් වහන්සේ හා සමාන වීමට උත්සහ දැරීමෙන් පාපයේ අන්ධකාරයට ඇතුළුවීමට සුදුසු වීමයි.
එබැවින් මනුෂ්‍ය අපගේ වාසියට ඇති නැබුරුව දේව දයාවෙන්, දේව ආදරයෙන් අප වෙන් කරනු ලබන අතර එමගින් අසාධාරණයට ලක්වන සියලු දෙනා දේව ආදරයට පාත්‍ර වේ. දේව දයාවේ අවියක් වන්නට ඇරයුම් ලද මිනිස් අපගේ සීමාවන් ඉක්මවා යෑමෙන් පාපයේ අන්ධකාරය පතුරන්නෙකු බවට අප පත් වේ. එබැවින් අද දින සුපුවත, අපට පැවරී ඇති වගකීම් උදෙසා අවංක වීමටත්, අපට ලැබිය යුතු දෙය නොව අප විසින් ලබා දිය යුතු දෙය පිළිබඳව අවධාරණය කරනු ලබයි.