අප ලැබූ මේ ජීවිතය හුදෙක්ම තාවකාලිකව රැඳී සිටින එක් නවාතැන්පලකි. සෑම කිතුණුවකුගේම ඒකායන බලාපොරොත්තුව මෙම ලෝකයේ ජීවිත ගමන හමාරකොට ස්වාර්ගික ජීවිතයකට උරුමකම් කීම වේ. කෙසේ වුවත්, එකී ගමන සුළු පටු කර්තව්‍යයක් නම් නොවේ. එසේම එකී අරමුණ සොයා පිය මැන්න දෙනෙකුගේ ජීවිත මේ ලෝකය තුල සාර්ථක, සතුට, සුඛවිහරණයෙන් කල්ගෙවූ ජීවිතයන් වුයේ නම් නැහැ. එනමුත් ඔවුනට ඒ වෙනුවට ලැබුනේ නින්දාව, අපහාසය, ගැරහුම, ප්රතික්ෂේපය සහ අවසාන ලෙස ජීවිතයන් පවා පූජා කිරීමට සිදුවීමයි. අද අප මහත් වූ භක්තියකින් ගෞරව කරන්නා වූ දස දහස් සංඛ්‍යාත ශුද්ධවරුන් එකී ජීවිත වලට සුපැහැදිලි නිදසුන්ය.
එමනිසා කිතුනු ජීවිතය අභියෝගාත්මකවුත්, සමච්චලයන්, තැලීම් පෙලිම්ගෙන් සමන්විත වුත් අවධානම් වූත් ශුද්ධත්වයකට මඟ පාදන්නා වූ අනර්ඝ ජීවිත තොර ගැනීමකි. මෙම කරුණු ස්ථිර කරමින් පළමු කියැවීමේ දී, සමිදාණන් වහන්සේව ඔබ මා ජීවිත තුල විද්‍යාමාන වෙන විට විදින්නට වෙන සරදම්, ගැරහිලි, ප්රතික්ෂේපයන්, සහ අනේකවිධි පීඩාවන් ගැන අපව දැනුවත් කරන අතර ඒ දුක්විදීම තුල අප හදවත් පිරික්සන සමිදාණෝ සදාකාලික තෘප්තිය, සංහිඳියාව ලබාදෙන බවට පොරොන්දු වේ. එසේම සුපුවත තුලින් ජේසුස් වහන්සේව උන් වහන්සේගේම ජාතීන් වන ජුදෙව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සිදුවීම තුලින් ක්‍රිස්තියානි ජීවිතයේ අභියෝගාත්මක පැතිකඩ පිළිබඳව අපට සිහි ගන්වයි.
අවාසනාවකට මෙන් කිතුනුකම නිමේෂයෙන් නිමේෂය දියාරු වෙමින් සෝදාපාලුවට යන්නා වූ අඳුරු පසුබිමක් තුල කිතුනුවන් ලෙස අපේ කියා කලාපය කෙසේද? රැකියාව තුල උසස් වීමට කිතුනුකම පාවාදෙන පුද්ගලයෙක්ද මම? කතෝලිකකම ආභරණයක්, විලාසිතාවක් ලෙස ජනප්‍රියත්වයට පමණක් යොදා ගන්නා පුද්ගලයෙක්ද මම? මෙනෙහි කරන්න, ගුණාංගමය වෙනසක් සොයා යන්න. ක්‍රිස්තු චරිතය තුල ජීවත්වීමට අද දින පටන්වත් උත්සුක වන්න.