අප මේ ලෝකය තුල ජීවත්වන කෙටි කාල සීමාව තුල අප සියලු දෙනා උත්සහ කරනු ලබන්නේ ජීවත් වන සෑම මොහොතක්ම සතුටින් ගත කිරීමටයි. එදිනෙදා ජීවිතයේ අපි සිදුකරන සෑම ක්‍රියාවක් තුලම සැඟවී ඇති එකම පරමාර්ථය ද සතුටයි. නමුත් අපට ලැබෙන සතුට මත තෘප්තිමත් නොවී වැඩි වැඩියෙන් ධනය, බලය වැනි ලෞකික ආශාවන් පසු පස හබා යන්නේ අප දෙවියන් වහන්සේගෙන් ඈතට දුරස් වෙමිනි. මේ දුරස් වීම ඇති වන්නේ අප තුලින් සියුම්ව ඇසෙන දෙවියන් වහන්සේගේ හඬට වඩා අපව පාපයට පොළොබවන යක්ෂයාගේ හඬට රැවටෙමිනි. පසුව අප කටයුතු කරන්නේ යක්ෂයාගේ පෙලබවිම්වලට අනුවය. මදක් සිතන්න.
එදිනෙදා ජීවිතයේ අප කටයුතු කරන විට කොපමණ වතාවක් යක්ෂයාගේ හඬට සවන් දී එය තුල කටයුතු කරනවාද? එසේම ඒ අවස්ථාවන්වලදී දෙවිපියාණන්ගේ හඬට කොපමණ වරක් අවදි වන්නට උත්සහ කරනවාද? අප ධනය, බලය සොයා එකම දෙවිපියාණන්ව අවිශ්වාස කර, කොපමණ වතාවක් අන් දෙවි දේවතාවන් විශ්වාස කරන්නට ඇත්ද? මේ සෑම අවස්ථාවකදීම අපි දෙවිපියාණන්ව ප්‍රතික්ෂේප කර යක්ෂයාව පිළිගනිමු. යක්ෂයා තුල සතුට සොයමු. නමුත් දෙවිපියාණන්ගේ අසීමිත ආදරය නිසා උන් වහන්සේ අප කිසි දිනෙක අත් නොහරිනු ඇත. උන් වහන්සේ පවසන්නේ උන් වහන්සේගේ හඬට කීකරු වන්නටත්, උන් වහන්සේ තුල ක්‍රියා කරන්නටත් පමණි. එසේම අප මේ තාවකාලික නිවහන තුල ගත කරන මේ ජීවිත පැවැත්ම මත අපගේ අනන්ත ජීවිතය තීරණය වනු ඇත. එම නිසා අප ජීවිත ගමනේ පසු කරන එක චතාරික සමයක් වන මේ කාලය තුල දෙවිපියාණන්ගේ හඬට පමණක් අවදි වෙමින් උන් වහන්සේ තුල පමණක් ප්‍රීතිමත් ජිවිතයක් සොයා යන්නට අධිෂ්ඨාන කර ගනිමු.