අපට දුක් කරදර වේදනා ඇතිවන්නේ ඇයි ?

අපටම විශේෂිත වූ අත්දැකීම් තුළින් අපට පිළිගත හැකි කරුණු තිබේ.

1. අප මිනිස් සංහතිය සාධනීය ලෙසින් හරවත් හා සුපෝෂණය කරන්නාවූ වර්ගයේ දුක් වේදනා තිබේ. මේවා මගින් මිනිසුන් පරිණත හා යහපත් පෞරුෂයන් ගොඩ නගාගෙන duk-karadaraතිබේ. අපේ මානව ලෝකය තුළ ශ්‍රේෂ්ඨ දෑ බොහොමයක් බිහිවී තිබෙන්නේ දුක තුළිනි.

2. තව දුරටත්, අප මුහුණ දී තිබෙන දුක් වේදනා යම් ප‍්‍රමාණයකට දරා ගැනීමට හැකිවී තිබේ, අන්‍ය මිනිසුන් පිළිබඳව අපව සංවේදී කරලන්නට. පේ‍්‍රමය අන්‍යයන් වෙත විවෘත වීමක් සේම ඔවුන් උදෙසා දුක් විඳින්නට ශක්‍යතාවයක්ද වේ. සියලූම දුක් විඳීම් අර්ථශුන්‍ය නොවේ.

3. දුක් පීඩාදියෙන් යම් ප‍්‍රමාණයක් මිනිසුන්, අප හා අන්‍යයන් වෙනස් කරවයි. සුළු දෑ හි පමණක් නොවේ, සියල්ලට ඉහළින්, මනුෂ්‍ය හදවතට සමීප හොඳ, ධර්මිෂ්ඨ හෝ ශුද්ධවූ හෝ කාරණාවලදී මේ වෙනස සිදුවිය හැක. මනුෂ්‍ය අත්දැකීම් පෙන්වන ලෙසට, මිනිසා තෝරා ගන්නේ, තමා උදෙසා සොයන්නේ දුක් විඳීම නොවේ. ඔහු තෝරා ගන්නේ, තමන්ව පූර්ණ ලෙසින් කැප කළ හැකි කාරණාවක්ය. මෙය කැඳවීමකි , අපව කැඳවන්නාවූද, ඒ ගැන දුක් විඳීමට පවා අප සූදානම් යැයි අපට සිතෙන්නාවූද යහපත නම් වූ බලයට අපගේ අවනත වීමකි. මෙහිදී දුක් විඳීම නව අරුතක් ගනී. එනම්, සත්‍යවූද යහපත්වූද අරමුණකට වගකීමක හා කැපවීමක අරුත ගනී. එක පැත්තකින්, මෙම දුක්විඳීම, අප හඹායමින් සොයන්නක් නොවේ. අනිත් පැත්තෙන් දුක් විඳීම, එක් නිශ්චිත සුවිශේෂ කැපවීමකින් ගලා එන හෝ එන්නට ඉඩ තිබෙන ආනුෂංගයක් සේ නිදහසින් පිළිගැනීමක් විය හැක. මේ වර්ගයේ දුක් විඳීමකදී මිනිසා තමන් ගැන නොසිතයි. තමන්ගේ දුක ගැන නොසිතයි. ඔහු සිතන්නේ තමන් යොමු වන්නාවූ යහපත් ධර්මිෂ්ඨ හේතුව ගැන පමණි. ආගමික කැප කිරීමකදී ද එය එසේය.

මේ කරුණු සියල්ල සැලකිල්ලට ගත් පසුත්, අප ඉතිහාසය තුළ, දුකෙහි හා නපුරෙහි අති විශාල අතිරික්තයක් තිබේ. කිසිම අර්ථයක් නැත්තාවූද, විඳවීමට කිසිදු නිත්‍යානුකූල බැඳීමක් හෝ සුදුසුකමක් හෝ නැත්තාවූද, දුක වේදනා සම්භාරයක් තිබේ. දුක් තිබේ. අඩුම වශයෙන් එ්වා යහපත් කාරණාවක් වෙනුවෙනුත් නොවේ. අන්‍යයන්ට වාසි සලසන අති නපුරු හේතුවකට ගැතිකම් කරන ගොදුරු බවට මිනිසුන් පත්කරන දුක්ය, මෙහි දී අවධානයට යොමුවන්නේ. මෙන්න මෙවන් මිනිසුන් කෝටි සංඛ්‍යාත්මකය. ඔවුන්ගේ හඩ අපට නොඇසේ. නොවිඳ යුතු දුක මොවුහූ විඳිති. මිනිස් ඉතිහාසය එකට බැඳ තබන නූලක් වැනිය. මේ නොවිඳ යුතු දුක් විඳීමේ මේ මහා මිනිස් ඛේදවාචකයයි.

මේ ඛේදවාචකය ගැන සියල්ලන්ට පිළිගත හැකි විග‍්‍රහයක් නැත. එවැන්නක් කිරීමද නොහැකි තරම්ය. නමුත්, සියලූ මිනිසුන් විඳවීමට, අයිතියක් /හිමිකමක් නපුරට දීම කිසිසේත් කළ නොහැක්කකි. ඔවුහූ යහපතේ හේතුවට නැගී සිටිය යුත්තෝය. ශුද්ධවූ බයිබලය තුළ, එවන් නිෙදාස් නමුත් දුක් විඳින මිනිසුන්ට, දේව පණිවුඩයක් ප‍්‍රකාශ වී තිබේ. ඒ නව ගිවිසුමේ පේදුරු පළමු හසුනේය.

පේදුරුතුමන්ගේ පළමුවැනි හසුන ගෙනෙන දහම් පණිවුඩය ගොඩ නැගෙන්නේ දුක් විඳින ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගෙනය. දුක් පීඩා විඳින කිතුනුවන්ට, එතුමන්ව පරමාදර්ශය සේ ඉදිරිපත් කරයි. (1පේදු. 1:6,2:19 සිට, 3:9, 14:17, 4:14- 16, 5:6,9…) කර්තෘ එය කරන්නේ, පාඨක අවධානය, ‘කළ වරදට විඳිය යුතු නිසි දුක් පීඩාව’ සහ ‘කිසිදු වරදක් නොකර විඳින්නට සිදුවන අනිසි දුක් පීඩාව’ අතර දෝලනය කරමින්ය. (2:20, 3:17, 4:15) කර්තෘවරයා, ජේසුස් වහන්සේගේ මරණය දකින්නේ ‘වන්දි ගෙවීමේ මරණයක්’ ලෙසය. ‘අප පාපවලට නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසිලූ සේක. ඔබ සුව කරනු ලැබුවෙ උන්වහන්සේගේ දුක් වේදනා නිසාය’ (2:24) තවද ‘ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිශ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබීමට’ ගෙවූ වන්දිය හෝ මිල වූයේ ‘ක‍්‍රිස්තුස් වහන්සේගේ අගනා ලෙය’ බවද සනිටුහන් කරයි. (1:19) මෙම දුක වේදනාව හා මරණය උන්වහන්සේ කළ වැරැුද්දක් වෙනුවෙන් උන්වහන්සේම ගෙවිය යුතු නිසි වන්දියක් නොවේ. මන්ද ‘උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත්… අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදීමකි’ මෙහි සිදුවන්නේ. (3:18) කිසිදු වරදක් නොමැතිව දුක පීඩාව විඳීමක්ද එ් විඳීම තමන් වෙනුවෙන් නොව වරද කල අනුන් උදෙසා වීමක්ද, ජේසුගේ ‘දුක් ප‍්‍රාප්තිය +මරණය’ තුළ දකින්නට කර්තෘවරයා අප කැඳවයි. ජේසු නිෙදාස්ය. උන්වන්සේ අත කිසිදු වරදක් නැත. ජුදා ශ්‍රේෂ්ඨාධිකරණයද එය පිලිගත්තේය. ‘මොහු අත කිසි වරදක් මට නොපෙනේ.’ (ජො. 18:39, ලූක් 23:22, මතෙ. 27:19, මාර්ක් 15:10,14) 1 පේදුරු හසුන සතර ජේසු නිදොස්ය. ධර්මිෂ්ඨය. ‘උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදු සේක’ (1පේ. 3:18) ජේසු නිදොස් පුද්ගලයෙකි. දැන් සිදුවන්නේ නිදොස් පුද්ගලයෙක් දුක් විඳීමය. දුක් විඳින්නේ සදොස් පුද්ගලයන් වෙනුවෙනි.ඒ ඔවුන්ව නිෙදාස් කරන්නටය. ‘එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප‍්‍රසන්න දෙයකි’ (2:20) ඔබ වරදක් කරයි. ඊට නිසි දඬුවම ඔබට ලැබෙයි. එය ඔබ ඉවසයි. (2:20) ඇයි ඒ ඔබේ පිලිතුර වන්නේ ‘අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක‍්‍රියාවලට සුදුසු විපාක හැටියටය’ (ලූක් 23:41)යන්න නේද? එහෙත් ජේසුන් ගැන අපට කියනනට සිදුවන්නේ ‘එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර නැතැ’යි නේද? (ලූක් 22:41)

ඒඅනුව, 1 පේදුරු හසුන කතා කරන්නේ ‘හුදු වේදනා’ ගැන නොවේ. එය සටහන් තබන්නේ අහිංසකව, නිෙදාස්ව සිටියදී විඳින-විඳවන්නට සිදුවන වේදනා ගැනය. එ්, පාපයේ මොනයම් අනුවණකමක් , ප‍්‍රතිවිපාකයක් සේ විඳින්නට/විඳවන්නට සුදුසු වේදනාවලට සාපේක්ෂවය.

නිදොස් හා ධර්මිෂ්ඨව සිටියදී විඳින්නට සිදුවන වේදනා ගැන තේරුම් කර දෙන්නට, කර්තෘවරයා පුරාණ ගිවිසුමේ, ද්විතිය යෙසායාහි යාවේ / දෙවියන්ගේ දුක් විඳින සේවකයා’ ගේ භූමිකාවට විටින් විට අපව ගෙන යයි. ඔහු ජේද දෙකකදී එකම වාක්‍ය ඛණ්ඩයක් යොදා ගනිමිනි ‘යහපත් හේතුවක් උදෙසා දුක් විඳීම’ ගැන කතා කරයි. (2:20 සිට 3:17) ඔහු ‘ඔබ යහපත කොට එ් ගැන දුක් විඳීම’, ‘ඔබ යහපත කර දුක් විඳීම’, ‘කිතුනුවකු මෙන් දුක් විඳීම’ ට සමාන කර පෙන්වයි. (2:20, 3:17 සමග 4:16 සසඳන්න) තවද 3:17 දී ‘වඩා හොඳය’ යනුවෙන් ඔහු සනිටුහන් කරන්නේ නිර්දෝෂ හා ධර්මිෂ්ඨ තත්ත්වයක සිටියද, යහපත් කරුණක්/ හේතුවක්/ කාර්යයක් උදෙසා දුක වේදනාව හා පීඩාව විඳීම ‘වඩා යහපත්’ බවත්, එය ‘දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප‍්‍රශංසනීය දෙයක් බවත්ය. (3:17, 2:19,20) එවන් දුක්, වේදනා හා පීඩාදිය දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ එ්වා නොවේ. අවධාරණය ‘කවුද හෝ මොනවාද’ මේ දුක නිර්මාණය කරන්නේ? යන්න මතම නොවේ. මෙවන් දුක් වේදනා පීඩාදියේදී, තමන්ගෙ නිදොස් බවට වඩා අනුන්ගේ යහපත ගැන සලකා ඒවා විඳීමට අප තුළ තිබෙන ඉවසීම, දෙවියන් වහන්සේ දකියි. එය උන්වහන්සේ අබියස ‘හොඳයි, පිලිගත හැකියි, ප‍්‍රශංසනීයයි’ මට්ටමක පවතියි. තව දුරටත් 3:17 හි ‘ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත නම්’ එයින් ගම්‍ය වන්නෙ ‘තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේම ආත්මයාණෝ ඔබ කෙරෙහි රැඳෙන බවේ සංකේතයකි. (4:14) මෙම හසුන දුක් විඳීම පිළිබඳ කිසිම විදියක ගුඪවාදයක්(Mysticism) ප‍්‍රභාමත් නොකරයි. දුක් විඳිම, අධ්‍යාත්මික සුඛවාදයක් නොකරයි. ‘විඳින්නන් වාලේ විඳීමක්’ අනුග‍්‍රහ නොකරයි. එන දුක් පැණි රස නොකරයි.

මෙම හසුන ප‍්‍රභාමත් කරන්නේ ‘අන්‍යයන් (අධර්මිෂ්ඨයන් උදෙසා / වෙනුවෙන් දුක් විඳීමට ජේසු සමිඳුන් දුන් නව අර්ථයයි. නව ජීවයයි. නිත්‍යානුකූලව විඳින්නට සිදුවන දුක වේදනාව (වරදක ප‍්‍රතිවිපාකයක් හැටියට) ප‍්‍රශංසනීය හෝ පුරාජේරුවට හෝ කාරණාවක් නොවේ. (2:20) මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙකු කළ නීති විරෝධී ක‍්‍රියාවකට හිමි නිසි දඬුවම / වන්දිය ගෙවිමකි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එය විඳවිය යුතුවේ. එහි විශේෂ යමක් නැත. එය වැරැුද්දක් නිවැරැද්දක් කිරීම පමණි. එහෙත් ධර්මිෂ්ඨකම, යුක්තිය හා සාධාරණත්වය (3:17) අරඹයා දුක් පීඩා විඳීම, යහපත වෙනුවෙන් දුක් විඳීම (4:19), යහපතක් කොට ඒ වෙනුවෙන් දුක් විඳීම (2:20බී), උක්ත සියල්ල මුසුවෙන් සෑදෙන ‘කිතුනුවන් මෙන් දුක් විඳීම’ (4:16) තමයි, අන්‍යයන් උදෙසා / වෙනුවෙන් දුක් පීඩා විඳිමින්, අන්‍යයන් විසින් කරන නපුර වෙනුවෙන් වන්දි ගෙවා ඔවුන් ගලවා ගැනීමේ යාන්ත‍්‍රණය සාදන්නේ.

එබැවින් යෙසායා 53:9, 53:4 සිට, දකින ‘යාවේ / දෙවියන් වහන්සේගේ දුක් විඳින මෙහෙකරුවා’ වෙන කවුරුත් නොවේ. ඒදුක් පීඩා විඳි ජේසුස් වහන්සේය. එතුමෝ සියලූ කිතුනුවන්ට ‘ආදර්ශය’යි. (2:21) ‘ආදර්ශය’ යන වචනයට ග‍්‍රීක භාෂාවෙන්(Hypogrammos) යන්න යෙදේ. මුල්ම අර්ථය වන්නේ ‘කොපි පොතක සටහන් වී ඇති ස්වරාක්ෂරගෙන්ද ව්‍යාංජනාක්ෂරයන්ගෙන්ද සැදුම් ලත් අකුරුය. දැන් ශිෂ්‍යයන් විසින් එ්වා එහි දක්වා ඇති පරිදි 100% කින් කොපි කළ යුතුවේ. මෙම වචනය යෙදීමෙන් 1 පේදුරු අපට ආරාධනා කරන්නේ දුක් පීඩා විඳීමේදී දුක් පීඩා විඳින ක‍්‍රිස්තුස් වහන්සේගේ නියම පිටපතක්, කාබන් කොපියන්, ක‍්‍රිස්තු අනුරුවක් වීමටය. එය කිතුනුවන්ට කෙරෙනා ‘කැඳවීමකි’ (2:21). ‘උන්වහන්සේගේ අඩි පාරේ යන්නට’ අභියෝගයකි. (2:21) නිෙදාස් වුවද, අන්‍යයන් වෙනුවෙන් /උදෙසා, දුක් පීඩා විඳීම පිළිගන්නට කෙරෙනා ‘දේව කැමැත්ත’ එයයි. (3:17)

මෙම කැඳවීමට අත්තිවාරම ක‍්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් දුක් වේදා විඳ තිබීමය. (2:21බී) මෙය අන්‍යයන්ට යහපත සලසාලන දුක් විඳීමකි. උන්වහන්සේ තමන්ගේ ශරීරයෙන්…අපගේ පාප ඉසිලීම (2:24) අපගේ යහපත සලසාලීය. එසේ කර,‘අප පාපවලට නැසී, දැහැමි ජීවිතයක් ගත කරන්නට’ (2:24) වරම දෙන සේක. ජේසු නිකරුණේ දුක් වින්දේ නැත. නිකරුණේ දුක් විඳින්නට සිදුවන විට, එහි ප‍්‍රතිචාරය වන්නේ කෝපයයි. පරුෂ වචනයි. එහෙත් ‘උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන්ම භාර දුන් සේක’ (2:23) ඒ සියල්ලටම මුල, මෙම දුක්විඳීම, අන්‍යයන් වෙනුවෙන් අන්‍යයන්ගේ අභිවෘද්ධිය හා ගැලවීම වෙනුවෙන් දුක් විඳීමක් වීමය. අන්‍යයන්ට යහපත ළඟා කරවන දුක් විඳීමක් වීමය.ඒ කෙසේද?

එවක රෝම අධිරාජ්‍ය ආධිපත්‍යය කිතුනුවන්ට ඔවුන්ගේ ජීවිත පැවැත්ම දුෂ්කර කරලීය. එහෙයින් ‘ඔබ නපුර කරන්නෝ’යැයි විදේශීන් ඔබට විරුද්ධව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක‍්‍රියා දැක විනිශ්චය දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් ගෙවන්නැ’යි 1 පේදුරු ඔවදන් දෙයි. (2:12) තවද ඔබගේ ධර්මිෂ්ඨකම උදෙසා දුක් විඳීම තුළින් (2:14), ‘කිතුනුවන් වශයෙන් ඔබගේ යහපත් ක‍්‍රියා දැක විනිශ්චය දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් ගෙවන්නැ’යි 1 පේදුරු ඔවදන් දෙයි. (2:12) තවද ඔබගේ ධර්මිෂ්ඨකම උදෙසා දුක් විඳීම තුළින් (2:14) කිතුනුවන් වශයෙන් ඔබගේ යහපත් හැසිරීම තුළින්’ (3:12,17) ‘ඔබට විරුද්ධව කතා කරන අය ලජ්ජාවට පැමිණෙනු ඇතැයි කිතුනුවන්ට මතක් කෙරේ. (3:16) එසේ, අන්‍යයන් වෙනුවෙන් දුක් විඳීම තුළ, ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධව කතා කරන අය ලජ්ජාවට පමුණුවන (3:16), අනුවණයන්ගේ අඥනකම නිශ්ශබ්ද කර (2:15), එනම් ඔවුන්ටත් ගැලවීම සම්පාදනය කර දෙන්නට සමත් මහා බලයක් ගැබ්වී තිබේ. එහි නපුරට නපුරවත් නින්දාවට නින්දාවත් නොකෙරේ. (3:9) එහි ඇත්තේ නපුරට පිටුපා යහපත කිරීමක් පමණි. (3:11)

අවසන් වශයෙන් 1 පේදුරු හසුන ‘දුක් පීඩා විඳීම’ පිළිබදව කිතුනුවන්ව අලූතින් සිතන්නට පොළඹවයි. කුරුසිය, දුක් විඳීමට හුරු පුරුදු කරවන දුක සයනයක් නොවේ. එය දුක නැසීමට බලවත් කරවන යන්ත‍්‍රණයක් විය යුතුවේ. කුරුසිය, පැමිණි දුක් පැණි රස කරවන රස කාරකයක් නොවේ. එය දුකින් නික්මයාමට අනුභව කළ යුතු තිත්ත පලාවක් වේ. කුරුසිය, දුක් විඳිමින් මිය යන මරණ මංචකයක් නොව දුක නසා උත්ථාන වන තිඹිරි ගෙයක් විය යුතුය. කුරුසිය, ජේසු විඳි දුක සිහිකර සංතාපයට පත්වීමෙන් කෙළවර නොවේ. එය ජේසුගේ දුක් විඳීමට අප පංගුකාරයන් වන තරමට අපව ප‍්‍රීතියට ගෙන යා යුතුවේ.

ගරු මොඩස්ටස් ප‍්‍රනාන්දු පියතුමා
සුව සෙවණ
දුගී දරු අධ්‍යාපන සහන සේවා කේන්ද්‍රය
තණමල්විල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s