මහ බ්‍රහස්පතින්දා සහ සුභාරංචිය

මහ බ්‍රහස්පතින්දා දින සංඛේතාත්මකව අප සිහිපත් කරන සුභාරංචි පොත් වල සඳහන්ව ඇති ජේසුස් වහන්සේ කළ ක්‍රියාවන් කිහිපයක් තිබේ.

පාස්කු භෝජනය පිළියෙල කිරීමට තම ශ්‍රාවකයන් දෙදෙනෙකුව පිටත් කර හැරීම හා ඔවුන් උඩුමහල් මැදුරක එය සූදානම් කිරීම (ලූක් 22 : 7 – 13)

ජේසුස් වහන්සේ නියමිත වේලාවට එම ස්ථානයට තම ශ්‍රාවකයන් සමග වැඩම කර, ඔවුන්ගේ පාද දෝවනය කිරීම (ජොහාන් 13 : 4 – 11)

ප්‍රේමයේ නව පණත ප්‍රකාශ කිරීම (ජොහාන් 13 : 34)

තම ශ්‍රාවක ජුදාස් ස්කාරියොත් විසින් තමන්ව පාවා ‍දෙනු ලැබීම ගැන ඉඟි කිරීම (ජොහාන් 13 : 21 – 30)

සැබෑ ශ්‍රාවකයන් මෙන් ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව සාක්ෂි දැරීම ගැන අවවාදානුශාසනා දීම (ජොහාන් 14 : 1 – 16 : 33)

පාස්කු අන්තිම රාත්‍රී භෝජනයේ දී ආසිරි ගැන්වූ රොටිය හා මිදියුෂ කුසලානය තම ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ලෙසින් තම ශ්‍රාවකයන්ට බෙදා දීම (ලූක් 22 : 14 – 20)

මෙම අභිරහස්‍යමය පිළිවෙත (Sacred Rite) එනම්, “රොටි කැඩීමේ පිළිවෙත” තුළ පාස්කු භෝජනය අර්ථවත් හා ජීවමාන කරමින් ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම තෙක් සිදු කිරීමට අවශ්‍ය පූජක බලතල තම ශ්‍රාවකයන්ට පවරා දීම (ලූක් 22 : 19)

අන්තිම රාත්‍රී භෝජනයෙන් පසුව ගීතිකාවක් ගායනා කර ගෙත්සෙමනියට (ඔලීව කන්දට) යාච්ඤාව පිණිස වැඩම කිරීම (මාර්ක් 14 : 26)

ජේසුස් වහන්සේ මරණසන්න දුකින් දෙවි පියාණන් වහන්සේට යාච්ඤා කිරීම හා යාච්ඤාව පිළිබඳව තම ශ්‍රාවකයන්ට අවවාදානුශාසනා දීම (මාර්ක් 14 : 32 – 42)

ජූදස් ස්කාරියොත් නමැති ශ්‍රාවකයා සිපාචාර කිරීමේ සළකුණෙන් ජේසුස් වහන්සේව ජුදෙව් මූලිකයන්ට පාවා දීම (ලූක් 22 : 47 – 48/ මතෙව් 26 : 51 – 56)

ජේසුස් වහන්සේව අන්නාස් නමැති උත්තම පූජකවරයාගේ නිවසේ දී සැන්හෙඩ්‍රින් මන්ත්‍රණ සභාව විසින් ප්‍රති‍ක්ෂේප කොට මරණයට සුදුසු යැයි තීන්දු කිරීම (මතෙව් 26 : 57 – 66)
යනාදිය ඉන් ප්‍රධානය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s