ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය

holy thrinityපියාණන් වහන්සේ මුළු ලෝකයම මැවීමට පෙර සිටම පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ සමග සිටි බව හිතෝපදේශය පෙන්වා දෙයි. අප විශ්වාසයෙන් හා ඉවසීමෙන් දෙවියන් වහන්සේ තුල සිටි නම් ඔවුන් වහන්සේ අප දුන් ශුද්ධාත්මයාණෝ අපව ප්‍රේමයෙන් පුරවන බව පෙන්වා දෙයි.

ගෝලයන්ට තව බොහෝ දේ කීමට තිබුනත් ඒ දේවල් දරා ගැනීමට තම ගෝලයින්ට ශක්තියක් නොමැති බැවින් ජේසුස් වහන්සේ තම ගෝලයින්ට ශක්තියක් වන පිණිස සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේ තම ගෝලයින් මත වැඩම කල ආකාරය හා එමගින් ආත්මයාණන් වහන්සේ තම දුත කාර්යය නිසි ලෙස ඉටු කිරීමට තම ගෝලයින්ට මග පෙන්වා දුන් සැටි ශුද්ධාත්මාගමන දිනදී අපට පෙන්වා දෙයි.

ආත්මයාණන් වහන්සේ තුලින් ක්‍රියා කරනුයේ පුත්‍රයාණන් වහන්සේය. පුත්‍රයාණන් වහන්සේ තුලින් තම පියාණන්ගේ මහිමය පෙන්වා දෙයි. ඒ නිසා ඔවුන් වහන්සේගේ දුතයන් ලෙස අපට පැවරී තිබෙන කාර්යයන් සත්‍යවාදීව, නිහතමානිව, අවංකව පියාණන් වහන්සේගේ මහිමය සදහා යොදා ගත යුතුය. එමෙන්ම එම සෑම කාර්යයක්ම ක්‍රියා කිරීමට ශුද්ධාත්මයානන් වහන්සේ ඔවුන් වහන්සේගේ ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම ශක්තිය අප හට දානය කරනු ඇත. එම නිසා අප සියලු දෙනා ඔවුන් වහන්සේලාගේ ශක්තියද ඇතිව අපට පැවරී තිබෙන දුත කාර්යය ඉටු කල යුතුය.

එමෙන්ම ශුද්ධාත්මාගමන මංගල්‍යය දිනට පසු ඉරු දින ශුද්ධවූ සභා මාතාව ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය සමරනු ලබයි. ” අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ල මවා වදාළ සියලු බලැති පියානන් වහන්සේ” ” දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන්ද, එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ” ” පියානන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙන සමිදාණන් ද ජිවනදායකයානන්ද වූ ශුද්ධාත්මයාණන් වහන්සේ ” මෙසේ ශුද්ධවූ ත්‍රිත්විය අභිරහස විස්තර කරමින් අප ආමන්ත්‍රණය කරනුයේ විශ්වාස ලක්ෂණය තුලය.

කොතෙකුත් විස්තර කිරීමට උත්සහ කලත් අපගේ බුද්ධියෙන් සම්පුර්ණයෙන් ග්‍රහණය කල නොහැකි වේ. ශුද්ධවර ජොහාන් තුමාද ක්‍රිස්තුන් වහන්සේ එදා ශුද්ධවූ ත්‍රිත්වය පිලිබදව අනාවරණය කරන අයුරු අපුර්වාකාරයෙන් වචන ගත කොට ඇත. එබැවින් අපිද පුර්ණ කිතුනු කැදවීමකට පිළිතුරු දීමට ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලම පියාණන් වහන්සේ වෙත ගමන් කරමින් අප සියලු දෙනාගේම ජිවිත ඔවුන් වහන්සේගේ ශුද්ධවූ හස්තයට බාර දෙමින් ඔවුන් වහන්සේගේ ආදරය අත් දකින්නට අපි සුදුස්සන් විය යුතුය. ඒ වාගේම මනුෂ්‍යයන් හැටියට අප අතින් වැරදි සිදුවීමට බොහෝ ඉඩ කඩ ඇත.

නමුත් අප ශුද්ධවූ ත්‍රිත්වය තුල එකාබද්ධව සිටි නම් අප හට ඔවුන් වහන්සේ ආදරය කරුණාව නොඅඩුව ලැබෙනු ඇත. කිතුනු ජිවිතයේ කේන්ද්‍රස්ථානය වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත හදුනා ගැනීම තුලින් සමිදාණන් වහන්සේගේ සැබෑ අනුගාමිකයින් වීමට අපට හැකිය. ඒ තුලින් මිනිස් ජිවිතයේ සැබෑ අරුත හදුනා ගන්නා සේම කිතුනුවෙකු ලෙස පරම කේන්ද්‍රීය අරමුණ වන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට හැකියාව ලබා ගනී. මනුකය ගත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා දේව රාජ්‍යය උරුම කර ගැනීමට අප කල යුතු දෑ, ගමන් කල යුතු මාර්ගය පිලිබදව සුළු සුළු සිදුවීම් තුලින් අපට මනාව පැහැදිලි කර දී ඇත.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s