ප්‍රසාද ස්නාපනය

ප්‍රසාද ස්නාපනය

ප්‍රසාද ස්නාපනය සියලු ක්‍රිස්තුභක්තිකයින්ට පොදුය. ක්‍රිස්තියානි කිරීම යනුවෙන්ද මෙම පිළිවෙත හදුන්වනු ලබයි. ක්‍රිස්තියානියෙන් තොර කතෝලික කමක් නැත. කිතුනුවාගේ prasaada-snaapanayaජිවිතයේ ආරම්භය එතනය. කතෝලික නොවන ක්‍රිස්තියානි සභා තුළද ප්‍රසාද ස්නාපනය පවතී.

ප්‍රසාද ස්නාපනය  ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට පෙර සිටම පැවති පිළිවෙතකි. උන්වහන්සේ එක ඉපැරණි ශුද්ධවූ සම්ප්‍රදායට නිසි ගෞරවය දෙමින් තමන් ස්නාවක ජුවාම් මුනි වෙතින් ප්‍රසාද ස්නාපනය  ලබා ගත් සේක. එයට මුල පිරුවේ ක්‍රිස්තුන් වහන්සේමැයි සුවිශේෂකවරු ජෝර්දාන් නදියෙහි එතුමා ස්නාවක ජුවාම් අතින් ලැබූ ස්නාපනය තම කෘතීන්වල සදහන් කිරීමට අමතක නොකළහ. අලුත් ගිවිසුම ( මාක් 1 : 9 – 11 ) , ( ලුක් 3 : 21 – 22 ). ප්‍රසාද ස්නාපනය ලබා ගැනීමේ පරම අවශ්‍යතාව විදහා දැක්වීම සදහා ජේසුස් වහන්සේ විසින්ම වදාළ කරුණු එමටය.

” ලොව පුරා ගොස් සකල සත්වයා හට සුබ අස්න දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. ” ( මාක් 16 : 15 – 16 ) . ” ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. යමකු ජලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගෙන්ද නැවත නුපන්නොත් ඔහුට ස්වර්ග රාජයට පිවිසිය නොහැකිය. ( ජොහාන් 3 – 5 ). මේ කරුණු අනුව කිතුනුවෙකුට ප්‍රසාද ස්නාපනයේ ඇති වැදගත්කම අමුතුවෙන් කිවයුතු නොවේ.

කතෝලික සභාව තුල මෙම ප්‍රසාද ස්නාපනය විවිධ මුහුණුවර ගනියි. ප්‍රසාද ස්නාපනය තවකකුට දානය කරනුයේ පුජා ප්‍රසාදිවරයකු, තේවාචාරීවරයකු හෝ රදගුරුතුමකු විසිනි. හදිසි අවස්ථාවකදී එය ගිහියකුටද කල හැකිය. ජලය ඉසීමෙන් හිස වත්කිරිමෙන් හෝ ජලයෙහි ගිල්වීමෙන් කළ හැකිය. බිළිදෙකු ඉපදුන මොහොතේ සිට හැකිතාක් ඉක්මනින් ප්‍රසාද ස්නාපනය ලබාදීම දෙමව්පියන්ගේ වගකීමකි. නමුත් අද එය කා බි ප්‍රීතිවන උත්සවයක් කරගැනීම නිසා බිළිදෙකුගේ ප්‍රසාද ස්නාපනය ප්‍රමාද කෙරේ. එය නුසුදුසුය. මවගේ කුස තුළ දීම පවා නුපන් බිලිදුනට ප්‍රසාද ස්නාපනය ලබා දිය හැක. මවගේ ජිවිත අවදානම් අවස්ථාවේදී කුස තුල නිරුපද්‍රිතව සිටින දරුවා පමණක් නොව, නොමේරු කළලය පවා ප්‍රසාද ස්නාපනය ලැබීමට සුදුසු බව සභා ඉගැන්වීමයි.

ප්‍රසාද ස්නාපනය ලැබීමේදී සිදුවන හාස්කම වනුයේ ඔහු හෝ ඇය අප ආදී මවුපියන් කළ අකිකරුවීමේ පාපයේ කැළල මකා දැමීමයි. දේව දරුකම නැවත අත්කර ගැනීමයි. ක්‍රිස්තු අනුගාමිකයකු බවට පත්වීමයි. සුරලොව හිමිකාරයකු වීමයි. ශුද්ධාත්ම පිවිසුමට විවෘත වීමයි.

ප්‍රසාද ස්නාපනයට භාජනය වන කුඩා බිලිදු වෙනුවෙන් ගරු පියතුමා ඉදිරියේ ඥානමවුපියන් ඉදිරිපත් වේ. දරුවාගේ අනාගත වර්ධනය ගැන මේ දෙපල වගකීමට බැදී සිටි. මෙම දෙදෙනාට කුඩා කල සිටම දරුවන් ගරු සරු ඇතිව යහ මග ගමන් කරවීම ඔවුන්ට ලැබෙන වගකීමකි. තමන් වෙනුවෙන් එදා තම ඥානමවුපියන් දුන් ප්‍රසාධ ස්නාපන පොරොන්දු යථාකාලයෙදී වරින් වර අලුත් කරනු ලබයි. මෙම පොරොන්දු නැවත සිහිපත් කිරීමේ පිළිවෙත විශේෂයෙන් කරනු ලබන්නේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය මෙහෙය තුලදීය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s