මොහොතකට සිතා බලන්න, අප ජිවත් වන සමාජය දෙස උසස් තනතුරු, බලය, මුදල් අප සතුව ඇති විට යාච්ඤා කරන්නට, පුජාවට සහභාගී වන්නට වෙලාවක් සොයා ගැනීමට කොතරම් අපහසු කාරණයක්ද ? අපට අසන්නට පුළුවන්, පල්ලි යාමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියා. නමුත් සිතන්න. ඔබ සුව කල නොහැකි රෝගයක් වැළද, ඔබ සුව කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි බව පැවසුවහොත් ඔබේ මුදල් වලට හෝ නිල බලයට ඔබව සුව කල හැකිද ? ඔබට ඇති එකම මාර්ගය දෙවියන් වහන්සේ නොවේද ?
දෙවියන් වහන්සේ ගැන දැනගැනීම ඉතා පහසු කාරණයකි. පොත් පත් කියවා උන්වහන්සේ ගැන දැනුම ලබා ගත හැක. නමුත් උන්වහන්සේව පෞද්ගලිකව හදුනා ගැනීමට නම් විශ්වාසය අප හදවත් තුල තිබිය යුතුය. කිතුනු අපගේ බලවත් අවිය විශ්වාසයයි. එය කොතරම් ප්‍රබල විය යුතුද යන්න ශු. ලියවිල්ල අපට පෙන්වා දෙයි.
එමෙන්ම පළමු දේව ප්‍රකාශනයෙන් අපට පෙන්වා දෙන්නේ සමිදාණන් මවන දේ ගැන සදහටම ප්‍රීති ප්‍රමෝද වන බවයි. එසේනම් උන්වහන්සේගේ සමානකමට මැවූ මිනිසා කෙරෙහි කොතරම් ප්‍රසන්න ඇත්ද ? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ ලෞකික දේ මත නොව, උන්වහන්සේ තුල යැපීමයි.