නිර්මල කන්‍යා මරිය තුමියගේ පාතිමා දර්ශනය

අන්ධකාරයෙන් නොසන්සුන්තාවයෙන් අනාරක්ෂිතතාවයෙන් තීරණාත්මක මොහොතක් පෘතුගාලයට ඉතාමත් අදුරු සමයක් විය. 1917 මැයි මස 13 වන දින පෘතුගාලයේ පාතිමා භුමි භාගයේ අල්ජුන්ටාල්හි කෝවාද රීරියාහි මධ්‍යම ප්‍රදේශයේ ඕක් ගස් මුදුනක මරිය තුමිය එඩේරු දරු තිදෙනෙකුට දර්ශනය වීමෙන් මව් මරි බැතියේ තවත් පිටුවක් පෙරළිණි.

දර්ශනයේ දරු තිදෙනා නම් එවකට වසර 10,9 හා 7 ක් වයසැති ලුසී , ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා ය. සුපුරුදු ලෙස ලුසී , ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා කොබේසෝ තැනිතලාවේ බැටළුවන්ට තණ කවමින් සිටියෝය. ඒ අතර ඕක් ගස් තුලින් දර්ශනයකි. ඔහුන් එය කුමක්දැයි නොදැන තැතිගෙන සිටින විට ” බිය නොවන්න මම ඔබට අනතුරක් නොකරමි කියා ශබ්දයක් ඇසුනි. ලුසී ධෛර්යවත්ව ප්‍රශ්න කරමින් ඔබ පැමිණියේ කොහේ සිටද කියා ඇසීය. මම ස්වර්ගයේ සිට පැමිණියෙමියි මරිය තුමිය පැවසිය.

මෙය සිදුවූයේ 1917 මැයි 13 වන දිනය. ඒ මරිය තුමියගේ පළමු දර්ශනය විය. දෙවන දර්ශනය 1917 ජුනි 13 වන දිනද තුන්වන දර්ශනය 1917 ජුලි 13 වන දිනද හතර වන දර්ශනය අගෝස්තු 13 වන දිනද පස්වන දර්ශනය සැප්තැම්බර් 13 වන දිනද හය වන දර්ශනය ඔක්තෝබර් 13 වන දිනද විය . මරිය තුමිය අවසන් දර්ශනය නිම කර සමුගන්නවාත් සමගම සූර්යයා දෙස බලන්න කියමින් ලුසී ශබ්ද නගන්නට විය. වැසි ගතියෙන් අදුරු වී තිබූ අහස ක්ෂණිකයෙන් ආලෝක විය. රැස්වී සිටි ජනතාව දනින් වැටී යාච්ඤා කළහ.

මහත් කලබගැනියක් ඇතිවී මුළු මහත් ප්‍රදේශයම දෙවනත් කරවමින් ආනන්ද ජනක ප්‍රීති ගෝෂාවක් ඇති විය. දර්ශනලාබී දරු තිදෙනා ඒ මධ්‍යයේ ඇදහිය නොහැකි දර්ශනයක් ගුවනේ දුටුවෝය. සුර්යග්‍රහණයේදී මෙන් සුර්යය පහසුවෙන් දැක ගත හැකි විය. බලන්නන්ගේ ඇස් වලට කිසිම හානියක් නොවිය. විවිධ රශ්මි ධාරාවන් ඉන් නික්මී වර්ණවත් විය.

ජේසුගේ මව ලෙස තෝරා ගත් මරිය රැජිණිය අපෙන් ඉල්ලා සිටියේ ජේසු තුමන් ඉගැන්නු ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම භක්තියෙන් උච්චාරණය කරන්න කියාය.

pathima

———————————————————————————————————————————————————————————————————–

Sinhala Bible – www.sinhalabible.net

Sinhala Geethika – www.sinhalageethika.net

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s