මරි මවගේ දර්ශනය වීම හා පුදුම පදක්කම

ලබුරේ පවුලේ ළමයි 17 දෙනෙකු සිටියහ. බාලම දැරිය ෂෝය. ඇය ප්‍රංශයේ ඩිජෝන් ගම්මානයේ ගොවිපොලක මෙලොව එලිය දුටුවේ 1806 මැයි 2 වන දිනය. තම මව මිය යද්දී ෂෝ දැරියගේ වයස 10 කි. ඒ වන විට

දහහත් දෙනෙකුගෙන් යුත් පවුලෙන් ඉතිරිව සිටියේ දහහතර දෙනෙකු පමණකි. වැඩිමලා වූ මාරිලුවී දයාවේ පැවිදි සොහොයුරියක බවට පත්ව සිටියාය. ෂෝගේ ආශාවද වුයේ පැවිදි සොහොයුරියක වීමය. එත් පියා ඊට හරස් විය.එහෙත් ෂෝ සටන අත් හැරියේ නැත. කෙසේ හෝ අවසානයේ පියාගේ අවසරය ලබා ගත් ඇය කන්‍යාරාමයට ඇතුළු වුවාය. එම තාපසාරමයෙන් ඇයට අලුත් නමක් දෙන ලදී. කැතරින් ඒ නමය. විසිහතර වියට පා තබා ඇති

කැතරින් පැවිදි සොහොයුරිය ජ්වලිතය. ශාන්තය.puduma padakkama
දිනක් රාත්‍රියේ ඇය දෙව්මැදුර වෙත ගියාය. ඇයට මුල් වරට දෙව් මවුන් දර්ශනය වුයේ මෙහිදීය. පාදාන්තය දක්වා වැටුණු ඇත් දළ පාට වස්ත්‍රයකින් ඕ සැරසී සිටියාය. ඇගේ හිස් වැස්ම නිලවර්ණය. සුරූපී මුහුණින් නික්මුණු

කාන්තියෙන් මුසපත් වූ කැතරින් කන්‍යාතුමිය දෙව්මව් වෙත ඇදී ගියේ නිතැතින්මය. ඇගේ දෑත් මරිය මවුගේ පාද මත තබමින් ඇය ඒ අභියස ඇද වැටුනාය. එදා දෙව් මවු පැවසු දේ පසුවදා ඇය හෙළි කලේ මෙලෙසිනි.

” ප්‍රංශය පුරා මහා විප්ලවය ලේ වැගිරීමක් ඇතිවේ. කිතුනු සංහාරයක් අරබෙනු ඇත. දේවස්ථාන, පාසල්, කන්‍යාරාම බිමට සමතලා වනු ඇත. යුධ ගිනි මුළු ප්‍රංශය පුරා පැතිරී යන්නේය.” මේ අනාවැකි සියල්ල පසුව ඒ

ආකාරයෙන්ම සිදු විය.

කීප වතාවක්ම මේ ආකාරයෙන් කැතරින් ලබුරේ පැවදි සොහොයුරියට මරිය මාතාවන් දර්ශනය වුවාය. මාස කිහිපයක් තුල මේ දර්ශන මාලාවේ ආරංචිය ලොව පුරා පැතිරිණි. ලක්ෂ සංඛ්‍යාත ජනයා ප්‍රංශයට ඇදී ආවේය. දර්ශනයේ පණිවුඩය වුයේ පාප වලට මනස්ථාපනය වීමය.

1830 නොවැම්බර් 27 වන දින යාච්ඤාවට සම වැදි සිටි කැතරිනා කන්‍යා සොහොයුරියට නැවතත් දෙව්මවුන් දර්ශනය විය. එදා ඇය දුටු දර්ශනය ඕ විස්තරය කලේ මෙලෙසිනි. මරිමව් ලෝක ගෝලය මතුපිට සිටගෙන සිටියාය. ඇගේ දෙපතුල් යට පෑගුණු සර්පයෙකි. ඇගේ සියුමැලි අතැගිලි සුදිලෙන මැණික් කැට වලින් ආවරණය විය. ඇය වටා අර්ධකාරව සිංහලයට පරිවර්තනය කල විට මෙසේ ” ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු මරියෙනි, අප නිසා යාච්ඤා කළ මැනව ” යන අකුරු සදහන්ව තිබුණි. අනතුරුව එය වෙනස් වී මෙසේ විය. එහි M අකුරක් දර්ශනය විය. ඊට ඉහළින් කුරුසියකි. M අකුරට පහලින් කටු වැලකින් වටවූ හෘදයේ සලකුණු දෙකකි. ඒ හෘද කටු වලින් සිදුරු වී තිබිණි. කුරුසිය සහිත M අකුර වටා කුඩා තාරකා දොළොසක් විය. එහි එක් පැත්තක සටහන්වූ දෙව් මවුගේ රුව සහිත පදක්කම් සාදා පළදින්නයැයි දෙව්මව් කැතරීන්ගෙන් ඉල්ලා සිටියාය. දෙව්මව් පොරොන්දු වූ ආකාරයටම එය පැලදගත් රෝගීහු සුවය ලදහ. සතුරු අන්තරා දුරු විය. යක්ෂ බලවේග දුරු විය. දනන් වෙත සැනසීම සාමය ලගා විය. පදක්කමේ හාස්කම් කොයි කවුරුත් අත් දුටහ.

කැතරින් හා පුදුම පදක්කමේ හාස්කම් දන්නෝ අදත් ප්‍රංශයේ එම දේවස්ථානය කරා වන්දනාවේ ඇදී යති. පුදුම පදක්කමේ බලය ශු. සභාව තුළ ප්‍රකටය. එය අදටත් වලංගුය.

———————————————————————————————————————————————————————————————————–

Sinhala Bible – www.sinhalabible.net

Sinhala Geethika – www.sinhalageethika.net

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s