අද සුපුවත තුලින් බෙත්සයිදා පොකුණ අසල කොර මිනිසා සුව කිරීම පිළිබද සිද්ධිය සදහන් වේ. අනෙකුත් ප්රාතිහාර්යයන් මෙන් නොව මෙම සිද්ධිය වැදගත් වනුයේ ජේසුස් වහන්සේ දයානුකම්පාවෙන් පිරි රෝගියා සුව කිරීමට ඉදිරිපත් වීමත්, සබත් දිනයකදී මෙම රෝගියාව සුවපත් කිරීමත්ය. ජේසුස් වහන්සේ නීතියට වහලෙක් වුයේ නැත. එහෙත් තවත් පුද්ගලයෙකුට යහපත කිරීම සදහා නිතිය පසෙකලා කටයුතු කළේය. ජේසුස් වහන්සේ එම රෝගියාව දේව මාලිගයේ නැවත හමු වූ විට ජේසුස් වහන්සේ ඔහුට පැවසුවේ නැවත පවු නොකරන ලෙසිනුයි. සිරාක් 15 : 11 – 12 වගන්තිවල සදහන් පරිදි දෙවියන් වහන්සේ පිලිකුල් කරන දෙයක් අප කරනවාට උන්වහන්සේ කැමති නැත.
ඉතින් චතාරික සමයේ සිටින අප වෙත මෙම සුපුවත ගැබුරු පණිවුඩයක් ලබා දෙයි. ඇත්තටම මම මගේ ජීවිතය තුල අන් අයගේ දුකට, කරදර වලට සංවේදී වෙනවාද ? මගේ පවුලේ සාමාජිකයින්, නෑද හිතමිතුරන්ට පමණක් සිමා නොවී දුගී අසරණයන් වෙනුවෙන් මාගේ කාලය, ශ්රමය වැය කරනවාද ? නැතහොත් මාගේ පවුල් ජීවිතය තුල දරුවන්, බිරිද, සැමියා සමග කාලය ගත කිරීමට වඩා ඔවුන් සමග එකතුව යාච්ඤා කිරීමට වඩා මම කාලය රුපවාහිනිය වෙනුවෙන් ලබා දී ඇත්ද ? අපි අපගෙන් අසා බලමු.