නිර්මල කන්‍යා මරිය තුමියගේ ලුර්දු දර්ශනය

ප්‍රංශයේ පිරනිස් කදු පාමුල ලුර්දු නම් නුවරක් විය. එහි ඉතාමත් දිලිදු ග්‍රාමයක පටු පාරක් අද්දර ඉතා කුඩා පැල්පතක් විය. මේ ගෘහයේ බර්නදෙත් නම් දැරියක් ජිවත් වූවාය. ඇගේ පියා පැන්සුව සබිරු වූ අතර මව ලුවිස්

new

කැසීට්රොටි ය. ඇයට මාරි නමැති නැගනියක්ද මල්ලිලා දෙන්නෙක්ද වූහ. බර්නදෙත් ඇදුම රෝගයෙන් පෙලුණි. ඇය උච්චාරණය කිරීමට බොහෝ උත්සහයක් දැක්වුයේ ස්වර්ගයේ වැඩ සිටින , නමෝ මරියනි, විශ්වාස ලක්‍ෂණය යන යාච්ඤාවන්ය .

බර්නදෙත් ඇදුම රෝගයෙන් පෙළුන හෙයින් පාසලට යාමට නොහැකි විය. ගුරුවරියකගෙන් ඇය ඉගෙන ගත්තාය. 1858 පෙබරවාරි 11 වන දින ශුද්ධවූ සතියට පෙර බ්‍රහස්පතින්දා ඉතාමත් තද සීතල දවසක් විය. සුබිරු මැතිණිය මාරි නමැති නමැති දෙවන දියණිය කැදවා ” ගේවී ” ගංතෙරට ගොස් දර කපාගෙන ඒමට කීවාය. බ්‍රයෙල් කන්දේ ගුහාවක්ද සිදුරක්ද විය. සිදුර පාමුල රෝස පදුරක් තිබිණි. ඔවුන් එගොඩ වී දර ඇහිලිමට පටන් ගත් අතර බර්නදෙත් තම සපත්තුව ගලවා ගගින් එතරට යාමට අදහස් කලාය.

rosaryමෙන්න එවිට සිදුවූ සිද්ධිය. ” මගේ මේස් ගැලේව්වාත් සමගම විශාල කුණාටුවක් වැනි ශබ්දයක් ඇසි වට පිට බැලුවා. එත් ගස් සෙලවුනේ නැහැ. එවිට මම ගග හරහා යාමට කඩිනමින් අනිත් මේස් එක ගලවන්නට පාත්

උනා. නැවත එම ශබ්දය ඇසුනා. ඉබේටම බැලුනේ ගල් ගුහාව දෙසටයි. සුදු ඇදුමක් ඇදගත් අලංකාර කාන්තාවක් මම දුටිමි. කුරුසියේ ලකුණ ඇදීමට මට නොහැකි විය. එම කාන්තාව අතේ ජපමාලයක් විය. ඇය කුරුසියේ ලකුණ ඇන්දාය. මම ඇය අනුගමනය කර කුරුසියේ ලකුණ ඇද ගත්තෙමි. මගේ බිය ක්‍රමයෙන් දුරු විය. මම ඒ ලස්සන කාන්තාව ඉදිරියේ ඇය සමග ජපමාලය කීවෙමි “යනුවෙනුයි.

බර්නදෙත් ගෙව් ගංගාව වෙත අඩි තුනක් ගියාය. තවද පහත වී ඇගේ ඇගිල්ලෙන් වියලි පොලව සුරන්නට පටන් ගත්තාය. ඇය මෙසේ කලේ ඒ වනිතාව එසේ කිරීමට ඇයට පැවසු නිසාය. එදින සවස සමහරු වෙන කිසි දිනක එතැන නුදුටු වතුර පහරක් දුටුවෝය.
අවසාන දර්ශනය එනම් මාර්තු 4 වන දින ඇය දෙමව්පියන්ට මෙසේ කීවාය. ” ලස්සන කාන්තාව මීට පසු නොඑන බවක් මට කීවේ නැත” යනුයි. දින 20 කට පසු රාත්‍රියේ හඩ ශබ්දයක් ඇයට ඇසුනි. එනම් ” ගුහාවට යන්න” යනුවෙනුයි. උදැසන ඇය ගුහාවට දිව ගියාය. පැමිණෙනවාත් සමගම මහත් ආලෝකයක් මැද රෝස පදුරට ඉහලින් වනිතාව සිටිනු දුටුවාය. බර්නදෙත් ඇගේ නම මට කියන්නැයි කන්නලව් කලෙමි. ” මම ජන්ම දෝෂයෙන් නිර්දෝෂ වූ තැනැත්තිය වෙමි”

Springමෙසේ නිර්මල කන්‍යා මරිය තුමිය 18 වතාවක් දර්ශනය විය. ඇය ඉල්ලා සිටියේ ජේසුස් වහන්සේ අපට කියා දුන් ස්වර්ගයේ වැඩසිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය හැකිතරම් උච්චාරණය කරන ලෙසය. 2007 වසරේදී ලුර්දු හි නිර්මල කන්‍යා මරිය තුමියගේ සිද්ධස්ථානයේ 150 වැනි ජයන්තිය පවත්වන ලදී. වර්තමානයේ නිර්මල කන්‍යා මරිය තුමිය වෙනුවෙන් කැප කර ඇති සිද්ධස්ථාන අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණෙන සිද්ධස්ථානය ලෙස ලුර්දු හි නිර්මල කන්‍යා මරිය තුමියගේ සිද්ධස්ථානය නම් කල හැක.

 

———————————————————————————————————————————————————————————————————–

Sinhala Bible – www.sinhalabible.net

Sinhala Geethika – www.sinhalageethika.net

One thought on “නිර්මල කන්‍යා මරිය තුමියගේ ලුර්දු දර්ශනය

  1. Maha godak thanks. Mamath hama vasarakama lourds walata anna jesusamma uthayw karanawa.
    Maga ammat mama godak atharae. Mata hamathayakma thunna agae. Jesuspihitae

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s