අපි මදකට සිතා බැලුවොත් අප මෙලොව බිහි වීමට මුල් වූ ප්‍රධාන සාධකය කුමක්ද කියා, නිශ්චිතවම එම සාධකය නම් “ආදරයයි”. මන්ද දෙවියන් වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා ආදරය තුල එක් නොකරන්නට ඔබ මම හෝ අන් කිසිවෙකු අද මෙහි නොසිටිනු ඇත. ශු.බයිබලය යන දැවැන්ත ආදර කථාවේ ද, අන්තර්ගතය වනුයේ “දෙවියන් වහන්සේ මිනිසාට අතීශයින් ප්‍රේම කල සේක” යන්නයි. මෙවන්වූ ආදරයක් දක්වනු ලද්දා වූ දෙවියන් වහන්සේ පෙරලා අපගෙන් බලාපොරොත්තු වනුයේ මිහිපිට අප අත්දකින දේව ස්වරූපය මිනිසා ට ආදරය කිරීමයි. අවාසනාවන්ත ලෙස සමාජය ආදරය වටහාගෙන ඇත්තේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන අන්දමට නොවේ. ආදරයේ සැබෑ අරුත නොදන්නා පුද්ගලයෙකුට ආදරය වනාහි තම පංච ඉන්ද්‍රීය පිනවන තවත් එක් අත්දැකීමක් පමණි.
සිතන්න, ආදරය නමැති යෙදුම පෙරටු කරගනිමින් අද සමාජයේ කොතරම් අපරාධ සිදුවනවාද කියා, මීට හොදම උදාහරණය නම් විවාහ බන්ධනය කොන්ත්‍රාත්තුවකට සමාන කිරීමයි. ඔබ කවරෙකුට හෝ සැබවින් ආදරය කරන්නේ නම් ඒ සබදතාවය තුල අනෙකා දුෂ්‍ය වීමක් හෝ රැවටීමක් සිදුවිය හැකිද? නැත, සැබෑ ආදරය පවතින තැන දෙවියන් වැඩ සිටියි, ඒ තුල එකිනෙකාගේ වර්ධනයක් හටගන්වා මිස කඩාවැටීමක් හෝ කණස්සල්ලක් ඇති නොවේ. සැබෑ ආදරය යනු කිසිසේත්ම කාමය, රාගය වැනි පටු සිතුවිලිවලට සීමාවූ බැඳීමක් නොවේ. ආදරය තුල සිදුවිය යුත්තේ අනෙකාගේ නැගීමත් ඒ වෙනුවෙන් තමන්ගේ බැසිමත්ය. මේ වන විට ඔබ ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තන් පසුවන තත්වය කුමක්ද කියා සිතන්න. ඔවුන් ප්‍රීතියෙන් නම් සතුටුවන්න. මන්ද, ඔබගේ ආදරය සැබෑවක්ම ය. නොඑසේනම් ඔබ දක්වන ආදරය පිලිබඳ දෙවරක් සිතා බලන්න. මන්ද, එය දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන ආදරය නොවන නිසාය.