මේක බලල කවූරුත් දිග වැඩි කියල කියවන්නේ නැතුව යන්න එපා…ජිවත් වෙන්න ආස මං වෙනුවෙන් ඔය අක්කල අයියලාගේ විනාඩියක් දෙන්න මට…
සෑම පුද්ගලයෙකුටම මෙලොව ජිවත් වීමේ අයිතිවාසිකමක් ඇත..එම අයිතිවාසිකම ලැබෙන්නේ මව් කුස තුළදීමය..කළලය රහසිගතව පිළිසිදුනද එය මවත් පියත් දැනගන්නේ කාලයක් ගත වූ පසුවය…වෛද්‍ය විද්‍යාවට පවා එය රහසකි..
සංසේචනයේදී සෑම මනුෂ්‍යයකුටම විශේෂිත පිළිසිඳ ගැනීමක් එනම් විශේෂිත ආරම්භයක් ඇත.පිළිසිඳ ගත් සැනින් දරුවා හැදෙන්නට වැඩෙන්නට පටන් ගනී…තම මවගේ ශරීරය තුල දරුවා ප්‍රතික්ෂේප නොවී ආරක්ෂිතව වැඩිමට සුදුසු පරිසරයක්ද කුස තුල ඉබේම ක්ෂණිකව සැකසෙයි.
මෙම ආගන්තුක ජිවය මවගේ දරු ගැබේ පැලපදියම් වීම බලා පැලෝපිය නලය දිගේ ගමන් කිරීමයි දරුවාගේ පළමු ගමන…එසේ ගමන් කරන දරුවා ප්‍රථම මාසයේදී …………………………………………………….
ඔබ දන්නවද???????????
දින දහතුන(13) වන විට ඉතා කුඩා සියුම් ලේ කැටිය තුල ලේ නහර වැඩි ඇති බව.දින 18 යන විට දරුවාගේ හෘද ස්පන්දනය පටන් ගන්න බව??එපමණක් නෙවෙයි ස්නායු හා ඇට සැකිල්ල නිර්මාණය වන බව??
තුන්වන සතිය තුල දරුවාගේ හිස සහ කොඳු ඇට පෙළ නිර්මාණය වන බව..හතර වන සතියේදී ඇස කන් අත් පා වර්ධනය වී ඇති බව..දැන් දරුවාගේ දිග මිලි මීටර් 16 විතර(අඟල් 1 ) පමණ වේ
දැනුයි මව දැනගන්නේ මාසික ඔසප් වීමේ පමාවෙන් දරුවෙක් පිළිසිඳගෙන කියල…
තවද 6 වන සතියේදී වකුගඩු ක්‍රියාත්මක වෙයි.කුස තුල සිටින දරුවට ඉක්ක ගැසීමට උවද පුළුවන.සති 8(මාස 2 ) වන විට දරුවා පිහිනුම් කරුවෙකි.එනම් මව් කුස තුල ඇති ජාල තටාකයේ පිහිනමින් සිටින බව ඔබ දන්නවද???තුන් වන මාසයේදී ඇහී බැම හා හිසකෙස් වැවී ඇඟිලි හා දෙපයේ නියපොතු ඇති බවත් ඇහී බැම වුවද උස් පහත් කල හැකි බවත් ඔබ දන්නවද???ඉතින් අපි හැමෝම ජීවිතය අරඹ කරන්නේ මේ වගේ..මතක තියාගන්න කළලය ජිවිතයක්..
ධර්මයට අනුව අනුවය ජිවිතයේ වටිනාකම…
කිතු දහම අනුව දෙවියන් වහන්සේගේ උතුම්ම මැවිල්ල වන මනුෂ්‍යාට (එනම් කිතුනුවෙක්ට )මිනිසෙක් මැරීමේ පාපය එනම් ගබ්සාවක් කල හැකිද???මන්ද කිතුනු ඇදහිල්ල අනුව දෙවියන් වහන්සේ විසින් දෙමව්පියන්ට දරුවෙකු දෙනු ලබන්නේ දරුවාගේ බාරකරුවන් ලෙස මිස අයිතිකරුවන් ලෙස නොවෙයි..
කලලයේ අයිතිය ඇත්තේ දෙවියන් වහන්සේටයි.එම අයිතිය තමන් අතට රැගෙන මවක් තම කුස තුල සිටින නුපන්,තම අයිතිවාසිකම් කියාගෙන හඬක් නගන්නට බැරි දරුවා මරා දැමීම තරම් මිලේච්ච් ක්‍රියාවක් මේ මිනිස් ලෝකය තුල තියෙනවද???
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය
ගබ්සාව-මිනි මැරීමේ අපරාදාමය වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්ති පෙලෙහිමෙසේ සඳහන්ව ඇත..ස්ත්‍රීන්ගේ ජීවිතය බේරීමේ කාර්ය සඳහා සත්බවයෙන් කරනු ලබන ගබ්සා කිරීමක් නොවන ගබ්සාවක් සඳහා අවුරුදු 3 ක සිර දඬුවමක්ද,දරු ප්‍රසුතියට ආසන්නව මෙම ගබ්සාව සිදු කලේ නම් අවුරුදු 7 ක සිර දඬුවමකටද යටත් විය යුතුය.(තවත් නීති ඇත…සඳහන් කිරීමට දිගු වැඩිය)
අසරණ අහිංසක නිර්මල පවිත්‍ර බිලිඳු කළලය දිලින්දුය..මන්ද සජීවී වුවද ඔහුට හෝ ඇයට කෑ මොර ගසා තම අයතිවාසිකම් කියා ගන්නට නොහැකිය..එහෙත් කෑගහන මොරගහන අයගේ තර්ක කරන අයගේ ජීවිතය නමැති කළලය එදා ගබ්සාවක් සිදු වුයේ නම් ඔහුන්ගේ ඉරණම කුමක්ද???
සැබෑ සමාජ ගති ඇති කුමන ධර්මයක් හෝ පිළිපදින අත්දකින කිසිවෙකුට ගබ්සාව නීති ගත කරන්නට කිව නොහැකි බව අපි දනිමු…අදටත් අන්තර් ජාලයෙ සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ 2005 වසරේ දිනකට ගබ්සා කිරීම් 600 ඉක්මවා සිදුවූ බවත් 2012 වසරේදී එනම් මෙම වසරේ දිනකට ගබ්සා කිරීම් 1000 ඉක්මවා සිදුවෙන බවත් වාර්තා වී ඇත.ලේඛන වල සඳහන් නොවන රහසිගතව කරන ගබ්සා කිරීම් ගැන ලැබෙන නිල නොවන වාර්තා මීටත් වැඩිය.
මෙසේ පුද්ගලයන්ගේ හැඟීම් හා අසාවන් නිසා අවසානයේ තම ජීවිතය පුජා කරන්නේ කව්රුන්ද???මෙලොව එලිය දැකීමට අසාවෙන් බලා සිටි ඔබත් මමත් හා සමාන නුපන් දරුවයි..දරුවෙකු අංග විකල කියා ගබ්සා කරන්නේ කෙසේද???දරුවට සැනසීම දීමට කියා මරා දැමීම යුතුද???ගබ්සාව නීතිගත කරන්නට කියා කෑ ගසන අයෙක් හෙට අංග විකල උවොත් ඔහුවත් මරා දමනවාට ඔහු කැමතිද???මේ මරාදමන්නට සැරසෙන්නේ ඔහු වගේම ජීවයෙන් පිරි මනුෂයෙකු නේද කියා ඔහුට නොසිතෙන්නේ මන්ද????
තැලසිමියව වැනි රෝග දරුවාගේ හඳුනා ගතහොත් ඔහුව ගබ්සා කිරීම යුතුද???අපේ රටෙහි වෙනත් තැලසීමිය රෝගීන් ජිවතුන් අතර නැද්ද???එම රෝගීන්ව කව්රුත් මරන්නට සැරසෙනවද??එසේනම් අයි මේ නුපන් දරුවා පමණක් ගබ්සාවට සැරසෙන්නේ???යම් හෙයකින් ගබ්සාව සම්මත කරන්නට කියා කෑ ගසන අයෙකුට මෙවන් රෝගයක් සදුනොත් ඔහුව මරා රෝගය ව්‍යාප්ත වීම නවතනවාට ඔහු කැමතිද???
යමෙකු ජනගහනය වැඩි වන නිසා ගබ්සාව සම්මත කරන්නට සැරසේ නම් ඔහු කෙතරම් ආත්මාර්ථකාමියෙකු වන්නේද???මන්ද ඔහු නසන්නට සැරසෙන්නේ තමන් මෙන්ම ජිවත් වීමට අයිතිය ඇති දරු කැටියෙකු නොවෙයිද???
රටෙහි නිතිය හරි හැටි ක්‍රියාත්මක වේ නම් අපචාර හා දුෂණ වලින් සිදුවන දරු උපත් වලකා ගත හැක…නීතියේ වරදට හා තිරිසනාගේ පව් වරට කරගැසිය යුත්තේ නුපන් දැරුවද???
ඔබත් මදක් සිතා බලන්න…ගබ්සාවට විරුද්ද වන්න..සිඟිති දරුවට තම අදහස් ප්‍රකාශ කල නොහැකි බැවින් ඔහු වෙනුවෙන් අපි පෙළ ගැසෙමු…ගබ්සාව නීති ගත කරන්නට ඉඩ නොදෙමු…