සිය දිවි හානිකර ගැනීම පිලිබදව වාර්තා තබමින් ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ සිටි. මෙම ව්‍යසනය තරුණ පෙළ යොමුවී සිටීම අතිශයින් ඛේදජනකය. තම ශරීර සෞඛ්‍යය ගැන නොසැලිකිලිමත් වීමෙන් දැන දැනම මරණයට ගොදුරු වන්නාද සිය දිවි නැති කර ගැනීමේ වරදට වගකිවයුතු බව කිතුනු දැක්මය. ඒ අනුව බලද්දී අප රටේ එක් වසරක් තුල දුම් පානයෙන් 20,000කට වැඩි පිරිසක්ද , මත්පැන් උවදුරින් තවත් 100,000කට වැඩි පිරිසක්ද ජිවිත අහිමි කර ගන්න්නාහ. මේ හැමෝම සිය කැමැත්තෙන්ම සිය දිවි හානි කර ගන්නවුන් බවට පත් වෙති. ඒ පහන් දැල්ලට ලොල්වූ පළගැටියා එයින්ම දැවී යන්නක් සේය.
දරිද්‍රතාවය, පවුල් සංස්ථාව බිදවැටීම, යෞවන අසහනය, නුගත්කම යනාදී හේතුන් මෙයට බලපෑවත් ආගම දහමින් ඉවත්වී සිටීම මේ සදහා ප්‍රධාන හේතුකාරකයක් වශයෙන් පෙන්වා දිය හැකිය. සියදිවි හානි කර ගැනීම පාපයකි. අන් ජිවිත වගේම තමාගේ ජීවිතයද තමන්ටම නැතිකර ගැනීමේ අයිතියක් කිසිවෙකුට හෝ නැත. කිතුනු දහම පෙන්වා දෙන පරිදි ජිවිතයේ හිමිකරුවාණන් දෙවිදුන් පමණකි. එම නිසාම දසපනතේ පස්වැනි පනතෙහි ” ජිවිත විනාශ නොකරව” කියා ලියා තිබේ. එම නිසා අන් ජිවිත විනාශ කිරීම සහ තම ජීවිතය විනාශ කර ගැනීම ඉතා බලවත් පාපයකි.
මිනිසා මිය යන දින පැය වේලාව රහසක්ව තබා ඇත්තේ එහි අයිතිය පුර්ණ ලෙස දෙවියන් වහන්සේ සතුව පවතින බැවිනි. සිය දිවි හානි කර ගැනීම කෙරෙහි දැඩි ලෙස විරෝධය දක්වන කතෝලික සභාව එවැන්නකුගේ භූමදාන කටයුතු සදහා දේවස්ථාන සුසාන භුමිය ලබා දීම පවා ප්‍රතික්ෂේප කල අවස්ථා ඇත. ස්වභාවික නොවූ එවන් හිතුවක්කාර මරණ වලදී අවමංගල්‍ය චාරිත්‍රනුකුලව ගෞරව දැක්වීම කෙරෙහි කතෝලික සභාව උත්සුක නොවෙයි.
මේ අතර සිය දිවි හානිකරගන්නවුන් සාපරාධි ලෙස විනිශ්චය කිරීමේ අයිතියද අප සතු නොවෙයි. තමන්ට අයිතියක් නැතත් වරදට පමුණුවනු ලැබුවේ ඔහුගේ චේතනාවය. තම ගුරුදේවයාණන් පාවා දුන් ජුදාස්ද සියදිවි හානිකර ගත්තේය. ඔහු එසේ කලේ තමා කල වරදට පසුතැවිලිව ඒ සිතේ වේදනාව දරා ගැනීමට නොහැකි වූ බැවිනි. එම නිසා කළ යුතු දේ වන්නේ සිය දිවි හානි කර ගැනීම නොව, නැවතත් දෙවිදුන් වෙතට හැරී පැමිණීමය. ජේසුස් වහන්සේ පාපයට එරෙහි විය. නමුත් පව්කාරයා පිළිගෙන ඔහු යහපත් මාර්ගයට ගත්තේය. එම නිසා අපේ වරදට පසුතැවිලි වී දෙවිදුන් වෙත හැරී පැමිණිය යුතුය. ඒ සමගම දෙවිදුන් අපට සමාව දෙන බව අප විශ්වාස කල යුතුය. ඒ සමගම ඒ වරද නැවත කිසි දිනෙක අප නොකිරීමටද වග බලා ගත යුතුය. ජුදාස් පවා තව වරදට පසු තැවිලි විය. නමුත් ඔහු දෙවිදු පෙම අවිශ්වාස කළේය. එම අවිශ්වාසය ඔහුගේ ජීවිතය විනාශයට ගෙන ගියේය.
පණ නහ ගැනීම සදහා වස විෂ පානය කල අය නැවත ජීවිතය ලබා ගැනීම සදහා ඇවටිලිකරමින් දරන වෑයමද අප දැක ඇත. වරදට කම්පාවන ඕනෑම අයෙකුට දෙවියන් වහන්සේ අනුකම්පා කරන සේක්මය. ඔහුටද සමාවක් ඇත. වේදනාකාරී රෝගී තත්වයෙන් මිදීම සදහා දැන දැනම ශල්‍යකර්මයකින් හෝ විෂ එන්නතකින් හෝ නිදි පෙති ගැනීමෙන් හෝ මොනයම් ක්‍රමයකින් ජිවිත විනාශ කර ගැනීමද කිතුනු ඇදහීමට විරුද්ධ වේ. එම නිසා දස පනත තුලින් පෙන්වා දෙන පරිද අන් අයගේ ජිවිත විනාශ කිරීම සහ සිය දිවි විනාශ කර ගැනීම ඉතා විශාල පාපයකි