”එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය”යි කී ය. ( මතෙව් 16 : 15 )
අප ඇසුරු කරන, අපත් සමග උරට උර ගැටෙන කෙනෙකුගෙන් අප ඇසීමට මැලිවෙන හෝ මෙතෙක් කල් ඇසීමට උත්සහ දරා නැති නමුත් යටි හිතේ කොහේදෝ තැනක සැගවුණු පැනයකි, ” ඔබට මම කවුද ? ” නැතිනම් ” මම මොන වගේ කෙනෙක්ද ? ”යන්න. ජේසුස් වහන්සේගේද තම ශාවකයින්ගෙන් අසන්නේ උන්වහන්සේගේම යටිහිතේ කැකෑරී තිබුණු එවැනි පැනයක් විය හැක. මෙම අවස්ථාවේදී ඔබත් මමත් පේදුරු යන චරිතයට පණ පෙව්වොත්, අපිත් කල්පනා කරයි ” ඇත්තටම මේ ජේසු කියන කෙනා මට කවුද ?” යන වග. අපි එවැනි දෙයක් කවදා හෝ අසා තිබෙනවාද ? නැතිනම් අපිත් අන්අයගේ පදයටම නටන රූකඩයක් වී හමාරද ? අන් හැම ශාවකයන් වාගේ ජේසුස් වහන්සේව මම දකින්නේ තවත් කෙනෙකුගේ ඇසින්ද ?
එහෙත් පේදුරු යන චරිතය ජේසුස් වහන්සේව දැක්කේ දෙවියන් වහන්සේගේ ඇසින්. පේදුරු නිසල බව තුල දේව හඩට අවදි උනා. දෙවියන් වහන්සේ දැන සිටියා මේ පේදුරු, උන්වහන්සේගේ පුත්‍රයානන්ව දන්නේ නෑ කියන බව, කුරුස ගමනේදී අත් හරින බව. එහෙත් දේව කැමැත්ත වුයේ හාත්පසින්ම වෙනස් දෙයකි. දෙවියන් වහන්සේ, පේදුරු තුමා තුලින් මහා සාගරයක් තරම් උන්වහන්සේගේ ආදරයට අපගේ පාපයන් එහි පාවෙන ලී කොටයක් බව පෙන්නුවා. අද අපි පේදුරු තුමන්ව සිහිපත් කරන්නේ ඒ මහා ආදරයට සාක්ෂි කරුවෙක් වූ නිසයි. අවශ්‍ය වන්නේ නිසල බව තුල දේව හඩට අවදි වීමයි. එමගින් ජේසුස් වහන්සේ අසන ” ඔබ මා කවරෙකු කියා කියන්නේද ?” යන පැනයට පිළිතුරක් සොයමු.
ලහිරු චේතන ජයසේකර සහෝදරතුමා
පළමු වසර – දර්ශන පීඨය