ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළැල්

ජේසුස් වහන්සේගේ  ශ්‍රී වණ කැළැල්
jesus
ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට පෙර එතුමන්ගේ සිරුරෙහි වූ ඇති බිහිසුණු තුවාල ශ්‍රී වණ කැළැල් හැටියට කිතුනුවෝ අදහති. ගෞරවය දක්වති. ජුදෙව් වරුන් හා රෝම සොල්දාදුවන් විසින් ක්‍රිස්තු ශරීරයෙහි ඇති කල වේදනා තුවාල අපමණය . කස පහර වැදීමෙන්, කටු ඔටුන්නක් හිස මත පැළදවීමෙන්, බිම වැටීමෙන්, සිරීම් වලින් , උන්වහන්සේගේ ශරීරය පුරා අනේක තුවාල ඇති විය. එහෙත් ශ්‍රී වණ කැළැල් හැටියට කිතුනුවන් අදහන ජේසුස් වහන්සේගේ විශේෂ තුවාල පහක් වේ. දෙඅත් හා දෙපා, ඇණ ගැසීම තුලින් මතු වූ තුවාල සතර හා ඇළයට ඇනීමෙන් ඇති වූ තුවාල සිදුරත් සමග ගණන් ගැනෙන තුවාල පහය. අත් පා කුරුසියට තබා ඇණ ගසද්දී උන්වහන්සේට කොතරම් වේදනාවක් උසුලා දරා ගැනීමට වුවාදැයි අපට සිතා ගැනීම අසීරු නොවේ. ඇළයට අනිනු ලැබුවේ හෙල්ලයකිනි. මරණින් පසු දින තුනකින් උත්ථාන වූ ජේසුස් වහන්සේ ශ්‍රී සිරුරෙහි යටකී ප්‍රධාන තුවාල පහ පැහැදිලිව විද්‍යාමාන වුයේය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට තමන් වෙතට ආ සැනින් ශවකයෝ එම තුවාල කැළැල් දුටහ. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රධාන තුවාල පහ ශ්‍රී වණ කැළැල් බවට ව්‍යවහාර වුයේ එතැන් සිටය.

උත්ථාන වූ සමිදුන්ගේ ශ්‍රී ශරීරයෙන් විද්‍යාමාන වූ පැහැදිලි වණ කැළැල් උන්වහන්සේගේ අහස් නැගීම දක්වා පැවතිනි. වතාවක් උන්වහන්සේ තම ගෝලයන්ට දර්ශනය වූ විට එතන නොසිටි ශාවක තෝමස් උන්වහන්සේගේ ඇලයේ තුවාලයට තම ඇතැගිලි හොවන තුරු එතුමන් මළවුන්ගෙන් නැගිටීම විශ්වාස නොකරන බව කිවේය. ඉන්පසු ශාවකයන් කරා පැමිණි ජේසුස් වහන්සේ තෝමස් කැදවා පැවසු දේ සුවිශේෂක ජුවාම් තුමා මෙසේ ලියා ඇත.

” ඔබේ ඇගිල්ල මෙහි ඔබා මගේ අත් බලන්න. ඔබේ අත දිගු කර මගේ ඇළයෙහි තබා විශ්වාස කරන්නැ” යි වදාළ සේක. ( ජොහාන් 20 : 27 – 29 )

ශාවක තෝමස් ජේසුස් වහන්සේ විශ්වාස කලේ ඉන්පසුවය. පසුව ජේසුස් වහන්සේ මෙසේ කී සේක. ” ඔබ මා දුටු බැවින් අදහා ගත්තෙහිය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝය.” ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් ලොවට ප්‍රකාශ වීම 13 වන ශත වර්ෂයෙන් ආරම්භ වූ බව සදහන් වී ඇත.

මේ වන විට ශ්‍රී වන කැළැල් ලැබීමේ භාග්‍ය උදා කර ගත අය 300 දෙනෙකු පමණය. මෙයින් 95 % කම පැවදි කාන්තාවන්ය. මෙම දුර්ලභ භාග්‍යය උදා කර ගත්තෝ යාච්ඤාශීලි ජිවිත ගත කරන්නෝ වුහ.

අසීසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිවරයා ශ්‍රී වණ කැළැල් ලැබීමේ වාසනාව හිමි කර ගත් සාන්තුවරයෙකි. හස්ත පාද හා ඇළයෙහි කුඩා කුරුස සහිත තුවාල එතුමන්ගේ සිරුරෙහි දක්නා ලදී. මෙම හාස්කම ගැන විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව ප්‍රකාශයක් කල xi වැනි බෙනඩික් පාප්වහන්සේ එය සත්‍යතාවයක් බව සනාථ කළේය. මෙය මංගල්‍යයක් හැටියට සැප්තැම්බර් 17 වන දින කතෝලික සභාව සිදු කරයි.

දොමිනිකානු නිකායේ පැවදි ශුද්ධවරියක වූ සියනාහි ශාන්ත කතරිනා තුමිය ශ්‍රී වණ කැළැල් ලස තවත් සුප්‍රසිද්ධ ශුද්ධවරියකි. ඇය මෙම වරම ලද්දේ 1375 අප්‍රේල් මස ඉතාලියේදීය. 1968 සග සැපත් කැපුචින් තාපසවරයෙකු වූ ශුද්ධවූ පියෝ පියතුමාද ශ්‍රී වණ කැළැල් මෙලෝ ජීවිතයේදී ලද සිල්වත් පියතුමෙකි. පියෝ පියතුමාගෙන් අනේක උදව් උපකාර රෝග සුව කිරීම් ලද අය අප අතර ඒමට සිටිති. සමස්තයක් වශයෙන් ගත් කල ශ්‍රී වණ කැළැල් ලැබීමේ භාග්‍යය උදා කර ගත හැමෝම ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ දුක් වේදනා දිවා රෑ දෙකෙහි අත් දකිමින් භක්තියාදරයෙන් ඒ ගැන මෙනෙහි කල අයවලුන්ය. මොවුහු තම අත් පා හා ඇළයෙහි හට ගන්නා තුවාල වලින් වේදනා වින්දහ. බොහෝ විට සිකුරාදා දින වල මෙම තුවාල වලින් රුධිරය ගලා ගිය බව කියවේ. නමුත් මොවුන් සියලු දෙනාම මෙය පිලිබදව කිසිදු කනස්සල්ලක් ඇති කර නොගෙන තමන් ලද මෙම භාග්‍ය පිලිබදව ඉතා සතුටු වුහ. එම තුවාල වලින් ප්‍රසන්න සුවදක් හමා ආවේය. මේ සුදුවරයන් හැම දෙනෙකුම පාහේ විවිධ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරනු ලැබුහ. මෙහි සත්‍ය භාවය පිලිබදව කතෝලික සභාව සනාථ කලේ සෑහෙන කාලයක් තුළ නිමා කළ පර්යේෂණ වලින් පසුව බවද කිව යුතුය.

——————————————————————————————————————————————————————————————————————–

Sinhala Bible – www.sinhalabible.net

Sinhala Geethika – www.sinhalageethika.net

One thought on “ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළැල්

  1. meh pahe kithunu apita godak wadagath .. oba hamadenatama god bless u.. waradin naha kawadawat.. god ge adaren oyalawa pirenawa.. god bless u,, keep up

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s