ශුද්ධාත්මයාණන්ගේ ආගමනයත් සමඟ ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ට ක්‍රිස්තු උත්ථානය පිලිබඳ අවබෝධයක් ලැබුණි. මරණය පරාජය කරමින් උත්ථාන වූ ජේසු සමිඳුන් ඔවුන් සමඟ සදහටම වැඩ වසන බව ඔවුන්ට තේරුම් ගැනීමට හැකි විය. උත්ථානයත් සමඟම ජේසුස් වහන්සේට අප අතර සදහටම ජීවත් වීමට, ක්‍රියා කිරීමට හැකියාව ලැබුණි. උත්ථාන වූ ජේසු සමිඳුන් තම හදවත් තුල, ජිවිත තුල, පවුල් තුල වැඩ වසන බව මුල් කිතුනු සංඝ අත් දැක්කේය. කොතැනක දෙදෙනෙකු හෝ තිදෙනෙකු ජේසු තුමන්ගේ නාමයෙන් රැස්ව සිටින විටකදී හෝ පූප බෙදා ගැනීම තුලින් ජේසුස් වහන්සේව සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.
උත්ථාන වූ ජේසු සමිඳුන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්, අතර වැඩ සිටීමත් සමඟම ඔවුන්ගේ හදවත් තුල සැබෑ ජිවිත වෙනසක් අත්දැකීමට හැකියාව ලැබුණි. මහ සිකුරාදා දින බියගුල්ලන් ලෙස පලා ගිය ඔවුන් පසුව ජේසුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අපොහොසත් නොවීය. ජේසුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අත්දැකීමට හැකි වීමෙන් ඔවුන්ට ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම, ප්‍රඥාව, ධෛර්ය්‍ය, සුවය සහ අන් සියල්ලම ලබා ගැනීමටත්, “ඉතින්, දැන් ජීවත් වන්නේ මා නොවේ, ක්‍රිස්තුන් වහන්සේ මා තුල ජීවත් වන සේක” යි පැවසීමට ඔවුන්ට ඇත්තෙන්ම පුළුවන් විය.
මේ මොහොතේදී, ඔබට මට විශ්වාස කල හැකිද, අප ජිවිත තුල, අප පවුල් තුල උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම? ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජිවිත වෙනස් කල ආකාරයට අප ජීවිත ද වෙනස් කරන බව තවද, ජේසුස් වහන්සේ අප සමඟ සිටින්නේ අපගේ සිතුම් පැතුම් ඉටු කිරීමට නොව, අප සඳහා ඇති උන් වහන්සේගේ බලාපොරොත්තු ඉටු කිරීමටය. එනම් අපට ජීවනය ලැබෙන පිණිසත්, සපුරාම එය ලැබෙන පිණිසත්ය.