අධිෂ්ඨානය

adhishtanaya

දිනෙන් දින වෙනස් වන සමාජ පසුබිමක දිවි ගෙවන කිතුනු අනුගාමිකයින් වන අපට විවිධ දුක්කරදර කම්කටොළු හා අවහිරතා ආදීන්ට මුහුණ දෙන්නට සිදුවන බව නොරහසකි. අපට පැමිණෙන දුක්කරදර බාධක, පීඩාවලට මුහුණ දෙමින් ක්‍රිස්තු භක්තිකයින් හැටියට අපි අපගේ බලාපොරොත්තු, අධිෂ්ඨානයන් ඉටුකර ගත යුතු වෙමු.

අද දවසේ ස්වාමින් වහන්සේ අපට පසක් කර දෙන්නේ උන්වහන්සේගෙන් ඉල්ලන කවර යහපත් දෙයක් වුවත් අපට අවශ්‍යනම් නියමිත මොහොතේ උන්වහන්සේ නොවරදවාම ලබා දෙන බවත්, කිසිවිටෙක උන්වහන්සේ අපව අත්නොහරින බවත්ය. අපගේ ජිවිත දෙස හැරී බලන විට ඇතැම් විට පෙනී යන්නේ අරමුණක් නොමැතිව ඉබාගාතේ ජිවිත ගත කරන බවය. මම මේ ලෝකය තුල ජිවත් වන්නේ ඇයි ? මට පැවරී ඇති වගකීම් මොනවාද ? මගේ අරමුණ කුමක්ද ? මේ ප්‍රශ්න වලට මට පිළිතුරු දිය හැකිද ?

” ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. ” අප යම් දෙයක් ඉල්ලුවොත් එය ක්ෂණිකව අපට ලැබෙන්නේ නැත්නම් අනෙකුත් විකල්ප සොයන්නට පෙලබෙනවා නොවේද ? මතක තබා ගනිමු. අපට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ පමණක් ස්වාමින් වහන්සේ ලබා දෙන බව, එය නොඅනුමානයි. එසේනම් මෙම චතාරික සමයේදී ජේසුස් වහන්සේ අප වෙත දැක්වූ ඉමහත් ප්‍රේමය තුළ ජිවිත අභියෝග හමුවේ අපට අවශ්‍ය සියලු යහපත් දේ අප ආදර දෙවිපියාණන් ලබා දෙන බව සැමවිට විශ්වාස කරන්නට උත්සහ කරමු.

Advertisements