සමිදාණන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය

දෙවිදුන් මිනිසත් බව ගෙන අප උදෙසා කුරුසියේ යාගය ඔප්පු කර, මරණය පරාජය කර, ගෝලයන් අතර දින සතලියක් සැරිසරා පියාණන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් සහනදායකයාණන් වහන්සේ අප අතරට එවන්නට පොරොන්දු වෙමින් ස්වර්ග රාජ්‍යට වැඩම කිරීමේ ස්වර්ගාරෝහණ මංගල්‍යය දින සමරමු.swargaarohanaya

යමෙකුට හිතෙන්නට පුළුවන් ඇයි ස්වාමින් වහන්සේ උත්ථානයෙන් පසු දින සතලියක් ගෝලයන් සමග ගත කළේ කියල. ඔවුන් වහන්සේගේ මරණයෙන් පසුව ගෝලයින් සී සීකඩ වෙලා හිටියේ. හුග දෙනෙකුට ඔවුන්වහන්සේ වදාළ ධර්මය අමතක වෙලා තිබුණා. සමහරක් ගෝලයෝ ඔවුන්ගේ පුරුදු රස්සා වලට ගිහින් තිබුණා. සමහරක් අය ජෙරුසලම අතහැරලා ගිහින් තිබුනා. සැකය, අවිශ්වාසය හා සන්තාපය ඔවුන්ව වෙලාගෙන තිබුණා. ඉතින් ඔවුන්වහන්සේට සිද්ධ උනා ගෝලයන්ව නැවත සුදානම් කරන්න. එම්මාවුස් ගිය ගෝලයන්ව නැවත ජෙරුසලමට ගෙන්න. ( ලුක් 24 : 13 – 35 )

තෝමස් වගේ අවිශ්වාස කරපු ගොලයන්වන් නැවත විශ්වාසයේ අත්දැකීමට ගෙන්න සිද්ධ වුනා. මෙසේ ගෝලයන්ව විවිධාකාරයෙන් ශක්තිමත් කල ස්වාමින් වහන්සේ හොදාකාරව දැන සිටියා ගෝලයින් මත පවරන්නට යන දුත කාර්යයේ තිබෙන්නාවූ බරපතල කම. ඒ නිසා ඔවුන්වහන්සේගේ වෙන්වීමෙන් ගෝලයින් තනි නොකරන්නට ශුද්ධාත්මයාණන් වහන්සේව එවන්නට පොරොන්දු වුනා. මේ පොරොන්දුව තුළ ගෝලයින් ශක්තිමත් වුනා.

ඔවුන්වහන්සේ ස්වර්ගාරෝහණය වන්නට පෙරාතුව ගෝලයින්ට ආරාධනාවක් කරනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිකාරයන් වන්නට.

අපි මදක් මෙනෙහි කරමු. අපගේ ජිවිත තුළ කෙතරම් අපි ඔවුන්වහන්සේට සාක්ෂිකාරයන් වෙනවාද කියලා. කෙසේද අපි සාක්ෂිකාරයන් වන්නේ ? ඔවුන්වහන්සේගේ ආරාධනය ඉතා සරළයි. නමුත් ගැබුරුයි. ” නුබේ මුළු හෘදයෙන්ද, නුබේ මුළු සිතින්ද, නුබේ මුළු බුද්ධියෙන්ද නුබේ දෙවි පියාණන් වහන්සේට ප්‍රේම කරන්න. නුබ නුබට ප්‍රේම කරන්නාක් මෙන් නුබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” ඇත්තමට අපි මේ පොරොන්දුව ඉටු කරන ජනතාවක්ද ? නැත්නම් පොරොන්දු හිතා මතා කඩ කරන ජනතාවක්ද ?

ස්වර්ගාරෝහණය යනු හුදු මහිමයේ අත්දැකීමක් ලෙස නොව දුක් විදීමේ හා ජිවිත පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේගේ ජිවිතාදර්ශයෙන් අප හට වැටහේ. කෙටියෙන් කිවොත් අවසාන මොහොත දක්වා පහත වී කීකරු වීමේ ප්‍රතිඵලයක්. ඉතින් ඔබත් මමත් විදින්නාවූ දුක් වේදනා වලට හා විදිනා වූ අපහාස උපහාස වලට අර්ථයක් ඇත. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා නම් ඉවසීමෙන් සියල්ල දරා ගන්න. ඔබේ ජිවිත සාක්ෂිය තුල පීඩාවන් වලට නොබියව මුහුණ දෙන්න. මන්දයත් ස්වර්ග රාජ්‍යය අත්කර ගන්නට නම් දුක වේදනාව තුල තිබෙන්නා වූ ගැලවීමේ පණිවුඩය අවබෝධ කර ගනිමු.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s